ඩයලොග් හොරු

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
machan mageth dialog thamai thiyenne dan awurudu ganaka idan..ane manda ithin dialog ewun ge chater wada nam godai..
 
nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන්,

    මම පහුගිය දවස්වල මගේ dialog phone එකේ daily rental plan එකක් activate කලා. Rs. 20 per day. මම එදා internet ගිහින් පස්සේ සද්ද නැතුව හිටියා. දවස් 5කින් බලද්දී message එකක් ආවා daily rental package එක activate කරන්න සල්ලි මදි කියල. බැලින්නම් එක දවසක් daily rental activate කලාම මුන් දවස ගානෙම ඒ package එක activate කරනවා අපි deactivate නොකලොත්(opt-out).

    හරි ඉතින් ඒක මගේ වැරද්දක්නේ. ඒ නිසා පාඩුව විඳගෙන මම ආයෙත් සල්ලි නාස්ති වෙන එක නවත්තන්න කියල හිතන් පෙරේදා (1st) Dialog Broadband prepaid monthly rental package එකක් activate කරන්න හැදුවා. දැනට තියෙන daily rental package එක deactivate කරන්න කියල message එකක් ආවා එතකොට. මම ඊට පස්සේ OFF KBB කියල ගහල daily rental package එක deactivate කලා.

    ඊට පස්සේ monthly rental package එක activate කර ගත්ත Rs.299. දැන් ඉතින් මාසයක් පාවිච්චි කරන්න 1GB තියෙනවා නේ.

    අද උදේ message එකක් ආවා ආයෙත් "no enough credit to deduct for daily rental package." කියලා. බැලින්නම් account එකේ තියෙන්නේ Rs.4 යි.
    monthly rental package එක activate කලාට පස්සෙත් මුන් daily rental package එකේ Rs.20 ගානේ දවසට කපාගෙන. වැරදීමකින් ඒක activate වෙලා තියෙන්න විදියකුත් නෑ. මොකද monthly rental package එක activate කරන්න අනිවාර්යයෙන්ම daily rental package එක deactivate කරන්න ඕනේ.

    මම බැලුව monthly rental package එකේ balance එක. 1024MB තියෙනවා කියල වැටුණා. ඒ කියන්නේ monthly rental package එකත් active. එහෙම තියෙද්දීම මම deactivate කරපු daily rental package එකෙත් දවසට 20 ගානේ මුන් කපල. ඒක තනිකරම උන්ගේ ප්‍රෝඩාවක්.

    ඊට පස්සේ මම daily rental package එක ආයෙත් සැරයක් deactivate කරන්න හිතාගෙන code එක ගැහුවා. ගහල ආයෙත් check කරලා බලද්දී මුන් මම දාපු monthly rental package එක deactivate කරලා. :growl::growl:

    පෙරේදා Rs.299 දාල activate කරපු package එක අද deactivate කරලා. :frown::frown: මම ඒකෙන් එක මෙගාබයිට් එකක්වත් පාවිච්චි කරලත් නෑ. අනික මම වැරදි code ගහලත් නෙමෙයි. සෑහෙන්න සල්ලි නාස්ති වුණා බං කිසිම තේරුමක් නැතුව. මගේ Rs.500 විතර නාස්ති වුණා 1MB එකක්වත් පාවිච්චි කරන්නෙත් නැතුව.

    මම customer care කතා කරලා සීන් එක කිව්වා. උන් කියනවා වෙච්ච දේ ගැන කණගාටුයි. ඒත් ඒ package deactivation එක ආයෙත් undo කරන්න බෑ කියල. දැන් උන් මම deactivate කරපු package එකෙන් දිගටම සල්ලි කපා ගත්තු එකට කරන්න දෙයක් නැද්ද බං?

    මේක පැහැදිලිවම පේනවනේ මුන් කලේ ප්‍රෝඩාවක් කියල. නැත්නම් මම monthly rental package එකක් activate කරලා තියෙද්දී daily rental package එකෙන් සල්ලි කැපෙන්න බෑනේ. මොකද මුන් monthly rental activate කරන්න දෙන්නේ daily rental deactivate කලොත් විතරයි.

    අනේ මන්ද බං. හෙන අසාදාරණයි මුන්ගේ වැඩ. මම මේක දැම්මේ උඹලටත් දැන ගන්න මුන්ගේ වැඩ ගැන. ලංකාවේ අංක එකට ඉන්න mobile service provider මෙහෙම නම් අනිත් එවුන් ගැන කවර කතාද? උඹලටත් මේ වගේ දේවල් වෙලා තියේනම් කියපල්ලා.

    :sorry::sorry::sorry::sorry:

    P.S. (උඹල උඹලගේ mobile phone එකේ balance එක ගැන හොඳ අවදානයෙන් ඉඳලා බලපල්ලා සතියක් විතර. උඹලටම තේරෙයි මුන් බොරුවට සල්ලි කපාගන්නවා කියල. මම මේ කියන්නේ ඩයලොග් ගැන විතරක් නෙමෙයි. අනිත් එවුනුත් ඇතුළුව.)

    මචං daily rental package එක deactivate කරන්න ගහන්නේ OFF DBB කියලා.. උඹ OFF KBB කියලා ගහලා ඉල්ලන් කාල තියෙන්නේ. උන්ගේ වෙබ් පේජ් එක හරියට කියවපං. උඹලා හරියට කියවන්නේ නැතිව පිස්සු කෙලලා අන්තිමේදී එක එක ආයතන වලට බනිනවා
    :lol::lol::lol::lol::lol::(:growl:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mageth oya widiyata una machan rs packege eken digatama salli kepenna gaththa mama deactivate karalath digatama kepenna gaththa .mama ita passe call karala kiwwa complain ekak danna one kiyala un eka demma ankayakuth dunna ita passe e sathiye kepuna salli okkoma refund kara call walata kepuna sallith refund kara e data th mama use kara rs 1000 withara labai mata nam.

    oya uba demma kiyana packege deactivate kalath e kalaya athulath data denawa mata penne agent uba andala wage
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං daily rental package එක deactivate කරන්න ගහන්නේ OFF DBB කියලා.. උඹ OFF KBB කියලා ගහලා ඉල්ලන් කාල තියෙන්නේ. උන්ගේ වෙබ් පේජ් එක හරියට කියවපං. උඹලා හරියට කියවන්නේ නැතිව පිස්සු කෙලලා අන්තිමේදී එක එක ආයතන වලට බනිනවා
    :lol::lol::lol::lol::lol::(:growl:

    OFF DBB තමයි බං මම ගැහුවේ. මෙතන type කරද්දී මට පැටලුනා. මම ඔක්කොම codes ටික බල බල හිටියෙ මේක type කරද්දී. එකයි පැටලුනේ. OFF DBB ගහල deactivate කරපු නිසා තමයි බං monthly rental activate කරන්න පුළුවන් වුනේ. වැරදි code එකක් ගැහුවා නම් deactivate වෙන්නේ නෑනේ. :) :)
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මචං daily rental package එක deactivate කරන්න ගහන්නේ OFF DBB කියලා.. උඹ OFF KBB කියලා ගහලා ඉල්ලන් කාල තියෙන්නේ. උන්ගේ වෙබ් පේජ් එක හරියට කියවපං. උඹලා හරියට කියවන්නේ නැතිව පිස්සු කෙලලා අන්තිමේදී එක එක ආයතන වලට බනිනවා
    :lol::lol::lol::lol::lol::(:growl:

    ehema ne daily rental packege deka athare maru wenna rs20 package eka deactivated karanne one ne
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    OFF DBB තමයි බං මම ගැහුවේ. මෙතන type කරද්දී මට පැටලුනා. මම ඔක්කොම codes ටික බල බල හිටියෙ මේක type කරද්දී. එකයි පැටලුනේ. OFF DBB ගහල deactivate කරපු නිසා තමයි බං monthly rental activate කරන්න පුළුවන් වුනේ. වැරදි code එකක් ගැහුවා නම් deactivate වෙන්නේ නෑනේ. :) :)

    299 deactivate kalata e data gana ehemma ma denna one package eka monthly renew wena eka witharai nawathinne
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    299 deactivate kalata e data gana ehemma ma denna one package eka monthly renew wena eka witharai nawathinne

    ඔව් බං උඹ කියන එක හරි. හරි විදියට නම් මම සල්ලි ගෙවපු data ටික මට දෙන්න ඕනේ උන්. ඒත් මම data balance එක බැලුවම 0 කියල වැටෙන්නේ බං. :sorry::sorry:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    මම data balance එක බැලුවම 0 කියල වැටෙන්නේ බං. :sorry::sorry:

    eka thamai matath une rs 20 package eka thiyeddi mama 299 demma ita passe winadiyak witha yanakota mage account eken salli kepenna gaththa ita passe thamai call karala kiwwe .48 hours walin hadanawa kiwwa ita passe kepuna salli refund kala thibuna
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    වැඩක් නෑ බන්. මුන් තරම් අසික්කිත service provider කෙනෙක් මේ මුලු ලෝකෙම නැතුව ඇති.
    ඔය වගේ සීන් එකක් උන එකම කෙනා උඹ නෙවෙයි. ලංකාවෙ ඩයලොග් පාවිච්චි කරන හැම එක්කෙනාටම වෙනව. ඒත් අහුවෙන්නෙ බොහොම පොඩ්ඩකටයි.
    මටත් ඔය වගේ කැරි සීන් ගොඩක් කරල තියෙනව ඩයලොග් එව්න්.
    ලඟදිම උනේ ඩයලොග් ටීවී එකේ සිද්දියක්.
    මම star cricket active කරා මාස 6කට විතර කලින්. ඊලඟමාසෙ deactive කරන්න ගියාම sms යන්නෙ නෑ. call කලා ඒත් contact කරගන්න බෑ.
    අපේ ගෙදරට ඉස්සරහ ගෙදරටත් ඔය සිදියම වෙලා. active කරන්න sms එක යනව. deactive කරන sms එක යන්නෙ නෑ.
    ඊට පස්සෙ e-mail මම කලා මේක කියල.
    උන් කියනව සමාවෙන්න ලු. දැන් deactive කරන්නම් ලු. ඒට පස්ස ඊලඟ මාසෙ deactive වෙලා. මම ගිය සතියෙ මාස ගානකට පස්සෙ bill එක බලනකොට තාම ඒ channel එකට bill ඒක එනව. channel එක ඇත්තෙත් නෑ. තාත්තත් ඔව බලන්නැතුව pay කරල.
    මම call කරාම sorry ලු. අපි ඊලඟ මාසෙ billන් අඩු කරන්නම් ලු.\
    එකේ වැඩ කරන එව්න් ම කියනව බලු වැඩමයි කරන්නෙ කියල. උන්ට කරන්න දෙයකුත් නැතිලු උඩින් කරන නිසා :no:
     
    උන් කාලයක් ලංකාවේ වැඩියෙන්ම ලාබ ලබපු ආයතනයත් වුණා නේද? ලාබ නැද්ද බං ම්නිස්සුන්ගේ සල්ලි වංචාවෙන් අර ගනිද්දී. මේකට පලවෙනි හේතුව අපි ගෙවන මුදල ගැන අපි අවදානයෙන් ඉන්නේ නැති එක මචන්. උන් මාසේ අන්තිමට කීයක් කිව්වත් අපි ගෙවනවා කියල උන් දන්නවා. මිනිස්සුන්ටත් වැඩ තියෙනවා නේ බං ඔකුන්ගේ package වල ගණන් හද හද ඉන්නවට වැඩිය. වැඩිපුර කපුනොත් අපි හිතන්නේ ආණ්ඩුවේ බද්ද නිසා කැපෙනවා කියල. බිල් එකක් වුනත් එහෙමයි. වැඩිපුර දාල තියෙන ගාන අපි හිතන්නේ ආණ්ඩුවේ බඩු කියල. ඉතින් ගිහින් ගෙවල එනවා. එක නිසා උනුත් බය නැතුව ඔය වැඩේ කරනවා.

    ඉඳලා හිටලා හරි අහු වුනොත් sorry කියල refund කරනවා.
    :growl::growl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අමතපන් ජාතිය දවසක් මගෙත් ඩයලොග් බිල් එක ගෙදරට එන් නැතිව මන් කතා කළා ඒ පාර උන් කියනව සර් එඩ්‍රස් දාල නෑ ඒකයි ඇවිත් හදා ගන්න කියල මන් කීව මන් හරියට පිරෙව්ව තමුසෙලාගෙ වැරදි වලට මන් පලි නෑ කියල ඒත් මූ බර බරේ දානව ඒ පාර ඌට හොදම එකෙන් කීව විනාඩි 5 ඉන්න කීව ඒ ගමන් වැඩේ ගොඩ හොදින් කියල කරන්න බෑ ඕවගෙ වැඩ කරන උනුත් වැඩි කල් ඉන් නෑ මිනිස්සුන්ගෙ කුප්ප කතා අහල ඇති උනාම යනවා දමල ගහල
    :yes::yes::yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මටත් ඔය සීන් එක ඔහොමම උනා. මම හැබැයි off dbb ගහන්න කලින් customer care කතා කලා. එතකොට උෟ කිව්ව මට off dbb ගහල deactivate කර ගන්නලු. මට වෙලාවට මීටර් වෙලා තිබ්බෙ ඕකෙ daily rental 20 ruppe එකයි monthly rental 299 ruppee එකයි දෙකම deactivate කරන්න ගහන්න තියෙන්නෙ off dbb එකම කෝඩ් එක. මම ඌට කිව්ව off dbb ගහපුවම දෙකම deactivate වෙනව නේද කියල. මිනිහ කල්පනා කරල ඕව් සර් ලු. ඒගොල්ලොන්ගෙ system එකේ අවුලක් ලු. දෙකම එකපාර activate වෙන්න විදියක් නැතිලු. වරල නිවැරදි කරල sms එකක් එවන්නන් ලු. දවසකට විතර පස්සෙ sms එකක් ආව daily rental එක විතරක් deactivate කරල refund එකකුත් එක්ක. dialog හැත්ත මාර කපටි සෙට් එකක්. මොනව හරි කියල ඇඟ බේර ගන්න හදන්නෙ ඕකුන්.
     
    • Like
    Reactions: JesonRulez

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මුන් පට්ට හොරැ. පොස්ට් පේඩ් පැකේජ් වල බිල පාවිච්චි කරන්නත් කලින් හදල එවනව. මම ඇහුව මේව පෝස්ට් පේඩ් ද ප්රී පේඩ්ද කියල, එහෙම නැතිලු ඇඩ්වාන්ස් පේමන්ට් එකක් විදියටලු බිල අය කරන්නේ. අම්මගෙ රෙද්දේ ඇඩ්වාන්ස් පේමන්ට්...:frown::frown::frown::frown::frown::frown::frown: