ඩී.එස් සේනානායක මැතිතුමා
අග්‍රාමාත්‍ය - (1947 සිට 1952) - පක්ෂ නායකත්වය -(1946 සිට 1952)
මීගමුව බෝතලේ නම් ගම්මානයේ මුදලි දොන් ස්පාමර් සේනානායක හා දෝන කැතරිනා එලිසඛෙත් පෙරේරා ගුණසේකර සේනානායක මැතිණියට දාව 1884 ඔක්තෝම්බර් 20 මීගමුව දී උපන් දොන් ස්ටීවන් සේනානායක බෞද්ධ පරිසරයක හැදී වැඩුණ ද, පියාගේ කීම මත ඇන්ග්ලිකානු ක්‍රිස්තු පාසලක් වු ශාන්ත තෝමස් විද්‍යාලයට බැදී ක්‍රිස්තියානුවෙකු බවට පත්විය. පසුව නැවත බුද්ධාගමට හැරවුණු ඔහු, අධ්‍යාපනයෙන් පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැඳුණි.
1914 දී පළමු ලෝක සංග්‍රාමයත් සමඟ, 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල සැකකරුවෙකු ලෙස ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.තම සහෝදරයා වූ එෆ්.ආර්. සේනානායක ගේ අඩිපාරේ යමින් 1926 කාලය වන විට ඔහු නිදහස් සටනේ පුරෝගාමියෙකු විය. 1931 දී ඔහුව කෘෂිකර්ම හා ඉඩම් ඇමති ලෙස පත්කරන ලදි. ඔහුගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ජනතා ප්‍රසාදයට ලක්විය. 1946 දී ඔහු එක්සත් ජාතික පක්ෂය පිහිටුවීය. 1947 මැතිවරණයෙන් ඔහු අගමැති ධූරයට පත්විය. තමාට ප්රදානය කළ නයිට් පදවිය නොපිළිගත්තද බ්‍රිතාන්‍ය සමඟ යහපත් සබඳතා පැවැත්වීය. ගල්ඔය ව්‍යාපෘතිය අරඹමින් ඔහු ඉමහත් ජනතා සේවයක් කළේය. නමුත් 1952 මාර්තු 22 දා හැට අට හැවිරිදි ඩී.එස්. සේනානායක ගාලූ මුවදොර පිටියේදී අසු පිටින් වැටී පසුව එම නිසාම මිය ගියේය.සිංහලයන් සහ මුස්ලිම් ජනයා ඩී.එස්.සේනානායකට ඉතා ගරු කරන මුත් ඔහුගේ ප්‍රතිපත්ති ඇතැම් දෙමළ ජනයාගේ විරෝධයට හේතු විය.
ඩී.එස්. සේනානායක මහතාගේ බිරිඳ මොලී දුනුවිල මහත්මියගේත් පුතණුවන් දෙදෙනා ඩඩ්ලි සේනානායක හා රොබට් සේනානායකය.
එක්සත් ජාතික පක්ෂයේ සමාරම්භ නායකයා හා නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වන මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිඳුන්ගේ පාලන සමය නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහාවූ වැදගත් සංවර්ධන ව්‍යාපාරයන් රැසක මූලාරම්භය ලෙස සැලකිය හැකිය. රජරට ප්‍රදේශයේ වැව් ප්‍රතිසංස්කරණය කරමින් දකුණෙන් ගෙනගිය ජනතාව එහි පදිංචිකොට අළුත් ගම්බිම් ඇතිකරමින් මෙරට කෘෂිකර්මාන්තය තීරණාත්මක සංධිස්ථානයක් එතුමාගේ යුගයේ ඇරඹුණු බවට සඳහන් කල හැකිය.ඊට අමතරව ගල්ඔය ව්‍යාපාරය හරහා උඩවලවේ ජලාශය, සේනානායක සමුද්‍රය වැනි බහුකාර්ය ව්‍යාපෘති ආරම්භ කිරීමද මෙකල සිදුකෙරුණු වැදගත් සංවර්ධන ක්‍රියාදායමයන් වශයෙන් සඳහන් කල හැකිය. නිදහස් අධ්‍යාපනයේ ආරම්භය සනිටුහන්වීමත් පේරාදෙණිය විශ්ව ඇරඹීමත් ඩී.එස් යුගයේ මෙරට අධ්‍යාපනය වෙනුවෙන් ලබාදුන් සුවිශේෂී දායාදයන් ලෙස සැලකිය හැකිය.මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගැනීම, කොළඹ ක්‍රමය ඇරඹීම වැනි ජාත්‍යන්තර සබඳතා ගොඩනගාගැනීමට සම්බන්ධ කටයුතු සිදුකිරීමද ඩී.එස් සේනානායක අගමැතිවරයාගේ යුගයේ සිදුවූ සුවිශේෂී වැදගත්කමක් ඇති සිදුවීම් ලෙස දැක්විය හැක. එමෙන්ම පොළොන්නරුව අනුරාධපුරය වැනි සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙන්නේද එම යුගයේදීයි.

ඩි.එස් ඉපදුනේ මීගමුවේ නෙමෙයි ගම්පහ