ටුවරිසම් වලින් රටක් ගොඩ යන්න පුලුවන්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,453
    32,180
    113
    Lankave avinishchithama field eka thama agriculture. Eka kannayaka deshagunaya venas vunoth keliya. Kisima deyak 100% sure karanna ba.
    Technology use karanna ona hondama udaharana Israel walin ganna puluwan.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    tourism කියන්නේ පහසුවෙන් හොද අදායම් ලැබෙන මගක්. ගොඩක් පිරිසකට රැකියා අවස්ථා ලැබෙන දෙයක්. එක උපරිමයෙන් ලගාකරගන්න උත්සහ කිරීමේ වරදක් නැහැ.

    රටක් ඒක මතම රදා පැවතිය යුතු නැහැ. උදාහරණයක් විදියට මැද පෙරදිග රටවල් තෙල් වලින් සල්ලි හොයනවා. එත් ඒගොල්ලෝ දන්නවා ඉදිරියේදී electric cars වගේ ඒවා ඇවිල්ල තෙල් වලට තියෙන ඉල්ලුම අඩු වෙන විත්තිය. තෙල් සල්ලි වලින් දැන් ඒගොල්ලෝ වෙන ඒවාට ආයෝජනය කරනවා (long term goals ). ඒවායින් ප්‍රතිපල එන්න ටික කාලයක් යාවි. මුලින් තෙල් හෝ වේවා tourism හෝ වේවා මොහකින් හරි ඉසෙල්ලා ඔලුව උස්සන ඕනේ.
     
    Last edited:

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    දීර්ඝ කාලීනව ගොඩ යන විදිහ ගැන බලන්න හොඳම දත්ත මේ තියෙන්නෙ. මේ ගණන් තියෙන්නෙ පවුම් බිලියන් ගණන් වලින් හොඳේ


    SWAX6Qo.png
    :love::love::love::love::love::love::love::love::love:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    කිසිම income එකක් ස්ථිරයි කියන්න බෑ නමුත් අපේ වගේ වෙන වැඩ බැරි රටවල් වලට ඕක හොඳයි. Thailand වගේ රටවල් බලන්නකෝ කොච්චර සල්ලි හොයනවද ඕකෙන්. හැබැයි අපිට ඒ ලෙවල් එකට යන්න තව ගොඩක් ඉගෙනගන්න වෙනවා, ඇක්ටිවිට් ගොඩක් හදන්න ඕනේ, තමන්ගේ රටේ ඉන්නවා වගේ ආරක්‍ෂිත හැංගීමක් ඇතිවෙන්න ඕනේ එන සංචාරකයන්ට.

    ගොන්නු මදි....😂
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මිට වඩා පර්ශ්න අප්‍රිකානු රටවල් වලට තියනවා. නමුත් සෆාරි වලට අප්‍රිකානු රටවල් වලට යන මිනිස්සු ප්‍රමාණය බැලුවම ලංකාවේ ගොඩක් ම තියන්නේ දේශපාලන ගන්න ගොන් තීරණ වල
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඕකත් අර දොදොල් විකුනන එවුන් වගේ. කොහෙ හරි ලෑලි තට්ටුවක් ගහල දොදොල් ගොඩක් ගොඩ ගහන් මිනිස්සු ඇවිත් ගන්නකම් උඩ බලාගෙන ඉන්නව. මේ ලොකෙ ඉන්න උන්ට ලංකාවට ඇවිත් ට්‍රැෆික් වල හිර වෙලා දාඩිය දාගෙන වාත වෙනවට වඩා සල්ලි වියදම් කරන්න දේවල් තියනව.

    අනික තමා මිනිස්සු යන්නෙ විනෝද වෙන්න, එතකොට ලංකාවට අවම හවස 6ට පස්සෙ මොකුත් නෑ කරන්න දෙයක්. හරි හමන් පබ් එකක් බාර් එකක් නෑ.

    ඒ වගේම තමා රටේ තියන ගෝත්‍රික ගතිය. වෙන රටවල මිනිස්සු හිතන්නෙ ලංකාව කොමියුනිස්ට් රටක් කියල. රටේ නමත් ගුගල් එකේම ගහල තියෙන්නෙ එහෙම නෙ. අනික් දේ තමා කිසිම වැදගත් විදේශ රටක් සමග සුහදතාවක් නැති එක. කිසිම ආර්ථික සමාජ ගිවිසුමක් නෑ. ලංකාවෙ පාස්පෝට් එකෙන් යන්න බෑනෙ කොහෙවත් වැදගත් තැනකට. අනික තමා රටේ human rights index එක අඩු වීම. මිනි මරු කුඩ්ඩො සුනාමි හොරු පරන මිග් වැඩි ගානට ගත්ත උන් වැජබෙනව නිතියෙ කිසිම සාධාරණත්වයක් නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    Godak ratawal wala tourism kiyanne loku industry ekak. Lankawatath hoda income ekak hadaganna puluwan ekak. Namuth thamath ganna puluwan ganen kalak wath ganna wedapiliwelak na kiyana ekai mage adahasa.

    Sampoornayenma eka income ekak matha rada pawathinna ba. Monawa wewida kiyala danne nane. Wena dewal unath echchara tamai.

    Kohoma unath hama ratakma kamen, beemen swayanposhitha wenna ona. Lankawa aniwaryenma wennath ona karannath puluwan hari system ekak tiyenawa nam. Mulika awashyatha rata athule aniwaryenma hadaganna ona. Wena monawa nathi wela me wage kalayak awath ethakota prashnayak na. Oka mage corona gana heenen wath hithapu nathi kale idan adahasa.



    ඕකත් අර දොදොල් විකුනන එවුන් වගේ. කොහෙ හරි ලෑලි තට්ටුවක් ගහල දොදොල් ගොඩක් ගොඩ ගහන් මිනිස්සු ඇවිත් ගන්නකම් උඩ බලාගෙන ඉන්නව. මේ ලොකෙ ඉන්න උන්ට ලංකාවට ඇවිත් ට්‍රැෆික් වල හිර වෙලා දාඩිය දාගෙන වාත වෙනවට වඩා සල්ලි වියදම් කරන්න දේවල් තියනව.

    අනික තමා මිනිස්සු යන්නෙ විනෝද වෙන්න, එතකොට ලංකාවට අවම හවස 6ට පස්සෙ මොකුත් නෑ කරන්න දෙයක්. හරි හමන් පබ් එකක් බාර් එකක් නෑ.

    ඒ වගේම තමා රටේ තියන ගෝත්‍රික ගතිය. වෙන රටවල මිනිස්සු හිතන්නෙ ලංකාව කොමියුනිස්ට් රටක් කියල. රටේ නමත් ගුගල් එකේම ගහල තියෙන්නෙ එහෙම නෙ. අනික් දේ තමා කිසිම වැදගත් විදේශ රටක් සමග සුහදතාවක් නැති එක. කිසිම ආර්ථික සමාජ ගිවිසුමක් නෑ. ලංකාවෙ පාස්පෝට් එකෙන් යන්න බෑනෙ කොහෙවත් වැදගත් තැනකට. අනික තමා රටේ human rights index එක අඩු වීම. මිනි මරු කුඩ්ඩො සුනාමි හොරු පරන මිග් වැඩි ගානට ගත්ත උන් වැජබෙනව නිතියෙ කිසිම සාධාරණත්වයක් නෑ

    :yes:
    ------ Post added on Jun 30, 2021 at 7:14 AM
     
    • Like
    Reactions: NRTG

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ලංකාවට එන බහුතරයක් සංචාරකයෝ ආපහු එන්නේ නෑ.ප්‍රධානම හේතුව තමයි දැන් එන්නේ බැක්පැකර්සලා.ඒ අය ගාව ඉස්සර ආපු සුද්දෝ ගාව වගේ විසිකරන්න සල්ලි නෑ.
    අපේ එවුන් මහා ජරා විදියට එන මිනිස්සුන්ව සූරාගෙන කනවා.මහ ජරා සිද්දි ගොඩක් ෆෝරම් වල යූටියුබ් වල තියෙනවා.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ලංකාවට එන බහුතරයක් සංචාරකයෝ ආපහු එන්නේ නෑ.ප්‍රධානම හේතුව තමයි දැන් එන්නේ බැක්පැකර්සලා.ඒ අය ගාව ඉස්සර ආපු සුද්දෝ ගාව වගේ විසිකරන්න සල්ලි නෑ.
    අපේ එවුන් මහා ජරා විදියට එන මිනිස්සුන්ව සූරාගෙන කනවා.මහ ජරා සිද්දි ගොඩක් ෆෝරම් වල යූටියුබ් වල තියෙනවා.
    ඒක ඇත්ත ඕව අනන්තවත් සිද්ද වෙනවා.

    මන් දන්න ෆැමිලි එකක් තියෙනවා උණවටුනේ එයාලට පරණ පොඩි ගෙයක් තිබුනේ වැල්ල කිට්ටුව සංචාරකයන්ට නවාතැන් දුන්නා කාමර 3 ක්‌ විතර නමුත් දැන් කාමර 20 පමණ තියෙනවා ඔක්කොම වගේ හදන්න මුල්‍යමය වශයෙන්උ දව් කලේ විදේශිකයෝ. ඒවා ඉතිං අමතර බෙනිෆිට්.
    ------ Post added on Jun 30, 2021 at 2:28 PM
     
    • Like
    Reactions: aneasarayana

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ප්‍රයෝගික නෑ. අපේ රට ඕකට හොඳයි ඒත් දැන් එන සුද්දෝ හොඳට මාකට් එක ස්ටඩි කරලා එන්නේ. එන්නේ උපරිමේට බජට්. මතකයි වීඩියෝ එකක් බැලුවා එක සුද්දෙක් දවසටම කෑවේ පැපොල්.
     
    • Like
    Reactions: aneasarayana

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    සංචාරක කර්මන්තෙන් රටක් ස්ථාවර විදියට ගොඩ යන්න පුලුවන්ද? මම කියන්නේ මාලදිවයින වගේ චූටි දුපත් ගැන නෙමෙයි. ලංකාව වගේ තරමක් ලොකු ජනගහනයක් ඉන්න රටක්. ටික කාලෙකට පුළුවන් උනත් ස්ථාවර විදියට දීර්ග කාලීනව ගොඩ එන්න හොඳ දෙයක්ද?

    හිතල බලපන්කො.
    * කොරෝනා හින්ද නැත්තටම නැති උනා
    * 2019 දී නැත්තටම නැති උනා
    * කාලගුණ ප්‍රශ්නයක් අවොත් කඩන වැටෙනවා.
    * සුනාමියක් වගේ අවොත් කාලයක් බින්දුවටම වැටෙනවා.
    * රටේ දේශපාලන අවුලක් ගියොත් සංචාරකයෝ එන්නේ සැහෙන අඩුවෙන් .
    * රට ගැන නරක නිව්ස් ඉන්ටනැෂනල් මිඩියා එකේ ගියොත් ඒත් අවුල්
    * වෙන රටවලට ටක් ගාලා සංචාරක තහනම් දාන්න පුළුවන් ලංකාව එක්ක පොඩ්ඩක් අවුල් උනත්.

    සයිඩ් ඉන්කම් එකක් විදියට හොඳයි රටට. හැබැයි main ඉන්කම් එක උනොත්, ඒක මතම රැඳුනොත්, අවුල්.
    ලංකාවේ සෙක්ස් ‍ටුවරිසම් ප්‍රවර්ධනය කරා නම් නීත්‍යානුකූලව ආදායම එනවා හෝ ගාලා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ සෙක්ස් ‍ටුවරිසම් ප්‍රවර්ධනය කරා නම් නීත්‍යානුකූලව ආදායම එනවා හෝ ගාලා
    අපේ ඉන්න කළු කැත මහත උන්ට කව්ද බන් ගහන්න එන්නේ?
     

    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    බැහැ !! රටකට සංචාරක විනිමය තියෙන්නන ඕන පොකට් මනි වගේ...හරියට ඉඳල හිටලා කඩල ගොට්ටක් කන්න සල්ලි තියනව වගේ.. බත් කන්න ගියොත් අවුල්.මොකෝ හැමදාම පොකට් මනි නැනේ. ඕනෙම දෙයක ROI (Return on investment) එකෙක් තියනවා. එක නිසා ඔය බැක් පැකර්ල ගෙනල ගානක් හොයන එක බොරු වැඩක්.. ඕකුන් ගිහින් youtube, බ්ලොග් ලිව්වට ඒවා බලල එන්නෙත් උන් වගේම හිඟන්නෝ ..එක නිසා සල්ලි වියදම් කරන සුද්දෙක් ගෙන එක ලබයි..ඕකයි සරල විදිය..අපේ රට පොඩි යි මිනිස්සු වැඩිය් (බහුතයක් උන් ගොන් දෙපැය බලල 5000ක් දෙනකන් ඉන්නව).. එක නිසා ඔය අපිට තියෙන්නේ එකම විදියට High Quality Value Added Export & Services තාම ..

    1.Softwares
    2.Values added Tea/Coffee
    3.Designer market garments
    4.Skilled services (Ship/Air craft maintenance)

    ඔය වගේ ගමකට දේවල් තියනව..ඒකමට මිනිස්සු ලෑස්ති කරන්න ඕන.. ආකල්ප, දැනුම ඒවා දවසින් කරන්න බැහැ ..පාරවල් බෝක්කු හැදුවට මිනිස්සු දියුණු වෙන්නී නේ.

    මාලදිවයින.. පොඩි රටක් ..රටේ පුරවැසි ජනගහනයට සාපෙකව සංචාරක ආදායම වැඩි අනිත් එක..උන්ට මෙච්චර කල් හම්බු කරපුව ඇති අවුරුදු ගානක් රට දුවන්න..අපේ රටේ රාජ්‍ය සේවය විතරක් ලක්ෂ 15ක් ..අපේ රටේ සයිස් එක පොඩි උනාට ජනගහනය වැඩි..වැඩි උනාට skilled පොපුලෂන් එක පට්ට අඩුයි..සරලව කිව්වොත්..බහුතරයක් උන් උපන්නට ජිවත් වෙන උන් ..උන් නිසා ලස්සන සුළුතරය පේන්නේ නැහැ.