ඩුබායි_උසම_ගොඩනැගිල්ල
Dubai to build tower taller than Burj Khalifa
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නගරයේ පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් ඛලීෆාට වඩා උසින් යුත් ගොඩනැගිල්ලක් ඉදි වීමට නියමිත බව වාර්තා වේ.
එමාර් ප්‍රොපටීස් නැමති සමාගම විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිත වන අතර එයද ඩුබායි නුවර ගොඩනැගිලි අතරට එක් වීමට නියමිත වේ.
වසර 2020දී පැවැත්වෙන ඩුබායි එක්ස්පො වෙළඳ ප්‍රදර්ශනය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල ඉදි වන අතර ඒ සඳහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියනයකි.
නව කුළුණ ස්පාඤ්ඤ ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන සන්තියාගෝ කැලට්රාවා විසින් නිර්මාණය කරයි.එහි සැළැස්මට නිවාස මෙන්ම හෝටලයක්ද ඇතුලත් වන බව පැවසේ.
එමාර් ප්‍රොපටීස් සමාගම එහි උස හෙළි කර නොමැති වුවත් නව කුළුණ බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලට වඩා උසින් යුක්ත බව පවසා තිබේ.
2009 වසරේ ඉදි කිරීම් අවසන් වූ බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල තට්ටු 163 කින් සමන්විත වන අතර එය අඩි 2,716ක් උසය.

Last edited:

anyway ඔන්න මම උඹට 9ක් දුන්නා
REP+