ඩෙංගි හා සබැඳි කාලගුණ වාර්තාවල දොස්
ඩෙංගි හා සබැඳි කාලගුණ වාර්තාවල දොස්
පසුගිය සති කිහිපය තුළ වරින් වර ජනමාධ්‍ය හරහා ඇසුණ, කියෑවූ පුවතක් පිළිබඳ ව විද්‍යාත්මක විමර්ශනයක යෙදීම යෝග්‍ය යෑයි සිතුවෙමි. ඔබ සැම අවධානයෙන් සිටියා නම් වෛද්‍ය අංශ මඟින් කිහිප වරක් ම අප වෙත දන්වා සිටි පණිවිඩයක් සහ අනතුරු හැඟවීමක් කන වැකෙන්නට ඇති. ඒ ළඟ එන නිරිතදිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ ම ඩෙංගි මදුරුවාගේ ප්‍රචාරණය පිළිබඳ ව ඇති අවදානම පිළිබඳවයි. ඒ අනතුරු හැඟවීමට පසුගාමී ව ඩෙංගි මදුරුවා මර්දනය කිරීම උදෙසා ගන්නා ලද සහ අප විසින් ගනු ලැබිය යුතු පියවර පිළිබඳ ව දැනුවත් කිරීම් ජනමාධ්‍ය හරහා ප්‍රචාරය විය.
ඉහත සඳහන් දැන්වීම් තුළ අඩංගු වූ ප්‍රධාන වරදක් පාසල් යන දූ දරුවන්ට පවා අවබෝධ වන්නට ඇත. එනම් වර්ෂාව පිළිබඳ ව විවිධ අංශ විසින් ජනමාධ්‍ය හරහා ගෙන එන අනතුරු හැඟවීම් හැඳින්වීමේ දී කුමක් හෝ දේශගුණ ඝෘතුවක නාමයක් සඳහන් කිරීම සාමාන්‍ය දෙයක් වී ඇත.
මේ වරද සුළු වරදක් සේ සැලකිය හැක්කක් නො වේ. තව ද මෙවන් වැරදි සිදු වූයේ මෙවර පමණක් නො වේ. විද්‍යාව (Science) සහ භූගෝල විද්‍යාව (Geography) යන විෂයයන් අධ්‍යයනය කරන දූ දරුවන් 'අංජබජල්' කරන මේ අනතුරු හැඟවීම් නිවැරැදි කිරීමට ජනමාධ්‍ය අංශ හරහා වත් පියවර නො ගැනීම අභාග්‍යසම්පන්න ය.
ගෝලීය දේශගුණ රටාවන් පිළිබඳ ව ලොව දැනුවත් වී ශතවර්ෂ ගණනාවකි. පාරිසරික සාධක නිරීක්ෂණය කිරීම සඳහා 16 වැනි ශතවර්ෂයෙන් පසු ව තාක්ෂණික උපකරණ සොයාගැනීමත් සමඟ වායුගෝලීය පීඩනය, උෂ්ණත්වය, සුළං දිශාව සහ වේගය, සූර්ය විකිරණය, වායුගෝලීය ජලවාෂ්ප සාන්ද්‍රණය ආදි පාරිසරික (කාලගුණික) සාධක මැනගැනීම පහසු විය. එහි ප්‍රතිඵලයක් ලෙස එක් එක් ප්‍රදේශවල කාලගුණ සාධක (Meteorological parameters) සහ දේශගුණය (Climate) ඉතා නිවැරැදි ලෙස විශ්ලේෂණ හරහා තීරණය වී ලොව සැම රටකට ම බලපාන දේශගුණ ඝෘතු (Climate seasons) පිළිබඳ ව අවබෝධය ලබාගත් අතර එවන් සාධක සහ අදාළ තොරතුරු ලේඛනගත වී මේ වන විට ශතවර්ෂ ගණනාවකි.
අප දිවයිනේ කාලගුණ සාධක නිරීක්ෂණය කිරීමේ ඉතිහාසය වසර දශක 17ක් පමණ දීර්ඝ ය. අධිරාජ්‍යවාදීන් විසින් බලය අල්ලාගන්නා ලද රාජ්‍යයන් විවිධ සූරාකෑම්වලට ලක් වුවත් විද්‍යාත්මක සහ තාක්ෂණික පහසුකම් දියුණු කර එම රාජ්‍යයන්වල ජනතාව දැනුවත් කිරීම මෙන් ම විවිධ ක්ෂේත්රවල සංවර්ධනයට පියවර ගැනීම අධිරාජ්‍යවාදීන් විසින් සිදු වූ අගනා සේවයකි.
ලෝකය පුරා ම පාහේ කාලගුණ විද්‍යාත්මක සහ භූගෝල විද්‍යාත්මක අවබෝධය වර්ධනය කිරීමෙහි ලා අධිරාජ්‍යවාදීන්, විශේෂයෙන් ම යුරෝපීයයන් දැක්වූ දායකත්වය අගය කළ යුතු ය. අපේ දිවයිනේ වසර 1850 දී කාලගුණ නිරීක්ෂණ ආරම්භ වූයේ ද විදේශික නිලධාරීන් ගේ මූලිකත්වය ඇති ව ය. ක්රමානුකූල කාලගුණ විද්‍යා නිරීක්ෂණ ජාලය ආරම්භ වී ඇත්තේ 1865 වසරේ දී එකල මිනුම්පති වූ කර්නල් ෆයර්ස් මහතාගේ සැලසුම් අනුව ය. වසර 1907 දී මිනුම් දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් ලෙස ආරම්භ වූ ආකාශ වස්තු පරීක්ෂණාගාරයට කාලගුණ නිරීක්ෂණ එක්රැස් කිරීම භාර වූ අතර නිදහස ලබාගැනීමෙන් පසුව 1948 වසරේ ඔක්තෝබර් පළමු දා 'කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව' නම් වූ රාජ්‍ය ආයතනය ස්ථාපිත විය.
ශ්‍රී ලංකාවේ කාලගුණ නිරීක්ෂණ ලබාගැනීමේ ඉතිහාසය තුළ, විශේෂයෙන් ම වසර 1865 සිට, ශ්‍රී ලංකාව ම නියෝජනය වන පරිදි මධ්‍යස්ථාන රැසක දී
එක්රැස් කරගන්නා ලද කාලගුණ දත්ත විශ්ලේෂණ ගණනාවකට භජන වී දිවයිනේ පවතින සාමාන්‍ය දේශගුණ රටාවන් (Climate patterns) පිළිබඳ අවබෝධය අද ජනතාව සතු ව ඇත.
වසර දශක 17ක් තුළ නිරීක්ෂණය වූ කාලගුණ සාධක විශ්ලේෂණයට බඳුන් වී අප දිවයිනට බලපාන දේශගුණ ඝෘතු සතරක් තිබෙන බවට නිගමනය කොට එම විද්‍යාත්මක තොරතුරු උසස් අධ්‍යාපන පාඨමාලාවල පමණක් නො ව, ද්විතීයික අධ්‍යාපන පාඨමාලාවලට ද ඇතුළත් වී ඇත. කාලගුණ සාධක අර්ථ දැක්වීම සහ හඳුනාගැනීමේ ඉතිහාසය ඉතා දිගු වන අතර, ඉහළ වායුගෝලයේ සුළං සංසරණය පිළිබඳ ව විද්‍යාත්මක සාධක ලොවට පහදා දුන් ජෝර්ඡ් හැඩ්ලි (George Hadley in 1735 AD) සහ ගිල්බට් වෝකර් (Gilbert Walker in 1904 AD) පරිසර විද්‍යා උපදේශකයන්ගේ දායකත්වය අගය කළ යුතු ය. දේශගුණ ඝෘතු තීරණය කිරීමේ දී ඔවුන්ගේ නිගමන ඉතා වැදගත් සාධක වී ඇත.
ශ්‍රී ලංකාවේ දේශගුණ ඝෘතුවල ඉතා නිශ්චිත ලක්ෂණ පවතින අතර වාර්ෂික දේශගුණය ඝෘතු සතරකට බෙදා ඇත්තේ එම සාධකවල ලක්ෂණ සියල්ල සලකා බලා බව අප අවබෝධ කරගත යුතු ය.
දිවයිනේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානවල පවතින වායුගෝලීය පීඩනය මෙන් ම දිවයින හරහා බලපාන පීඩන අනුක්‍රමණය (Pressure grdient), සුළං ප්‍රවාහවල දිශාව සහ වේගය සහ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ පිහිටීම වැනි ප්‍රධාන සාධකවල උපාකාර කොට දේශගුණ ඝෘතු සතර ප්‍රභේද කර ඇත. එක් එක් දේශගුණ ඝෘතුව බලපවත්වන වකවානු මාසවල නම් සහිත ව හඳුන්වන නමුදු කිසි ම දේශගුණ ඝෘතුවක් එහි ආරම්භක මාසයේ පළමු දිනයේ ආරම්භ වන්නේ ද නැත. අවසන් වන මාසයේ අවසාන දිනයේ ඝෘතුව අවසන් වන්නේ ද නැති බව අවබෝධ කර ගනිමු. සැම දේශගුණ ඝෘතුවක් ම ආරම්භ වන්නේ ක්රමානුකූල ව, පියවරින් පියවර අවශ්‍ය සාධක ස්ථාපිත වීමෙන් පසු ව ය.
පසුගිය මාර්තු මස අග භාගයේ ආරම්භ වූ ප්‍රථම අන්තර් මෝසම් ඝෘතුව ඇතුළුව දේශගුණ සෘතු සතර මෙසේ ය.
1. ඊසානදිග මෝසම් ඝෘතුව : දෙසැම්බර් - පෙබරවාරි
2. ප්‍රථම අන්තර් මෝසම් ඝෘතුව : මාර්තු - අප්‍රේල්
3. නිරිතදිග මෝසම් ඝෘතුව : මැයි - සැප්තැම්බර්
4. දෙවැනි අන්තර් මෝසම් ඝෘතුව : ඔක්තෝබර් - නොවැම්බර්
මේ සටහන තබන දිනය වන 2018 අප්‍රේල් මස 30 වැනි දා වන විටත් සවස් කාලයේ ඇදහැළෙන ගිගුරුම් සහිත අන්තර් මෝසම් වර්ෂාව දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැළේ. ඩෙංගි මදුරුවාට සිය වර්ගයා ප්‍රචාරණය කිරීම සඳහා දැන් උපකාර වන්නේ ප්‍රථම අන්තර් මෝසම් වර්ෂාව මිස ලබන මැයි මස තුන්වැනි සතියේ පමණ ආරම්භ වන නිරිතදිග මෝසම් වැසි නො වන බව අවබෝධ කරගනිමු. නිරිතදිග මෝසම් වර්ෂාව ඩෙංගි මදුරු වර්ධනයට උපකාර වන්නේ ජූනි මාසයෙන් අනතුරු ව ය.
කේ. ආර්. අභයසිංහ