ඩ්රෑකියුලා
"ඩ්‍රෑකියුලා" කිව්වම ඉතින් හැමෝටම හිතට එන්නේ කළු ඇඳගත්තු රතු පාට ඇස් තියන ලස්සන ගෑනුන්ගේ ලේ බොන ඉර එළියට බය වවුලෙක් වගේ ඉන්න මනුස්සයෙකුටනේ.
එහෙම තමයි අපි මේ ඩ්‍රෑකියුලා ගැන කථා අහලා තියෙන්නෙත් බලලා තියෙන්නෙත්. ඒත් මේ කථා විතරයි. ඇත්තටම ඩ්‍රෑකියුලා කෙනෙක් මේ ලෝකේ ඉඳලා තියනවා. මේ කියන්න යන්නේ හරිම ඩ්රෑකියුලා ගැන විස්තර ටිකක්.
ඩ්‍රෑකියුලා කියන්නේ 15 වෙනි ශතවර්ශේ ජීවත් උනු තුන් වන ව්ලැඩ්, වලචියා කුමරු කෙටිම නම ඩ්‍රෑකියුලා. ඩ්‍රෑකියුලා කියන්නේ රෝමෙනියන් භාෂාවෙන් මකරටලු. ඩ්‍රෑකියුලා වෙන්නේ මකරාගේ පුතාටලු.
ව්ලැඩ් III හෙවත් "ඩ්‍රෑකියුලා"
ඉතිහාසයේ හිටපු නපුරුම දරුණුම පාලකයෙක් තමයි මේ ව්ලැඩ්. ව්ලැඩ් ඉපදෙන්නේ නොවැම්බර - දෙසැම්බර් මාස අතර මැද 1431 දී බුකාරෙස්ට් හි සිගිසොහාරා කියන නගරයේ. මෙයාගේ පියා දෙවන ව්ලැඩ් ඩ්‍රෑකියුලා වෙනවා. මවගේ නම මොල්ඩෝවාවේ ස්නේජ්නා වෙනවා. තුන් වන ව්ලැඩ් හට බිරින්දෑ වරුන් තුන් දෙනෙක් හිටියාලූ. මෙයාලගේ පරම්පරාව හදුන්වන්නේ ඩ්‍රෑකියුලැස්ති කියලයි. ව්ලැඩ් හට පියාගේ අනික් කසාදෙන් හම්බුනු සහෝදරවරුන් දෙන්නෙකුත් ඉඳලා තියනවා.
ඩ්‍රෑකියුලා විසු රොමේනියාවේ "බ්‍රැන්" මාළිගාව.
ව්ලැඩ් ගොඩක්ම ප්‍රසිද්ද මිනිස්සුන්ට උල තියලා මරණ එකටලූ. ව්ලැඩ් ගේ පාලන කාලේ එහෙම උල තියලා මරපු ගණන 100,000 ඉක්මවනවා කියලලු කියන්නේ. ඒක එක එක කතාවල් හැටියට වෙනස් උනත් මරපු ගණන ඔය ආසන්නයෙන්ම යනවා. ව්ලැඩ් බොහොම ප්‍රිය කරාලු හතුරන්ට දස වද දීලා අන්තිමට උල තියලා මරලා දාන්න. එක කථාවක කියනවා හතුරෝ ටිකකට රැ කෑමකට එන්න කියලා කෑම කෑවට පස්සේ ඒ මේසේම පුටු වලට උල් හයි කරලා මැරුවා කියලා. මරුන අයගේ බිම වැටුන ලේ ව්ලැඩ් පාන් වල ගාගෙන කෑවා කියලත් සමහරු කියනවා.
ව්ලැඩ් ගේ ප්‍රියතම උල තියලා මැරීම
ව්ලැඩ් ගොඩක්ම යුද්ද කරේ ඔටෝමන් අධිරාජ්‍යවරයා එක්ක. සටන් කරන ගමන් මැරුණු ගන්නත් තාමත් ගණන් කරගන්න බැරිලු. එහෙම යුද්ද කරනකොට අල්ල ගත්තු හමුදාවේ අයව ව්ලැඩ් තමාගේ සේනාව සමග එකතු වෙලා උල තතියලා මරලා දානවා.
ව්ලැඩ් මේ විදියට සතුරු හමුදාව මරන්න හේතු උනේ ව්ලැඩ් ගේ පියාව පියාගේ යටතේ හිටපු විශ්වාස වන්ත පුද්ගලයන් ව්ලැඩ් පවුලේ හතුරන් සමග එකතු වෙලා පියාව පණපිටින් වලලපු පලිය ගන්නලූ. එහෙම කරපු අයව ව්ලැඩ් තුර්කි හිරේ ඉඳපු කාලේ නිදහස් වෙලා ආපු ගමන් පියාගේ මරණය ආරංචි උන ගමන් තමන්ගේ ගමට ආපු හැටියම පියාගේ මරණෙට සම්බන්ද අයව පණ පිටින් උල තිබ්බා කියලයි කියන්නේ. ව්ලැඩ් ට දුප්පත්, ලෙඩ මිනිස්සු පෙන්නන්ඩ බැරිලු. ගොඩක් වෙලාවට ලෙඩ්ඩු, දුප්පත් මිනිස්සු එක තැනකට එන්න කියලා හොඳට කන්න බොන්න දීලා පස්සේ ඔක්කොම එක තැනකට එකතු කරලා පුච්චලා දානවලු. ගොඩක් වෙලාවට ව්ලැඩ්ගේ විනෝදෙට ගම් පිටින් වනසනවලු.
ව්ලැඩ්ගේ ගමේ මිනිස්සු 60,000 දිළිඳු බවෙන් හිටියලු. ව්ලැඩ් හරියටම ගම මැද රත්තරං වලින් හදපු කෝප්පයක් හිටවලා තිබ්බලු කව්රු හරි ජගතෙක් ඉන්නවා නං ඒ කෝප්පේ අල්ලන්න කියලා. කොච්චර මිනිස්සුන්ට සල්ලි නැති උනත් කව්රුවත් ඒ කෝප්පේ දිහා වැරදිලාවත් බැලුවේ නැතිලු.
ගම මැද හිටවපු රත්තරං කෝප්පේ
කොහොමෙන් කොහොම හරි ව්ලැඩ් සටන් බිමේදී තමාගේම සේනාව හතුරු සේනාව එක්ක එකතු වෙලා ව්ලැඩ් ගේ බෙල්ල කපලා මරලා දැම්මා කියලලු කියන්නේ. ඒත් කවදාවත් මිනිය හම්බුනේ නැතිලු. ඉතින් ඉබේම "ඩ්‍රෑකියුලා" වෙනවා.

කොහොම හරි මේ ව්ලැඩ් කියන පුද්ගලයට අලුතෙන් පණ දෙන්නේ අයර්ලන්ත කතුවරයෙක් වන "බ්‍රැම් ස්ටෝකර්" විසිනුයි, ඒ 1897 මොහු විසින් ලියන ලද "ඩ්‍රෑකියුලා" නව කතාව අසුරෙනුයි.
"බ්‍රැම් ස්ටෝකර්"
බ්‍රැම් ස්ටෝකර්ගේ "ඩ්‍රෑකියුලා" නව කතාව
බ්‍රැම් ස්ටෝකර්ට මේ "ඩ්‍රෑකියුලා" නව කතාව ලියන්න හේතු උනේ රොමේනියානු ඉතිහාස
පොත් පත් කියවන අතර තුර ව්ලැඩ්ගේ කතාව කියවීමෙන් අනතුරුවයි. ඒ අනුව ව්ලැඩ්ට අලුත් පණක් දෙන්න බ්‍රැම් ස්ටෝකර ඔහුගේ නව කතාවෙන් උනන්දු වෙනවා. ඒ කතාව කොච්චර ප්‍රසිද්ද උනාද කිව්වොත් අදටත් මිනිස්සුන්ගේ හිත් වල "ඩ්‍රෑකියුලා" හැටියට මතක් වෙන්නේ බ්‍රැම් ස්ටෝකර් නිර්මාණය කරපු "ඩ්‍රෑකියුලා" වෙනවා.
දැන් ඉතින් ඊට පස්සේ "ඩ්‍රෑකියුලා" ගැන මොනවා හරි දැක්කොත් "ඩ්‍රෑකියුලා" ඉතිහාසේ අමතක කරන්න එපා.

Last edited:
good thread +