ටුටන්කාමන් සොහොන - 1 කොටස (Tutankhamun)

Status
Not open for further replies.
Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
ටුටන්කාමන් සොහොන - 1 කොටස (Tutankhamun)



පුරාණ ඊජිප්තු වේ පාරෝවරුන් (Pharaoh) ගැන සඳහන් කිරීමේදී වැඩි වශයෙන්ම කියවන නාමය වන්නේ ටුටන්කාමන් (Tutankhamun) යන නාමයයි. එයට හේතුවන්නේ මෙතෙක් ඊජිප්තු පාරෝවකුගේ හමුවූ මනාව සංරක්ෂණය වූ මමිය මෙන්ම සොහොන් ගැබද වන්නේ ටුටන්කාමන්ගේ වීමයි. ඊට අමතරව ටුටන්කාමන්ගේ සාපය (Curse of the pharaohs) ආදී ලෙස ඔහු වටා ගෙතුනු විවිධ ජනප්‍රවාද ද මිට හේතු විය.

1922 දී , පුරවිද්යඥයෙකු වූ Howard Carter ඇතුළු පිරිස මෙම සොහොන් ගැබ සොයාගැනීමත් සමග වසර 3000 කට අධික කාලයක් ලොවෙන් වසන්ව තිබු ටුටන්කාමන් පිලිබඳ ලොවට හෙළිවිය,

ටුටන්කාමන් (Tutankhamun) පුරාණ ඊජීප්තු වේ 18 වන රාජ වංශයට අයත් 11 වන පාලකයා නොහොත් පාරෝවරයායි. "King Tut" යන නාමයෙන්ද හැදින්වෙන ඔහුගේ පාලන කාලය ක්‍රි.පූ (1332–1323) දක්වා වසර 9 ක වැනි ඉතා සීමිත කාලයකට සිමා වුවද වර්තමානයේ දී ද ඊජිප්තු පාරෝවරුන්ගෙන් වැඩිම අවධානයට ලක් වීමට සමත් වී ඇත.


1922 දී Howard Carter මමිය පරික්ෂා කිරීම

තම පියා වූ Akhenaten ගෙන් පසු වයස අවුරුදු 9-10 ක් තරම් ලාබාල වයසේ දී පාලනයට පත් වූ මොහු අවුරුදු 19 ක් පමණ තරුණ වයසක දී ජිවිතක්ෂයට පත් විය

ටුටන්කාමන් රජකමට පත්විමෙන් පසු තමාගේ අර්ධ - සහෝදරියක වූ Ankhesenpaaten (පසුව නම Ankhesenamun ලෙස වෙනස් කර ගන්නා ලදි.) විවාහ කර ගන්නා ලදි. ඔවුනට දාව දරුවන් නොසිටි අතර දෙදෙනෙකුම කුස තුල දීම නැති වූ බව සඳහන් වේ.

ටුටන්කාමන් ඉතාම අඩු වයසකින් රජකමට පත් වීම නිසා බොහෝ රාජතාන්ත්‍රික තීරණ Vizier නම් තනතුර දැරූ Ay නැමැති ඉහල නිලධාරියාත්, ඔහුගේ සහයට හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ Horemheb නැමැත්තාත් විසින් ගනු ලැබුවායයි සඳහන් වේ.

සිය තෙවන පාලන කාලය තුලදී ටුටන්කාමන් , සිය පියා විසින් ගෙන තිබූ එහෙත් බලවත් ජන-අප්‍රසාදයට හා කෝපයට ලක්ව තිබූ තීරණ කිහිපයක්ම වෙනස් කරන ලදි. ඔහු Aten නැමැති දෙවියන් ඇදහීම අත්හිටවූ අතර ඒ වෙනුවට පෙර තිබූ පරිදි Amun නම් දෙවියන් ඇදහීම ස්ථාපිත කර ඊට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලදි.මෙතෙක් කාලයක් ප්‍රධාන අගනගරය වූ Akhetaten අතහැරදමා එය පෙර තිබූ ලෙස Thebes වෙත ගෙන යන ලදි. මේ සියලු කාරණා සන්කෙතවත් කිරීම පිණිස ඔහු සිය නම Tutankhamun ("Living image of Amun") ලෙස වෙනස් කර ගන්නා ලදි.



සොහොන් ගැබෙන් හමුවූ ටුටන්කාමන් ලි පිළිරුව ටුටන්කාමන්ගේ මමිය පිලිබඳ පර්යේෂණය කිරීමෙන් ඔහුගේ දේහ ලක්ෂණ පිලිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ. ඔහු උස සෙ.මී 180 (අඩි 5 අඟල් 11) පමණ උසකින් යුක්ත එතරම් ශක්තිමත් ශරීර සෞඛ්‍යකින් යුක්ත නොවූ කෙනෙකු ලෙස සැලකේ. ඔහුගේ පාදයක අස්ථිවල තිබූ අබාධයක් හේතුවෙන් හැරමිටියක ආධාරයෙන් ඇවිදීම කලබව සොයාගෙන ඇත. එමෙන්ම ඔහු කීපවරක්ම මැලේරියා වෙරසයටද ගොදුරු වී ඇති බව සොයා ගෙන ඇත.

කෙසේ නමුදු ඔහු වයස 19 ක් පමණ තරුණ කාලයකදී මිය යාමට හේතු හරි හැටි අනාවරණය කර ගැනීමට කිසිවෙකු තවමත් සමත් වී නැත. බොහෝ විට නිරන්තර රෝගාබාධ වලට ගොදුරු වී ශරීර සෞඛ්‍යය දුර්වල වීම, මියයාමට ආසන්නතම හේතුව ලෙස සැලකේ.තවද තරුණ රජු කිසියම් ආකාරයට ඝාතනය වූවාද යන සැකයක්ද පවතී.

තරුණ රජුගේ අකල් මරණයත් සමග අසරණ වූ Ankhesenamun රැජිණ අසල් වැසි Hittites රාජ්‍යයයේ රජු වෙත තමන් ඔහුගේ එක් පුත්‍රයෙකුට විවාහ කර දෙන මෙන් ඉල්ලා පණිවුඩයක් යැවූ බව සඳහන් වේ. කෙසේ වෙතත් එම කුමරු අතර මගදී ඝාතනයට අතර අවසානයේ රැජිණ Ay සමග විවාහ වූ බව සඳහන් වේ.




ටුටන්කාමන් රජුගේ මරණයත් සමග ඔහු, රජුන්ගේ නිම්නයේ (Valley of the Kings) තැනූ සොහොන් ගැබක් තුල තැන්පත් කරන ලදි. රජුගේ තත්වයත් සමග සැසඳීමෙදී එම තැන්පත් කල සොහොන් ගැබ කුඩා මෙන්ම නොගැලපෙන එකක් ලෙස පර්යේෂකයන්ගේ මතය වී ඇත. එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රජුගේ හදිසි මරණයත් සමග වෙන කෙනෙකු වෙනුවෙන් ඉදි කර තිබූ සොහොන් ගැබක රජු තැන්පත් කල බවයි. චාරිත්‍රානුකූල ව දින 70 ක මමීකරණ ක්‍රියාවෙන් පසුව රජුගේ දේහය අනෙකුත් ආම්පන්න සමග සොහොන් ගැබතුල තැන්පත් කර වසා දමන ලදි.

දෙවන ලිපිය : http://www.nawalowadenuma.com/2016/01/2-tutankhamun.html
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    වෙන එක එකාගේ සයිට් මේකේ ප්‍රමෝට් කරන්න එපා බං.
    මෙන්න මූ ලින්ක් එක දාපු දෙවන ලිපිය...:angry::angry:




    පෙර ලිපියේ සඳහන් කර තිබු පරිදි ටුටන්කමන්ගේ සොහොන් ගැබ සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ 1922 දී Howard Carter ඇතුළු පිරිසටයි.

    ටුටන්කාමන් සොහොන් ගැබ ප්‍රධාන වශයෙන් කොටස් 5 කින් සමන්විතවේ. එනම් Antechamber, Annex, Burial Chamber සහ Treasury Room ලෙස කාමර 4කින් ද ඇතුළු වීමේ කුටීරය ද ( Passage ) ලෙසය. මෙතෙක් හමුවූ පාරෝ සොහොන් ගැබ් අතරින්, එහි වස්තුව සොරුන් විසින් කොල්ල නොකන ලද සොහොන් පවතින්නේ දෙකක් පමණි. එකක් මෙම ටුටන්කාමන් සොහොන් ගැබ වන අතර අනෙක Psusennes I නම් පාරෝවරයාගේ සොහොන් ගැබයි.




    විශාල කර බලන්න Antechamber
    පළමුව හමුවන කුටීරය මෙය වන අතර අනෙකුත් සියලු කුටීර මෙයට සම්බන්ධව පවතී. රජු එදිනෙදා භාවිතයට ගත් උපකරණ 700 කට අධික ප්‍රමාණයක් මෙහි තැන්පත් කර ඇත. ඒවා අතර කවිච්චි, පෙට්ටගම්,කූඩ, විශාල ප්‍රතිමා, ඇදන් සහ කුඩා මේස ආදිය අයත් වේ. මේවා අතරින් වෙන වෙනම හිපපොටේමස් , සිංහ සහ ගව හිස් නිරුපනය වන ලෙස ලීයෙන් තනවා රත්‍රන් ආලේපිත කර තනවා තිබෙන කවිච්චි 3 න විශේෂ වේ. එක පසක රජු ගමන් බිමන් වලට යොදාගත් රථ ද අනෙක් පස මුහුණට මුහුණලා තබා ඇති රජුගේ ප්‍රතිමා දෙකක්ද ඇත.



    Annex Room
    කුඩාම කුටීරය වන අතර විශාල ප්‍රමාණයක් භාණ්ඩ අපිළිවෙලට එකපිට ගොඩ ගසා තිබුණි.හමු වූ භාණ්ඩ අතර විවිධ තෙල් වර්ග, කෑම , වයින්,මැටි භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ සහ කුඩ වේ.

    Burial Chamber
    රජුගේ මමිය තැන්පත් කර තිබු කුටීරය මෙයයි. අනෙක් සියලු කුටීර වලට වඩා අලංකාර ලෙස සකස් කර ඇත. බිත්ති සතරම සම්ප්‍රධායික ලෙස චිත්‍රවලින් අලංකාර කර ඇත. එක තුල අනෙක ලෙස රත්‍රන් මිනිපෙට්ට් වැනි තුනක් ඇතුලත් පාෂාණ මිනීපෙට්ටියක් තුල රජුගේ මමිය තැන්පත් කර තිබුණි.



    Treasury Roomමෙතුල විවිධ පුජාසන,පෙට්ටගම්,බෝට්ටු මෙන්ම රජුගේ මියගිය දරුවන් දෙදෙනාගේ ලෙස සැලකෙන මමී දෙකක් ද තැන්පත් කර ඇත. හිවල් මුහුණක් ඇති පුරාණ ඊජිප්තු දෙව්දුවක් වූ Anubis ගේ පිළිරුවක් ඇති පුජාසනයක් දොරටුවට මුහුණ ලා ඇත. රජුගේ කුඩා ප්‍රමාණයේ පිලිප 34 ක් ද, බෝට්ටු 14 ක් ඇතුළු තවත් උපකරණ රාශියක් මෙතුල තිබී සොයාගෙන ඇත.



    ටුටන්කමන් සොහොන් ගැබ තුල තිබි හමුවූ පෞරාණික භාණ්ඩ ගණන 5000 කට අධික යයි ගණන් බලා ඇත. මෙම බොහෝ භාණ්ඩ ඊජිප්තුවෙ කයිරෝ නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මේවා අතරින් ටුටන්කාමන්ගේ රත්‍රන් වෙස් මුහුණ මෙතෙක් ලොව වැඩිම පිරිසක් බලන ලද කෞතුක වස්තුවක් ලෙස සැලකේ .
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තුතාන්කාමන් දුර්වල උනේ රොගියෙක් උනේ ජාන විකුර්තියක් නිසා, මොකද තුතාන්කාමන්ගෙ දෙමවුපියො සහොදර සහොදරියොලු. ඒ කාලෙ ෆාරවො කියන්නෙ දෙවියො වගෙ නිසා දෙවියොයි සාමාන්ය මනුස්සයොයි අතර කසාද තිබිල නැ. ඒ හේතුව නිසා තුතාන්කාමන්ගෙ ජාන විකුර්තියක් දෙමවුපියො එකම ලේ නිසා.
     
    Last edited:
    Nov 30, 2015
    85
    77
    0
    www.nawalowadenuma.com
    mama nam ahala tiyenne meyata wasa dila maruwa kiyala:(

    ටුටන්කාමන්ගේ මරණය ගැන ගොඩක් මත තියෙනවා. තව මතයකින් කියවෙන්නේ ඔහු තම රථය (Chariot ) පදව ගෙන යද්දී අනතුරකට පත්වෙලා මිය ගියා කියල.
     
    Nov 30, 2015
    85
    77
    0
    www.nawalowadenuma.com
    තුතාන්කාමන් දුර්වල උනේ රොගියෙක් උනේ ජාන විකුර්තියක් නිසා, මොකද තුතාන්කාමන්ගෙ දෙමවුපියො සහොදර සහොදරියොලු. ඒ කාලෙ ෆාරවො කියන්නෙ දෙවියො වගෙ නිසා දෙවියොයි සාමාන්ය මනුස්සයොයි අතර කසාද තිබිල නැ. ඒ හේතුව නිසා තුතාන්කාමන්ගෙ ජාන විකුර්තියක් දෙමවුපියො එකම ලේ නිසා.


    ඒක ඇත්ත
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අර මොකද්ද බං අර කවුද පොරකගෙ සොහොනකට තාමත් හෙන ගහනව කියල කතාවක් තියෙන්නේ?
    මං හිතන් උන්නේ ඒ මේ ඩෑල් එක ගැන කියන්නේ කියල :(
     
    Status
    Not open for further replies.