ට්‍රිප් එකක්ම නෙමේ..

tharindup

Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    ට්‍රිප් එකක්ම නෙමේ..

    හැමෝටම සුබ දවසක්..

    ගෙදරට වෙලා ඉන්න ටිකේ තව ගමනක විස්තර ලියන්න හිතුන බන්.මේක ගියේ ගිය අව්රුද්දෙ දෙසැම්බර්..ට්‍රිප් එකක් නෙමේ හැබැයි.මගේ preshoot එකට ගිය ගමන තමා මේ.මම shoot එක කලේ riverston අවට.මුලින් ඉඳන්ම හිතන් හිටියෙ එහෙ..

    පස්සේ අපේ ට්‍රිප් යන සෙට් එකටත් කතා කරලා පොඩි ආතල් එකක් ගන්නත් එක්ක දවස් තුනක් දාගෙන රණමුරටේම ඇද්ද.

    මෙහෙන් පිටත් උනා උදේ පාන්දරම.නැත්තන් අපේ ප්‍රධාන වැඩේ ඉවර කරගන්න වෙන්නේ නෑ.photo ගහන සෙට් එක ආවේ අනුරාධපුර ඉඳන්.ඒ ඇයි කියල දන්න උන් දන්නව.උනුත් වෙලාවටම වගේ ආව.මුලින්ම පටන් ගත්තේ බඹරකිරි ඇල්ලෙන්..එතන සැහෙන වෙලාවක් ගියා හැබැයි..අනික් දේ තමා මන් මුලින්ම උදේ කෑමයි දවල් කෑමයි කතා කරන් හිටියෙ..එය උදේ කෑම එක ගෙනත් දුන්න එතනට..දවල් එක මගින් ගන්න තම ලෑස්ති කරන් හිටියෙ..

    කතා ඇති නේ බන්.

    මේ තියෙන්නේ බඹරකිරි ඇල්ල
    ZQBm5ha.jpg


    මේ ඉන්නෙ මම
    Nt9hGXr.jpg


    මේ ඉන්නෙ photo ගහපු එකා.
    dI9T9AW.jpg


    එතනින් ඈත
    d4VRO2M.jpg


    මේ ඉන්නෙ සෙට් එක.
    4SLE5dP.jpg


    මොන මගුලක්ද යකෝ මේ
    z7vOBGN.jpg


    මූ මෙතන නිදා ගත්තලු සැහෙන වෙලාවක්
    YT7v23Z.jpg


    ඔහොම තමා ඉතින්..නැද්ද බන්.

    ඔතන වැඩේ ඉවර වෙනකොටත් සැහෙන වෙලා ගිහින්.එතන ඉවර වෙලා අපි ගියේ midland estate එකේ ප්‍රයිවට් කැම්ප් සයිට් එකක් කරන මන් දන්න කෙනෙකගේ තැනකට.හැබැයි ඒ වැඩේ එච්චර ගැලපුනේ නෑ.එකට හේතුව උනේ එතනට යන්න මහ පාරෙන් හැරිල ගොඩක් දුර යන්න ඕන ටිකක් සව්ත්තු පාරක.අපි ගිය කාර් දෙකට යන්න බෑ.වෑන් එකටත් බෑ.කිලෝමීටර් දෙකක් වගේ.ඉතින් අර photo ගහන උන්ගේ බඩුත් උස්සන් මේකප් බඩුත් උස්සන් යන එක කරුමයක්.එත් කරන්න දෙයක් නෑ.පයින් ගියා අපි ටිකක්.ගෑනු ටික ටුක් එකක යැව්වා..හැබැයි එතන මාර ලස්සනයි..එතනකම තමා දවල් කෑමත් ලැස්ති කරලා තිබ්බේ..

    යන ගමන්.
    UCbNxDs.jpg


    yKWexlT.jpg


    මුලින් මෙහෙම පාර තිබ්බට පස්සේ ගන්න දෙයක් නෑ
    1cVwThD.jpg


    වටේ බල බල කියව කියව ගියා ඉතින්.
    jnifYka.jpg


    yEy2H8z.jpg


    gWRoZWN.jpg


    සෑහෙන වෙලාවක් ගිහින් අපි එතනට කිට්ටු කළා.
    MmV6ogW.jpg


    JokPyBO.jpg


    තවත් යන්න තියෙනවා
    mq6vpQg.jpg


    මේක අව්ල් නෑනේ
    eFxZy4v.jpg


    ඔය දකුණු අත පැත්තෙ පේන්නේ riverston ටවර් එක.

    ඈතින් පේන්නේ ගම්මඩුව
    xdMr88E.jpg


    WrXLxHW.jpg


    Fexvmdz.jpg


    මේ ටික නං දන්නෙ නෑ.දන්නා කෙනෙක් ඉන්නවා නං කියන්න පින්වතුනි.
    bwKZjhs.jpg


    මේ තියෙන්නෙ වැව..ඇත්තටම එතන photo ගහන්න කියාපු තැනක්.
    aYV1SNM.jpg


    cJeaRM2.jpg


    j2xOUJt.jpg


    7O6ZrjT.jpg


    ඔතන සෑහෙන වෙලාවක් shoot එක කළා..එතනදීම දවල්ට කාල.වෙන තැනකට යන්න ට්‍රයි කලත් හවස වැඩියි කියල තේරුණා නිසා එතැනින්ම වැඩේ අහවර කරලා එන්න පිටත් උනා.

    ඔතනින් පිටත් වෙද්දීත් හවස 4 පහු වෙලා
    3j5T6nf.jpg


    photo ගහන සෙට් එකයි අපේ වයිෆුයි ගෙවල් වලට ගියා..උන් ගියේ මාතලේ පැත්තට.අපි අපේ ඊළඟ ගමනට පිටත් උනා.අපි ආවේ පල්ලේගම පැත්තට.
    LeKNWef.jpg


    යන ගමන්
    QG1cRSl.jpg


    ඉර බහිනවා
    9u1lZU8.jpg


    ඇත්තටම අපිට තව සෑහෙන දුරක් යන්න තිබ්බ.අපි riverston වලදී ගමන පටන් ගන්නකොටම කළුවර වැටිලා මීදුම ඇවිල්ල..ඉතින් සෑහෙන පරිස්සමට තමා ගමන ගියේ.සජ්ජගේ කාර් එකේ ගියේ මමයි සජ්ජයි ctb .

    අනික් එකේ බොකයයි මද්දයි අපේ අලුත් සාමාජිකයා ශශියයි.අපි යද්දී සෑහෙන්න සත්තු එහෙට මෙහෙට යනවා.රෑ වෙලා නිසා. අනික් එක තමා පාරවල් හොයා ගන්න සැහෙන්න අමාරු උනා අලුතෙන් හදපු ජලාශ දෙක නිසා.පාරවල් ගොඩක් වෙනස් වෙලා.එක පාරක් කොහෙදිද මන්ද නවත්තල රෑට රොටි වගයක් කාල තේ බිව්වා.ආපහු ගමනේ..එක වේලාවකදී මද පාරකත් ගියා..සමහර වෙලාවට මග නවත්තල ටෝර්ච් ගහල ඉස්සරහට ගිහින් බලනවා පාර.කොහොමහරි මන් හිතන්නේ රෑ 10 වගේ වෙද්දී අපි රණමුරේ ශාන්ත අයියලාගේ ගෙදරට ආව..ආපු ගමන් කලේ හොඳට ඇඟ පොඩ්ඩක් හෝදගෙන සෙට් උන එක.

    පොඩි බාබකිව් පාරක් දැම්ම..
    AHLCIMX.jpg


    අපේ මස් පුච්චන පුතා ඉන්නකන් මේක නං හරියට එයි.
    PckQYww.jpg


    බිව්වා.
    Wj7NdyE.jpg


    නිදා ගද්දි රෑ 12ත් පහු වෙලා.
    926pAXN.jpg


    පහුවදා උදේ
    9NrVf4X.jpg


    ටිකක් වෙලා ඉඳල නාගෙන එහෙම හොඳට ලැස්ති වෙලා පිටත් උනා .රණමුරේට තියෙන ළඟම ටව්න් දෙක තමා පල්ලෙගමයි හෙට්ටිපොලයි..අපි ගියේ හෙට්ටිපොල.රෑට අපහු මස් ටිකක් ගන්නයි අරිෂ්ට ගන්නයි තමා ගියේ.යද්දී තමා වටේ ලස්සන දැක්කෙ..ඇත්තටම ඒ පැත්ත මාර විදියට වෙනස් වෙලා..කළුගඟ ජලාශයට යට උනා රණමුරේට කිට්ටුවට එනකන්ම..ඒවා බයිපාස් කරලා දන් පාරවල් හදල ලස්සනට.
    shX17ul.jpg


    යද්දී කළුගඟ ජලාශයේ එක පැත්තක් පේනවා..අපි නවත්තල බැලුව..

    ඔය ඈතින් පේන්නේ ලොකු dam එක..
    L64aCRy.jpg


    ඔය ඉන්නෙ අපේ සෙට් එක.
    iP6Kg1t.jpg


    සරමක් ගහන් ඉන්නෙ ශාන්ත අයිය
    hUK5Eot.jpg


    කව්ද යකෝ මෙහෙම නවත්තන්නෙ වාහන
    TXq6nNF.jpg


    අනික් දේ තමා සැරෙන් සැරේ වහිනවා..යනගමන් ගියා කළුගඟ ජලාශයේ පැති බැම්ම උඩට.එක තියෙන්නෙ රණමුරේ පාර අයිනෙමයි.

    එතකොට වැස්ස
    f5ccpFH.jpg


    ඈත පේනවා
    JDteTX7.jpg


    පොඩි ආර්ට් එකක්
    G114vxU.jpg


    අනික් පැත්ත
    9Cd1ROw.jpg


    ටික වෙලාවකින් පෑව්ව.
    bFyDfDY.jpg


    එතනට ලස්සනට වටේ පේනවා.ඒත් අහස පැහැදිලි දවසක ආව නං මීට වඩා ගොඩක් ඈත බලන්න තිබුන මන් හිතන්නේ.
    D3q16Nu.jpg


    එතන හෙන ගැඹුරු පාටයි.අනික් එක වතුර මාර පැහැදිලියි.ඔරිජිනල් නකල්ස් වතුර.

    පොඩි ආතල් එකක් ගත්ත..

    මද්ද මොකෝ බන් මේ..
    we1ll1W.jpg


    මේ ඉන්නෙ කාර් දෙකේ අයිතිකාරයෝ දෙන්න..
    53ttJpY.jpg


    photography පාඩමක්
    FpnOjjm.jpg


    ඊට පස්සෙ ආපහු වහින්න පටන් ගත්ත..එහෙමම පිටත් උනා හෙට්ටිපොල යන්න..

    ඔය ඈතින් පේන්නේ අපි ආපු පාර.
    F9b4U4O.jpg


    ටව්න් එකට ඇවිල්ල ස්ටෑන්ඩ් එක උඩ තියෙන කඩෙන් කෑවා හොඳට
    4aWT7WO.jpg


    අඩු පාඩුත් ගත්ත
    ODX8cxq.jpg


    ඔක්කොම දේවල් අරන් එන්න පිටත් උනා..පාරවල් නං තියෙනවා සුපිරියටම .
    PMSzNwC.jpg


    පොඩි රේස් එකක්
    er0kgZc.jpg


    එනකොට රණමුරේ කිට්ටුව තැනකදී මාර ලස්සනට ඈත දැක්ක නිසා නවත්තල photo ගැහුව..මීදුම නිසා දුරටම පේන්නේ නෑ.නැත්තන් එතනට පේන්නෙ ලකේගල..
    oa6QrNQ.jpg


    Te19eFk.jpg


    නරන්ගමුව පැත්ත තම පේන්නෙ.
    xv0DSyb.jpg


    රණමුරේ හරහා නාරංගමුව යන පාර.
    9QjgUHI.jpg


    ගෙදරට ඇවිල්ල අපි ගියා නාන්නයි පරණ යාළුකම් අලුත් කරගන්නයි..ඉස්සර ඉඳන් අපි දන්න කුමාරව හම්බෙන්න ගියා.මිනිහත් බැඳලා..යද්දිත් වහිනවා..උන්ගේ ගෙවල් ළඟ තියෙන තැනකින් නාගත්තා අපි.කට්ටිය සෙට් වෙලා එතනදිත් ඉවර කළා සෑහෙන්න.

    සෙට් එක
    eCwe4WS.jpg


    පරණ මතක.කුමාර කියන්නෙ වැඩ්ඩේක් තමා ඉතින්..මම මේකේ එකක් ලියල ඇති..
    0khDXGJ.jpg


    ඔතන තමා නෑවේ.
    5BSsPiO.jpg


    ඔතනින් පහල දිය ඇල්ලක් තියෙනවා පොඩි.අපි එක පාරක් මේ වතුර පාර දිගේ සෑහෙන උඩට ගියා..දිය ඇලි තියෙනවා කීපයක්ම.එළකිරි එකේ නං දැම්මේ නෑ එක.
    qJviZt8.jpg


    අනෙ අම්මේ හිතේ තියෙන සතුට
    Vafw2DT.jpg


    බව්ව
    MUK7u79.jpg


    නාල ඇවිල්ල ටිකක් නිදාගෙන ඉඳල අපහු හවස සෙට් උනා..එකට නං ගමේ හෙන සෙට් එකක් ආව..පොඩි බෙරයක් එහෙම හොයාගෙන සින්දුවක් කියල සැර ආතල් එකක් ගත්ත.

    ලෑස්ති වෙනවා
    yPZgdAX.jpg


    මස් පුච්චන පුතා.
    BNrxFXe.jpg


    ඒ ටික හොඳටම ආව.
    6CscJuP.jpg


    euVoxna.jpg


    මේ ඉන්නෙ බංඩ අයිය
    1RAZ6de.jpg


    ශාන්ත අයිය ෆෝම් වෙලා.
    d1HjhFZ.jpg


    මම
    uz9wGtR.jpg


    අපේ ශෂී..ශාන්ත අයිය ගැන කතා නොකර ඉමු
    cD7rnjP.jpg


    සුද්ද තමා ඔය ඈත වාඩි වෙලා ඉන්නෙ..හැබැයි ඇවිල්ල ඔක්කොම කෑවා ආතල් එක.මුළු ගමම එතනට එක්කන් ඇවිල්ල..
    dbztbMq.jpg


    එදා නං වැඩි වෙලා යන්න කලින් අපි නිදා ගත්ත

    පහුවදා උදේ.
    kZVeJVB.jpg


    එදත් උදේ නාල ඇඳුම් ලැස්ති කරගෙන හකුරු හොයන්න ගිහින් මී පැණි හොයන්න ගිහින් එන්න පිටත් වෙද්දී සෑහෙන්න දවල් වෙලා.

    එන්න කලින් ගැහුව අපේ photo එක.
    1vJ2O7d.jpg


    හැමෝටම නොසහෙන්න ස්තුති කරලා ආපහු ඉක්මනට රණමුරේ එන්න පොරොන්දු වෙලා කැලේට රිංගන්න බලාගෙනම එන්නන් කියල අපි පිටත් උනා අපේ ගම රටවල් වලට.

    එද්දී ලකේගල දැක්ක ලාවට
    Y4sibIH.jpg


    Rzb8Dgt.jpg


    අපහු වැස්ස..
    oubIMLw.jpg


    අපේ ඊළඟ ගමන උනේ පරණ යාලුවෙක් හම්බෙන්න..එයත් අපිට ට්‍රිප් දෙක තුනකදී උදව් කරපු කෙනෙක් තමා..කෝල් එකක් දීල ගෙදර හොයාගෙන ගිය ගෙදරටම.එයාලට ගෙවල් ඉඩම් හම්බෙලා තිබුන කලින් තිබුන පල්ලේගම ටව්න් එක කළුගඟ project එකට යට උන නිසා..එයත් එක්කම අපි ගියා කළුගඟ main dam එක බලන්න.

    ඒක ඈතට
    CBnM3uI.jpg


    රව්මක් ගහල උඩට යන්න පුළුවන්..බලන්න වෙනම තැනක් හදල තියෙනවා.
    nPoiIXu.jpg


    එතනටත් ඈත පේනවා.
    6DRs9cm.jpg


    ලාවට වැස්සක් තිබුන
    BfkaUGD.jpg


    අපේ සෙට් එක.ඔය මැද ඉන්නෙ අපේ යාළුවා..නියම යාළුකම් තමා..
    a3FIFio.jpg


    LQG26Lx.jpg


    අපි අපහු අපේ යාළුවව ගෙදරට ගෙනිහින් දාල එන්න පිටත් උනා..එන ගමන් අලුත් ලග්ගල ටව්න් එකේ තියෙන හෙළ බොජුන් එකෙන් කෑවා හොඳට.කාල පිටත් උනා අපේ ඊළඟ target එකට.

    අපේ ඊළඟ නැවතුම උනේ මොරගහකන්ද ජලාශය..ඒකත් අපිට ලේසි උනා වගේම අපි ගියා ස්පිල් ගේට් එක තියෙන dam එකට.එකට හේතුව තමා අපේ ctb මල්ලිගේ යාලුවෙක් හිටිය එතන..පොර ඉක්මනට වැඩේ කරලා දුන්න..පරක්කු උනා නං ඉවරයි..මොකද එතනට එද්දී හවස 5 කිට්ටුයි..

    මේ තියෙන්නේ dam එක උඩ
    FJaEYBW.jpg


    අපේ සෙට් එක
    SEqt1PC.jpg


    මේ තියෙන්නේ vip අයගේ බංගලාව
    WLJ1GVr.jpg


    අපි මෙතනටම ආවේ අර යාළුවා නිසා..
    3nHEqEG.jpg


    මේ තියෙන්නේ ජලාශය..
    qFayI3n.jpg


    පවර් හව්ස් එක
    DQe3VYT.jpg


    එතනින් අපේ තවත් එක ගමනක් ඉවරයි.ට්‍රිප් එකක් නොව්නත් අපි සෑහෙන්න දේවල් බලල පට්ට ආතල් එකකුත් ගත්ත..ඉතින් වෙනද වගේම මේකට සහබාගි උන සෙට් එකටමත් ,අපිට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි..විශේෂයෙන් සජ්ජටයි බොකයටයි..වාහන අරන් ඇවිල්ල මගේ preshoot වැඩේ සාර්ථකව කරන්න උදව් කලාට.මේක කියවපු උඹලටත් ස්තුතියි....

    ආපහු තව ට්‍රිප් එකකින් හම්බෙනකන් හැමෝටම බුදු සරණයි..!!

    නමෝ බුද්ධාය..!!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :love::love::love:

    යකෝ, ප්‍රී ෂූට් එකෙත් ට්‍රිප් එකක් ගියාද.....උඹ දවසකටවත් හරි මිනිහෙක් තමා.....
    :rofl::rofl::rofl:

    පට්ට ඈ.....

    ( දැන් ඔය පැත්තේ පාරවල් වල යනවා කියන්නේ තනිකර මඥ්ඥන් :baffled::baffled:)
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,741
    7,939
    113
    මෙන්න මෙතන...
    අඩෝ පට්ට මචන්..මාත් ගිය මාසේ ගියා මේ පැත්තේ..මාර ලස්සන පැත්ත බන්..අපි නතර උනේ ලග්ගල තෙල්ගමු ඔය කිට්ටුව ප්ලේස් එකක..උබ කලින් දාපු රණමුරේ ත්‍රෙඩ් එක බලල තමයි මට ඔය පැත්තේ යන්න ආස හිතුනේ..ආයේ යන්න ඕන බන්..උබ යනවා නම් අනිවා කියපන් මම එනවා..:yes::yes::yes:

    පාරවල් නම් සැහෙන වෙනස් වෙලා මොරගහකන්දයි කළු ගග dam එකයි හදපු නිසා..සැහෙන අමාරුයි මැප් එකෙන් බලල නම් පාරවල් හොයාගන්න..
     
    Last edited:
    • Like
    Reactions: ElaRosa

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    :love::love::love:

    යකෝ, ප්‍රී ෂූට් එකෙත් ට්‍රිප් එකක් ගියාද.....උඹ දවසකටවත් හරි මිනිහෙක් තමා.....
    :rofl::rofl::rofl:

    පට්ට ඈ.....

    ( දැන් ඔය පැත්තේ පාරවල් වල යනවා කියන්නේ තනිකර මඥ්ඥන් :baffled::baffled:)

    පොඩි ආතල් එකක් ගන්න බන් ගියේ..වෙනද යන්නේ කටු කාගෙන කඳු බඩගාන්න නේ.වෙනසක් කරන්න හිතුන.පාරවල් ගැන කියල වැඩක් නෑ බන්..මුල් දවසේ මාර ගේමක් දුන්නෙ..සැහෙන්න පාරවල් හදල..හැබැයි එද්දී නං මාර ලේසි උනා.ඔහෙන් තියෙනවා නාඋලට පාරක්.එකෙන් ආවේ..මාර ඉක්මන්.
     
    • Like
    Reactions: Lahiru120

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අඩෝ පට්ට මචන්..මාත් ගිය මාසේ ගියා මේ පැත්තේ..මාර ලස්සන පැත්ත බන්..අපි නතර උනේ ලග්ගල තෙල්ගමු ඔය කිට්ටුව ප්ලේස් එකක..උබ කලින් දාපු රණමුරේ ත්‍රෙඩ් එක බලල තමයි මට ඔය පැත්තේ යන්න ආස හිතුනේ..ආයේ යන්න ඕන බන්..උබ යනවා නම් අනිවා කියපන් මම එනවා..:yes::yes::yes:

    පාරවල් නම් සැහෙන වෙනස් වෙලා මොරගහකන්දයි කළු ගග dam එකයි හදපු නිසා..සැහෙන අමාරුයි මැප් එකෙන් බලල නම් පාරවල් හොයාගන්න..

    මන් අපහු යද්දී අනිවා උඹට කියනවා..ඔය riverston වලින් එහාට මට කොච්චර ගියත් එපා වෙන්නේ නෑ බන්..අනික රණමුරේ පැත්ත මාරම ලස්සනයි..අපහු අනිවා යනවනේ..එදාට යමන්.
     
    • Like
    Reactions: Lahiru120

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,741
    7,939
    113
    මෙන්න මෙතන...
    මන් අපහු යද්දී අනිවා උඹට කියනවා..ඔය riverston වලින් එහාට මට කොච්චර ගියත් එපා වෙන්නේ නෑ බන්..අනික රණමුරේ පැත්ත මාරම ලස්සනයි..අපහු අනිවා යනවනේ..එදාට යමන්.

    ඔව් බන් ලස්සන ගැන නම් කියල වැඩක් නෑ..ඒ පැත්තට ගියාම ආයේ එන්න හිතෙන්නේ නෑ..අපි හෙට්ටිපොල හසලක පැත්තෙන් රවුමක් ගහල ආවේ..මම ගියපු ගමනෙත් ෆොටෝස් ටිකක් දැන්නම් වෙලාවක් ලැබුනොත්..අනිවා යමන් වෙලාවක..:yes::yes::yes:

    මේ වගේ ත්‍රෙඩ් එකක් දකිද්දී වෙනමම ලෝකෙකට යනවා බන්..ඒ එන හැගීම ගැන කියන්න වචන නෑ..:love::love::love:
     
    • Like
    Reactions: Lahiru120

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    සුපිරි සුපිරි :cool:
    ctb නම් සසර කල කිරිල වගේ ඉන්නේ ලගදීම වනගත වෙයිද මන්ද :lol:
     
    • Like
    Reactions: Lahiru120