ටූටන්කාමුන්ගේ ශාපය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටූටන්කාමුන්ගේ ශාපය

    මරණයෙන් අවුරුදු 3500 කට පසු නැවතත් ඔහු ගැන කතා වෙති. ඔහුගේ ශාපය සත්‍යයක් ම වූයේය.ඔහුගේ සොහොනේ පුරාණ ඊජිප්තූ අක්ෂර වලින් මෙසේ කොටා තිබුනි. “ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත.”

    ටූටන්කාමුන් ගේ මරණය පිලිබඳ විද්වතුන් අතර තවමත් ඇත්තේ මතභේදයකි.ඒ ඔහු මරණයට පත්වූ ආකාරය තවමත් අපැහැදිලිය.ඔහුගේ පියාවන අකෙහන්ටන් ගේ මරණය නිසා වයස අවුරුදු 9 දි රජකමට පත්වූ ඔහු ක්‍රි.පූ 1336 සිට ක්‍රී පූ 1327 දක්වා ඔහු ඊජිප්තුව පාලනය කළේය..ටූටන්කාමන් මරණයට පත්වන විට ඔහුගේ වයස 18ක් පමණ විය. දැනට බොහෝදෙනෙකු පිලිගත් මතයට අනුව ටුටන් කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකිනි.

    1918-1923 වකවානුවේ හැරල්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයයා විසින් ඊජිප්තුවේ කැණිම් සඳහා ප්‍රධානත්වය ගෙන කටයුතුකලේය. ඒ කානවන් සාමිවරයාගේ ආරාධනාවෙන් සහ වියදමෙනි. අවුරුදු පහක පමණ අසාර්ථකත්වයෙන් පසු කානවන් සාමිවරයා නැවතත් ලන්ඩන් නුවරට පැමිණියේය. මේ අතරතුරේ කාටර් සහ ඔහුගේ කණ්ඩායමට කැණිම් තවදුරටත් කරගත නොහැකි වනසේ ශෛලමය තැටියක් පතුලේ හමුවිය. තවදුරටත් පරික්ශා කිරිමෙන් එය ටූටන්කාමුන් ගේ සොහොනට යන මාර්ගය වසා ඇති දොරටුවක් බව හඳුනාගැනිනි. එහි මෙසේ කොටා තිබිනි.

    “ටූටන්කාමුන් ගේ දීර්ඝ නින්දට බධා කරන්නන්ට මරණය සොයා එනු ඇත. “

    කාටර් විසින් සොහොන වසා තිබූ ශෛලමය තැටිය බිදින්නට පටන් ගත් ප්‍රථම දිනයේම කාටර් විසින් ඇති දැඩි කරනු ලැබු කැනරි කුරුල්ලා නාගයකුගේ ගොදුරක් විය.ඊජිප්තු ප්‍රවාදයකට අනුව ටූටන්කාමුන්ගේ ආරක්ෂකයෝ වූයේ නාගයකු සහ ගිජුලිහිණියකුය. කාටර් නැවති සිටි නිවසේ සේවකයා විසින් මෙය අනතුහැඟවිමක් වියහැකි කියා කාටර්ට දැන්වුයේය.නමුත් කාටර් මෙය නොසලකා හැරියේය.

    සොහොන ඇතුලත ඉතා අගනා පුරාවස්තු විශාල ප්‍රමානයක් තිබුණි.මේ අතර ගලින් කරණ ලද විශාල මිනී පෙට්ටියක් තිබිනි .එයතුල රනින් කරන ලද තවට් කුඩා මිනිපෙට්ටි තුනක්ද විය. එකක් මත තවකක් තාබා තිබු මිනිපෙට්ටි තුනේ අවසාන මිනිපෙට්ටියේ ද ඉහත අනතුරු හැඟවීම දක්වා තිබුනි. අවසාන මිනිපෙට්ටියේ ඇතුලත ටූටන්කාමුන්ගේ ශරීරය විය.

    මෙයින් පසූ ශාපය ක්‍රියාත්මක විමට පටන් ගැණිනි.මුල්ම මිනිස් බිල්ල වූයේ මුල්‍යාධාර සැපැයු කානවන් සාමිවරයාය.මරණයට හේතුවවුයේ මදුරුවෙකු දෂ්ට කර නියුමෝනියාව වැළඳි එය උත්සන්න වීමනි.ඔහු මිය යන අවස්ථාවේ මුලු කයිරො නුවරම අන්ධකාරයේ ගිලුනි.මේ අවස්ථාවේම ලන්ඩනයේ සිටි කානවන් සාමිවරයාගේ සුරතල් බල්ලා උඩූබුරා මියගියේය.

    මෙය ආරම්භය පමණි. කානවන් සාමිවරයාගේ අභාවයෙන් පසු තවත් මරණ රැසක් ම සිදුවිය. මෙයින් බොහොමයක් දෙනා කැනිම් කටයුතුවල නිරතවුවන්ය.ඔවුන් මරු වැලඳ ගත්තේ ඉතා අස්වාභාවික හේතු මතය. කානවන්ගේ මරණයට දිනදෙකකට පසු ටූටන්කාමන්ගේ ශරීරය පරික්ශාකිරිමේදි මුහුණේ කැලැලක් සොයා ගන්නාලදි.එය හරියටම කානවන් සාමිවරයාගේ මරණය හේතුවු මදුරුවා දෂ්ට කල තැනය.

    ඉන්පසු කැණිම් කටයුතුවලට සහභාගි වු ආතර් මේස් නම් පුරාවිද්‍යඥයා අධිමූර්ඡාවට (coma) පත්වී මියගියේය.කාර්නවන්ගේ මරණයට පැමිණි කානවම් සාමිවරයාගේ මිතුරෙකු වූ ජොර්ජ් ගොඋල්ඩ් නැවත පිටත්වීමට පෙර ටූටන්කාමන්ගේ සොහොන දැක බලා ගත්තේය.ශාපයෙන් ඔහුටද ගැලවීමක් නොවිනි.පසුදින ඔහු අධික උණේන් ඇද වැටුනේය .පැය දොලහකට පසු ඔහු මිය පරලොව ගියේය.සොහොන ඉදිකල කාල වකවානු සහ ටුටන්කාමන්ගේ මරණයට හේතු එක්ස් කිරණ මගින් සොයා ගැනිමට පැමිණි අර්චිබෝල්ඩ් රීඩ් නම්වූ විකිරණවේදියා අධික වෙහෙස නිසා නැවතත් තම මව් රට වූ එන්ගලන්තයට පිටවගිය අතර පැය කිහිපයකින් මරුමුවට පත්වූයේය.

    කානවන්ගේ ලේකම් වූ රිචර්ඩ් බෙතෙල් සොහොන විවෘත කර මාස හතරකට පසු හෘදායාබධයක් වැළදි මිය ගියේය. ජොයෙල් වුල් නම්වු කර්මාන්තශාලා හිමිකරුවෙකුද සොහොන දැක බලා මාස කිහිපයකයට පසු වෛද්‍යවරුන්ට හඳුනාගත නොහැකි හේතුවක් සහිතවූ උණෙන් මරු තුරුලට ගියේය.කානවන් සාමිවරයාගේ සහොදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය.ඔහුත් ශාපයට ගොදුරුවිය. කානවන් සාමිවරයාගේ සහොදරයෙකු විසින් නැවතත් මෙම සොහොනේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනේය.ඔහුත් ශාපයට ගොදුරුවිය. පුදුමයක් ලේස හැරල්ඩ් කාටර් පමණක් 1939 දක්වා ජිවත්ව සිටියේය..

    ඊජිප්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂක මුහමද් ඉබ්‍රාහිම් සොහොනෙන් සොයාගත් පුරාවස්තු විදේශයන්හි ප්‍රදර්ශණය කිරිමට ඊජිප්තු රජය විසින් 1966 දී ගත් තීරණයට එකහෙලාම විරුද්ධ වුයේය.පුරාවස්තු රටින් පිටකළහොත් රටට භයානක ඉරණමකට මුහුණ දිමට සිදුවන බව කියා සිටියේය. ඔහු අවසාන සාකච්චාවේන් පිටතට පැමිණ කාරයක හැපි මරු දැක්කේය.1972 දී පුරා වස්තු ලන්ඩනයේ ප්‍රදර්ශනයට ගෙනගිය අවස්ථාවේ නැවතත් ශාපය ක්‍රියාත්මක විනි.අචාර්ය ගමාල් මහරෙස් එහි ශාපයක් නොවන බවත් එය සහ සිද්ධි සමුදායක් බවත් කියා සිටියේය. එන්ගලන්තයට ගෙනයාමට පුරාවස්තු ඇසුරුම් අධික්ෂනය කළ දිනයේ රාත්‍රියේම මිය පරලොව ගියේය.
    .

    ටූටන්කාමුන්ගේ පරිකල්පිත රූපය

    ටූටන්කාමුන් වේදනාකාරි ජිවිතයක් සහ මරණයක් උරුමවු කෙනෙක් ලෙස සැලකේ. CT පිටපත් මගින් ටූටන්කාමුන් ගේ හිස්කබලේ අස්ථියක් බිඳි ඇතුලට ගොස් ඇත.මෙය ඝාතනයක් යන මතයට රුකුලක්වේ.තවදුරටත් කොඳුනාරටියේ ඇති අබාධයක් නිසා හිස කෙලින් තබා ගැනිමට වෙනමම උපකරණයක් අවැසි වුයේය.හැරමිටියක් ද භාවිතා කළ බවටද සාක්ෂි තිබේ.

    ගත්තේ මෙතැනින්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටුටන්කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකින් නෙමේ මචන්, අලුත්ම සොයා ගැනිම තමයි ටුටන්කාමන් මැරිල තියෙන්නෙ මැලේරියාව හැදිල.ඒවගේම එයාගෛ අමිමයි තාත්තයි බොහෝවිට සහෝදර සහෝදරියො ඒකයි ටුටන්කාමන් ඔචිචර දුර්වල, ජාන විකෘර්තියක්.ෆාරාවෝ රජ පෙලපතේ සහෝදර සහෝදරියොම කසද බදින එක තිබිල තියෙනව.

    ටුටන්කාමන්ගෙ ශාපයත් බොරැ කතාවක්, ටුටන්කාමන්ගෙ පිරමිඩි එක විවෘත කරපු හැමෝ‍ටම ඔය සිද්ධිය උනේ නැ. ඒකේ ප්‍රධානිය හැරල්ඩ් කාටර් මැරනෙ වසයට ගිහින් ඒක හින්ද එකත් පිළීගන්ඩත් බැ :yes:
     
    Last edited:

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ටුටන්කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකින් නෙමේ මචන්, අලුත්ම සොයා ගැනිම තමයි ටුටන්කාමන් මැරිල තියෙන්නෙ මැලේරියාව හැදිල.ඒවගේම එයාගෛ අමිමයි තාත්තයි බොහෝවිට සහෝදර සහෝදරියො ඒකයි ටුටන්කාමන් ඔචිචර දුර්වල, ජාන විකෘර්තියක්.ෆාරාවෝ රජ පෙලපතේ සහෝදර සහෝදරියොම කසද බදින එක තිබිල තියෙනව.

    ටුටන්කාමන්ගෙ ශාපයත් බොරැ කතාවක්, ටුටන්කාමන්ගෙ පිරමිඩි එක විවෘත කරපු හැමෝ‍ටම ඔය සිද්ධිය උනේ නැ. ඒකේ ප්‍රධානිය හැරල්ඩ් කාටර් මැරනෙ වසයට ගිහින් ඒක හින්ද එකත් පිළීගන්ඩත් බැ :yes:

    100 % ඇත්ත.. :yes:

    මම මේ ගැන howard carter ගේ පොතකින් කියවල තියනවා.. ඔය කියන විදියේ සාපයක් තිබිල නැ.. මේක ගොතපු කතාවක් මිත්‍රයා.. ඒ වගේම මිසර ඉතිහාසයේ ඔය කියන තරම් බලගතු දේව ඇදහිලි තිබිල නැ.. හුදෙක්ම ඔවුන්ගේ තිබිල තියෙන්නේ අන්ධ ඇදහිලි විතරයි.. ඒ නිසා ඔය කියන සාපය අමූලික බොරුවක්...
    මේ ටූටන් කහමන්ගේ සොහොන හොයා ගැනීමන් මිසර ඉතිහාසයේ වැලලී ගිය ගොඩක් කරුනු සොයාගත්තා සහ තවත් සොයා ගනිමින් ඉන්නවා.. ඉතින් එවන්වු වටිනා වැදගත් සොයා ගැනීමකට මේ වන් මිත්‍යා කතා හැදීම අරුමයක් නෙමෙයි මිත්‍රයා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    100 % ඇත්ත.. :yes:

    මම මේ ගැන howard carter ගේ පොතකින් කියවල තියනවා.. ඔය කියන විදියේ සාපයක් තිබිල නැ.. මේක ගොතපු කතාවක් මිත්‍රයා.. ඒ වගේම මිසර ඉතිහාසයේ ඔය කියන තරම් බලගතු දේව ඇදහිලි තිබිල නැ.. හුදෙක්ම ඔවුන්ගේ තිබිල තියෙන්නේ අන්ධ ඇදහිලි විතරයි.. ඒ නිසා ඔය කියන සාපය අමූලික බොරුවක්...
    මේ ටූටන් කහමන්ගේ සොහොන හොයා ගැනීමන් මිසර ඉතිහාසයේ වැලලී ගිය ගොඩක් කරුනු සොයාගත්තා සහ තවත් සොයා ගනිමින් ඉන්නවා.. ඉතින් එවන්වු වටිනා වැදගත් සොයා ගැනීමකට මේ වන් මිත්‍යා කතා හැදීම අරුමයක් නෙමෙයි මිත්‍රයා...

    :yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ටුටන්කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකින් නෙමේ මචන්, අලුත්ම සොයා ගැනිම තමයි ටුටන්කාමන් මැරිල තියෙන්නෙ මැලේරියාව හැදිල.ඒවගේම එයාගෛ අමිමයි තාත්තයි බොහෝවිට සහෝදර සහෝදරියො ඒකයි ටුටන්කාමන් ඔචිචර දුර්වල, ජාන විකෘර්තියක්.ෆාරාවෝ රජ පෙලපතේ සහෝදර සහෝදරියොම කසද බදින එක තිබිල තියෙනව.

    ටුටන්කාමන්ගෙ ශාපයත් බොරැ කතාවක්, ටුටන්කාමන්ගෙ පිරමිඩි එක විවෘත කරපු හැමෝ‍ටම ඔය සිද්ධිය උනේ නැ. ඒකේ ප්‍රධානිය හැරල්ඩ් කාටර් මැරනෙ වසයට ගිහින් ඒක හින්ද එකත් පිළීගන්ඩත් බැ :yes:

    ඔව්. මේ සිද්ධි ටිකක් ගලපගෙන තියෙන්නෙ ශාපයක් කියලා. මිනිස්සු කොහොමත් මැරෙනව නේ බන්. ඒවා මේ සොහොනෙ සීන් එකට ගලපගෙන කතාවක් හදාගෙන තියෙන්නෙ. මිනිස්සු කොහොමත් කැමතියිනේ ගුප්ත දේවල් අදහන්න. :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටුටන්කාමන් මරණයට පත්වී ඇත්තේ ඝාතන කුමන්ත්‍රණයකින් නෙමේ මචන්, අලුත්ම සොයා ගැනිම තමයි ටුටන්කාමන් මැරිල තියෙන්නෙ මැලේරියාව හැදිල.ඒවගේම එයාගෛ අමිමයි තාත්තයි බොහෝවිට සහෝදර සහෝදරියො ඒකයි ටුටන්කාමන් ඔචිචර දුර්වල, ජාන විකෘර්තියක්.ෆාරාවෝ රජ පෙලපතේ සහෝදර සහෝදරියොම කසද බදින එක තිබිල තියෙනව.

    ටුටන්කාමන්ගෙ ශාපයත් බොරැ කතාවක්, ටුටන්කාමන්ගෙ පිරමිඩි එක විවෘත කරපු හැමෝ‍ටම ඔය සිද්ධිය උනේ නැ. ඒකේ ප්‍රධානිය හැරල්ඩ් කාටර් මැරනෙ වසයට ගිහින් ඒක හින්ද එකත් පිළීගන්ඩත් බැ :yes:

    ඔව් හැරල්ඩ් කාටර් මැරුනේ නැ. හැබයි සම්බන්ධ වුනු බොහෝ දෙනෙකු අස්වාභාවික ලෙස මැරුනා . හේතුවාදින් මේකට කිව්වේ coinscidence කියලා.

    එත් යමක් වරක් සිදුවුනානම් අහඹු සිදුවීමක් ,දෙවරක් නම් සහ සිද්දියක් වෙන්වා ,ඊට වාර ගණ්නක් සිදුවෙනව නම් ඒක කුමන්ත්‍රනයක් හෝ බාහිර බලපැමක් වෙන්න පුළුවන්
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    tutankhamun-mummy.jpg

    tutankhamun-mummy-horizontal-468.jpg

    karlins6-3-10-11.jpg

    tutscanlarge.jpg