ශ්රී ලංකා ටෙලිකොම්හි අධ්යක්ෂ මණ්ඩලය විසින් එහි සභාපති රොහාන් ප්රනාන්දු මහතා එම ධුරයෙන් ඉවත් කර ඇත.නව සභාපතිවරයා ලෙස රියාස් නිවුලර් මහතා පත්කර තිබේ.
----------------------------------------------------------------------
අධ්යක්ෂ මණ්ඩල කුමන්ත්රණයකින් මාව ඉවත් කළා – රොහාන් ප්රනාන්දු
ශ්රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්රනාන්දු මහතා පවසයි.
අද (20) රැස්වූ ශ්රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා විය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්රනාන්දු මහතා පැවසුවේ ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්යක්ෂ මණ්ඩල කුමන්ත්රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය.
මේ අතර ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතාව පත්කර තිබේ.
ඔහු එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.
ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ හිටපු සභාපති රොහාන් ප්රනාන්දු මහතා තවදුරටත් ස්වාධීන විධායක නොවන අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවද එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළට නිකුත් කර තිබූ නිවේදනයක දැක්වෙයි.
