- ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) -

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    - ඩ්‍රයිවර් නැතුව දුවන ගූගල් කාර් (Google Autonomous Car) -

    google-car.jpg


    අන්තර්ජාල දැවැන්තයා වන ගූගල් සමාගම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අතරම අති විශාල පිරිවැටුමක් ද හිමි සමාගමකි. තමා උපයන ලාභය නොයෙක් ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීම ගූගල් සමාගමේ පිළිවෙතකි.
    පසුගිය වසරේදී වාර්තා වූ පරිදි පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කල ගූගල් සමාගම මෙවර සිය අවධානය යොමු කර තිබෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතයි. ඒ මිනිස් අනුදැනුමකින් තොරව, සම්පූර්ණ ස්වයංක්‍රීයව ධාවනය වන කෘතිම බුද්ධි කාර් රථයක් නිපදවීමටයි.


    ගූගල් සමාගම විසින් ස්වයංක්‍රීය කාරයක් නිපදවීම බැලූ බැල්මට නොගැලපීමක් මෙන් පෙනුනත් ඒ සඳහා අවශ්‍ය කරන සියළුම සම්පත් ගූගල් සමාගම සතුව පවතී. ගූගල් සිතියම් සේවය (Google Maps) හා අති දැවැන්ත සෙවුම් තොරතුරු ගබඩාවත්, ඔවුන් සතු සුවිසල් පරිගණක ධාරිතාවයත් නිසා මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීම ගූගල් සමාගමට අපහසු කරුණක් නොවේ. මේ වන විට මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමේ මට්ටමේ පවතින අතර, සැතපුම් 300,000 කට වැඩි දුරක් මේ ස්වයංක්‍රීය කාර් රථ ධාවනය කරවා තිබේ. රොබෝ විද්‍යා පර්යේෂණ ඉතිහාසයේ මේ තරම් දුරක් අත්හදා බැලීමකට ලක් කළ පළමු අවස්ථාව මෙයයි.

    google-autonomous-car-test-driven-by-blind-man-3.jpg


    ගූගල් සමාගමේ අභිලාෂය වන්නේ මහමග අනතුරු අවම කරන ප්‍රවාහන තාක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමටයි. ගූගල් සමාගමේ සම නිර්මාතෘ වන සර්ජි බ්‍රින් පවසා සිටියේ මිනිස් රියදුරන්ගේ වැරදි හා නොසැලකිළිමත්කම හේතුවෙන් මාර්ග තදබදයත්, ඉන්ධන අපතේ යෑමත් වැඩිවන බවයි. මේ ව්‍යාපෘතිය රිය ධාවනය ක්‍රමවත් හා කාර්යක්ෂම කිරීමට අපේක්ෂිත අතර ඒ මගින් ඉන්ධන පරිභෝජනය අවම කිරීමට ද, මිනිස් ඵලදායිතාවය වැඩි කරලීමට ද අපේක්ෂිතයි. අත්හදා බැලීමේ පර්යේෂණ කටයුතු සඳහා ගූගල් සමාගම විසින් ටොයෝටා ප්‍රයස් (Toyota Prius) වර්ගයේ දෙමුහුම් කාර් රථ 7 ක් යොදා ගෙන තිබිණි. එම කාර් සඳහා විශේෂ සංවේදක පද්ධති සවිකර ඇති අතර කාර් රථය පාලනය වන්නේ මෙහි අඩංගු කර ඇති පරිගණක පද්ධතිය මත ධාවනය වන කෘතීම බුද්ධි වැඩසටහනක් මගිනි. කාර් රථය ස්වයංක්‍රීයව පාලනය වුවත්, හදිසි අවස්ථාවකදී ක්‍රියාකාරීත්වය භාරගැනීම සඳහා මිනිස් රියදුරෙක්ද මේ කාර් රථ වල ගමන් ගනී.

    google-self-driving-autonomous-car-taco-bell-blind-1.jpg


    මෙවැනි තාක්ෂණ ක්‍රමයක් ලොවට හඳුන්වා දීමෙන් ගූගල් සමාගම බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔබ සමහර විට විමසා සිටිනු ඇත. මෙවැනි රොබෝ කාර් මගින් මිනිසුන් හට නිදහසේ ප්‍රවාහන කටයුතු සිදුකර ගත හැකි නිසා ඔවුන්ගේ කාලය ඉතිරි වන අතර ඒ කාලය තුල වෙනත් වැඩක නිරත වීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත. එහිදී මෙම කාරයට ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියක් සම්බන්ධ කර ඒ තුලින් අන්තර්ජාලය, පෞද්ගලික ඊ-මේල් ගිණුම, අළුත්ම පුවත් හා වෙනත් සේවා වෙත පරිශීලකයන් යොමු කල හැකියි. මේ සියල්ලේම අවසන් ඉලක්කය වන්නේ ගූගල් සමාගමේ සේවාවන් නිසා එමගින් ඔවුන්ට ආදායමක් උපයා ගත හැකි බව විචාරකයන්ගේ මතයයි.


    මේ ව්‍යාපෘතියේ ප්‍රධානියා වන සෙබස්තියන් තුරාන් පවසා සිටියේ ඇමරිකාවේ මිනිසුන් දිනකට පැය දෙකකට වැඩි කාලයක් ගමනාගමනය සඳහා ගතකරන බවයි. ඒ කාලය ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීමට මේ ව්‍යාපෘතිය මගින් ඉඩ සැලසෙනු ඇත. “අපේ අපේක්ෂාව වන්නේ රිය අනතුරු වැළැක්වීම හා කාලය ඉතිරිකර දීමයි. ඒ වගේම කාර් සඳහා රියදුරන් අනවශ්‍ය බැවින් එකම කාරය කිහිප දෙනෙකුට භාවිතා කළ හැකියි. එමගින් පරිසරයට එකතුවන අහිතකර වායු විමෝචනය අවම කළ හැකියි...” යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටී.


    තමා විසින් තනිවම ධාවනය වන මේ ආකාරයේ කාර් රථයක් නිපදවීමේ අභියෝගය ජය ගැනීමට ගූගල් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ඇත්තේ මේ ක්ෂේත්‍රයේ හොඳම පළපුරුද්දක් හා හැකියාවක් පෙන්නුම් කල විද්‍යාඥයින් පිරිසකි. මේ ව්‍යාපෘතිය යථාර්ථයක් කිරීම සඳහා ඩිජිටල් සිතියම් සේවා, GPS සැරිසැරුම් පද්ධති, දෘශ්‍ය හඳුනාගැනීම් පද්ධති, බාධක හඳුනාගැනීමේ පද්ධති, ගැටීම් වලක්වාලන උපක්‍රම, කටහඬ හඳුනාගැනීමේ පද්ධති හා මේ සියල්ල සමගින් එකතුව තනිව තීරණ ගත හැකි කෘතීම බුද්ධි මෘදුකාංගත්, එය ධාවනය කිරීම සඳහා විශේෂිත පරිගණක දෘඪාංග පද්ධතියකුත් අවශ්‍ය වේ. මේ සියළු අංශයන්හි ප්‍රවීණත්වය ලත් විශිෂ්ඨ ඉංජිනේරු සමූහයකගේ දායකත්වය මේ රොබෝ කාරය සඳහා ලැබී තිබේ.

    google-driverless-car.jpg


    ගූගල් සමාගම මේ ව්‍යාපෘතිය සඳහා යොදවා ගත් ටොයෝටා ප්‍රයස් කාරය විශේෂයෙන් වැඩි දියුණු කර තිබේ. ඒ අනුව කාර් රථය පාලනය වන පරිගණක පද්ධතිය සඳහා කිසිදු කරුණක් නිසා වත් අකර්මන්‍ය නොවන ආකාරයේ පරිගණක දෘඩාංග පද්ධතියක් යොදවා තිබේ. එමෙන්ම පාලක පුවරුව සඳහා විශේෂිත වූ තිර යොදවා ඇත. කාරයේ ඉහලින් විශේෂ ලේසර පරිලෝකන (Laser Scanner) යන්ත්‍රයක් යොදා තිබේ. එය අංශක 360 ම ආවරණය වන පරිදි කැරකැවෙන අතර එමගින් කාරය වටා ඇති අඩි 200 ප්‍රදේශයක ඇති සියළුම වස්තුන්ගේ ත්‍රිමාන සිතියමක් තනා දේ. මෙම දත්ත හා පරිගණක මෘදුකාංගයේ කලින් ඇතුළත් කර ඇති දත්ත මෙන්ම GPS හා සිතියම් සේවා මගින් ලැඛෙන දත්තත් එක්තැන් කර හරි මාර්ගය තෝරා ගන්නට මේ පද්ධතියට හැකියාව ලැබේ.

    10google3-popup.jpg


    අනතුරු වැළැක්වීමත් මේ පද්ධතියේ අනිවාර්යය අංගයකි. කාරය තුළ වින්ඩ්ස්ක්‍රීනය ට ඇතුලතින් ඇති පසුපස බලන කණ්ණාඩිය අසල විශේෂිත කැමරාවක් සවිකර තිබේ. මෙමගින් කෙරෙන්නේ මාර්ග ආලෝක සංඥා හඳුනාගැනීමයි. එසේම පදිකයන් හා පාපැදිකරුවන් වැනි හදිසියේම කාරය ඉදිරිපසින් ගමන් කරන වස්තූන් හඳුනාගැනීමටත් මේ කැමරාව සහාය වේ. කාරයේ ඉදිරිපස ඇති රේඩාර් සංවේදක තුන හා පසුපස ඇති එක් රේඩාර් සංවේදකයක් මගින් දුර ඇති වස්තූන්ගේ පිහිටීම හා ස්ථානය පිළිබඳ දත්ත ලබාදේ. පිටුපස වම් රෝදයේ ඇති විශේෂ සංවේදකයක් මගින් කාරයේ සියුම් චලනයන් පවා හඳුනාගන්නා අතර එමගින් ඩිජිටල් සිතියම මත කාරය පිහිටන ස්ථානය දශමයටම නිවැරදිව සකසා දේ. මීට අමතරව කාරයේ පිහිටීම ලබා ගැනීමට GPS ආදාන උපාංගයක් ද, චලන සංවේදකයක් ද මෙහි අඩංගු කර තිබේ. මේ පද්ධති සියල්ලෙන්ම ලැබෙන දත්ත විශේෂිත මෘදුකාංගයක් මගින් සැකසීමෙන් මේ කාරයේ ‘බුද්ධිය‘ නිර්මාණය වේ. මේ සියලූම දත්ත සැකසීම සඳහා ගූගල් සමාගමේ දත්ත මධ්‍යස්ථාන (Google Data Centers) වල ඇති දැවැන්ත පරිගණකවලින් විශිෂ්ඨ සේවාවක් ලබාදේ.


    මෙතෙක් සිදුකරන ලද අත්හදා බැලීම් වලදී වාර්තා වී ඇත්තේ එක් සුළු අනතුරක් වන අතර පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වන බව පෙනී ගොස් ඇත. හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වන රියදුරන්ද මෙම කාර් රථ සමග යොදවා ඇති අතර එවැනි හදිසි අවස්ථාවලදී තමන් පාලනය භාර ගන්නා විට ස්වයංක්‍රිය වැඩසටහන මගින් ද ඒ සඳහා හොඳින් ප්‍රතික්‍රියා දක්වා තිබෙන බැව් මේ සඳහා සහභාගි වූ රියදුරන් ප්‍රකාශ කර තිබේ. මේ ආකාරයෙන් ධනාත්මක ලකුණු පෙනෙන්නට ඇති මුත් ප්‍රායෝගික භාවිතය සඳහා අවශ්‍ය විශ්වාසනීයත්වය ගොඩනැගීමටත්, මේ තාක්ෂණය දැරිය හැකි මිලකට ලබාදීමටත් අවම වශයෙන් තවත් අවුරුදු 8 ක් වත් ගත වනු ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. මේ වන විටත් ඇමෙරිකාවේ නෙවාඩා හා ෆ්ලොරිඩා ප්‍රාන්ත තුල මේ රථය සඳහා රියදුරු බලපත් හිමිව තිබේ. කැල්ෆෝනියා ප්‍රාන්තය තුලත් මෙම ස්වයංක්‍රීය රථය ධාවන පරීක්ෂණ සඳහා යෙදවීමට පසුගියදා අවසරය ලැබිණි.

    Roads-Will-Be-Filled-With-Autonomous-Cars-By-2040-600x336.jpg


    කුඩා කල රූපවාහිනියෙන් නැරඹූ නයිට් රයිඩර් කථා මාලාවේ හා තවත් නොයෙකුත් විද්‍යා ප්‍රබන්ධ කථාවන්ගේ දැක්වෙන් ආකාරයේ තනිව ධාවනය වන කාරයක් ගැන සිහිනය අපගේ ජීවිත කාලය තුලම සැබෑවනු ලඟදීම දැකගන්නට ලැඛෙනු ඇත. තවත් අවුරුදු දහයකින් හෝ පහලොවකින්, ස්වයංක්‍රීය කාර් රථයක නැගී, අන්තර්ජාලයේ සැරිසරමින් විවේකීව ගමන් කරන මිනිසුන් දකින්නට ලැබීම එතරම් අරුමයක් නොවනු ඇත...

    -----------------------------------------
    උපුටාගැනීම
    http://www.chathucn.blogspot.com/
    ____________________________







     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එහෙනම් අපිට පාරෙදි රියදුරන් නැති වාහනත් දකින්න පුලුවන් වෙයි:lol:
     
    Last edited: