ඩී.එන්.ඒ. වාර්තාව ගන්න හැටි දන්නවා ද?

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඩී.එන්.ඒ. වාර්තාව ගන්න හැටි දන්නවා ද?

    ඩී.එන්.ඒ. වාර්තාව ගන්න හැටි දන්නවා ද?
    DNA.jpg


    කොටදෙණියාවේ සේයා දියණිය ඝාතනයෙන් දින කිහිපයකට පසු සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේත් සේයාගේ පියාගේ සහ සීයාගේ රුධිර සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂණයකට ලක්කරනු ලැබුවා.

    එම ඩී.එන්. ඒ. වාර්තාවෙන් හෙළිවූයේ එම කිසිවෙකුත් මෙම අපරාධයට සම්බන්ධ නැති බවයි.මොකද්ද මේ ඩී.එන්. ඒ. වාර්තාව කියන්නේ.ඒ පිළිබඳවයි අපි මේ සොයා බලන්නේ.

    ගොඩබිම වෙසෙන පුංචි කුහුඹුවාගේ පටන් මහමුහුදේ වෙසෙන යෝධ තල්මසා දක්වා සෑම ජීවියකු ම නිර්මාණය වී ඇති මුල් ම තැනුම් ඒකකය වන්නේ සත්ව සෛලයයි. මෙම සෛලයක පාලන මධ්‍යස්ථානය වන්නේ න්‍යෂ්ටියයි. න්‍යෂ්ටිය නිර්මාණය වී ඇත්තේ න්‍යෂ්ටිකාව, න්‍යෂ්ටි යුෂ, ක්‍රොමැටීන් ජාලය (වර්ණ දේහ) යන කොටස්වලිනි. න්‍යෂ්ටික ප්‍රෝටීනවලින් සෑදී ඇති වර්ණ‍දේහ වලින් ක්‍රොමැටීන් ජාලය නිර්මාණය වී ඇත.

    මෙම ක්‍රොමැටීන්ජාලය හෙවත් වර්ණදේහවල ප්‍රධාන සංඝටකය වන්නේ Deoxyribo Nucleic Acid (DNA) අම්ලය නම් රසායනිකය ය. සාමාන්‍ය ව්‍යවහාරයේදී ජාන ලෙස හඳුන්වනු ලබන්නේ ද මෙම DNA ය. යමෙකු මෙලොවට බිහිවනවිට ඔහු සතු ප්‍රවේණිගත ලක්ෂණ ගෙන එන්නේ මෙම DNA හෙවත් ජාන මඟිනි. ගතිලක්ෂණ පමණක් නොව පරපුරෙන් පරපුරට පැවත එන රෝගී තත්ත්වයන් ද ගෙන එන්නේ මෙම ජාන මඟිනි.

    ඉතා සූක්ෂමව විශ්ලේෂණය කර සටහනක් නිර්මාණය කළ විට ඩී.එන්.ඒ. අණුව එකිනෙක වටා බැඳුණු ද්විත්ව සර්පිලාකාර හැඩයක් ගනී. ඩී.එන්.ඒ. අණුවේ හැඩය සොයාගනු ලැබුවේ 1953 වසරේදීය.

    මේ වන විට ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාවක් ලොව මූලික වශයෙන් ම භාවිතා කරන්නේ පුද්ගල අනන්‍යතාවයන් හඳුනා ගැනීම සඳහාය. එවැනි සුවිශේෂී වූ වටිනාකමක් ඩී.එන්.ඒ. අණුවට ලැබී ඇත්තේ ලොව ජීවත්වන සෑම සත්වයකුගේ ම ඩී.එන්.ඒ. රටාවන් එකිනෙකට වෙනස් බැවිනි. ‍ෙලාව කොතැනක හෝ ඩී.එන්.ඒ. රටාවන් සමාන පුද්ගලයින් දෙදෙනෙක් නොමැති බැවිනි. අපරාධ පරීක්ෂණයේදී වර්තමානයේදී ලොව භාවිතා කරන විශ්වාසවන්තම සාක්ෂිකරුවා ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව වී ඇත්තේ එබැවිනි.

    වර්තමානයේදී ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව ප්‍රධාන අවශ්‍යතාවයන් දෙකකට යොදා ගනී. ඉන් ප්‍රධාන අවශ්‍යතාවක් අපරාධ පරීක්ෂණ කටයුතුය. කිසියම් දරුවකු සම්බන්ධව සිදුකරන මෘතෘ බව සහ පීතෘ බව සෙවීම අනෙක් අවශ්‍යතාවයි.

    අධිකරණ වෛද්‍ය පරීක්සණ කටයුතු සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා ඉතා සාර්ථක ලෙස යොදා ගත හැකි බව මුලින් ම සොයා ගන්නේ එංගලන්තයේ ලෙස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලෙක් ජේෆ්රිස් (Alec Jeffrey) ය. ඒ 1984 වර්ෂයේදීය. 1986 එක්තරා දිනෙක එංගලන්ත පොලීසිය මහාචාර්ය ඇලෙක් ජේෆ්රිස් වෙත පුද්ගලයකු රැගෙන ආවේය. ඔහු ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් අයෙකි.

    එහිදී එම පුද්ගලයාගෙන් රුධිර සාම්පලයක් ලබාගත් මහාචාර්යවරයා ඔහුගේ ඩී.එන්.ඒ. අණු රටාව පරීක්ෂා කළේය. ඉන්පසුව දූෂණයට ලක්වූ කාන්තාවගේ යෝනි මාර්ගයෙන් ලබාගත් තරලය තුළ තිබූ ශුක්‍රාණුවල ඩී.එන්.ඒ. අණු රටාව පරීක්ෂා කරන ලදී. එහිදී මහාචාර්ය ඇලෙක්ට අවබෝධ වූයේ එම ඩී.එන්.ඒ. අණු රටාවත් එකිනෙකට සමාන නොවන බව ය; සැකපිට පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයා නිර්දෝෂී බවය.

    අපේ රටේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා මුලින් ම ඩී.එන්.ඒ. වාර්තාවක් යොදාගනු ලැබුවේ යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ හාරන ලද අවස්ථාවේදීය. ඉන් අනතුරුව ඩී.එන්.ඒ. වාර්තාවක් අපරාධ පරීක්ෂණයේදී යොදා ගත්තේ මුළු රටම කම්පා කළ හෝකන්දර පස් පුද්ගල මිනීමැරුම පිළිබඳව කෙරුණු පරීක්ෂණවලදීය. ඒ 1998 වර්ෂයේදීය. මෙම පරීක්ෂණ සිදුකරනු ලැබුවේ එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්ය මායා ගුණසේකර මහත්මිය විසිනි. ජීන්ටෙක් ආයතනයේ නිර්මාතෘවරිය වන්නේ ද මායා ගුණසේකර මහත්මියයි.

    ඉහතින් සඳහන් කළ අපරාධ සිදුවීම්වලට අමතරව මුළු රටේම අවධානය යොමුවූ මිනී මැරුමක් සිදුවූ රෝයල් පාක් සිදුවීමේදී මිය ගිය තරුණියගේ පෙම්වතාගේ ඇඟිලි සළකුණකින් ලබාගත් ඩී.එන්.ඒ. රටාව මඟින් මෙම මිනීමැරුම පිළිබඳව හෙළිදරව් කර ගැනීමට හැකිවිය. එසේ ම 2004 දී වසරේදී ඝාතනයට ලක්වූ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයට සම්බන්ධවූවන් සොයා ගැනීමට හැකි වූයේ අඹේපිටිය මහතාගේ නිවස ඉදිරිපිට වැටී තිබුණු වමනය සාම්පලයකින් ලබාගත් ඩී.එන්.ඒ. රටාව මඟිනි. පසුගිය කාලයේ කොටකෙතන ප්‍රදේශයේ ද අපරාධ රැල්ලක් සිදුවිය.

    එහිදී ස්ත්‍රී දූෂණයන් කීපයක් ම සිදුවිය. එහිදී අතවරයට ලක්වූ කාන්තාවන්ගේ ශරීරවලින් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල මඟින් වසර 4 ක පමණ කාලයක් තිස්සේ සිදුවූ අපරාධ 4 ක සම්බන්ධතාව ගොඩනැඟීමට හැකිවිය. අපරාධ සිදුවීමක් හැරෙන්නට ඩී.එන්.ඒ. වාර්තාවක් පිළිබඳව මුළු මහත් රටේ ම අවධානය යොමු වූ සුවිශේෂී අවස්ථාවක් වන්නේ “සුනාමි බේබි 81” නම් නඩු විභාගයය. එහිදී සුනාමි ව්‍යසනයෙන් අවතැන්වූ දරුවකුගේ සැබෑ දෙමවුපියන් හඳුනාගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව උපකාරී විය.

    විද්‍යාඥයින් හට ඩී.එන්.ඒ. වාර්තාව ඉක්මනින් සහ පහසුවෙන් නිකුත් කළ හැකි වන්නේ පොලීසිය මඟින් විද්‍යාඥයින්හට ලබාදෙන සාක්ෂි සහ සාධක මතය. කිසියම් අපරාධයකට පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් සැක නම්, අපරාධය සිදුවූ ස්ථානයෙන් ලබාගත් ජෛව සාම්පලවල තිබෙන ඩී.එන්.ඒ. සමඟ එම සැකකරුවන් විශාල සංඛ්‍යාවකගේ ඩී.එන්.ඒ. රටාව සැසඳිය යුතු නිසා එම පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රමාද විය හැකිය.

    ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා රුධිරය බිංදුවක්, මුත්‍රා, අසූචි, වමනය, කෙළ, ශුක්‍රාණු පැල්ලමක්, හිසකෙස්, කුඩා රෝම කූප, ඇඳගෙන සිටි ඇඳුම්, ඇඳ ඇතිරිලි, උරන ලද සිගරට් කොටයක්, කට තබා පානය කරන ලද ප්ලාස්ටික් වතුර බෝතලයක් වැනි ද්‍රව්‍යයක් වුවද ප්‍රමාණවත් ය. එසේම අපරාධය සිදු කළ තැනැත්තා ස්පර්ශ කළ දොර අගුළු, ආයුධ, සෙරෙප්පු, සපත්තු වැනි දෘඩ පෘෂ්ටයක තැවරී ඇති අපරාධකරුගේ ශරීරයෙන් ගැලවී ගිය ඉතා සියුම් සම් කොටස් වුවද ප්‍රමාණවත්ය.

    ස්පර්ශක ඩී.එන්.ඒ. (Touch DNA) ලෙස හඳුන්වනු ලබන්නේ මෙලෙස ලබාගන්නා ඩී.එන්.ඒ. අණුය. කිසියම් ජෛවී ද්‍රව්‍යයක න්‍යෂ්ටි සහිත සෛල ඇතුළත් වන්නේ ද ඒ සෑම දෙයක් ම ඩී.එන්.ඒ. සාක්ෂියකි.

    පුද්ගලයකු කිසියම් අපරාධයකට සම්බන්ධ නැතිද යන්න එම අපරාධකරු විසින් පිළිගත්ත ද පිළිනොගත්තද, එය සත්‍ය වශයෙන් ම ඔප්පු කළ හැකි එක ම සාධකය වන්නේ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාවය. එමනිසා අපරාධ පරීක්ෂණවලදී ඩී.එන්.ඒ. වාර්තාවට ලැබෙන්නේ ඉහළ වටිනාකමකි. ඩී.එන්.ඒ. පරීක්ෂණයක ඉතා වැදගත් ප්‍රතිඵලය වන්නේ, සැකකරුවන් කීප දෙනෙකු අතරින් නියම අපරාධකරු පැහැදිලිව හඳුනාගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයෙන් හැකිවීමය.

    එහිදී සැකයට භාජනය වූ ඉතිරි පුද්ගලයින්ගේ නිර්දෝෂීභාවය ද ඔප්පුවේ. අපරාධකරුවකු හඳුනා ගැනීම මෙන් ම අහිංසක පුද්ගලයකුගේ නිර්දෝෂීභාවය ඔප්පුවීමද ඉතා වැදගත්ය. ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව මඟින් මෙම කරුණු දෙකම එකවර සිදුවේ.
     
    Last edited:

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    In a recent story in The New York Times , Andrew Pollack reports that "scientists in Israel have demonstrated that it is possible to fabricate DNA evidence, undermining the credibility of what has been considered the gold standard of proof in criminal cases.
    "The scientists fabricated blood and saliva samples containing DNA from a person other than the donor of the blood and saliva. They also showed that if they had access to a DNA profile in a database, they could construct a sample of DNA to match that profile without obtaining any tissue from that person."
    “You can just engineer a crime scene,” Dan Frumkin, lead author of the paper, which has been published online by the journal Forensic Science International: Genetics, told the Times . “Any biology undergraduate could perform this.”