ටෝස්ට් කෑම

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ටෝස්ටි මේකර්, සැන්ඩ්විච් මේකර් එහෙමත් නැත්නම් හැමෝම දන්න නමින් කියන ටෝස්ටරෙන් කරන්න පුළුවන් පාන් ටෝස්ට් කරන එක විතරමද? ඔයාල මීට කලින් කාල නැති ටෝස්ට් රෙසිපි එක්ක ටෝස්ටරෙන් හදන්න පුළුවන් වෙන වෙන කෑම ජාති ටිකක් ඔන්න ගෙනාවා. වැෆල් මේකර් එකක් නැති උනාට ටෝස්ටරෙන් වැෆල් හදන්න පුළුවන් කියල දන්නවද? බලන්නකො කලින් හදපුවද කියල… හවසක තේ වේලට එහෙමත් නැත්නම් හදිසියෙ ගෑස් ඉවර උන වෙලාවක මෙහෙම දෙයක් හදාගන්න පුළුවන්.

    1. Toasted Omelette

    SandwichToasterRecipes-aniwa-01.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. බිත්තර 2
    2. චොප් කරගත් ලූනු, තක්කලි, අමුමිරිස්
    3. කිරි මේස හැන්දක්
    4. ලුණු
    5. ගම්මිරිස් කුඩු

    • බිත්තර දෙකට කිරි එක් කර බීට් කරගන්න. එයට ගම්මිරිස්, ලුණු සහ චොප් කරගත් එළවළු එක් කර මිශ්‍ර කර හැන්දකින් බටර් තවරා ගත් ටෝස්ටරයට දමා ටෝස්ට් කරගන්න.

    2. Pineapple Stuffed Toast

    SandwichToasterRecipes-aniwa-02.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. පාන් පෙති 4
    2. බිත්තර 2
    3. කිරි මේස හැඳි 3
    4. ලුණු
    5. කැරමල් කරගත් අන්නසි
    6. කුරුඳු කුඩු ස්වල්පයක්

    • බිත්තර දෙකට ලුණු ස්වල්පයක් එක් කර කිරි සමඟ බීට් කරගන්න. පාන් පෙති බිත්තර මිශ්‍රණයෙන් පොඟවා ගන්න.
    • බටර් තවරාගත් ටෝස්ටරය මත එක පාන් පෙති 2ක් තබා එහි මැදට සීනි සමඟ කැරමල් කරගත් අන්නාසි අතුරා කුරුඳු කුඩු උඩින් යන්තමට ඉස ගන්න. අනෙක් පාන් පෙති 2ත් බිත්තර මිශ්‍රණයෙන් පොඟවා අන්නාසි මත තබා ටෝස්ට් කරගන්න.

    3. Calzone Toast

    SandwichToasterRecipes-aniwa-03.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. පිටි කප් 2
    2. ඊස්ට් තේ හැඳි 1 1\4
    3. සීනි තේ හැඳි 1
    4. ඔලිව් තෙල් මේස හැඳි 2
    5. ලුණු තේ හැඳි 1
    6. මොසරැල්ල චීස්
    7. තක්කලි සෝස්
    8. චිකන් හෝ ටූනා පිරවුමක්

    • පිටි වලට යීස්ට් සහ සීනි මිශ්‍ර කරගන්න. එයට ඔලිව් තෙල් සහ ලුණු එක් කර මද රස්නය ඇති වතුර දමා අතේ නොඇලෙන පදමට හොඳින් අනාගත් පිටි මෝලියක් සාදා දෙකට කඩා ගන්න. එය පැයක් තෙත මිරිකාගත් පිරිසිදු රෙද්දකින් වසා තබන්න.
    • ටෝස්ටරයට ඔලිව් තෙල් හෝ බටර් තවරාගන්න. සාදාගත් ඩෝ දෙකෙන් එක කොටසක් ගෙන පිටි තවරාගත් ලෑල්ලක ටෝස්ටරේ ප්‍රමාණයට තුනී කරගෙන ටෝස්ටරයට දමාගන්න. ඒ මත තක්කලි සෝස් තවරා පිරවුම අතුරා උඩින් මොසරල්ලා චීස් දමාගන්න.
    • එයට උඩින් පෙර පරිදිම තුනී කරගත් අනෙක් ඩෝ කොටස දමා ටෝස්ට් කරගන්න.

    4. Toasted Cake

    SandwichToasterRecipes-aniwa-04.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. බිත්තරයක්
    2. පිටි 50g
    3. සීනි 50g
    4. බටර් 50g
    5. බේකින් පව්ඩර් පින්ච් 2ක්
    6. කිරි මේස හැන්දක්
    7. වැනිලා බිංදු දෙකක්

    • සාමාන්‍ය බටර් කේක් එකට වගේම බිත්තර සීනි බටර් හොඳට ක්‍රීම් කරගන්න. බ්ලෙන්ඩර් එකට දාල ගන්නත් පුළුවන්.
    • මේකට බේකින් පව්ඩර් මිශ්‍ර කරගත්ත පිටි ටික කලවම් කරන් වැනිලා එකතු කරන් බටර් තවර ගත්තු ටෝස්ටරේට හැන්දකින් පුරවා ටෝස්ට් කරගන්න.

    5. Waffles

    SandwichToasterRecipes-aniwa-05.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. පිටි කප් 1
    2. ලුණු තේ හැඳි 1\2
    3. බේකින් පව්ඩර් තේ හැඳි 2
    4. සීනි මේස හැන්දයි
    5. බිත්තර 1
    6. උණු කිරි කප් 3\4
    7. බටර් මේස හැඳි 3

    • පිටි, සීනි, බේකින් පව්ඩර් සහ ලුණු එකට මිශ්‍ර කරගන්න. වෙනම භාජනයක බිත්තරය බීට් කර එයට කිරි, බටර් සහ කැමති නම් වැනිලා ස්වල්පයක් එක් කරගන්න.
    • බිත්තර මිශ්‍රණය පිටි එකට දමා හොඳින් මිශ්‍ර වන තුරු බීට් කරගන්න.
    • ටෝස්ටරයට හැන්දකින් පුරවා ටෝස්ට් කරගන්න. මේපල් සිරප්, මී පැණි, ස්ට්‍රෝබෙරි සෝස් හෝ චොකලට් සෝස් සමඟ රස බලන්න.

    6. සැන්ඩ්විච් මේකර් එකක් පාවිච්චි කරද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න

    SandwichToasterRecipes-aniwa-06.jpg

    • ටෝස්ටර් එකෙන් පිසුණු දේවල් එළියට ගන්න කොට පැතලි ප්ලාස්ටික් හැන්දක් භාවිතා කරන්න.
    • හැමවිටම ටෝස්ටර් එකෙන් පිසුණු දේවල් එළියට ගනිද්දි ටෝස්ටරය ක්‍රියාවිරහිත කරන්න මතක තබාගන්න.
    • ටෝස්ටර් එකට පාන් එහෙම දැම්මට පස්සෙ තද කරලනෙ වහන්න ඕනෙ. පළවෙනි පාරට අතින් තද කරල වහන්න පුළුවන් උනාට ඊට පස්සෙ ටෝස්ටර් එකේ උඩ රත් වෙනව. ඒ නිසා පිලිස්සීම් වලක්වා ගන්න අවන් මිට්ස් හෝ ඝණකම රෙද්දකින් ටෝස්ටර් එක තද කරන්න අමතක කරන්න එපා.

    සැලකිය යුතුයි
    සැන්ඩ්විච් මේකර් එකක් කියන්නෙ විදුලියෙන් ක්‍රියාකරන දෙයක්නෙ. කේක් මික්ස් එකක් එහෙමත් නැත්නම් වැෆල් මික්ස් එකක් වගේ ටිකක් දියාරු දෙයක් මේකට දාගන්න කොට හැන්දක් පාවිච්චි කරල වටේට ඉහිරෙන්නෙ නැතුව පරිස්සමට දාගන්න එක ඔබේ ආරක්ෂාවට අනිවාර්යෙන් වැදගත්.

    http://www.aniwa.lk/2017/02/06/1702062-sandwich-toaster-recipes/

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    patta bn