ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn
ටොබ්ලරෝන් චොකලට් කන්ද - Matterhorn
ආයුබෝවන් අපේ සුවහසක් එළකිරි සාමාජිකයන්ට.......
මම ඔබෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවොත් උත්තර දෙන්න පුළුවන් ද ?
- ගොඩබිම පිහිටි ලෝකේ උසම කඳු මුදුන මොකක්ද ?
- ලංකාවේ උසම කඳු මුදුන මොකක්ද ?
- ලෝකයේ බහුතරයක් දෙනෙක් පින්තුරයකින් දැකපු කඳු මුදුන මොකක්ද ?
ප්‍රශ්න අංක 1 සහ 2 නම් උත්තර ගොඩක් දෙනෙක් දන්නවා...නමුත් අන්තිම එක.
සාමාන්‍යයෙන් ලංකාවේ අපි නම් කඳු මුදුනක පින්තුරයක්, චිත්‍රයක්, පොටෝ එකකින් වගේ වැඩිපුරම අපේ ඇස ගැටෙන්නේ පුජනිය සිරිපාද කන්දේ.
මොකද ලංකාවේ අපේ උරුමයක් සහ බෞද්ධ සිද්ධස්ථානයක් වෙන නිසා.
නමුත් ලෝකේ.....
අන්න ඒකට උත්තරයක් ගැන තමයි මම අද මේ නූලෙන් විස්තර ගේන්නේ.
ලෝකේ පුරාවටම අතිශයින් ජනප්‍රිය ආහාරයක් තමයි චොකලට් කියන්නේ. ඒ අතරින් ස්විස් චොකලට් ඉදිරියෙන්ම ඉන්නවා.
අදටත් ලංකාවේ අපේ මිනිස්සු පිටරටක ඉඳල එනකොට ලොකු පොඩි භේදයකින් තොරව චොකලට් මල්ලක් අරගෙන එනවා.
ඔය මල්ලේ ගොඩක් වෙලාවට ටොබ්ලරෝන් ( Toblerone ) චොකලට් එකක්, දෙකක් තියෙනවාමයි.
ඔය ටොබ්ලරෝන් චොකලට් එකේ ලෝගෝ එක, එහෙම නැත්තන් නිල ලාංඡනය දැකල තියෙනවා නේද ?
අර උල් හැඩයේ කන්දක ඇතුලේ සුදු වලහෙකුගේ දිය සිතුවමක් තියෙන්නේ...මේ පහල මම ඒකෙ රුපයක් දාලා තියෙනවා.
ඉතින් ලෝකේ පුරාවටම රටවල් සියගණනක මිනිස්සු ආසාවෙන් කන මේ චොකලට් එකේ ලාංඡනයේ තියෙන්නේ ඇත්තටම තියෙන කන්දක් බව ඔබ දැනගෙන හිටියද ?
මේ කන්ද තමයි,ලෝකේ මිලියන ගණනක් ටොබ්ලරෝන් රසිකයෝ දවස ගානේ පින්තුරයකින් දකින කඳු මුදුන.
ඔව් ඒ තමයි ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් ( ඇල්පයින් ) කඳුවැටියට අයත්, Zermatt කියන පළාතේ පිහිටි Matterhorn ( 4,478 m ) කියන කන්ද.
ඇල්ප්ස් කඳු වැටියේ උසින් 05 වන තැන ගන්නා මේ කඳු මුදුන විශේෂ වන්නේ මෙහි අසාමාන්‍යය උල් - පිරමිඩ හැඩය නිසායි.
ඇල්ප්ස් කඳු වැටිය - Alpine range
ස්විට්සර්ලන්තය, ඉතාලිය, ඔස්ට්‍රියාව,ජර්මනියේ කුඩා කොටසක්, ස්ලෝවේනියාව යන රටවල් ඔස්සේ පිහිටා ඇති ඇල්ප්ස් කඳු වැටිය
මුලිකවම ඉතාලි අර්ධද්වීපය යුරෝපා මහද්වීපයෙන් වෙන් කරන ප්‍රධාන බෙදුම් රේඛාව සහ බාධකය ද වේ.
ඇල්ප්ස් කඳු වැටිය යුරෝපයේ මෙන්ම මධ්‍යධරණී කලාපයේම දේශගුණ සහ භූගෝලීය වශයෙන් වැදගත් සාධකයක් මෙන්ම ඉතිහාසය පැත්තෙන් ගත් කලද ඉතාමත්ම වැදගත් භූමියකි.
ක්‍රි:පු 06 වන සියවසේ පුරාන සෙල්ටික් -ආර්යන් මෙහි පදිංචිව සිට ඇති බවට සාධක ඇත.
එමෙන්ම රෝම අධිරාජ්‍යය සමයේ කාර්තෙජියානු යුද්ධයෙදී ( First Punic War ) කාර්තෙජියානු සෙනෙවියකු වූ හැනිබල් ( Hannibal ) ගේ හමුදාවන්
ඇල්පයින් කඳුකරය සාර්ථකව තරණය කල බව ඒ යුධ ඉතිහාසයේ සඳහන්ය.
එමෙන්ම මෑත ඉතිහාසයේ නැපෝලියන් බොනපාට් විසින් 40 000 ක් දැවැන්ත හමුදාවක් සමගින් සාර්ථකව ඇල්පයින් කඳු වැටිය තරණය කරන ලදී.
ඇල්ප්ස් කඳු වැටිය හා බැඳුනු වඩාත් ආන්දෝලනාත්මකම සොයා ගැනීම නම් Ötzi හිම මිනිසාගේ මමීකරණය වූ සිරුර සොයා ගැනීමයි.
වර්ෂ 1991 දී ජර්මානු කඳු නගින්නන් දෙපලක් විසින් සොයා ගැනුණු මෙම සිරුර සැලකෙන්නේ දැනට සොයාගැනුණු ති යුරෝපයේ ආදිතම මිනිස් සිරුර ලෙසයි.
කාබන් කාල නිර්ණනයට අනුව ඔහුගේ උපත සැලකෙන්නේ ක්‍රි:පු 3345 ලෙසයි.
Ötzi හිම මිනිසාගේ සංරක්ෂණය කොට ඇති මමිකරණයට ලක් වූ සිරුර
ඒ අතින් ගත් කල ඇල්ප්ස් කඳු වැටිය යනු යුරෝපයේ සංස්කෘතික,ඉතිහාසමය , ප්‍රෞඩ උරුමයකි.
ටොබ්ලරෝන් ( Toblerone ) චොකලට් එක සහ Matterhorn කන්ද
ක්‍රි:ව 1908 දී Theodor Tobler නම් ස්විස් ජාතිකයා විසින් ආරම්භ කරනු ලැබූ චොකලට් ව්‍යාපාරයට ඔහු තැබූ නම Toblerone විය.
මේ සඳහා සුදුසු ලාංඡනයක් සිතා ගැනීමේදී ඔහු මෙම කන්දේ සුවිශේෂී හැඩය ගැන වඩාත් සැලකිලිමත් වූ බව සඳහන්ය.
ඒ මෙම කන්ද තම රටේ උරුමයක් ලෙස සලකා වෙන්නටද පුළුවන.
සමහර විට ඔහු මේ කන්දට ආශා කළා ද වෙන්නට පුළුවන.
කෙසේ හෝ ඔහු ඔහුගේ ව්‍යාපාරයේ නිල ලාංඡනය ලෙස මම කන්දේ හැඩය තෝරා ගන්නා ලදී.
Matterhorn කන්ද ( 4,478 m )
මෙම කඳු මුදුන අතීතයේ පටන් ස්විස් ජාතිකයන් අතර ප්‍රසිද්ධ වුවක් වන අතර මේ පිලිබඳ මුල්ම වාර්තාවක සඳහන් වන්නේ Aegidius Tschudi,
නම් ස්විස් ජාතිකයාගේ වාර්තා වලයි.
ප්‍රථම වතාවට මෙම කඳු මුදුන සාර්ථකව තරණය කරනු ලබන්නේ ඉංග්‍රීසි ජාතික ගවේශකයෙකු වුනු Edward Whymper විසින් 1865 ජුලි 14 වන දිනයි.
නමුත් මේ ආපසු ගමනේදී ඔහුගේ කණ්ඩායමේ තවත් සාමාජිකයන් 02 ගේ ජීවිත වලින් වන්දි ගෙවමිනි.
ඔහු එසේ සාර්ථක වුයේ අසාර්ථක ප්රයත්නයන් 08 පසුවයි.
Edward Whymper ගේ සිතුවමක්
ඉන් පසු ලොව බොහෝ සංචාරකයන්, ගවේෂකයන් මෙම කඳු මුදුන සාර්ථකව තරණය කොට ඇති අතර මෙය තරණය කිරීමේ වඩාත්ම භාවිතා කරනු ලබන්නේ Hörnli Ridge නම් දාරය ඔස්සේ වැටුණු මාර්ගයයි.
Hörnli Ridge දාරය ඔස්සේ මුදුනට
කඳු මුදුන
මේ කඳු මුදුනට යන මාර්ග කිහිපයක්ම ඇති අතර සම්මත ක්‍රමය නම් Hörnli Hut නවාතැන්පොළට සේන්දු වී එතනින් කඳු දාරය ඔස්සේ මුදුනට ලඟා වීමයි.
එමෙන්ම කඳු මුදුනට කිට්ටුව හදිසියකදී භාවිතා කිරීමට Solvay Hut නම් තවත් කුඩා නවාතැන්පොළක් ඉදිකොට ඇත.
Hörnli Hut නවාතැන්පොළ
Solvay Hut කුඩා නවාතැන්පොළ
වර්තමානය වන විට මෙය කඳු නගින්නන්ගේ අතිශයින් ජනප්‍රිය ඉලක්කයක් බවට පත්ව ඇත.
මෙය සංචාරක තෝතැන්නකි.ස්විස් රජයේ විශාල ආදායම් මාර්ගයකි.
Hörnli Ridge නම් දාරය ඔස්සේ කඳු මුදුනට ලඟා වෙන අයුරු.
විනාඩි 3.00 වගේ ඉඳල ඉස්සරහට බලන්නකෝ. ඇඟ හිරිවැටිලා යන්නේ.
තොරතුරු හා ඡායාරුප - විකිපීඩියා, යුටියුබ්, Zermatt Matterhorn Facebook page ඇතුළු අන්තර්ජාලයෙනි.
සටහන මා විසිනි.