එක්සත් අරාබි රාජ්‍යයේ රැකියා සොයාගත හැකි වෙබ් පිටු*
kosla
මේ සියල්ල මා විසින් පරීක්ශා කර බලා පලකරන ඒවා. ඒ නිසා මේ වෙබ් පිටු ප්රතිපලදායක බවට මම සහතික වෙනවා
1.
https://www.hozpitality.com/
පාරිභෝගික සේවා සම්බන්ද රැකියා මුල් කරගත් වෙබ් පිටුවක් මේක. මේමගින් Hotels ,Retail ,Restaurant ,Travel Industry,Bars and Café ,Catering Companies ,Spa and Health Club,Airlines ,Cruises යනාදී රැකියා ඔබට සොයාගන්න පුලුවන්
2.
https://www.bayt.com/en/uae/
මේ වෙබ් අඩවිය හරහා සියලුම ආකාරයේ රැකියා ඇබැර්තු වලට ඇප්ලයි කරන්න පුලුවන්
3.
https://www.gulftalent.com/
ප්‍රදාන පෙලේ සියලුම සේවා සැපයුම් ආයතන (xerox, alshaya, nestle, G4S, al tayar, etc) මේ වෙබ් පිටුවේ සිය රැකියා ඇබෑර්තු පලකරනවා
4.
https://www.indeed.ae/
මේ වෙබ් අඩවියේ ඔබට ජොබ් සර්ච් කිරීමට අමතරව රැකියා යෝජකයන්ට ඔබව සොයාගන්න පුලුවන් වෙන්න ඔබේ එකවුන්ට් එකක් / ප්‍රොෆයිල් එකක් හදාගන්නත් අවස්තාව දීලා තියෙනවා
5.https://www.linkedin.com/
මගෙනම් ප්‍රියතම වෙබ් පිටුව. ඔබ යම් විශයක ප්‍රවීන රැකියා නියුක්තිකයෙක්නම් ඔබේ ප්‍රොෆයිල් එක හොයාගෙන රැකියා යෝජකයන් ඔබට රැකියා යෝජනාවන් ගෙනේවි
6.https://dubai.dubizzle.com/
එක්සත් අරාබි එමිර් රාජ්යේ රැකියා විතරක් නොව භාවිතා කල වාහන සිට හැම දෙයක්ම විකුනන්න දැන්වීම් පලකරන සුප්‍රසිද්ද වෙබ් පිටුව. නමුත් ප්‍රවේසමෙන් තම තම නැන පමනින් වැඩ කටයුතු කරගන්න අවශ්‍යයි. උගුල් සහිත වෙබ් පිටුවක්
7.http://buzzon.khaleejtimes.com/ad-cat...
ඉතාම විශ්වාසවන්ත වගේම නිතරම අලුත් ජොබ් එකතුවන වෙබ් අඩවියක්
8.https://www.glassdoor.com/index.htm
අන්තර්ජාතික වෙබ් පිටුවක්. නමුත් එමීර් රාජ්‍ය තුල රැකියාද ඇතුලත්
9.https://www.efinancialcareers-gulf.com/
ඉහල වෘතිකයන්ට ඉහල වැටුප් තල සහිත රැකියා ලබාගන්න පුලුවන් වෙබ් සයිට් එකක්. ඔබට ප්‍රොෆයිල් එකක් සාදාගන්න වගේම් ඔබට රැකියා පිලිබද විස්තර නිතර ඊමේල් ලිපිනයට ලබාගන්නත් පුලුවන්
10.https://jobs.laimoon.com/uae
ඉතාම ඉහල ගුනාත්මක තත්වයේ රැකියා පලවන වෙබ් පිටුවක්. ඉහල වෘතිකයන්ට වඩාත්ම සුදුසුයි
ඔය මම දැම්මේ වෙබ් සයිට් 10ක් විතරයි. දැන් තේරෙනවා නේද සීවී ප්‍රින්ට් කරන් බෙද බෙදා හොරුන්ට ජොබ් මනි දීදී එක එකාට පූජා වට්ටි තියන්න ඕන නෑ අපිටම පුලුවන් ජොබ් හොයාගන්න..හැමදාම කියනවා වගේ ලංකාවේ හුගාක් අයට ජොබ් හම්බ වෙන්නේ නැත්තේ අයදුම් කරන ආකාරවල අඩුපාඩු නිසයි. නැතුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රස්සා නැතිකමට නෙමේ
නකුරි සහ වසීෆා වෙබ් අඩවි ඩොමේන් විකුනා ඇත. ඒ නිසා ඒ හරහා රී ඩීක්ට් වන ඇඩ් සෙන්ස් වලින් මුදල් උපයන වැඩකට නැති වෙබ් සයිට් වලට කාලය මිඩංගු කරන්න එපා
Rightlivelihoodjobs group සමග රැදී සිටින ඔබට තවත් මේ වගේ වටිනා ලිපි සහ දැනුවත් කිරීමේ වැඩපිලිවෙලවල් ඉදිරියටත් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා
*. වානිජ අරමුනු වලින් උපුටා ගැනීම තහනම්!*
Cover Letter එකක් යනු කුමක්ද
මේක අපිට අයදුම්පත්‍ර ලිපියක් කියලා හදුන්වන්න පුලුවන්. මේකෙන් කරන්නේ රැකියා යෝජකයාට (රස්සාව දෙන කෙනාට ) ඔයාගේ පලපුරුද්ද හැකියාවන් සහ සුදුසුකම් ගැන අමතර විතරයක් සැපයීම. මොනව හරි සීවී එකකට ඇතුලත් කරන්න බැරි අමතර දේ තිබේනම් ඒවත් කෙටියෙන් සදහන් කරන්න පුලුවන්. උදාහරනෙකට ඔයාව සම්බන්ද කරගන්නවට වඩා කැමති මාද්‍ය වගේ දේවල්.ඒ වගේම මේ ලිපියෙන් ඔයාට පුලුවන් මේ සමගම අමුනලා යවන ඔයාගේ සීවී එක සහ අදාල රැකියාව අතර තියෙන පරතරය අවම කරන්න. ඒ කියන්නේ ඔයාට පුලුවන් තමන් මේ රැකියාවට සුදුසු වෙන්නේ කොහොමද ඔයාට මේ රැකියාව ලැබිය යුත්තේ ඇයි කියන එක ගැන් කෙටි සටහනක් තියන්න. නිකන්ම සීවී එකක් යවනවට වඩා හුගක් ප්‍රතිපලදායකයි කවර් ලෙටර් එකක් එක්ක යවන එක
දැන් අපි කවර්ලෙටර් එකක පෙලගැස්ම බලමු
1. හැදින්වීම. තමන් මොන කාරනාව නිසාද මේ රැකියාවට අයදුම් කරන්නේ යන වග
2. ලිපියේ විස්තර කොටස. මේකේදි ඔයාගේ සුදුසුකම් සහ පලපුරුද්ද ගැන සටහනක් තබන්න ඕන
3. අවසානය.. ලිපිය කියවන කෙනාට ස්තූති කරලා තමන්ව සම්බන්ද කරගන්න ආකාරය කෙටියෙන් මෙතන දක්වන්න ඕන
4. ඔබේ නම සහ අත්සන
දැන් මම ඒ වගේ සාම්පල් එකක් දානවා. ඒක බලලා එකක් හදාගන්න තනිවම එකක් හදාගන්න අමාරු අය
...