ප්රදේශ රැසකට විදුලිය ඇණහිටියි
2021-05-26
අධික සුළන් තත්ත්වය හේතුවෙන් ප්රදේශ රැසකට විදුලිය ඇණහිට තිබෙනවා.
දඹුල්ල, කෑගල්ල, රත්නපුර, බලංගොඩ, හොරණ, ඉංගිරිය, කුරුණෑගල සහ කුලියාපිටිය යන ප්රදේශවල වලට විදුලිබලය ඇණහිට ඇති බවයි වාර්තාවන්නේ.
අධික සුළන් තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා මෙලෙස විදුලිය ඇණහිට තිබෙනවා.
මේ හේතුවෙන් නිවාස 76,000 ට පමණ විදුලිබලය ඇණහිට ඇති බවයි වාර්තාවන්නේ.
Neth news