ට්‍රැවිස්‌ සින්නයියා

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ට්‍රැවිස්‌ සින්නයියා

    නිමිට්‌ස්‌ න්‍යෂ්ඨික නැවේ ආගමනය මැද - සින්නයියාගේ ඇත්ත කතාව

    වසර 32 කට පසු පසුගිය සෙනසුරාදා ඇමරිකානු ප්‍රහාරක නාවික බළඇනියට අයත් නිමිට්‌ස්‌ නැමැති ගුවන්යානා ගෙනයන යෝධ නෞකාව ප්‍රමුඛ ප්‍රින්ස්‌ටන් - හොවාර්ඩ් - ෂවුප් - ප්‍රින්කි සහ කිඩ් නැමැති යුද නැව් සමූහය කොළඹ වරායට පැමිණියේය.

    අඩි 1092 ක්‌ දිගැති නිමිට්‌ස්‌ නැවේ විශාලත්වය නිසා එය කොළඹ වරායෙන් පිටත මුහුදු සැතපුම් 150 ක්‌ ඈතින් නැංගුරම් ලා තිබුනි. එදා අල්කයිදා නායක බින්ලාන්දි ඇමරිකානු සීල්භට පිරිසක්‌ විසින් මරාදැමූ අවස්‌ථාවේ මරදාන හන්දියට පැමිණ ඇමරිකාවට එරෙහිව විරෝධය පැවැත්වූ මුස්‌ලිම් පාර්ශව ඇමරිකානු ප්‍රහාරක බළඇණිය කොළඹට පැමිණීම ගැන උද්ඝෝෂණ පැවැත්වූයේ නැත. ඒ බින්ලාදින් වෙනුවෙන් උද්ඝෝෂණ කළ දේශපාලනඥයා වත්මන් රජයේ මන්ත්‍රීවරයෙක්‌වීම නිසාය.

    නිමිට්‌ස්‌ එසේ මෙසේ නැවක්‌ නොවේ. එහි න්‍යෂ්ඨික බලාගාර හතරක්‌ ඇත. එහෙත් මේ යෝධ නැවේ න්‍යෂ්ඨික අවි තිබේද යන්න ගැන එම නැවේ බලධාරීන් හෙළිකර නැත.

    නිමිට්‌ස්‌ නෞකාව මේ වසරේ ජුනි 30 දා ඉන්දියාවේ චෙන්නායි අසල මුහුදේ නැංගුරම් දැමූ අවස්‌ථාවේ එහි න්‍යෂ්ඨික අවි තිබේද යන ප්‍රශ්නය මතුවිය. එහිදී නැවේ අණදෙන නිලධාරියාවූ කපිතන් මිචෙල් මහාසිර් පැවසුවේ නිමිට්‌ස්‌ නැවේ න්‍යෂ්ඨික අවි තිබේද හෝ නැද්ද යන හෙළිකිරීම ඇමරිකානු පිළිවෙත නොවන බවයි.

    ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශයද ප්‍රකාශයක්‌ කරමින් නිමිට්‌ස්‌ නෞකාව න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන බවත් එහි න්‍යෂ්ඨික අවි තිබේද යන්න නොදන්නා අතර නැව නැංගුරම් ලා ඇත්තේ චෙන්නායි වරායෙන් පිටත බවත් කීවේය. ඉන්දීය නාවික හමුදාව සමඟ මලබාර් 2017 නමැති නාවික අභ්‍යාසය සඳහා චෙන්නායි වෙත පැමිණි නිමිට්‌ස්‌ නැව එරෙහිව ඉන්දීය දේශපාලන පක්‍ෂ කීපයක්‌ සහ පාරිසරික සංවිධාන රැසක්‌ද විරෝධය දක්‌වා තිබුණි.

    මෙලෙස ඇමරිකානු නිමිට්‌ස්‌ නෞකාව මෙරටට පැමිණීමට පෙර මේ වසරේ මැයි මස චීන සම්මැරීනයක්‌ ඉන්ධන ලබාගැනීම සඳහා කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබුණි. ඩීසල් බලයෙන් යුත් මේ චීන සම්මැරීනය ශ්‍රී ලංකාවට ඒමට පෙර ඉන්දීය මාධ්‍ය විසින් න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන චීන සබ්මැරීනයක්‌ ශ්‍රී ලංකාවට එන බවට බොරු ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය.

    එහි ප්‍රතිඵලය වූයේ එම චීන සබ්මැරීනයට කොළඹ වරායට ඒමට රජය ඉඩනොදීමයි. එහෙත් නිමිට්‌ස්‌ නැව කොළඹට පැමිණීම ගැන ඉන්දීය මාධ්‍ය වචනයක්‌වත් පැවසුවේ නැත. ඔක්‌තෝබර් 28 දා මෙරටට පැමිණ 31 දා මෙරටින් පිටව ගිය නිමිට්‌ස්‌ ඇතුළු ප්‍රහාරක බළ ඇණිය ගැන මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙශාප් මෙලෙස ප්‍රකාශ කර තිබුණි.


    "ශ්‍රී ලංකාවේ සහජීවන ක්‍රියාමාර්ගය සහ මානව හිමිකම් ප්‍රගතිය වන නාවික සබඳතාවය ගොඩනගාගැනීම අපේ අරමුණයි."

    මේ ඇමරිකානු තානාපති මෙරට ජාතික ආරක්‍ෂාවට මෙන් දේශපාලන කටයුතුවලට සෘජුව මැදිහත්වේ.

    එදා චීන සබ්මැරීන්වලට චීන බිල්ලා කොළඹට එනවා යයි ඝෝෂාකළ රෝ ඔත්තු සේවාවට සම්බන්ධව ශ්‍රී ලාංකික නියෝජිතයන්ද ඇමරිකානු ප්‍රහාරක බළඇනියේ සම්ප්‍රාප්තිය ගැන නිහඩවිය.

    මේ යෑංකි ප්‍රහාරක නාවික බළඇණිය මෙරටට පැමිණෙන අවස්‌ථාවේ ට්‍රැවිස්‌ සින්නයියා නාවික හමුදාපතිධුරයෙන් විශ්‍රාම ගොස්‌ තිබුණි. එම තත්ත්වය මත කොළඹ ඇමරිකානු තානාපති අතුල් කෙශාප්විදේශ ලේකම් ප්‍රසාද් කාරියවසම්, ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, අමාත්‍ය මහින්ද සමරසිංහ සහ නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහයන පිරිසට නිමිට්‌ස්‌ නෞකාව වෙත පැමිණෙන ලෙස ඇරයුම් කර තිබුණි.

    අනතුරුව නිමිට්‌ස්‌ නෞකාව සමඟ පැමිණි යුද නැව්වලට අයත් ප්‍රින්ස්‌ටන් නැවේ පැවැති සාදයට හිටපු නාවුක හමුදාපති ට්‍රැවිස්‌ සින්නයියාටද ඇරයුම් කර තිබුණි.

    මාස 2 යි දින 3 ක්‌ වැනි කෙටි කාලසීමාවකට නාවික හමුදාපතිවීමෙන් මෙරට නාවික හමුදා ඉතිහාසයේ වාර්තාවක්‌ පිහිටවූ ට්‍රැවිස්‌ සින්නයියා නැවත හමුදාපතිධරය දැරූ කාලසීමාව තුළ සිදුවූ ක්‍රියාදාමයන් අපහැර වෙනත් කිසිදු මාධ්‍යයක්‌ හෙළිකළේ නැත.

    ඔහු පත්වීමෙන් පසු මෙතෙක්‌ පැවැති නාවික හමුදාවේ සම්ප්‍රදාය වෙනස්‌ කරමින් ඇමරිකානු ක්‍රමයට තොප්පිය (බෙරේ) පළදින ලෙස නියෝග කළේය. මේ නිසා ඇතැම් නාවික නිලධාරීන්ට සිදුවූයේ ඇමරිකානු ක්‍රමයේ තොප්පිය පිටකොටුවේ හමුදා තොප්පි නිපදවන කඩවලින් අධික මිලයට ගැනීම සිදුවීමයි.

    අනතුරුව සින්නයියා නාවික බුද්ධි සේනාවේ ප්‍රධානියාව සිටි නිශ්ශංක ඩෙල්ෆ් දූපතට මාරුකර යෑවීය. එම සිද්ධිය ඉරිදා දිවයින හැර වෙනත් කිසිදු මාධ්‍යයක්‌ හෙළිකළේ නැත.

    මේවනවිට ට්‍රැවිස්‌ සින්නයියාගේ අතීතය හෙළිවී ඇත. 2011 මාර්තු මස චුන්ඩිකුලම් ප්‍රදේශයේදී ඩිංගි බෝට්‌ටුවකින් මුහුදු ගිය නැවියන් සිව්දෙනෙක්‌ අබිරහස්‌ ලෙස අතුරුදන් විය. මේ නිසා එදා නාවික හමුදාපති බරපතල ප්‍රශ්නයකට මුහුණ පෑවේය. මේ සමයේ නැගෙනහිර ආඥපති ලෙස කටයුතු කළේ රියර් අද්මිරාල් එස්‌. එම්. බී. වීරසේකරයි. එදා කොමදොaරුවරයකුවූ සින්නයියා උතුරේ නාවික ආඥපතිවිය.

    වීරසේකර සහ සින්නයියා ඇතුළු පිරිසක්‌ නාවික හමුදා මූලස්‌ථානයට කැඳවා නාවික බලධාරීන් කළ ප්‍රශ්න කිරීමේදී ගැටුම්කාරී වාතාවරණයක්‌ද ඇතිවිය.

    නාවික බලධාරියකු විසින් එහි නිලධාරියකුට කණට ගැසූ බවද එදා වාර්තා විය. මේ අතර චුන්ඩිකුලම් සිද්ධිය ගැන පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ විසින් පරීක්‍ෂණ ආරම්භ කරන අවස්‌ථාවේ සින්නයියා ඇමරිකානු තානාපති කාර්යාලයේ රැකියාවක්‌ ලැබෙන බව දක්‌වමින් නාවික හමුදා සේවයෙන් ඉල්ලා අස්‌විය.

    මේ යටතේ ආරක්‍ෂක ලේකම්වරයා වූයේ ගෝඨාභය රාජපක්‍ෂයි. ගෝඨාභය රාජපක්‍ෂ හමුවීමට පැමිණි එවකට ඇමරිකානු තානාපතිනියවූ පැට්‌රිෂියා බුටේනිස්‌ සින්නයියාට නාවික සේවාවෙන් මුදාදෙන ලෙස ඉල්ලා සිටියාය. ඇගේ ඉල්ලීම ඉටුවිය.

    ඒ වනවිට චුන්ඩිකුලම් සිද්ධිය ගැන පරීක්‍ෂා කළ පරීක්‍ෂක මණ්‌ඩලය ට්‍රැවිස්‌ සින්නයියාට කිසිදු විධාන තනතුරක්‌ ලබානොදිය යුතුයි; නිර්දේශ කර තිබුනි. එහෙත් ඒ පරීක්‍ෂණ වාර්තාව එදාසිට අදවනතුරු ආගිය අතක්‌ නැත.

    නාවික හමුදා සේවාවෙන් ඉල්ලා අස්‌වූ සින්නයියා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ධුරයක වසර 2 ක්‌ද හවායිහි ශාන්තිකර කලාපීය නාවුක මූලස්‌ථානයේ වසර 2 ක්‌ද සේවය කළේය.

    එහෙත් මහින්ද රාජපක්‍ෂ රජය සින්නයියාට ඇමරිකානුවන් මෙතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ මන්දැයි විමර්ශනය කළේ නැත.

    2011 නාවික හමුදා සේවාවෙන් ඉල්ලා අස්‌වූ ට්‍රැවිස්‌ සින්නයියා චරිතය 2016 වනතුරුම අමතකවිය. එහෙත් 2015 වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟම දේශපාලන පලිගැනීම්වලට ලක්‌වූ හමුදා නිලධාරීන් ගැන සෙවීමේ කමිටුවක්‌ පත්කරනු ලැබීය.

    මේ කමිටුව වෙත දේශපාලන පලිගැනීම්වලට ලක්‌වූ බව දක්‌වමින් හිටපු නාවික හමුදා නිලධාරීන් තිදෙනෙක්‌ තොරතුරු ඉදිරිපත් කර තිබුණි. මේ නිලධාරීන් වූයේ චුන්ඩිකුලම් සිද්ධියට සම්බන්ධව රියර් අද්මිරාල් එස්‌ එම් බී වීරසේකර, ගාලු නාවික කඳවුරට එල්ල වූ කොටි ප්‍රහාරය නිසා නාවික යුද්ධාධිකරණය වරදකරු කළ මහිල් මෙන්ඩිස්‌ සහ චුන්ඩිකුලම් සිද්ධියට සම්බන්ධ ට්‍රැවිස්‌ සින්නයියායි.

    එහෙත් සත්‍ය තත්ත්වය නම් ට්‍රැවිස්‌ සින්නයියා කිසිදු දේශපාලන පලිගැනීමකට ලක්‌නොවීමයි.

    ජනාධිපතිවරයා පත්කළ දේශපාලන පලිගැනීමේ කමිටුවට තොරතුරු ඉදිරිපත් කරන සමයේ සින්නයියා කොමදොaරුවරයෙක්‌ හෙවත් තරු එකේ නාවික නිලධාරියෙකි.

    දේශපාලන පලිගැනීම් කමිටුව මේ හිටපු නාවික නිලධාරීන් ඉදිරිපත් කළ තොරතුරු සත්‍යදැයි පුළුල් විමර්ශනයක්‌ කර නැති බව පසුව වාර්තා විය. ඒ නිසා දේශපාලන පලිගැනීම්වලට ලක්‌වූ බව කියන නාවික නිලධාරීන් තිදෙනාට උසස්‌වීම් ප්‍රදානය කළයුතු බවට නිර්දේශ විය.

    එම නිර්දේශමත මනිල් මෙන්ඩිස්‌ සහ ට්‍රැවිස්‌ සින්නයියා රියර් අද්මිරාල්වරුන් ලෙස පත්විය. තරු එකේ නිලධාරි ට්‍රැවිස්‌ තරුතුනේ නාවික නිලධාරියකු බවට උසස්‌ වී නැගෙනහිර ආඥපති ලෙස රජය විසින් පත්කිරීමට ක්‍රියාකෙරුණි.

    මේ සමයේ නාවික හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා සිරිමෙවන් රණසිංහයි. එහෙත් රජය ඔහුට උඩින් ට්‍රැවිස්‌ සින්නයියා නාවික හමුදාපතිධුරයට පත්කරනු ලැබීය.

    ට්‍රැවිස්‌ සින්නයියා දක්‍ෂ නිලධාරියකු වූවත් ඔහු නාවික හමුදාපති ධුරයට පත්වූයේ තමාට වඩා ජ්‍යෙෂ්ඨයකු සිටියදීය.

    නාවික හමුදාපතිවීමෙන් පසු පැවැත්වූ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කොළඹ එන් ජී ඕ කල්ලියේ තේමාව වූ රණවිරුවෝ මිනීමරුවෝ නොවේ මිනීමරුවෝ රණවිරුවෝ නොවේ යන ප්‍රකාශය කළේය.

    මෙයර පෙර කිසිදු නාවික හමුදාපතිවරයෙක්‌ එවන් ප්‍රකාශයක්‌ කර නැත.

    අනතුරුව කොළඹ එන්.ජී.ඕ කල්ලියේ පිරිස්‌ හා පුරවැසි බළකායේ පාර්ශව සින්නයියා සංහිඳියා ක්‍රියාමාර්ගයේ පෙරගමන්කරු ලෙස හඳුන්වනු ලැබීය.

    සින්නයියා විශ්‍රාම ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී එන් ජී ඕ කල්ලි යලි මතුවිය. සින්නයියාගේ සේවය දීර්ඝ කළ යුතු බවට ඩොලර් කාක්‌කන්ද මෙරට රෝ බුද්ධි සේවාවට තොරතුරු සපයන නියෝජිතයකු සහ නාවික හමුදාවෙන් විනය හේතුන් මත ඉවත්කළ අයකුද ප්‍රචාරක මෙහෙයුමක්‌ දියත් කරනු ලැබීය.

    මෙයට පෙර කිසිම නාවික හමුදාපතිවරයකුට එන්. ජී. ඕ කල්ලියේ සහය ලැබුනේ නැත.

    පුංචි බොරැල්ලේ පොත් සාප්පු වෙළෙන්දෙක්‌ සහ එක්‌තරා භික්‍ෂුවක්‌ ඇතුළු එන්. ජී. ඕ කල්ලිය කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. පිළිගනු ඇතැයි එකී කල්ලිය තරයේ විශ්වාස කළහ.

    එහෙත් අහෝ ඛේදයකි! ජනාධිපතිවරයා සින්නයියාගේ දෙවැනියාවූ රියර් අද්මිරාල් එස්‌ එස්‌ රණසිංහ නව නාවික හමුදාපතිධුරයට පත්කිරීමෙන් එන්. ජී. ඕ කල්ලිය බිම වැටුනේ කන්දක්‌ නායයන්නාක්‌ මෙනි.

    එසේම සින්නයියා නාවික හමුදාපතිධුරයට පත්වීමෙන් පසු අතිශයෝක්‌තියෙන් යුත් තොරතුරු විකාශ විය. ඒ ඉන්දීය සාම හමුදාව මෙරට රැදී සිටින සමයේ නාවික හමුදාවේ පී 457 නමින් හඳුන්වන අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක්‌ විසින් පුලෙන්ද්‍රන් නැමැති කොටි ත්‍රස්‌ත නායකයා ඇතුළු කොටි පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.

    මේ අධිවේගී යාත්‍රාව මෙහෙයවූයේ කොමදොaරු ආරියදාසයි. ඔහු අද විශ්‍රාම ගොස්‌ ඇත. පුලෙන්ද්‍රන් ඇතුළු කොටි කල්ලිය අල්ලාගැනීමේ මෙහෙයුම දියත් කළ කොමදොaරු ආරියදාස එම තොරතුරු කිසිදිනෙක මාධ්‍යවලට පැවසුවේ නැත.

    මෙම අධිවේගී යාත්‍රාවේ දෙවැනියා ලෙස කටයුතු කළේ සින්නයියායි. එහෙත් කඩොල්පුරා නැමැති කොටි බෝට්‌ටුව අල්ලාගනු ලැබුවේ සින්නයියා බවට ප්‍රචාරය විය.

    එසේම ඇමරිකානු බුද්ධි සේවාව සැපයූ තොරතුරු මත නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් කොටි අවි ගබඩා වැනසීම සඳහා සාගර නාම පුමුඛ යුද නැව් ගැඹුරු මුහුදට යවනු ලැබීය. සාගර නැවේ ප්‍රධානියාවූයේ අද නාවික මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් පියල් සිල්වායි. එහෙත් මෑතකදී ප්‍රචාරයවූයේ ට්‍රැවිස්‌ සින්නයියා කොටි අවි ගබඩා වනසා දැමූ බවයි.

    මෙවන් පසුබිමක්‌ මැද ඇමරිකානු තානාපති කාර්යාලයේ සහ ශාන්තිකර කලාපීය ඇමරිකානු නාවික මූලස්‌ථානයේ සේවය කළ ට්‍රැවිස්‌ සින්නයියා නැවත හමුදාපති ලෙස පත්කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට බලපෑ ප්‍රශ්නයක්‌ නොවන බව කිවහැකිද?

    එසේම ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක්‌ කිරීම ගැන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් චෝදනා නඟා ඇත. මේ තත්ත්වය මත දේශපාලන පලිගැනීමකට ලක්‌වූ බව කියන ට්‍රැවිස්‌ සින්නයියා වන්දි පවා ලබාගෙන ඇති බවට හෙලිවිය. එසේ නම් ඔහු විදේශයක්‌ වෙනුවෙන් සිව් වසරක්‌ කළ සේවය නාවික හමුදාවේ සේවයක්‌ බවට තහවුරුවේද? එම වන්දි ලබාගැනීම මුදල් අවභාවිතයක්‌ද? මේ හැර චුන්ඩිකුලම් පරීක්‍ෂණ වාර්තාවට සිදුවූයේ කුමක්‌ද?

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැඩි අවධානයට මේ බරපතල කරුණු යොමුවිය යුතුව ඇත.

    එසේම ජනාධිපති සිරිසේන මහතා සින්නයියාගේ සේවය දීර්ඝ කළේ නම් රියර් අද්මිරාල් එස්‌ එස්‌ රණසිංහට සිදුවන්නේ විශ්‍රාම යාමටය. එහෙත් ජනාධිපතිවරයා නිර්භීත පියවරක්‌ ගනු ලැබීය. ඒ. එන්. ජී. ඕ කල්ලියට යටනොවී එස්‌ එස්‌ රණසිංහ නව නාවුක හමුදාපති ලෙස පත්කිරීමයි.

    මේ අතර ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනා විමර්ශනය ප්‍රමාද කරන බවට එක්‌සත්ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබිලෝ ඩි ග්‍රෙයිප් චෝදනා කරන සමයේ ජපානයේ විනිසුරුවකුවූ මොට්‌ටෝ නගු චි මෙරටට සම්ප්‍රාප්ත විය. ඔහුගේ පැමිණීම මෙරට බහුතරයට වසන් විය.

    නගුචි සංහිඳියා ක්‍රියාදාමය සම්බන්ධයෙන් මෙරට විවිධ පාර්ශව සමඟ සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා විය.

    එසේම ව්‍යවස්‌ථාදායක නීති විශාරදයකු ලෙස හඳුන්වා ගන්නා මහාචාර්ය යෑන් ගගැයිද මෙරට සම්ප්‍රාප්ත වී රාජ්‍ය නොවන සංවිධානයක්‌වූ වාර්ෂික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ සම්මන්ත්‍රණයකට සහභාගි විය.

    එහිදී මේ ඉන්දියානුවා ශ්‍රී ලංකා රජයට අපූරු උපදෙසක්‌ දුන්නේය. ඒ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අදහස්‌ ලබාගැනීමේදී ඩයස්‌ පෝරාවේ යෝජනා කෙරේද අවධානය යොමුකරන ලෙසයි.

    ද්‍රවිඩ ඩයස්‌පෝරාව හෙවත් කොටි ඩයස්‌පෝරාව විදේශ රටවල පුරවැසියන් නිසා ඔවුන්ගෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට අදහස්‌ ලබාගන්නේ කුමකටද?

    මේ අතර ප්‍රභාකරන් සහ කොටි රැකවළුන් මරුමුවට පත්වූ නන්දිකඩාල් කළපුව සහ වඩ්ඩුවග්ගාල් පාලම අසල ඇති ඉඩම් තමන්ට අයත් බව පවසමින් මුලතිව්හි ද්‍රවිඩයන් පිරිසක්‌ උද්ඝෝෂණයක නිරතවී ඇත.

    මේ උද්ඝෝෂණකයන් රජයේ මිනුම් දෙපාර්තමේන්තුවේ මැනුම්කරුවන්ට ගෝඨාභය නාවික කඳවුර අසල ඇති ඉඩම මැනීම්වලද ඉඩදී නැත. ඉඩම් තමන්ට අයත් බව උද්ඝෝෂකයන් පැවසුවත් ඔවුන් සතුව ඔප්පු පවා නොතිබුණි.

    අනතුරුව කරෙයිපත්තු දිසා ලේකම්වරයා උද්ඝෝෂණකයන් සමඟ සාකච්ඡා කර මැනුම් කටයුතු නතර කරන බව පවසා ඇත. එහෙත් ප්‍රභාකරන් රජය සතු මේ ඉඩම් කොටි පාලනයට ගනිද්දී නුඹලා සිටියේ කොහේදැයි උද්ඝෝෂකයන්ගෙන් විමසීමට රජයේ බලධාරීන් ඉදිරිපත් වී නැත.

    මේ අතර රැඳවුම්භාරයේ සිටින මිනීමරු කොටි ත්‍රස්‌තයන් නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් පංති වර්ජනයක්‌ අරඹා ඇත.

    මෙලෙස නිදහස්‌ කරන ලෙස ඉල්ලා ඇති හිටපු කොටි මිනීමරුවන් 2009 වසරේදී හමුදා නිලධාරීන් 18 සහ නැවියන් 8 ක්‌ වෙඩි තබා ඝාතනය කළ බව කියන මතියරාසන් සුලක්‌ෂන් රාසතුරෙයි කිරුවාරුල් සහ ගනේෂන් කර්පන්ද වේ.


    මොවුන්ට එරෙහිව පැවරූ නඩුව වව්නියාවේ සිට අනුරාධපුර මහාධිකරනයට මාරු කිරීමෙන් පසු යළි එම නඩුව වව්නියා මහාධිකරණයට මාරුකරන ලෙස ඉල්ලා මේ මිනීමරුවන් තිදෙනා උපවාසයක්‌ අරඹා ඇත.

    2008 වසරේ කිලිනොච්චියේ තිරුවායිවාරු ප්‍රදේශයේ කොටි වධකාගාරයක රඳවා තිබූ මෙම හමුදා සාමාජිකයන් 26 දෙනා වල්ලිපුරම් ප්‍රදේශයට ගෙනයාමෙන් පසු වෙඩිතබා මරා වළකට දමා ගිනිතබා පුළුස්‌සා ඇත. මේ ම්ලෙච්ඡ ඝාතනය ගැන අත්අඩංගුවේ පසුවූ අනිකුත් කොටි ක්‍රියාකාරීන් තොරතුරු හෙලිකිරීම නිසා ඉහත කී ත්‍රස්‌තයන් අත්අඩංගුවට ගනු ලැබීය.

    අත්අඩංගුවේ පසුවන අවස්‌ථාවේ සුලක්‌ෂන්, තිරුවේල් සහ කර්ශන් මහෙස්‌ත්‍රාත්වරයකු හමුවේ පාපොච්චාරණය කර ඇතැයිද වාර්තා විය.

    මොවුන්ට අදාල නඩුවේ සාක්‍ෂිකරුවන් සංඛ්‍යාව 67 කි. එසේම හමුදා නිලධාරීන් ඝාතනයට සම්බන්ධ ගනේෂන් කර්ෂන් නාවලපිටියේ පදිංචිකරුවකු බවද හෙලිවිය.

    මේ තත්ත්වය මත උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් පසුගිය 10 වැනිදා හිටපු ජනාධිපතිනිය වෙත සංදේශයක්‌ යවමින් උපවාසයේ යෙදෙන ද්‍රවිඩ දේශපාලන සිරකරුවන්ගේ නඩුව යළි වව්නියාවට මාරුකිරීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලා ඇත.

    විග්නේශ්වරන්ගේ මේ ඉල්ලීම මෙරට නීතියට මැදිහත්වීමකි. එසේම එම ලිපියෙන් විග්නේෂ්වරන් තවදුරටත් පවසා ඇත්තේ එම නඩුවේ සාක්‍ෂිකරුවන් තිදෙනකු රැකීමට නඩුව වව්නියාවේ සිට අනුරාධපුරයට මාරුකිරීම පුදුමයක්‌ බවයි.

    එහෙත් බිහිසුණු කොටි මිනීමරුවන්ට නිදහස දිය යුතුද?

    එවිට යුක්‌තිය හිමිවන්නේද?

    http://divaina.com/sunday/index.php/arakshawa/713-2017-11-02-08-36-64
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    mama me langadi article ekak kiyewwa.
    miniha honda porakya. time extend nokara atariya kiyala. ketima kalayak inna ona kenek neweya kiyala thibba.
    mataka nea kiyawapu article eka :no:

    හැම එකගේම හොඳ පැත්ත වගේම නරක පැත්තත් තියෙනවා බන්.
    මෙයා එලියට ගිහින් ආපහු ඇවිත් නාවික හමුදාපති වුන එකයි ආපහු ඉක්මනින්ම ගෙදර ගියපු එකයි හෙන අමුතුයි.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැම එකගේම හොඳ පැත්ත වගේම නරක පැත්තත් තියෙනවා බන්.
    මෙයා එලියට ගිහින් ආපහු ඇවිත් නාවික හමුදාපති වුන එකයි ආපහු ඉක්මනින්ම ගෙදර ගියපු එකයි හෙන අමුතුයි.


    danna aya meketh athi owa gana.
    BUT, political matha walata comment liweema dan godak wadi wela ban.
    issara hondatama danna karuna meke liyawenawa..
    dan dannawa wage meketh awilla politics walata reply damaawi.

    wadak nea e gana kata karala. quality eka bahala tyenne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    මම නම් හිතන්නෙ මාධ්‍ය හොඳ පැත්තත් එක දෙක කරලා කියනවා, ඒ වගේම නරක පැත්තත් එක දෙක කරලා කියනවා.

    ඔය කියන ඒවා හරියටම විශ්වාස කරන්න බෑ.

    ඒත් මගේ අදහස නම් ඇමරිකාවට එක දවසක් හරි වැඩ කරපු කෙනෙක්ට, ලංකාවේ ලොකු වගකීමක් පවරන එක එච්චර ණුවනට හුරු දෙයක් නෙවෙයි. සින්නයියා යුද්ධෙට දායක උන නිසා ටික කාලෙකට හරි යන්න පුළුවන් උපරිම නිලයට පත්කරපු එක හොඳ දෙයක් ඒ වගේම නාවික හමුදාපති කමෙන් අයින් කරපු එකත් හොඳ තීරණයක්.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මම දන්න තරමින් නම් සින්නයියාට මහින්ද රජය යටතේ දේශපාලින පලි ගැනීමක් වෙලා තියනව. ඒක මම පුද්ගලිකව දන්න දෙයක්....

    mokadda machan seen 1?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    ඕනිම රටක කොදු නාරටිය වන්නේ ඒ රටේ බුද්ධි අංශය. ලංකාවේ තියෙන බුද්ධි අංශය කරන්නේ විපක්ෂයේ දේශපලන්ඝ්යන් ගැන හොයන එක විතරයි.:no::no::no:
    වෙන ඕනිම රටක් බුද්ධි අංශයේ වැඩ වලට ඇගිලි ගහන්නේ නෑ, ගිය සතියේ එංගලන්තේ ඇමති කෙනෙක්ට ඇමතිකම නැති උනෙත් හොරෙන් ඊශ්‍රායල් නිලධාරීන් හම්බ උන එක හෙළිකරලා.;););)

    ඒ වගේ අපෙත් තරාතිරම නොබලා බුද්ධි අංශය හැම නිලධාරියෙක් ගැනම අවධානයෙන් ඉන් ඕනි. ඒ වගේම අපේ විදේශීය තානාපති සේවය ශක්තිමත් කරන්න ඕනි.
    අන්න එදාට මේ රට දියුනි වෙයි.:yes::yes::cool:
     
    • Like
    Reactions: ctooi

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඕනිම රටක කොදු නාරටිය වන්නේ ඒ රටේ බුද්ධි අංශය. ලංකාවේ තියෙන බුද්ධි අංශය කරන්නේ විපක්ෂයේ දේශපලන්ඝ්යන් ගැන හොයන එක විතරයි.:no::no::no:
    වෙන ඕනිම රටක් බුද්ධි අංශයේ වැඩ වලට ඇගිලි ගහන්නේ නෑ, ගිය සතියේ එංගලන්තේ ඇමති කෙනෙක්ට ඇමතිකම නැති උනෙත් හොරෙන් ඊශ්‍රායල් නිලධාරීන් හම්බ උන එක හෙළිකරලා.;););)

    ඒ වගේ අපෙත් තරාතිරම නොබලා බුද්ධි අංශය හැම නිලධාරියෙක් ගැනම අවධානයෙන් ඉන් ඕනි. ඒ වගේම අපේ විදේශීය තානාපති සේවය ශක්තිමත් කරන්න ඕනි.
    අන්න එදාට මේ රට දියුනි වෙයි.:yes::yes::cool:

    :yes::yes: මේ පාණ්ඩුව ආපු ගමන් බුද්ධි අංශ දුර්වල කලා.
     
    • Like
    Reactions: snm1990

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕනිම රටක කොදු නාරටිය වන්නේ ඒ රටේ බුද්ධි අංශය. ලංකාවේ තියෙන බුද්ධි අංශය කරන්නේ විපක්ෂයේ දේශපලන්ඝ්යන් ගැන හොයන එක විතරයි.:no::no::no:
    වෙන ඕනිම රටක් බුද්ධි අංශයේ වැඩ වලට ඇගිලි ගහන්නේ නෑ, ගිය සතියේ එංගලන්තේ ඇමති කෙනෙක්ට ඇමතිකම නැති උනෙත් හොරෙන් ඊශ්‍රායල් නිලධාරීන් හම්බ උන එක හෙළිකරලා.;););)

    ඒ වගේ අපෙත් තරාතිරම නොබලා බුද්ධි අංශය හැම නිලධාරියෙක් ගැනම අවධානයෙන් ඉන් ඕනි. ඒ වගේම අපේ විදේශීය තානාපති සේවය ශක්තිමත් කරන්න ඕනි.
    අන්න එදාට මේ රට දියුනි වෙයි.:yes::yes::cool:

    ඔව් ලංකාවේ බුද්දි අංශය කියන්නෙ, හොරා පොලිස් වගෙ විහිලුවට සෙල්ලම් කරන එකක් , ටිකක් හරි හොඳ මට්ටමට තිබ්බෙ ගෝඨාභය නිසා , අනිත් දෙ වෙන රටවල බුද්දි අංශය වලින් තමයි දේශපාලුවෝ වත් පාලනය කරන්නේ එකට ලංකාවේ දේශපාලුවෝ බුද්දි අංශය පාලනය කරනවා ලංකාව කියන්නෙ විහිලුවක් වගෙ ක්‍රමවෙදයක් තියෙන රටක් :dull:
     
    • Like
    Reactions: snm1990

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕනිම රටක කොදු නාරටිය වන්නේ ඒ රටේ බුද්ධි අංශය. ලංකාවේ තියෙන බුද්ධි අංශය කරන්නේ විපක්ෂයේ දේශපලන්ඝ්යන් ගැන හොයන එක විතරයි.:no::no::no:
    වෙන ඕනිම රටක් බුද්ධි අංශයේ වැඩ වලට ඇගිලි ගහන්නේ නෑ, ගිය සතියේ එංගලන්තේ ඇමති කෙනෙක්ට ඇමතිකම නැති උනෙත් හොරෙන් ඊශ්‍රායල් නිලධාරීන් හම්බ උන එක හෙළිකරලා.;););)

    ඒ වගේ අපෙත් තරාතිරම නොබලා බුද්ධි අංශය හැම නිලධාරියෙක් ගැනම අවධානයෙන් ඉන් ඕනි. ඒ වගේම අපේ විදේශීය තානාපති සේවය ශක්තිමත් කරන්න ඕනි.
    අන්න එදාට මේ රට දියුනි වෙයි.:yes::yes::cool:


    :confused: e kohomada
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113

    :confused: e kohomada

    හරි සරලයි බන්. සුදුස්සන්ට සුදුසු තැන දෙන එක.
    රුසියාවේ විදේශ ඇමති සර්ගෙය් ලව්රෝව් ගේ පලවෙනි රස්සාව ලංකවේ රුසියානු තානාපතිකර්යාලේ සංස්කෘතික කටයුතු නිලධාරී. එත් ඇත්තටම රස්සාව ලංකාවේ ගුවන්විදුලියේ, පුවත්පත්වල තොරතුරු දිනපතා ක්‍රිමලිනයට වාර්තා කරන එක. එතකොට චන්දයක් වගේ ලන්වෙනකොට තානාපති අංශ දන්නවා තමන්ට පාලනය කරන්න පුළුවන් දෙහ්ස්පලන්ග්යෝ, නිලධාරීන් කවුද කියල. :P:P:P

    එදා ලංකවේ තානාපති කාර්යාලේ වැඩ කරලා , දිගටම තානාපති සේවයේ ඉදල තානාපතිකම් දරපු කෙනා තම අද රුසියාවේ විදේශ ඇමති. :cool::cool::cool:
    ලංකාවේ එහෙමද? තානාපති කාර්යාල වලට දන්නේ හෙන්චයියෝ, උන් කරන්න දන්නා ඉටි ගෙඩියක් තියේද බීල පිස්සු කෙලින එක ඇරුනම..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හරි සරලයි බන්. සුදුස්සන්ට සුදුසු තැන දෙන එක.
    රුසියාවේ විදේශ ඇමති සර්ගෙය් ලව්රෝව් ගේ පලවෙනි රස්සාව ලංකවේ රුසියානු තානාපතිකර්යාලේ සංස්කෘතික කටයුතු නිලධාරී. එත් ඇත්තටම රස්සාව ලංකාවේ ගුවන්විදුලියේ, පුවත්පත්වල තොරතුරු දිනපතා ක්‍රිමලිනයට වාර්තා කරන එක. එතකොට චන්දයක් වගේ ලන්වෙනකොට තානාපති අංශ දන්නවා තමන්ට පාලනය කරන්න පුළුවන් දෙහ්ස්පලන්ග්යෝ, නිලධාරීන් කවුද කියල. :P:P:P

    එදා ලංකවේ තානාපති කාර්යාලේ වැඩ කරලා , දිගටම තානාපති සේවයේ ඉදල තානාපතිකම් දරපු කෙනා තම අද රුසියාවේ විදේශ ඇමති. :cool::cool::cool:
    ලංකාවේ එහෙමද? තානාපති කාර්යාල වලට දන්නේ හෙන්චයියෝ, උන් කරන්න දන්නා ඉටි ගෙඩියක් තියේද බීල පිස්සු කෙලින එක ඇරුනම..


    අන්න එදාට මේ රට දියුණු වෙයි.

    මම ඇහුවේ රට දියුණු වෙන්නේ කොහොමද කියලා ඔයා කියපු විදියට :)
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113



    මම ඇහුවේ රට දියුණු වෙන්නේ කොහොමද කියලා ඔයා කියපු විදියට :)

    CIA primary purpose is to collect, analyze, evaluate, and disseminate foreign intelligence, and to perform covert actions.

    Me wage strong intelligence services ekak thibbanm giya sathiye petrol polim wala enna oni ne....