නිදිමතක් එනවනම් අනිවාර්යෙන් වාහනේ නවත්තලා විනාඩි 15 හෝ 20 කට alarm තියල නිදාගන්න. එතනින් පස්සේ alarm එක වැදුනම ඇහැරිලා මුනේ වතුර ටිකක් එහෙම ගාගෙන බලන්න දැන් හරිද නිදිමත ගිහින්ද එලවන්න පුලුවන්ද කියල. පුළුවන් නම් එලවන්න. බැරි නම් ආයේ නිදාගන්න මේ පාර විනාඩි 15/20ක් නෙවේ නිදිමත සම්පුර්ණයෙන්ම නැතිවෙනකන් හොදට නිදාගන්න.
කවදාවත් නිදිමතක් එනවනම් එකේක ක්රම වලින් ඇහැරිලා ඉදගෙන drive කරන්න උත්සහ කරන්න එපා. අනතුරක් වීමේ හැකියාව ඉතාම ඉහලයි. ඕනෙම වෙලාවක පාලනය නැතිවිය හැකියි.
ගෙදරට තව මීටර් 100ක් උනත් නිදිමතක් එනවා නම් දමල ගහල නිදාගන්න. ආන් ගෙදර අතනනේ මෙතනට පෙනේවනේ කියල යන්න ට්රයි කරන්න එපා. ඒ යන ඩිංගට ඇහැ පියවෙලා හැප්පෙන්න හෙලක් පල්ලේ වැටෙන්න පුළුවන්.
නිදිමත එන්නේ කියල නෙවේ. ක්ෂ්නිකයෙන්ම. නිමේෂයකින්. ඒ වෙලාවට ආයේ කතා එපා අනිවාර්යෙන්ම වාහනේ නැවැත්තුවා නිදාගත්තා.කවදාවත් චාන්ස් ගන්න එපා.
මම ඉස්සර trinco වැඩ කරපු කාලෙක දවස් දෙකක් නිදිමරලා තුන්වෙනි දවසේ drive කරන් අවා. මහන්සිය තිබ්බත් ලොකු අව්ලක් නැති නිසා එළවන් අවා. නැවතිලා ඉන්න තැනට දුර තව මීටර් 500කටත් අඩුවෙන් තිබ්බේ. එක පාරටම නිමේශයකට ඇහැ පියවුනා. ඒවෙලාවේ ඇහැ පියවුනේ කිසිම warning එකක් දැනුම්දීමක් නැතුවයි. හැබැයි ඊලග තත්පරේ ඇහැරුනා. එතකොට මම හිටියේ පාරෙන් පිට ගිහින්, පාර අයිනේ සුදු ඉරට එහායින් තිබ්බ වැලි තීරුවේ වාහනේ ධාවනය වන ගමන්. ඊට එහා පැත්තේ ගස් ගල් කානු හැප්පෙන්න තිබ්බ චාන්ස් එක 99%. නින්ද ගිය කාලය බැලුවොත් තත්පරයක් විතර ඇති. හැබැයි ඒ ටිකට පාරෙන් ඉවතට පැනලත් ඉවරයි. ඊළගට කරපු වැඩේ තමයි අලි එනවද නැද්ද බැලුවේ නැහැ එහෙමම නැවැත්තුවා විනාඩි 15කට alarm තිබ්බා නිදාගත්තා. හැබයි alarm එකට මට ඇහැරුනේ නැහැ. අයෙ ඇහැරුනේ පහුවෙනිදා උදේ.
අනික් එක තමයි නින්ද යනකොට අපේ කකුල accelerator එක පෑගිලාමයි තියෙන්නේ. උඩ කිව්ව සිදුවීමේදීත් එහෙමයි උනේ. අපි හැමෝටම වෙන්නෙත් එහෙමයි. හැබයි මෙතුවක් කාලෙකට මට මුනුගැසුණු එක driver කෙනක්ගේ විතරක් නින්ද යනකොට කකුල accelerator එකෙන් අයින් වෙනවා කියල ඔහු සදහන් කරලා තියෙනවා. එක වතාවක් ඔහුට එහෙමම පාර මැද නින්ද ගොසින් රෑ යන බස් හෝන් කරපු පාර තමයි නැගිටිලා තිබ්බේ. කොහොම උනත් ඒ වෙලාවේ ඔහුව පිටුපසින් එන කෙනක් අතින් උනත් හැප්පෙන්න ඉඩ තිබ්බ.
නිදිමත නෙවේ නිදිමතක් වගේ ආවද එහෙනම් අනිවාර්යෙන්ම වාහනේ නැවැත්තුවා නිදාගත්තා.