Hirantha Herath
23 ttASSprpiloofn noatns h1aooenre8:lgfdd1nl7ඔන්න එකෝමත් එක රටක ගම මහත්තයෙක් හිටියලු. මේ ගම මහත්තයා බොහෝම මහන්සිවෙලා කුඹුරු කරනවලු. අල බතල එලවලු හිටවනවලු. කිරට එළ හරක් හදනවලු. කුඹුරු වැඩට මීහරක් හදනවලු. බිත්තර ගන්න කිකිළියො හදනවලු. මේ නිසා ඒ ගම මහත්තයාට බොහොම සරුයිලු.
ගම මහත්ත්‍යාගෙ අතමිට සරු නිසා හොර හතුරන්ගෙ ඇල්ම බැල්මත් ගම ගෙදරට සැරටම තියෙනවා. හැබැයි හොර හතුරන්ට ගම ගෙදර පැත්ත පලාතෙ එන්න බැරි ගමයා හදන ටොමියා නිසා. හතර මායිමට "ස්ට්‍රේන්ජර්" කෙනෙක් ආවත් ටොමියා බුරනවා බිරිල්ලක් ආයි පඩ නහර කඩාගෙන බොක්කෙන්මයි ඒ බිරිල්ල බුරන්නෙ. ඒක අහල පහල ගම් හතකටම ඇහෙන්න තමයි ටොමියා බුරන්නෙ. ටොමියගෙ බිරිල්ල ඇහුන හැටියෙම ගමයත් ඇලට් වෙනවා. ලයිට් ෆ්ලෑෂ් ලයිට් ඔක්කොම ඔන් වෙන්නෙ සට පට ගාලා. හොරු පලාතෙ එන්නෙ නෑ.
ඔහොම ටික කලක් දැහැමින් සෙමෙන් කල් ගතවෙනකොට ගෙදර උන්න ටොමියට ගමයාගෙන් ලැබුනෙ බලු සැලකිලි. ඉදලා හිටලවත් මස් කට්ටක් තියා ඌට දෙන බත් එකට හාල්මැස්සෙක්වත් දාන්න ගමයා කාරුනික උනේ නෑ. ගමයලා කාලා ඉතුරු උන කෑම තමයි ටොමියට ලැබුනෙ.
ඒත් මේ ගම ගෙදරම හිටියා බූරුවෙක්. බූරුවා තමයි ගමයගෙ ගොවිපලවල හැදෙන බවභෝග ගෙදරට ගේන කරත්තෙ ජොබ් එක කලේ. ඒ වගේම ගම ගෙදරින් ගොවිපලට බේත් පොහොර බිත්තර වී ආදී එකී මෙකී නොකී සියලු ජරමර රාජකාරි කලේත් මේ බූරු තෙමේ තමයි.
ඉතිං බූරුවට ගමයගෙන් රජ සැලකිලි. මේක දකින ගමයගෙ ටොමියට තවත් මල.
ඔහොම ඉන්නකොට දවසක් ගම ගෙදරට නීලකාස හොරු සෙට් එකක් පනිනවා. ටොමියට හොරු පනිනවා ඇහුනත් ටොමියා මලක් ගහපු සෝමයා වගේ අතල් එකේ ඉන්නවා.
මේ හොරු පනින සීන් එක බූරුවටත් ඇහෙනවා. බූරුවා හිතනවා ටොමියා දැන් බුරයි දැන් බුරයි කියලා "ම්හූහු"
සමහරු කියනවා ඒත් බූරුවා ටොමියව කූද්දලා මේ හොරු පනින සිද්දිය කිව්වයි කියලත්. ඒත් ඒවා අපි හරියට දන්නෙ නැති නිසා කියන්න බෑ.
කොහොම හරි බූරුවට සිද්දවෙන්න යන වැඩේ ගැන පට්ට දුකයිලු. මේ නිසා බූරුවා කලේ ෆුල් ඩම් එක දාලා කෑගහපු එක.
රෑ තිස්සෙ බූරුවගෙ කෑගැහීම වදයක් උන ගමයා ඇවිත් "මේ කාලකන්නි බූරුවා රෑටවත් නිදාගන්න දෙන්නෙ නෑනේ යකෝ" කියලා දෑත බදලා පොල්ලකින් කෙලලා ගියාලු.
ඉතිං ළමයි මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශෙ තමයි බල්ලගෙ වැඩේ බූරුවා කරන්න යන්න නරකයි කියන එක.
අවුරුදු පහක බේසික් ඩිග්‍රියක් සහ වසංගත රෝග ගැන පෝස්ට් ග්‍රැජුවෙට් ඩිග්‍රියකුයි, කොහේ හරි රටක අවුරුදු දෙකක ෆොරින් ට්‍රේනින් එකකුයි තියෙන උන් ඉන්නැද්දි ඕලෙවල් පාස් වෙලා ඒ ලෙවල් කොමස් කරලා එස් දෙකක් දාපු එකෙක් වසංගත රෝග පාලනයට යනවා නම් වසංගත රෝග එකෙ ඇටෙන්ඩන්ට් කෙනෙක්ට යුද්ධයක් කරන්නත් බැරි කමක් නෑනේ.
-හිරන්ත හේරත්-

