ඩයනා ගමගේ බ්‍රිතාන්‍යය පුරවැසියෙක්.

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ඩයනා ගමගේ බ්‍රිතාන්‍යය පුරවැසියෙක්..?
    • මන්ත්‍රීධුරය නීති විරෝධීයි


    1965/12/18 උපන් ඩයනා ගමගේ බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකි. ඇය සහ ඇගේ වෛවාහක ස්වාමි පුරුෂයා වන සේනක හරිප්‍රිය ආනෝල්ඩ් සිල්වා (ශ්‍රීලාංකික) විසින් 2014 වසරේ දී බ්‍රිතාන්‍යයේ සමාගමක් ආරම්භ කර ඇති අතර එක 'company house’ හි ලියාපදිංචි කර ඇත. එකී වාර්තා අනුව SENDAGIFT.LK සමාගමේ අධ්‍යක්ෂ ඩයනා ගමගේ ජාතිකත්වය අනුව බ්‍රිතාන්‍යයේ පුරවැසියෙකි.

    ඒ අනුව, ඈ පාර්ලිමේන්තුවේ දිවුරුම් දී ඇත්තේ ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනුව නුසුදුසුකම් සහිත මන්ත්‍රීවරියක ලෙසය. එහෙයින් අධිකරණයීදිරියේ ප්‍රශ්න කළහොත් හා 2020 අගෝස්තු 20 වන දින විට ඈ බ්‍රිතාන්‍යයේ පුරවැසි බව අතහැර නොමැතිනම් ඇගේ මන්ත්‍රීධුරය අහෝසි වේ.

    20 වන සංශෝධනය බලපානුයේ කතානායක අත්සන් කරන දිනයේ සිට ඉදිරියට පමණක් වන නිසා, ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන විට ද්විත්ව හෝ තනි බ්‍රිතාන්‍ය පුරවැසිකමකට හිමිකම් කීවේ නම් ඇයට 20 වෙනි සංශෝධනයෙන්ද සරණක් හිමි නොවේ.

    images (16).jpeg


    2020-10-26 (2).png


    2020-10-26 (4).png


    Source : Subasinghe Isuru (Facebook)
     
    Last edited:

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ඩයනව සමගිජන බල වේගය ජාතික ලයිස්තුවෙන් දාද්දි ඔය පුරවැසිකම සලකා බලල නැත්තං වැරදි මහින්ද රාජපක්ෂද?

    යන විදියට එහෙම වෙයි වගේ. ;-):ROFLMAO:

    එතකොට සජියාගේ පක්ශෙත් අවලංගු වෙයි ද?
    saj.jpg
     

    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    යන විදියට එහෙම වෙයි වගේ. ;-):ROFLMAO:

    එතකොට සජියාගේ පක්ශෙත් අවලංගු වෙයි ද?

    View attachment 98729
    යූන්පී එක 2කට කැඩුවේ මහින්දයි පොහොට්ටු බයියො ටිකයි කියලා මම හිතුවේ, බැලින්නං Brexit එකෙන්නේ මුන්ට කෙලවෙලා තියෙන්නේ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    ඇයි බන් මැකෝට ඒ වගේ දේවල් වලට බලයක් නැත්තේ... රටේ බහුතරයක් මිනිස්සුන්ට ඕකට විරුද්ධ වුනත් නඩු යන්න හැකියාවක් නෑ...ඕකෙන් වාසි වෙන කෙනෙක් ඉන්නවා නන් ඌ යයි..
     
    • Like
    Reactions: malakadss

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙලාවට ඒකි අනික් පැත්තට පැන්නේ ,නැත්නම් ඕවා හොයනවා බොරු :P
     
    • Haha
    Reactions: erozan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඒකිට අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නැති වෙන ලයින් එකක් යන්නේ. 🤣🤣🤣
     
    • Haha
    Reactions: Carguy69

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මං හිතන්නේ එයා රෝම පුරවැසියෙක්. එහෙම නොවෙයිනම්, එයා කොහොමද හරියටම කිව්වේ සීසර් ව මැරුවේ මාක් ඇන්තනි කියලා. ඔච්චර හොඳට ඒ දේවල් දන්නේ රෝමානුවෝ විතරයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මං හිතන්නේ එයා රෝම පුරවැසියෙක්. එහෙම නොවෙයිනම්, එයා කොහොමද හරියටම කිව්වේ සීසර් ව මැරුවේ මාක් ඇන්තනි කියලා. ඔච්චර හොඳට ඒ දේවල් දන්නේ රෝමානුවෝ විතරයි.
    මාක් ඇන්තනී සීසර්ව මැරුවා නම් කොහොමද පිට්බුල් එක්ක සින්දු කිව්වේ? 🙄