ඩයලොග් ටීවී පාරිභෝගිකයන්ගේ අනාගතය

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඩයලොග් ටීවී පාරිභෝගිකයන්ගේ අනාගතය

    ඩයලොග් ටීවී පාරිභෝගිකයන්ගේ අනාගතය අදුරු වන ලකුණු


    මෙරට මුදල් ගෙවා නැරඹිය යුතු රූපවාහිනි නාළිකා සම්පාදකයන්(pay tv provider) අතර පෙරමුණ රැගත් ඩයලොග් ටීවී ආයතනය මේ වන විට තම පාරිභෝගිකයන් නොසලකා හැර ලාභය ගැන පමණක් සිතා කටයුතු කරන බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුවේ.

    තරගකාරී පියෝ ටීවී ආයතනය සෑම සතියකම අළුත් රූපවාහිනි නාළිකාවක් තම ප්‍රේක්ශක ජනතාවට එකතු කරද්දී ඩයලොග් ටීවී දැනට තිබෙන නාළිකාද කප්පාදු කිරීමක නිරත වේ.මෙහි අළුත් බිල්ල වී ඇත්තේ eurosport නාළිකාව ඉවත් කර ඒ වෙනුවට ශ්‍රද්ධා ටීවී එකතු කිරීමට ගෙන ඇති තීරණය යි.නාළිකාවක් ඉවත් කර නාළිකාවක් එකතු කිරීම මගින් අලුත් දෙයක් පාරිභෝගිකයන්ට නොලැබෙන අතර කලයුතු වන්නේ දැනට තිබෙන නාළිකා අතරට තවත් නාළිකා එකතු කිරීමයි.ඉතා ඉක්මනින් මොවුන් සතු වෙළදපල ඒකාධිකාරය බිදදමා තවත් චන්ද්‍රිකා තාක්ශණ රූපවාහිනි සමාගම් එකකට හෝ දෙකකට ලාංකීය වෙළදපල විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කල යුතු වේ.

    දිගින් දිගටම ඩයලොග් ටී වී ආයතනය තම පාරිභෝගිකයන් සූරා කෑමකට ලක්කරන බවක් පෙනෙන්නට ඇති අතර තම සමාගම මුදල් ගෙවා ලබා ගන්නා නාළිකා ප්‍රේක්ශකයන්ට අහිමිකර ඒ වෙනුවට සමාගමට නොමිලේ ලැබෙන නාළිකා වැඩි පුර දීමෙන් පෙනී යන්නේ මොවුන්නේ අරමුණයි.

    මේ අතර පසුගිය කාලයේ ඩයලොග් ටීවී පෙරගෙවුම් සබදතා දිගින් දිගටම විසන්ධි වීමේ තත්වයක් දක්නට ලැබුන අතර කාළගුණික විපර්යාස නිසා හානි වූ උපකරණ සදහා වගකීමක් නොමැති බව පවසා විශාල ගසා කෑමකට පාරිභෝගිකයන් ලක්කර තිබේ.මෙරට නීතීය අනුව විදුලිය සම්බන්ධ උපකරණ අලෙවියේදී අවම වසරක වත් වගකීමක් ලබාදිය යුතු වුවත් ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියට ජොකා නැතුව කොකා පෙන්වා දවසකවත් වගකීමක් නැතුව රු 9990/= වූ ඉහළ පිරිවැයක් ඇති බාල චන්ද්‍රිකා ග්‍රාහක උපකරණ අලෙවියක නිරත වේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක තව ටික දවසයි බන්.. TATA එකෙන් හරි sky එකෙන් හරි ලගදිම HD DVB එක්ක දෙනවා.. එතකොට peo dialog දෙකම කැලේ..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඔක තව ටික දවසයි බන්.. TATA එකෙන් හරි sky එකෙන් හරි ලගදිම HD DVB එක්ක දෙනවා.. එතකොට peo dialog දෙකම කැලේ..
    PVR (TSTV) tiyenava nam mama danma unath peotv ain karanna kamathi :nerd:
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    යකෝ මේක මගේ බ්ලොග් එකකින් උස්සලා දාලා තියෙන්නේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    ඔව්වා කිව්වට වැඩක් නැහැ මචෝ ,,,කවදාවත් වෙන්නේ නැහැ.
    දෙශපාලුවො දෙතුන් දෙනෙකුට කෝටි කිහිපයක් වීසි කල සැනින්.
    ඕවා සේරම අතීතයට එකතුවෙනවා ...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :(:(:(
    ඔව්වා කිව්වට වැඩක් නැහැ මචෝ ,,,කවදාවත් වෙන්නේ නැහැ.
    දෙශපාලුවො දෙතුන් දෙනෙකුට කෝටි කිහිපයක් වීසි කල සැනින්.
    ඕවා සේරම අතීතයට එකතුවෙනවා ...
    ඔව් බන්.. ඒක තමා වෙලා තියෙන්නෙ.. ඒකාදිකාරෙ නෙ බන්.. හාන්ස් විජේසූරිය ලොක්කා ට තෙල් සන්ස්තාවෙ අද්යක්ශ මන්ඩලේට දැම්මට පස්සෙ dialog එක යන්නෙම අවුට්.. දැන් උන්ට සල්ලි පමනමයි..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක තව ටික දවසයි බන්.. TATA එකෙන් හරි sky එකෙන් හරි ලගදිම HD DVB එක්ක දෙනවා.. එතකොට peo dialog දෙකම කැලේ..
    sky එක ආවොත් නම් 1TB Hard එකක්වත් ඒවි box එකට එතකොට record කරගන්න බැරියා HD ම
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    යකෝ මේක මගේ බ්ලොග් එකකින් උස්සලා දාලා තියෙන්නේ

    is-that-how-wealthy-people-laugh.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113
    තරගකාරී පියෝ ටීවී ආයතනය සෑම සතියකම අළුත් රූපවාහිනි නාළිකාවක් තම ප්‍රේක්ශක ජනතාවට එකතු කරද්දී

    :lol::lol: