ටියුෂන් තිස්ස බයියන්ට අරී

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,935
    40,755
    113
    පව් යකෝ මූව ලැයිස්තුවෙන් වත් දාපල්ලකො 😂😂 මූ නහයෙන් අඬ අඬ රට ජාතිය ආගම පාවා දෙන්න යනහැටි මෙච්චර මේ ඇඟේ පුල්ලි හිටං තියෙන කොටි අපිටත් බලන් ඉන්න බෑ.

    පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල නියැළී මහත් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ටියුෂන් ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා සිය වත්මන් දේශපාලන ස්ථාවරය පැහැදිලි කරමින් ෆේස්බුක් සටහනක් තබා තිබේ.

    එය පහතින් දැක්වේ

    -----------------------

    මගේ දේශපාලනය


    මම මගේ රට ගැන, මාගේ ජාතිය ගැන, මගේ ආගම ගැන කතා කිරීම සිදු කරන සෑම විටකදීම සමහරු මාව දේශපාලන පක්ෂයකට තල්ලු කිරීමට උත්සාහ දරයි.එය එක් අතකට සාධාරණය. එයට හේතුව ඒවා පිළිබඳ කතාකල බොහෝ දෙනා පසුකාලීනව තමා ගොඩනගාගත් සිවිල් බලය යොදාගෙන දේශපාලනයට අවතීර්ණ වී තමාගේ ප්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධ දේශපාලන කඳවුරු වල ප්‍රධාන සාමාජිකයන් බවට පත්වීමයි. එම නිසා 'මූ ඔය දේශපාලනයට එන්න හදන්නේ " යන හැඟීම මිනිසුන් තුළ ඇති වීම ඉතා සාධාරණ එකකි. බොහෝ අය එලෙස දේශපාලනයට පැමිණීමෙන් පසුව බොහෝ දෙනා අතර "පච" වීමද එයට තවත් හේතුවකි.

    නමුත් හිතවතුනි, නිහඬව බලා සිටින්න. සැකයෙන් මා දෙස බලන ඔබට කාලය විසින් යමක් අවබෝධ කර දෙනු ඇත. ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණෙන බොහෝ අය බලාපොරොත්තු වන දේවල් කිහිපයකි,

    -ප්‍රසිද්ධිය
    -අභිමානය
    -ඉහළ ආර්ථිකයක් ගොඩනඟා ගැනීම
    -තමාගේ නීති විරෝධී ව්‍යාපාරය කරදරයකින් තොරව කරගැනීම

    නමුත් ඉහත කිසිවක් මාගේ අවශ්‍යතාවයන් නොවේ. එය හොඳින්ම දන්නේ අවුරුදු විස්සකට අදික කාලයක් මගෙන් ඉගෙනගෙන සමාජගතවූ දරුවන් පමණි. Facebook මගින් හෝ youtube එකෙන් ඔබට මා නිවැරදිවම හඳුනා ගත නොහැක. එනිසා ඔබ මා ගැන "සැකයෙන්" බැලීම ගැන මා තුළ කණගාටුවක් නොමැත.

    ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් කළේ මහජනතාව වරින් වර නැවත නැවතත් රැවටීමයි.මම ද එලෙස රැවටුණු වාර අනන්තය. දේශපාලකයින්ට මේ රට සංවර්ධනය කිරීමට අවශ්‍ය නැත.ටකරමක්, වැසිකිලි පෝච්චියක් , සහල් මල්ලක් බෙදා ඡන්ද කිරීමට නම් "දුප්පත්කම" අනිවාර්යෙන්ම පැවතිය යුතුය. එනිසා ඔවුන් රට සංවර්ධනය වනවාට කැමැත්තක් නැත.

    මම මගේ පළමු ඡන්දය භාවිතා කලේ විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ 1994 වසරේ "මල් බඳුන" ලකුණෙන් තරග කළ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණටය. එතැන් සිට විවිධ බලාපොරොත්තු සහිතව විවිධ අවස්ථාවල පක්ෂයෙන් පක්ෂයට ඡන්දය මාරු කළෙමි. ඔබට වගේම මට ද ඇත්තේ මේ වංචනික දේශපාලනය ගැන කලකිරීමකි.

    සමාජවාදී ක්‍රමවේදය මගින් රට ගොඩනැඟිය හැකි බව සලකා එය නියෝජනය කරන පක්ෂ වලට මාගේ නිවස පවා නොමිලේ කාර්යාලයක් ලෙස ලබා දුන්නෙමි. එහෙත් අද ඔවුන් පත් වී ඇති තත්වය පිළිබඳව සැලකූ විට ඒ ගැන ද ඇත්තේ කණගාටුවකි.

    සිංහල ජාතිය, බෞද්ධකම මුල් කරගෙන බිහි වූ සුදු ඇඳුම් අඳින අය අපගේ පන්තියේ ගැලවුම් කරුවන් ලෙස සිතා කටයුතු කළ ද අද ඔවුන් නියෝජනය කරන තැන දුටු විට ඔබ සියලු දෙනා මා ගැන සිතන ආකාරය සාධාරණ බව මා දනිමි.

    image_5f8832bae0.jpg


    අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි වේයැයි සිතා ඔහුට සහයෝගය දැක්වූවෙමි. නමුත් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදෙන විට පරණ දූෂිත අමන හොරුන්ම බහුතරයක් ඒ සදහා පත් වී තිබුණු අතර "වියත්මග" තුළින් ඉදිරිපත් කළ ආචාර්ය සූරතිස්ස වැනි වියතුන් කැපී ඉවතට විසිවී තිබිනි.

    මේ කුණු වූ දේශපාලන ක්‍රමය තුළ අපේ රට ගොඩ ගැනීමට රටට පණමෙන් ආදරය කරන, අදාල විෂය තුළ ඉහළ දැනුමක් සහිත උගතුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කරගත හැක්කේ කෙසදැයි මා හැමවිටම කල්පනා කරමි. උදාහරණයක් ලෙස අප රටේ පරිසරයට සොබාදහමට පණ මෙන් ආදරය කරන වියතුන් සිටියද මාගේ ජීවිත කාලය තුළ පත්වූ කිසිදු "පරිසර ඇමති" වරයෙකු පරිසරයට අල්පමාත්‍ර ආදරයක් නොදක්වන ගොබ්බයන් විය. අනිත් ක්ෂේත්‍රද එසේමය. එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත. මම අපගේ රට දියුණු රටක් බවට පත් කරන්නේ කෙසේදැයි මා සහෘද ඔබගෙන් විමසමි.ඡන්දය නොදා සිටියද අවසානයේ අප අකැමැති අයට පාර්ලිමේන්තුවට පත්විය හැකි බව මා තරයේ විශ්වාස කරමි.

    - තිස්ස ජනනායක
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    එබැවින් මගේ ක්‍රියාකාරීත්වය තුළ දේශපාලනික වශයෙන් බොහෝ දේ දකිමින් මට නිර්දය ලෙස බැණ වදින කිසිවෙකු කෙරෙහි මට තරහක් නොමැත.ඔවුන් මෙන් ද මා ද බොහෝවිට රැවටී ඇත. නමුත් එකක් කිව යුතුය එනම් මේ වන විට මා කිසිදු දේශපාලන පක්ෂයක, ශාක සමිතියකවත් සාමාජිකත්වය දරන්නේ නැත.

    membership reject wela,kade giyata wadak wela naa

    ඒ කියන්නේ මිනිහා වහලෙක් නෙමේ නේ. ස්වාධීන ස්ථාවරයක ඉන්න කෙනෙක්නේ.
    api kohomada bn danne,kade giya politics walata enna wenna athi,wade awul giyama swadeena unada kiyalakawda danne
     
    • Like
    Reactions: uduwake1980

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,935
    40,755
    113
    Tissa sir bayyange dhrohiya wela toyyange/jeppange weeraya wenna yanne :P
    ඇයි කොටි අපෙත් වීරයා තමයි
    ඒ කියන්නේ මිනිහා වහලෙක් නෙමේ නේ. ස්වාධීන ස්ථාවරයක ඉන්න කෙනෙක්නේ.
    ඒක තමයි කිව්වෙ නාමයෝජනා නොදුන්න නම් ලැයිස්තුවෙන් වත් දාන්න කියලා.
    රුචිර කියන ඵකාට ඉතිං මිනිහෙක් බයියෙක්ට ගෑවුණත් අැති පරල වෙන්න..අනිත් පක්ෂ වල ඔක්කොම උන් 100% perfect..😆😆
    අන්න පරල වෙච්ච බයියො තිස්සයව පට්ට ගහනවා. අපි පැත්තකින් ඉඳන් මේවා බලල හිනා වෙලා ඉන්න අය විතරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,935
    40,755
    113
    ටික දවසක් බලන්න වෙනවා ඇත්තටම ස්වාධීන ද කියල
    නැත්තම් ස්වාධීන චන්ද ටික එකතු කරගන්න ගහන ගෙමක් ද කියල
    මොන ස්වාධීනද බන්. ඔය නොමිනේශන් නොලැබුන දුක තියෙන්නෙ. අඩුමගානේ ජාතික ලැයිස්තුවෙන් හරි අවස්ථාවක් දෙන්න තිබ්බා. ජාත්‍යන්තරේට බොරු කිය කිය හාමුදුරුවරුන්ට නඩු දාන අන්තවාදී අලි සබ්රිව ජාතික ලැයිස්තුවෙන් ගන්න පුළුවන්නම් තිස්ස සර්ව ගන්න බැරි ඇයි? තිස්සගෙ සර්ගෙ අඩුපාඩුව මොකක්ද? නූගතෙක්ද? නෑනේ. මම නම් කියන්නෙ ස්වාධීනව හරි ඉල්ලලා පාර්ලිමේන්තු එන්න ඕන පොරක් මේ.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මොන ස්වාධීනද බන්. ඔය නොමිනේශන් නොලැබුන දුක තියෙන්නෙ. අඩුමගානේ ජාතික ලැයිස්තුවෙන් හරි අවස්ථාවක් දෙන්න තිබ්බා. ජාත්‍යන්තරේට බොරු කිය කිය හාමුදුරුවරුන්ට නඩු දාන අන්තවාදී අලි සබ්රිව ජාතික ලැයිස්තුවෙන් ගන්න පුළුවන්නම් තිස්ස සර්ව ගන්න බැරි ඇයි? තිස්සගෙ සර්ගෙ අඩුපාඩුව මොකක්ද? නූගතෙක්ද? නෑනේ. මම නම් කියන්නෙ ස්වාධීනව හරි ඉල්ලලා පාර්ලිමේන්තු එන්න ඕන පොරක් මේ.
    elaga presidential election ekata illannada danne na yanne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,935
    40,755
    113
    elaga presidential election ekata illannada danne na yanne
    මොන ප්‍රෙසිඩන්ශල්ද බන් කොහේට හරි මුක්කුවක් ගැහුවොත් තමා. කෝ මූට තාම එහෙමවත් මුක්කුවක් ගහගන්න බැරි වෙලානෙ බන්. පාවිච්චි කරලා විසික් කරන ජීවිත.
    nice title bro.. :lol:
    😆😆
     
    • Haha
    Reactions: TechnWeb

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මුල ඉඳන්ම මම මූව ෆලෝ කරපු එකෙක්. සෑහෙන ආසාවෙන් මම මුගේ වීඩියෝස් බැලුවේ. .ඒත් පස්සේ එන්න එන්න මූ චොර උනා.. ආසන්නතම සිද්ධිය සන්නත් එක්ක පැටලැවුන එක.. එතනදි මූ ඩවුන්.. නොදන්න උට්ටවල් කියන්න ගිහින් නිකන් චාටර් වෙනවා..

    අපි නොදන්න බයෝ සම්බන්න්ධ දේවල් කියාගෙන හිටියා නම් අදටත් මූ නම තියන් ඉන්නවා.. මම උනත් ගොඩක් බයොලොජිකල් දේවල් ගොඩක් දැන ගත්තා මුගේ වීඩියෝස් වලින්.. අන්න ඒ තිස්සට තමා මම කැමතී..

    නොදන්න බුද්ධාගමයි ජාතික මාමකත්වයයි දොඩවන්න ගිහින් නිකාන් පීචන් උනා..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මේ පිළිබඳව erozan 2osama nicjosh83 Deleted යන විද්වත් ඔබ සිව් දෙනාගේ අදහස කුමක්ද ?

    ඔබගේ ස්වාධීන ටොයි ජෙපි මතය ඊට වඩා වැදගත්.ඵහෙයින් ඔබගේ ඔය ශ්‍රී මුඛයින් ඵය පවසනු මැනවි..