ඩීවිලියර්ස්ගේ අමන කතාවට දිමුත් මුල් වරට &#3508

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    ඩීවිලියර්ස්ගේ අමන කතාවට දිමුත් මුල් වරට &#3508

    “කවුරුහරි මගේ රට හෑල්ලු කරොත් අපේ වැඩ පෙන්නනවා” – ඩීවිලියර්ස්ගේ අමන කතාවට දිමුත් මුල් වරට පිළිතුරු දෙයි..!

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා. මෙහිදි තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින් ජයග්‍රහනයට විශාල දායකත්වයක් සැපයූවේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න යි . දැනට තරගාවලියේ වැඩිම ලකුණු රැස් කර තිබෙන ක්‍රීඩකයාද වන දිමුත් සිය දක්ෂතා පිළිබදව පුවත්පතක් සමග අදහස් දක්වා තිබුනා.
    එහිදි තම කණ්ඩායම හෑල්ලුවට ලක් කළ දකුණු අප්‍රිකා හිටපු නායක ඒ.බී ඩීවිලියර්ස් පිළිබදවද ඔහු අදහස් දක්වා තිබුනා.

    එම සංවාදය පහතින්,

    * ද. අප්‍රිකානුවන් එක්‌ක තිබුණු පළවෙනි ටෙස්‌ට්‌ තරගයෙන් විශිෂ්ට ජයක්‌ ලැබුවා?

    දවස්‌ දෙකහමාරක්‌ ඉතිරිව තියෙද්දි තරගය දිනන්න ලැබුණා. ඒ ගැන ගොඩක්‌ සතුටුයි.

    * ඒක ලෙහෙසි පහසු ජයක්‌ නෙමෙයි කිව්වොත්?

    හැම තරගයක්‌ම ලෙහෙසියෙන් දිනන්න බැහැ. ටීම් එකේ හැමෝගෙම කැප කිරීමෙන් ගත්ත ජයක්‌ මේක.

    * ඒ තරගයේ වැඩි බරක්‌ අදිමින් පළමු ඉනිමේදී ලකුණු 158 ක්‌ සහ දෙවැනි ඉනිමේදී ලකුණු 60 ක්‌ රැස්‌කර ගන්නවා?

    ලොකුම අභියෝගය වුණේ ද. අප්‍රිකාවේ වේගපන්දු යවන්නන්ගේ මුල් ඕවර් 15 ට විතර ක්‍රීඩා කරන එක. ඊට පස්‌සේ පැයක්‌ විතර විකට්‌ එකේ ඉන්නකොට මට තේරුණා හෙමින් ලකුණු වලට යන්න පුළුවන් කියලා. මේ තරගය මගේ 50 වැනි ටෙස්‌ට්‌ තරගය. ඒකේදි මතක හිටින ලකුණු සංඛ්‍යාවකට එන්න ලැබීම සතුටක්‌.

    * එතකොට ද. අප්‍රිකානු දඟ පන්දු යවන්නෝ අභියෝගයක්‌ වුණේ නැද්ද?

    ද. අප්‍රිකානුවන් ගොඩක්‌ තරග දිනන්නේ ඔවුන්ගේ වේගපන්දු යවන්නන්ගෙන්. මේ තරගයේදීත් ඔවුන් වේග පන්දු යවන්නො තුන්දෙනෙක්‌ ක්‍රීඩා කෙරෙව්වා. දඟ පන්දු යවන්නන්ට වඩා වේග පන්දු යවන්නො අභියෝගයක්‌ වුණා.

    * පළමු ඉනිමේ එක පැත්තකින් විකට්‌ යද්දි අනෙක්‌ පැත්තෙන් තනියම 158 ක්‌ ගහද්දි කොයි වගේ පීඩනයක්‌ද තිබුණේ?

    ක්‍රිකට්‌ වලදි ඒ වගේ අවස්‌ථාවන් එනවා. අපි ඒ ඕනෑම වාතාවරණයකට සූදානම් වෙලා ඉන්න ඕනේ. ඉතිං ඒ වෙලාවේ මං පීඩනයට හොඳින් මුහුණ දුන්නා කියලා හිතනවා.

    * ශ්‍රී ලංකාවත් එක්‌ක ක්‍රීඩා කරන එක ‘ඕෆ් සීසන්’ එකක ක්‍රීඩා කරනවා වගේ කියලා ද. අප්‍රිකානු හිටපු නායක ඒ.බී. ඩිවිලියර්ස්‌ මීට කලින් කියලා තිබ්බා?

    ඒ.බී. මොන අදහසකින් එහෙම කිව්වද කියන එක මම දන්නේ නැහැ. හැබැයි කවුරු හරි අපේ කණ්‌ඩායම හෑල්ලුවට ලක්‌ කරනවා නම් ඊට වඩා අපි හොඳයි කියලා පෙන්වන්න ඕන. මම හිතනවා මේ ජයග්‍රහණයත් එක්‌ක අපි කණ්‌ඩායමක්‌ විදිහට හොඳ තත්ත්වේ ඉන්නවා කියලා ඔප්පු කළා කියලා.

    * පළමු ටෙස්‌ට්‌ තරගයට ශ්‍රී ලංකා පිලේ එක්‌ වේග පන්දු යවන්නෙක්‌ පමණක්‌ ක්‍රීඩා කළ නිසා අවශ්‍ය වුණොත් ඔබත් පන්දු යවන්න නේද හිටියේ?

    මට මද වේග පන්දු යවන්න පුළුවන්. අවශ්‍ය වුණොත් ඒ දේ කරන්න මම සූදානමින් හිටියේ. කණ්‌ඩායමේ ජයග්‍රහණයට කොයි පැත්තෙන් හරි දායක වෙන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්‌.

    * ආබාධයක්‌ නිසා ඉකුත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය මිස්‌ වෙනවා?

    ඇඟිල්ලේ ඇතිවුණ ආබාධයක්‌ නිසයි ඒ අවස්‌ථාව මඟ හැරුණේ. සති තුනක්‌ ගියා ඇඟිල්ල සුව වෙන්න. ඒ වෙද්දි එක ටෙස්‌ට්‌ එකක්‌ පටන් අරන් තිබුණේ.

    * ඉතිං?

    චන්දිට ඕන වෙලා තිබුණා මාව ටීම් එකට ආයෙත් ගන්න. නමුත් සිලෙක්‌ටර්ස්‌ලා කිව්වා බංග්ලාදේශ ‘ඒ’ මැච් ටික ගහලා දකුණු අප්‍රිකානු තරගාවලියට සූදානම් වෙන්න කියලා. ඇඟිල්ල සුව වෙන්න ගිය සති තුනක කාලයේදී මම ප්‍රැක්‌ටිස්‌වත් කරලා තිබුණේ නෑ. ඒ නිසා ඒ වෙලාවේ සිලෙක්‌ටර්ස්‌ලා හොඳ තීරණයක්‌ ගත්තේ.

    * ඊට පස්‌සේ බංග්ලාදේශයේදී සාර්ථක පුහුණුවක්‌ ලැබුවා?

    එකපාර මැච් එකේ ගහද්දි පොඩි චකිතයක්‌ තිබුණා ආයෙත් අතේ පන්දුව වදියිද කියලා. ඒත් විකට්‌ එකේ ඉද්දි ඒ චකිතය නැති වුණා. ඊට පස්‌සේ පළවෙනි සිව්දින තරගයේදී මට ලකුණු 160 සීමාවට එන්නත් අවස්‌ථාවක්‌ ලැබුණා.

    * ශ්‍රී ලංකා පිලේ වැඩ බලන නායකයා ගැන කිව්වොත්?

    සුරංග හොඳ නායකයෙක්‌. ලැබුණ තරග දෙකම ඔහු හොඳට කළා. ටීම් එක හොඳින් පාලනය කිරීමේ හැකියාව ඔහුට තියෙනවා. ඒක හොඳ නායකයෙක්‌ගේ ලක්‌ෂණයක්‌.

    * විවේකයක්‌ ලැබුණාම මොකද කරන්නේ?

    විවේකයක්‌ ලැබෙනවා හරිම අඩුයි. එහෙම ලැබෙන හැම අවස්‌ථාවේම ගෙදර අයත් එක්‌ක ඉන්න කැමතියි. ඒ වගේම ෆිල්ම් බලන්න, ගමන් බිමන් යන්නත් කැමතියි.

    * මෑතක තිබුණු නංගිගේ විවාහයට දිමුත්ට ඉන්න වුණේ නෑ?

    නංගිගේ විවාහය තියෙන දවස එදාට දාගත්තේ මම. නමුත් මට හදිසියේ බංග්ලාදේශ සංචාරයට යන්න වුණා. නමුත් මම අන්තර්ජාලය හරහා සජීවීව විවාහ උත්සවය නැරඹුවා.

    * පහුගිය දවස්‌වල තිබුණු පාපන්දු ලෝක කුසලාන තරග බැලුවද?

    කිහිපයක්‌ බැලුවා.

    * කාටද දිමුත් කරුණාරත්න සපෝර්ට්‌ කළේ?

    මම මුලින් ඉඳන්ම බ්‍රසීලයට සපෝර්ට්‌ කළා. පස්‌සේ අවසන් තරගයේදී ක්‍රොයේෂියාවට සපෝර්ට්‌ කළා.

    සංවාදය : ගයාශාන් විතානආරච්චි /දිවයින
     
    • Like
    Reactions: Ekthara_Sahodarayek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    ඊලග තරගේ ලංකාව පැරදුනොත් මොනාද කියන්න වෙන්නේ? :no::no::no:

    අරූ ඕෆ් සීසන් කියලා හෑල්ලු කරේ අපි ගැන කතා කරලා වැඩක් නෑ වගේ අදහසකින්නෙ. ඊලඟ මැච් එක උන් උඩින් දින්නත් හිතට දුකක් නෑ මොකද උන් හෑල්ලු කරපු අපේ ටීම් එක උන්ව දවසක් කීපයක් හරි හොඳටම රිද්දවලා තියපු ටිකම ඇති බන්. උනුත් කවද හරි මේ අඩුපාඩු හදන් නැගිටීවී. ජයග්‍රහනය කියන්නෙ බොහොම තාවකාලික දෙයක් බව අපි හොඳට දන්නවා. ජයග්‍රහනයෙදි පරාජිතයින්ව ඕෆ් සීසන් කියලා පාගන්න තරම් මෝඩයො නෙවේ අපි.
     

    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina

    සුරංග හොඳ නායකයෙක්‌. ලැබුණ තරග දෙකම ඔහු හොඳට කළා. ටීම් එක හොඳින් පාලනය කිරීමේ හැකියාව ඔහුට තියෙනවා. ඒක හොඳ නායකයෙක්‌ගේ ලක්‌ෂණයක්‌:yes:.