ටෝනි_ගේ‍්‍රග්ට_පිළිකාවක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ටෝනි_ගේ‍්‍රග්ට_පිළිකාවක්

    ටෝනි ගේ‍්‍රග්ට පෙනහලූ පිළිකාවක්



    Tony-02.jpg


    එංගලන්ත කි‍්‍රකට් පිලේ හිටපු නායයකයකු මෙන්ම ජනප‍්‍රිය ක‍්‍රිකට් විස්තර විචාරකයකුද වන ටෝනි ගේ‍්‍රග් මහතා පෙනහැල්ලේ පිළිකාවකින් පෙළළෙන බව වෛද්‍යවරුන් විසින් සොයාගනු ලැබ ඇතැයි එක්සත් රාජධානියේ ඉරිදා පුවත් පතක් වන ‘ද ටෙලිග‍්‍රාෆ්’ පුවත් පත වාර්තා කරයි. කෙසේ වෙතත් ඔහුට කරනු ලබන ප‍්‍රතිකාර මොනවාද යන්න තවමත් තීරණය කර නැත.
    ”මගේ ජීවිතය පුරාම අසීරුවෙන් සූරා දැමිය යුතු දේවල් කිහිපයක් තිබුණා. මේකත් ඒ වගේ එකක්” යයි ටෝනි ග්‍රෙග් මහතා ද ටෙලිග‍්‍රාෆ් පුවත් පතට පවසා තිබිණ.
    සැත්කමක් සඳහා ග්‍රෙග් මේ සතියේදී රෝහල් ගතවීමට සූදානමින් සිටින බවද ටෙලිග‍්‍රාෆ් පුවත් පත කියයි. පිළිකාවේ යථා ස්වභාවය හඳුනා ගැනීම සඳහා මෙම සැත්කම කිරීමට නියමිතය.



    lankadeepa
     
    • Like
    Reactions: sarpaya

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පව් වැඩේ බන්... මම ආසම කමෙන්ට්‍රේට කෙනෙක්. මම ඕක මුලින්ම මුනුණු පොතේ දැක්කහම මාර දුකක් ආවෙ...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    ටෝනි ග්‍රෙග්ට පිළිකාවක්

    TONY.jpg
    ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විචාරක ටෝනි ග්‍රෙග් මහතා හට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

    ටෝනි
    ග්‍රෙග්ට පිළිකාවක් වැළඳී ඇති බව දැනගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවෙදිය.

    පසුගියදා නිමවුණු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අවසානයේදී රෝගී තත්වයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රෝහලකට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකරන ලද පරීක්ෂණ වලින් ඔහුට පෙනහළු
    පිළිකාවක් වැළඳී ඇති බව සොයාගෙන තිබේ.

    1946 වසරේ ජනවාරි මාසයේ 6 වැනිදා දකුණු අප්‍රිකාවේ උපන් ඇන්තෝනි ටෝනි විලියම් ග්‍රේග් හෙවත් ටෝනි ග්‍රේග් 70 දසකයේ එංගලන්තයේ සිටි උසම ක්‍රීඩකයා ද විය. ඔහුගේ උස අඩි 6කුත් අඟල් 6කි.

    1972 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ තුන් ඉරියව් දස්කම් ඇති ග්‍රෙග් 1975 වසරේදී එංගලන්ත පිලේ නායකත්වයට ද පත්විය.විස්තර විචාරයේදී සේම ක්‍රීඩාවේදී ද ඔහු අර්බුද ගණනාවකට මුහුණ පෑවේය. ඒ ඇතැම් අර්බුද සිරුර කිලිපොලා යන තරමේ ත්‍රාසජනක ඒවා ය. ඒ අතර ක්‍රිකට් ඉතිහාසයෙන් කිසිකලෙක මකා දැමිය නොහැකි කෙරී පැකර්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා අවතීරණය මුල් තැනක් ගත්තකි.


    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව උඩුයටිකුරු කළ කෙරී පැකර්ගේ සිදුවීමේ ප්‍රධාන භූමිකාව රගපෑවේ ටෝනි ග්‍රේග් ය.ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ලෝක ක්‍රිකට් කණ්ඩායමක් අතර ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරග පවත්වමින් 1977 දී කරළියට පැමිණි මහා කෝටිපති ඔස්ට්‍රේලියානු ජාතික කෙරී පැකර් රාත්‍රි ක්‍රිකට් තරගවල ආරම්භකයා ය.ඔහුට 1977 වසරේදී ලෝක ක්‍රිකට් පිලක් එකතු කර ගැනීමට කපුකම කරනු ලැබුවේ ග්‍රේග් විසිනි. එවකට ක්‍රිකට් පිටියේ සිටි ප්‍රබලතම ක්‍රීඩකයන් පැකර්ට සම්බන්ධ කරනු ලැබූවේ ග්‍රේග් විසිනි.

    එංගලන්ත පිලේ නායකත්වය දරමින් සිටියදීම බලධාරීන්ට රහසේ සිය කණ්ඩායමේ සගයින් ගණනාවක් ඔහු පැකර්ට විකුණුවේය. මේ හේතුවෙන් ග්‍රේග් එකල ප්‍රකට වූයේ පැකර්ගේ බඳවා ගැනීමේ සාජන්ට් ලෙසය. පැකර්ගේ ලෝක කණ්ඩායමේ නායකත්වය හිමිවූයේ ද ඔහු සමීපවම ඇසුරු කළ ටෝනි ග්‍රේග්ට ය.

    පැකර්ගේ සම්බන්ධය නිසා එංගලන්ත පිලෙන් දොට්ට දැමූ ටෝනි ග්‍රේග්, පැකර්ගේ ක්‍රිකට් කණ්ඩායමට එක්වී ඔස්ට්‍රේලියාවට වී කාලය ගත කළේය.ඔහු විචාරකයකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවැනි ගමන අරඹන්නේ ඉන් අනතුරුව ය.

    එය වූ කලි ඔහුගේ ක්‍රීඩා දිවියේ වාසනාවන්තම කාල පරිච්ඡේදයකි.“එකල ක්‍රීඩාවේ නිරත වී ලැබූ සතුටට වඩා දෙගුණයක සතුටක් මෙදා විස්තර විචාරකයකු ලෙස මං ලබනවා”. ග්‍රේග් මෑතකදී ක්‍රීඩා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි.


    විස්තර විචාරයට අමතරව ඔහු ඉන්දීය ක්‍රිකට් ලීග් හි විධායක මණ්ඩල සාමාජිකයකු ලෙස ද, ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවියේ තීරු ලිපි රචකයෙකු ලෙසද, ශ්‍රී ලංකාවේ සංචාරක තානාපතිවරයකු ලෙසද වර්තමානයේ දී කටයුතු කරමින් සිටියි.

    gossip9