ටෙලිකොම් කුටිවල තැටි ගලවයි...

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්‍රාහක කුටිවල (එම්සාන් පෙට්ටි‍යේ) අඩංගු විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල ඇති රත්තරන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස වෙත උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

    මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති එම ග්‍රාහක කුටිවලින් විද්‍යුත් මෘදුකාංග තැටි සියයකට අධික ප්‍රමාණයක් සොරාගෙන තිබිණි.

    ඒ අයුරින් ගනේමුල්ල බොරැල්ල ,මාලබේ, නවගමුව අතුරුගිරිය කොට්ටාව හෝමාගම ආදී ප්‍රදේශ වල ස්ථාපිත කර තිබෙන දුරකථන ග්‍රහක කුටි 9 කින් එම මෘදුකාංග තැටි තොගය සොරා ගෙන වූ අතර නවගමුවේ පමණක් දුරකථන ග්‍රහක කුටි තුනකින් විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගෙන තිබිණි.

    ඉකුත් 25 වෙනි දින අවසන් වරට කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ දුරකථන ග්‍රහක කුටියකින් විද්‍යුත් මෘදුකාංග තැටි 15 ක් සොරා ගෙන තිබිණි.

    මෙම සොරකම් හේතුවෙන් දුරකථන පරිශීලකයන්, වයි ෆයි , පියෝ ටීවී ඇතුළු එම දුරකථන ග්‍රාහක කුටියේ අඩංගු කර තිබෙන විද්‍යුත් මෘදුකාංග තැටි හරහා සේවය ලබාගත් පාරිභෝගිකයන් ලක්ෂ ගණනාවක් දැඩි අපහසුතාවයට පත් විය.

    ඒ සම්බන්ධයෙන් මෙන්න රජයට සිදුවන විශාල පාඩුව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ට උපදෙස් ලබාදෙමින් කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දීම ලබාදීම සිදුකෙරිණි.

    අදාල විද්‍යුත් මෘදුකාංග තැටි නිෂ්පාදනය කිරීමේ දී එක් මෘදුකාංග තැටියකට රත්තරන් ගෑම් 10ක පමණ ප්‍රමාණයක් අඩංගු කරන බවත් එයට හේතුව සන්නිවේදන කටයුතු වේගවත් කිරීමට බව ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය.

    ලංකාදීප
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය.

    :rofl:
    අපෙන් නිකන් සල්ලි ගන්න එවා ඵල දෙන්නෙ නෑ
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    හරි ඔක්කොටම බඩු පැකට් දැන්.😂 මාත් පොඩි කාලේ පරන CPU ටිකකින් රත්තරන් පෝඩ්ඩක් ගත්ත.chemistry පොඩ්ඩක් තේරෙනව නන් ඕම ගේමක් නෑ.
     
    • Like
    Reactions: scorpion MW

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය.
    තෑන්ක්ස් ෆොද නිව්ස් එක ලියපු එකාට. දැන් රටම දැනගත්ත.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ඕවා replace කරන්න සල්ලි ගන්නෙත් ඔගොල්ලොන්ගෙන්ම තමා
    ඉන්ශුරන්ස් එකෙන් උන් ඊට් වඩා ලාබ ගන්නවා ඕවායෙන්, එකම පාඩුව කස්ටර්මලාට වෙන ඩවුන් ටයිම් එක
     
    • Love
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,212
    17,178
    113
    වෙන රටවලනම් ඕවා ගලවන්න තියා හිතන්නවත් බෑ..ලංකාවේ ඒවා ගලවන්න පුළුවන් වෙන්නමද කොහෙද හයි කරල තියෙන්නෙ..🤪
     
    • Like
    Reactions: Cypress

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    මට ඒත් හිතුනා මේවා යහතින් ඉතුරු වෙලා තියෙන එක පුදුමයි කියලා 😐
     
    • Like
    Reactions: Cypress

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    රට හදන්න කතාව වුනාට
    පුදුම කම්බ හොරුනේ යකෝ මේකේ ඉන්නේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය.

    ලංකාදීප
    Emerson box lankawe thinne amuthu ekakda ekek witharak dana ganna :lol: , anith eka 100 k issuwa kiyanne internal gemak wage penne aniwa

    ඕවා replace කරන්න සල්ලි ගන්නෙත් ඔගොල්ලොන්ගෙන්ම තමා
    50% withara shares private foreign company ekakata aythi eth wada karana unta rate tax salli walin pension gewanawada? :P
    ------ Post added on May 31, 2023 at 9:15 AM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    අපෝ පුදුම හොර යක්කු ඉන්නෙ. දැන් ඕක ඩබල් වෙලා ගලවන් යයිද දන්නෙ නෑ. 😖