ඩූලිප් යයි, ඊළගට කවුද?
www.adaderana.lk
“මගේ පියා එදා මැරුවේ උස්සාගෙන ගිහින් බටලන්දය වධකාගාරයේදියි, මම අද මගේ පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා UNP එකත් එක්ක ඉදගෙන ආණ්ඩු කලාට” යයි හිටපු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් කරමින් පොදු විපක්ෂයේ
අසුන් ගත්තේ ය.
ගම්පහ දිස්ත්‍රික්යේ සංධාන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු වන දුලිප් විජේසේකර මහතා බියගම ආසනය නියෝජනය කරයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ, ඔහු නියෝජ්‍ය ඇමති පදවියට පත් වූවත් පසුගිය කාලයේ ආණ්ඩුවේ සාමුහික තීන්දු, තීරණ ගැන විවේචනය කරමින් කතා කල නිසාවෙනි.
දුලිප් විජේසේකර මහතා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්දානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකි.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් තබා ඇති හවුල් ආණ්ඩු ගිවිසුම් කාලය අවසන් වූ සැණින් තමන් නියෝජ්‍ය ඇමැති ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව ඔහු මීට පෙර පවසා තිබුණි.
ඉදිරියේදී ඔහු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද දැනගන්නට ඇත.
ඔහු පවසන පරිදි 88/89 භීෂණ යුගයේ එදා ආණ්ඩුවේ අනුග්‍රහය මත පවත්වාගෙන ගිය බටලන්දය වධකාගාරය බියගම ආසනයේ පිහිටුවා තිබු අතර එදා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වූ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවධියේ බියගම ආසනයේ එජාප සංවිධායක මෙන්ම මන්ත්‍රීවරයා ද විය. සංචාරක බංගලාවක් ඒ වනවිට එම ආණ්ඩුවේ වධකාගාරය පිහිටි බටලන්ද නිවාස සංකීර්ණයට අයත් භුමියේ තිබුනි.
එමෙන්ම ජවිපෙ හිටපු ප්‍රධාන නීති උපදේශකයකු වු විජේදාස ලියනආරච්චි ඇතුළු විශාල තරුණ තරුණියන් මෙන්ම රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවු තම දේශපාලන එදිරිවාදින් ද මෙම වදකාගාරවල හිංසාවට ලක් කොට ඝාතනය කල අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතාගේ පියා ද බියගම ආසනයේ සිටි උග්‍ර ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයකි.
www.adaderana.lk
“මගේ පියා එදා මැරුවේ උස්සාගෙන ගිහින් බටලන්දය වධකාගාරයේදියි, මම අද මගේ පියාගෙන් වැදලා සමාව ඉල්ලනවා UNP එකත් එක්ක ඉදගෙන ආණ්ඩු කලාට” යයි හිටපු තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් කරමින් පොදු විපක්ෂයේ
අසුන් ගත්තේ ය.ගම්පහ දිස්ත්‍රික්යේ සංධාන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු වන දුලිප් විජේසේකර මහතා බියගම ආසනය නියෝජනය කරයි.