ඩිල්ෂාන් කළුතර මහා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කල දක්ෂ ක්‍රීඩකයෙකි. දුලිප් ලියනගේ, මාලිංග බණ්ඩාර වැනි ක්‍රීඩකයන් කළුතර මහ විද්‍යාලයේ දායාදයන් වේ. නමිත් ඩිල්ෂාන් තම මව් පාසල වෙනුවෙන් කල දෙයක් මා දන්නා තරමින් නැත. එම විදුහලේ ආදි ශිෂ්‍යයින් කියන ආකාරයට ඩිල්ෂාන් තම පාසලට ක්‍රිකට් පන්දුවකින් හෝ ආධාරයක් ලබාදී නොමැත. තමා මෙවැනි ස්ථානයට ගෙන ඒමට මුලික අඩිතාලම ලබා දී නිසි පුහුණුව හා අවවාද ලබාදුන් තම ක්‍රිකට් මුල්ගුරුතුමාට අඩුම තරමේ දුරකතන ඇමතුමක්වත් ලබාදීමට අපේ මේ ජාතික කණ්ඩායමේ නව නායකයාට අමතක වී ඇත. තමා ජීවිතයේ කේන්ද්‍රස්ථානය වු පාසල අමතක කර දමන්නට තරම් ඩිල්ෂාන් සමත් වුවේ මුදල් නිසා නොව්ද. ඇතැම් පාසල් වලින් ජාතික තලයට පිවිසි ක්‍රීඩකයන් තම පාසලේ විවිධ කටයුතු සදහා දායකත්වය නොපැකිලිව ලබාදේ. උදාහරණයක් ලෙස අර්ජුන, මාවන්, මහානාම, ධර්මසේන වැනි දැවැන්තයින් හදුන්වා දිය හැක. ඩිල්ෂාන්ට තවත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් එහාට ඉගෙනගත යුතුදේ බොහෝය යන්න මගේ මතකයයි.