කලින් දවසක සැන්ඩ්විච් හදලා ඉතිරි උන පෙති පාන් කෑලි වගයක් ෆ්‍රිජ් එකේ තිබ්බා. මම එකෙන් රෑට කන්න පාන් කොත්තුවක් හදපු හැටි තමයි ඔය පහල විස්තරේ තියෙන්නේ පින්තුර එක්ක.
මේකට ඕනා පෙති පාන් වල වාටි කාලි අඟල් දෙක තුනේ දිගට කපාගෙන. මේක දවසක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගත්තත් කමක් නැහැ.
ඊළගට ඔය පහල පින්තුරයේ තියෙනවා මම ගත්තු එළවලු ජාති.
කොච්චි මිරිස් කරල් දෙකක්, මාළු මිරිස් කරල් දෙකක්, බී ලුණු කෑල්ලක් පොඩියට කපලා එකට මිශ්‍ර කර ගත්තා. ඊළගට සුදු ලුණු සහ ඉඟුරු එකට කොටාගෙන මිශ්‍රනයක් හදා ගත්තා. ඊළගට කැරට්, ගෝවා, ලීක්ස් ගහෙ සුදු පාට කොටස පොඩියට කපා ගත්තා. කැරට් නං ග්‍රේටර් එකෙන් ගා ගත්තේ. චීස් ටිකකුත් එහෙම්ම ගා ගත්තා.
ඊට අමතරව බිත්තර, බටර් සහ සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු තමයි ගත්තේ.
ඉලගට පහල පින්තුරයේ විදියට තාච්චියක් ලිපේ තියලා ඒකට බටර් දාලා ඒවා රත් උනාම සුදු ලුණු, ඉඟුරු පේස්ට් එක දාගන්න ඕනි.
ඒක ටිකක් බැදුනම එකතු කරගන්න බී ලුණු, කොච්චි, මාළු මිරිස් මිශ්‍රණය.
මේක හොදට කවලම් කරලා බදෙනකන් ඉදලා එකතු කරගන්න ඕනි කැරට් ටික.
ඊට පස්සේ මේක පියනකින් වහලා ටිකක් වෙලා බැදෙන්න ඇරලා එකතු කරගන්න ගෝවා ටික.
ඊට පස්සේ මේක ආයේ වහලා ටිකක් වෙලා තියන්න.
ඊළගට මේකට අවශ්‍ය පරිදි ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, කෑලි මිරිස් එකතු කරගෙන ලීක්ස් ටික එකතු කරලා කවලම් කරලා බැදෙනකන් ඉන්න.
ඊළගට බිත්තර එකතු කරා.
ඊළගට චීස් දැම්මා. ඒකට විවිද සෝස් අවශ්‍ය පරිදි එකතු කරා.
චීස් ටිකත් හොදට කවලම් කරලා පාන් එකතු කරලා මිශ්‍ර කරා.
ඔන්න රාත්‍රී ආහාරය. මේකේ එළවලු තමයි ගොඩක් තියෙන්නේ. ඒ නිසා පිටි ජාති වැඩිය කන්නේ නැති කෙනෙක්ට උනත් හොදයි. චිලී පේස්ට් තිබ්බා ගෙදර හදපු. ඒවත් එක්ක කෑමට ගත්තේ.
- මාගේ වෙනත් ත්‍රෙඩ් -
1) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර දෙක තුනක්
2) අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්
3) පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්
4) ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්
5) හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්
6) උමංදාවේ කෑම - පින්තුර කිහිපයක්
7) මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්
8) අපි දුන්නු කිතුල් පිටි කැඳ දන්සැල
9) සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?
10) කැවුම් කොකිස් හැදුවා - පින්තුර දෙක තුනක්
11) පෑලියගොඩ එළවලු, ෆිෂ් මාර්කට් ගියා - පින්තුර කීපයක් සහ විස්තරයක්
12) ගෙදර හදපු පොල්තෙල් - පින්තුර කීපයක්
13) බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්
14) බෝඹුරු ඇල්ලේ ගියා - පින්තුර කීපයක්
15) ගෙදර හදපු කහ කුඩු - පින්තුර දෙක තුනක්
16) වස් සමාදන් වෙන භීක්ෂුන්ට දානයක් දුන්නා - පින්තුර කිහිපයක්
17) අප නිවසේ පැවැත්වූ ධර්ම දේශනාව සහ දානමය පිංකම - පින්තුර කීපයක්
18) මාළු ඇඹුල් තියල් හදපු හැටි - පින්තුර තුන හතරක්
ස්තුතියි.