ටොමියගේ කතාව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    Hirantha Herath

    23 ttASSprpiloofn noatns h1aooenre8:lgfdd1nl7

    ඔන්න එකෝමත් එක රටක ගම මහත්තයෙක් හිටියලු. මේ ගම මහත්තයා බොහෝම මහන්සිවෙලා කුඹුරු කරනවලු. අල බතල එලවලු හිටවනවලු. කිරට එළ හරක් හදනවලු. කුඹුරු වැඩට මීහරක් හදනවලු. බිත්තර ගන්න කිකිළියො හදනවලු. මේ නිසා ඒ ගම මහත්තයාට බොහොම සරුයිලු.
    ගම මහත්ත්‍යාගෙ අතමිට සරු නිසා හොර හතුරන්ගෙ ඇල්ම බැල්මත් ගම ගෙදරට සැරටම තියෙනවා. හැබැයි හොර හතුරන්ට ගම ගෙදර පැත්ත පලාතෙ එන්න බැරි ගමයා හදන ටොමියා නිසා. හතර මායිමට "ස්ට්‍රේන්ජර්" කෙනෙක් ආවත් ටොමියා බුරනවා බිරිල්ලක් ආයි පඩ නහර කඩාගෙන බොක්කෙන්මයි ඒ බිරිල්ල බුරන්නෙ. ඒක අහල පහල ගම් හතකටම ඇහෙන්න තමයි ටොමියා බුරන්නෙ. ටොමියගෙ බිරිල්ල ඇහුන හැටියෙම ගමයත් ඇලට් වෙනවා. ලයිට් ෆ්ලෑෂ් ලයිට් ඔක්කොම ඔන් වෙන්නෙ සට පට ගාලා. හොරු පලාතෙ එන්නෙ නෑ.

    ඔහොම ටික කලක් දැහැමින් සෙමෙන් කල් ගතවෙනකොට ගෙදර උන්න ටොමියට ගමයාගෙන් ලැබුනෙ බලු සැලකිලි. ඉදලා හිටලවත් මස් කට්ටක් තියා ඌට දෙන බත් එකට හාල්මැස්සෙක්වත් දාන්න ගමයා කාරුනික උනේ නෑ. ගමයලා කාලා ඉතුරු උන කෑම තමයි ටොමියට ලැබුනෙ.
    ඒත් මේ ගම ගෙදරම හිටියා බූරුවෙක්. බූරුවා තමයි ගමයගෙ ගොවිපලවල හැදෙන බවභෝග ගෙදරට ගේන කරත්තෙ ජොබ් එක කලේ. ඒ වගේම ගම ගෙදරින් ගොවිපලට බේත් පොහොර බිත්තර වී ආදී එකී මෙකී නොකී සියලු ජරමර රාජකාරි කලේත් මේ බූරු තෙමේ තමයි.
    ඉතිං බූරුවට ගමයගෙන් රජ සැලකිලි. මේක දකින ගමයගෙ ටොමියට තවත් මල.

    ඔහොම ඉන්නකොට දවසක් ගම ගෙදරට නීලකාස හොරු සෙට් එකක් පනිනවා. ටොමියට හොරු පනිනවා ඇහුනත් ටොමියා මලක් ගහපු සෝමයා වගේ අතල් එකේ ඉන්නවා.
    මේ හොරු පනින සීන් එක බූරුවටත් ඇහෙනවා. බූරුවා හිතනවා ටොමියා දැන් බුරයි දැන් බුරයි කියලා "ම්හූහු"
    සමහරු කියනවා ඒත් බූරුවා ටොමියව කූද්දලා මේ හොරු පනින සිද්දිය කිව්වයි කියලත්. ඒත් ඒවා අපි හරියට දන්නෙ නැති නිසා කියන්න බෑ.
    කොහොම හරි බූරුවට සිද්දවෙන්න යන වැඩේ ගැන පට්ට දුකයිලු. මේ නිසා බූරුවා කලේ ෆුල් ඩම් එක දාලා කෑගහපු එක.
    රෑ තිස්සෙ බූරුවගෙ කෑගැහීම වදයක් උන ගමයා ඇවිත් "මේ කාලකන්නි බූරුවා රෑටවත් නිදාගන්න දෙන්නෙ නෑනේ යකෝ" කියලා දෑත බදලා පොල්ලකින් කෙලලා ගියාලු.
    ඉතිං ළමයි මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශෙ තමයි බල්ලගෙ වැඩේ බූරුවා කරන්න යන්න නරකයි කියන එක.

    අවුරුදු පහක බේසික් ඩිග්‍රියක් සහ වසංගත රෝග ගැන පෝස්ට් ග්‍රැජුවෙට් ඩිග්‍රියකුයි, කොහේ හරි රටක අවුරුදු දෙකක ෆොරින් ට්‍රේනින් එකකුයි තියෙන උන් ඉන්නැද්දි ඕලෙවල් පාස් වෙලා ඒ ලෙවල් කොමස් කරලා එස් දෙකක් දාපු එකෙක් වසංගත රෝග පාලනයට යනවා නම් වසංගත රෝග එකෙ ඇටෙන්ඩන්ට් කෙනෙක්ට යුද්ධයක් කරන්නත් බැරි කමක් නෑනේ.
    -හිරන්ත හේරත්-
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,994
    93
    33
    කවුද දන්නෙ ඉතින් ගමරාලයට ඕනෙ වෙලාවට බුරන්න පුලුවන් එකෙක්ද දාල ඉන්නෙ කියලා. ලෝකෙට ලොකුවට ටෝක් දුන්නට කියපු තරම් අස්වැන්නක් ගමරාලට හම්බුනේ නැතිනම් ලේසිම වැඩේ හොරු එන වෙලාවට බුරන්නෙ නැති ටොමියෙක් දාගෙන ඉඳලා හොරු පැන්නට පස්සෙ "අයියෝ හොඳම අස්වැන්න ගත්තෙ මම තමා හොරු පැන්නෙ නැත්නම්" කියන්න පුලුවන්නේ. ඕනෙ නම් ඉන්ෂුවරන්ස් සල්ලි ටිකක්, ලෝන් එකක් ගහලා ඒ ටිකත් අරගෙන ආතල් එකේ ගමරාලට ජීවිතේ අන්තිම ටිකේ ඇමරිකාව වගේ රටක සැපේ ඉන්න පුලුවන්නේ. ගමරාල තමා ඩයල් එක. බූරුවෙක්ට ඕවා තේරෙන්නෙ නෑනෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උපාදි ගෑහුව එවුන්ට වඩා හොදට සමහර දේවල් කරන්න පුලුවන් එවුන් ඉන්නවා... වසන්ගත රෝග ගෑන දන්නේ උපාධි ගහපු එවුන්. එයාලට උපදෙස් දෙන්න පුලුවන්. නමුත් රෝගය විතරක්ම නෙමේ පාලනය කරන්න තියෙන්නේ.. ඒ එක්ක තව ගොඩක් දේවල් තියෙනවා සලකන්න තීරණයක් ගන්න කොට.. ඒ හින්දා තමා තීරණ ගන්න හුග දෙනෙකුත්, ගත්ත තීරණ ක්‍රියාත්මක කරන්න සුදුසුම කෙනෙකුත් ඉන්නේ
     
    • Like
    Reactions: Dntec

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    gamaralaya insurance claim krnna hitagena ballath ekka dapu deal ekak wenna barida :rolleyes: mekath Easter sunday dawasakada vune? :P
     
    • Like
    Reactions: malakadss

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    කිරට එළ හරක් හදනවලු.
    scared cow GIF by The Little Vampire