ටෙරාකොටා හමුදාව

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ටෙරාකොටා හමුදාව

    1_zpsvtfltd1n.jpg
    1_zpsxkr0myrs.jpg


    පළමු වන චීන අධිරාජයා වූ ක්වීන් ෂී හුවන්ජිගේ (ක්‍රි.පූ 260–210) සොහොන අවට ප්‍රදේශය පුරා මෙම ටෙරාකොටා හමුදාව මීට වසර 2500 කට පමණ පෙර නිර්මාණය කර තිබුනි.:shocked: ක්‍රි.පූ 246 දී ඇරඹි මෙම කර්තව්‍යය නිම කිරීමට වසර 38ක් පමන ගත වූ බව සඳහන් වේ.:shocked: මේ සඳහා ලක්ෂ 7 ක පමණ පිරිසකගේ සහය ලැබුන බව සැලකේ.
    චීන මහාප්‍රාකරයේ පළමු අදියර ද ක්වීන් ෂී හුවන්ජී අධිරාජයාගේ සමයේ ඇරඹි බව සඳහන් වේ.:yes: ඔහු වයස 13 දී බලයට පත් වූ අතර වසර 50 දී අභාවයත් සමග ක්‍රි.පූ 209-210 අතර කාලයේ මෙම ටෙරකොටා පිළිම ඔහුගේ සොහොන් ගැබෙහි තැන්පත් කරන්නට ඇතැයි සැලකේ.:angry:


    2_zps3nnupzaj.png
    2_zpsoblhhjon.png
    පලමුවන චීන අධිරාජයා වු ක්වින් ෂී හුවන්ජි

    :rofl:
    මීට සොල්දාදුවන් 8000 කට වැඩි පිරිසකගේත්, :shocked: අශ්වයන් 500 කින් සමන්විත යුධ රථ 130 කුත්, :shocked: 150 ක් පමණ අශ්වාරෝහක හමුදාවකත් පිළිම අයත් වේ. :shocked: මෙලෙස පිළිම තැනීමේ අරමුණ ලෙස සැලකෙන්නේ මරණින් මතු ද අධිරාජයාට ආරක්ෂාව සැලසීමයි. :D:D

    3_zpsk75tdmxa.jpg
    3_zpsnytmdoox.jpg


    සොල්දාදුවන් නිර්මාණය කිරීමේ දී එහි ප්‍රමාණය සොල්දාදුවන්ගේ සිට ජෙනරාල් දක්වා තනතුරුවලට අනුව විශාල වන ලෙස නිර්මාණය කර ඇත.:yes: මෙම පිළිම වල උස අඩි 6- 6 1/2 පමණ වේ. විවිධ වර්ණ ගන්වා ඉතා අලංකාර ලෙස මෙවා නිර්මාණය කර තිබූ බවට සාදක හමු වී ඇත.:rolleyes:

    පිළිම නිර්මාණය කිරීමේදී එවායේ මුහුණු එකිනෙකට වෙනස් වන ලෙස විවිද හැඟීම් පිළිබිඹු වන ලෙස ඉතා තාත්වික ලෙස නිර්මාණය කර තිබේ.:yes::cool: මේවාට සැබැම යුධ උපකරණ පලඳා තිබූ බවටද සාධක හමු වී ඇත.

    4_zpsx2coqrpu.jpg
    4_zpsz9kbypw2.jpg


    වසර දහස් ගනනක් පසෙන් වැසී තිබූ මෙම පිළිම සහිත ප්‍රදේශය අහම්බෙන් මෙන් සොයා ගැනුනෙ 1974 දී චීන ගොවියෙකු ලිඳක් හැරීමේදී ;) නටඹුන් මතුවීමත් සමගය.:yes:
     
    Last edited:

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    එල මචන්. මම ඔතනට ගිහින් තියෙනවා.වෙලාව තිබුනෝත් රෑ වෙලා ෆොටෝ ටිකක් දානනම්