“ටිකිරා” අවසානයේ මියගියාය
පසුගිය කාලයේ මහනුවර ඇසළ පෙරහැර සමයේ, අයහපත් සෞඛ්‍ය තත්වය සැලකිල්ලට නොගිනිමින් පෙරහැර සඳහා සහභාගී කරගත් බවට දෙස් විදෙස් පාර්ශව වලින් චෝදනා එල්ලවූ “ටිකිරා” ඇතින්න මිය ගිය සංවේගාත්මක පුවත වාර්තාවේ. ඇතින්න පෙරහැරේ යෙදවීම සත්ව හිංසනයක් ලෙස ප්‍රකටවූ පසු පළමුදින සංචාරයෙන් පසු බලධාරීන් ඇතින්නව ඉන් ඉවත් කළ අතර නිදහසට කරුණු කියමින් දන්වා තිබුනේ බාරයක් ඔප්පු කිරීමට පමණක් ඇයව සංචාරයේ යෙදවූවා මිස පෙරහැරට මෙවර සම්බන්ධ කර නොගත් බවය. 70 හැවිරිදි වියේ සිටි ඇතින්න ආහාර අවශෝෂණ ගැටලුවකින් පීඩා විඳි අතර මේ නිසාම සිරුර වැහැරුණ වයෝවෘද්ධ ලක්ෂණ කැපී පෙනෙන ලෙස මතුව තිබුණි. එම ඇතින්න පෙරහැරට සහභාගී කරගැනීමෙන් පසු ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍ය වල ඉහළින් වාර්තා විය. එම ක්‍රියාව ආන්දෝලනයකට හේතුවක් විය. ටිකිරා වෙනුවෙන් බොහෝ සමාජ මාධ්‍ය තුළද වාර්තා පළවූ නමුත් ලංකාවේ බලධාරීන් හැමවිටම උත්සාහ ගෙන තිබුනේ ඇතින්නගේ හිමිකරුවන් ආරක්ෂා වන ලෙස ප්‍රකාශ නිකුත් කිරීමටය. ආසියානු ඇතෙකුගේ ආයු කාලය වයස අවුරුදු 50-60 ක් පමණ වන අතර ටිකිරා වයස අවුරුදු 70 වන තෙක්ම තම සේවාව පවත්වාගෙන ගියා ය. එනමුත් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ එතරම් වයස්ගත වන තෙක් ඇතෙකුගෙන් සේවය ලබා ගැනීම නුසුදුසු බවයි. කෙසේ වෙතත් සිදුවූ යහපත් දේ නම්, හීලෑ අලි ඇතුන් සඳහා විශ්‍රාම වයසක් හඳුන්වා දීමට මෙරට බලධාරීන් ගේ සහ දේශපාලඥයින් ගේ අවධානය යොමු වීමයි.

70 years is almost the max lifespan. But what they did finally, when she really needed a rest cannot be excused.