ඩුවෙල් මාස් ෆ්ලයිවීල්(DUAL MASS FLYWHEELS

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඩුවෙල් මාස් ෆ්ලයිවීල්(DUAL MASS FLYWHEELS



    ඩුවෙල් මාස් ෆ්ලයිවීල්(DUAL MASS FLYWHEELS)

    ගියර් සම්ප්‍රේෂණයේ දී ඇ‌ති කරන කම්පන බැසයාම සඳහා මූලික වශයෙන් ෆ්ලයිවීල් කේන්ද්‍රීය කොටස් දෙකක් හෝ ෆ්ලයිවීල් මුහුණත් දෙකක් එකට නම්‍යශීලී සංයෝගයක් සමග එනට සිර කර මෙම ඩුවෙල් මාස් ෆ්ලයිවීල් සකස් කර ඇ‌ත.

    ඩුවෙල් මාස් ෆ්ලයිවීල් මගින් සමප්‍රේෂණයේ ඉන්පුට් ශාෆ්ට් පැත්තේ ගබඩා කර ඇති චාලක ශක්තිය වැඩි කිරීම මගින්, පෙට්‍රරල් සහ ඩීසල් එන්ජින් විසින් නිෂ්පාදනය කරනු ලබන ව්‍යාවර්ථය සියුම් හා පහසු ලෙස ගියර් මාරැකිරීමට ලබා ගැනීමටඋදව් කිරීම සහ සම්ප්‍රේෂණයේ තත්ත්වය හා ගියර මාරැවීම් ආරක්ෂා කිරීමට නිර්මාණය කර ඇ‌ත.

    සාමාන්‍යෙයන් ඩෑම්පිං ස්ප්‍රින් ක්ලච් ප්ලේටයේ ඇ‌ති අතර මීට පෙර නව ක්ලච් කට්ටලයක් මාරැකිරීමේ දී ඒ‌ පිලිබඳ සැලකීමට කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති විය.නමුත් දැන් මෙම නව ඩුවෙල් මාස් ෆ්ලයිවීල් තුල ද ඩෑම්පිං ස්ප්‍රින් නිර්මාණය කර ඇ‌ති බැවින් ඒ පිලිබඳව සැලකිලිමත් විය යුතුය.

    අවාසනාවකට මෙන් ඩුවෙල් මාස් ෆ්ලයිවීල් ඉහළ අසාර්ථක අනුපාතය ඇ‌ති අතර සම්මත ප්ලයිවීල් සහ ක්ලච් කට්ටල වලට වඩා එය වඩාත් මිල අධික වේ.

    ඩුවෙල් මාස් ෆ්ලය්වීල් වඩා මිල අධික යැයි පවසන්නේ,සාමාන්‍යයෙන් සම්මත ෆ්ලයිවීල් මාරැකිරීමට කිරීමට යන වියදමට වඩා දෙගුණයක් යන අතර ක්ලච් සහ ෆ්ලයිවීල් අලුත්වැඩියා කිරීම වඩා වඩාත් මිල අධිකවීමය.

    පහත දක්වා ඇ‌ති රෑප සටහන් මගින් ඩුවෙල් මාස් ෆ්ලයිවීල්(Duel Mass Flywheel-DMF) සහ සිංගල් මාස් ෆ්ලයිවීල්(Single Mass Flywheel-SMF)අතර දෘශ්‍යමාන වෙනස පෙන්නුම් කරයි.

    ඩුවෙල් මාස් ෆ්ලයිවීල් - ක්ලච් ප්ලේට් මත දක්නට ස්ප්‍රින් දක්නට නැත(ඒ‌වා ෆ්ලයිවීලය මක ගොඩනගා ඇ‌ත)

    සිංගල් මාස් ෆ්ලයිවීල් - ඔබට ක්ලච් ප්ලේට් මත ස්ප්‍රින් ගොඩනගා ඇ‌ති අතර ෆ්ලයිවීලයේ ද ලගපැහැදිලි වෙනසක් දැකිය හැක.

    ඩුවෙල් මාස් ෆ්ලයිවීල් මාරැකිරීම

    මෙම ෆ්ලයිවීල් සුලු ගෙවීම්ක් ඇ‌ති වුව ද මාරැකල යුතුය.පැරණි ඩුවෙල් මාස් ෆ්ලය්වීලය මත නව ක්ලච් ප්ලේටයක් සවිකර භාවිතා කල නොහැකි අතර ඩුවෙල් මාස් ෆ්ලයිවීලයේ මූලික කොටසින් දෙවන කොටක වෙන් කිරීමකින් තොරව ෆ්ලයිවීලය මැෂින් කිරීම ද කල නොහැකිය.එහෙත් කිසිදු ක්ලච් නිෂ්පාදකයෙකු තම ක්ලච් කට්ටල සමග ඩුවෙල් මාස් ෆ්ලයිවීල් මැෂින් කර භාවිතා කිරීම සහතික නොකරනු ලබන අතර එය මාරැකිරීම කල යුතුය.

    මෙම ෆ්ලයිවීල් පෙනුමෙන් හොඳ වුවත් ඒ‌ගැන දෙවරක් සිතිය යුතුය.හේතුව පැරණි ඩුවෙල් මාස් ෆ්ලයිවීලයට නව ප්‍රෙෂර් ප්ලේට් සහ ක්ල ච්ප්ලේට් සවිකරන විට එනම් ක්ලච් ප්ලේට් මුහුණත ෆ්ලයිවීලය එරෙහිව ඇ‌ණ යොදා තද කරන විට ෆ්ලයිවීල් ඇ‌තුලත ඇ‌ති සිප්‍රින් විකෘති වී යා හැකි අතර අවසානයේදී මෙම විකෘතිවීම ස්ථිර බවට පත් වී අසාර්ථක වනු ඇ‌ත.

    ඔබේ වාහනයේ ඩුවෙල් මාස් ෆ්ලයිවීලයක් තිබේ නම් සහ ඒ‌සඳහා අමතර වියදමක් දැරීමට නොහැකි නම් ඒ‌ වෙනුවට ඝන තනි සිංගල් මාස් ෆ්ලයිවීලයක් භාවිතා කිරීමට හැකිය.

    ඔබ සිංගල් මාස් ෆ්ලයිවීයක් වෙනුවට ඩුවෙල් මාස් ෆ්ලයිවීලයක් මාරැකරන්නේ නම් සහ දීර්ඝ කාල පරිච්ඡේදයක් සඳහා ඔබගේ වාහනය තබා ගැනීමට සැලසුම් කරන්නේ නම් විශේෂයෙන්ම එය ඉතා ඵලදායි මිල අධික තීරණයක් වේ.

    ඩුවෙල් මාස් ප්ලයිවීලයක් ඇ‌ත් නම් ඊළඟ ක්ලච් මාරැකිරීමේ දී ඒ‌ වෙනුවට සිංගල් මාස් ෆ්ලයිවීලයක් මාරැකිරීම බෙහෙවින් ලාභදායී වනු ඇති අතර සිංගල් මාස් ෆ්ලයිවීල් මැෂින් කිරීමේ විකල්ප හැකියාව ඇත.එහෙත් මුලින් පැවත් ඩුවෙල් මාස් ෆලයිවීලය වෙනස් කිරීමෙන් ගියර් මාරැකිරීම තුල සුලු වශයෙන් වෙනස් විය හැකියි.

    වාහනය වර්ගය මත පදනම්ව,සම්මත ක්ලච් කට්ටල සමග යෙදිය යුතු ෆ්ලයිවීල් මෙන්ම ස්පෝර්ට් සහ කාර්‍ය්‍යය සාධනය සඳහා අවශ්‍ය විකල්ප සමග භාවිතා කිරීමේ හැකියාව ද ඇ‌ත.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    22/10/206