ටික් ටොක් යතුරු පැදි තරඟයක් වටලයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ටික් ටොක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නීති විරෝධී ලෙස සංවිධානය කරන ලද මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදුණු තරුණයන් අටදෙනෙකු යතුරුපැදි පහක් සමඟ බම්බලපිටිය මුහුදු මාවතේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

    hbkp-web-ashleyestrada-03.jpg


    යතුරු පැදි 500 කට ආසන්න සංඛ්‍යාවක් මුහුදු මාර්ගයේ ගමන් ගත් වාහන වලට සහ පදිකයන්ගේ ජීවිත හා දේපලවලට හානි වන ආකාරයෙන් වෙට්ටු දමමින් සහ තනි රෝදයෙන් ධාවනය කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව ඒකක 6 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයේ වටලා සැකකාර තරුණයන් අත්අඩංගුවට ගෙන ඇත.

    hbk-web-chantel-07.jpg


    අත්අඩංගුවට ගත් තරුණයන් ටික් ටොක් සමාජ ජාල හරහා සම්බන්ධ කරගත් සංවිධාකයන් හා මෙහෙයවන පුද්ගලයන් කවුරුන්ද යන්න විමර්ශනවලදී අනාවරණය කරගෙන රථවාහන වැරැද්දකට එහා ගිය අපරාධමය වරදක් ලෙස සලකා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

    hbkp-web-dania-03.jpg


    අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ටික් ටොක් මගින් ඔවුන්ව මෙම ප්‍රදේශයට කැඳවා තිබූ බවට අනාවරණය වී ඇත.

    hbkp-jess-web-05.jpg


    Source: https://www.lankadeepa.lk/latest_news/ටික්-ටොක්-යතුරු-පැදි-තරඟයක්-වටලයි/1-633095