ඩෙංගු නිහඬ කළ සිංහල කොල්ලා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඩෙංගු නිහඬ කළ සිංහල කොල්ලා

    ඩෙංගු නිහඬ කළ සිංහල කොල්ලා



    * ඔහු ලෝකය දිනුවේ සරල කල්පිතයකින්

    dengu.jpg
    අනාදිමත් කලක සිට මදුරුවා නම් ක්‍ෂුද්‍ර සත්ත්වයා මිනිසාට ඉමහත් හිරිහැරයක්‌ ගෙන දුන්නේය. ඒ උගේ සිහින් තියුණු මුව තුඩින් මිනිස්‌ සම විද මිනිසාට වේදනාව ගෙන දීමෙනි. තියුණු සිහින් ඉඳිකටුවක්‌ වන් තුඩින් විද එයින් මදුරු ෙ€ඨය යවා මිනිස්‌ රුධිරය තනුක කොට උරා බීම මදුරුවාගේ ආහාර ගැනීම් රටාවයි. මිනිසුන්ගේ ද සතුන්ගේ ද රුධිරය උරා බී ජීවත්වීම මදුරුවාගේ ජීවන ක්‍රමයයි.

    "මිනිසාට අත් දෙකක්‌ ද, සත්ත්වයන්ට වල්ගා ද දෙවියන් විසින් ලබා දුන්නේ මදුරුවන් නිසා යෑයි කියමනක්‌ තිබේ. එහි සත්‍යයක්‌ නැතිවාම නොවේ. ශාක යුෂ උරා බොන මදුරුවෝ ද සිටිති.

    මිනිස්‌ අතින් ගසා මරා දැමිය හැකි මදුරුවා, මිනිසාගේ මරුවා වීම එක අතකට සිතා ගත නොහැකි කරුණක්‌ මය. එසේ වුවද එය ද සත්‍යයමය.

    අද දවසේ මදුරු මරුවෝ රැසෙකි. ඩෙංගු මදුරුවෝ මැලේරියා මදුරුවෝ, බරවා මදුරුවෝ, මේ ජනතාව අතර බෙහෙවින් භාවිත නම් ය. ඒවා කොපමණ ජනතාව අතර ප්‍රචලිත වී ඇති ද කිවහොත් ඩෙංගු, මැලේරියා, බරවා, රෝග වාහක මදුරුවන් ම පමණක්‌ නොව, ඕනෑම වර්ගයක මදුරු විශේෂ වලට මිනිසුන් බිය ය.

    මැලේරියා, බරවා රෝග අප රටින් තුරන් වී යන විට ඩෙංගු හෙවත් ඩෙංගි රෝගය රට තුළ පැළ පදියම් වෙමින් තිබේ. ඒ ඩෙංගු මදුරුවා නිසාවෙනි. උතුරේ කොටි ත්‍රස්‌තවාදීන් රටටම විනාශකාරීන් වූවා සේම, කොටි පුල්ලි මෙන් පුල්ලි ඇති ඩෙංගු මදුරුවන් රටේම මරුවන් වී හමාරය.

    dengu2.jpg
    පසුගිය අවුරුදු කීපය තුළ ඩෙංගු මදුරුවා ඩෙංගු රෝගය රටේ දිස්‌ත්‍රික්‌කයෙන් දිස්‌ත්‍රික්‌කයට, ගමින් ගමට, ගෙයින් ගෙට රැගෙන යමින් අසරණ කුඩා දරුවන්, තරුණ තරුණියන්, වැඩිහිටියන්, මහල්ලන්, දුප්පතුන් කෝටිපතියන්, කලාකරුවන්, දේශපාලකයන්, ආගමික නායකයන්, ගුරුන්, සිසුන් ආදී කිසිදු භේදයක්‌, තරාතිරමක්‌ නොබලා සාහසික අයුරින් මරා දැම්මේය. සොහොන් බිම් පුරවා දැම්මේය. ජීවත් වන උන්ගේ නෙත් වල සදහටම තෙත් වන කඳුළු උල්පත් මවා දැම්මේය.

    ලොවේ සියලු විද්‍යාඥයෝ මේ ඩෙංගු මරුවාට එරෙහිව විවිධ බෙහෙත් වර්ග, නික්‍ෂේපන, විද්‍යාත්මක විලෝපීය සතුන්, විවිධ මර්දන ක්‍රම නිෂ්පාදනය කළහ. දියත් කළහ. ඩෙංගු මරුවා, අනික්‌ මැලේරියා, බරවා මදුරුවන් ලෙස නොව මෙල්ල නොවී තවමත් දරුවන්, මිනිසුන් මරා දමමින් සිටීම ලොව විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට පුදුමයක්‌ මෙන්ම හිසරදයක්‌ වී තිබේ. ඩෙංගු වෛරසය මගින් සිරුරේ රුධිරයේ රුධිර පට්‌ටිකා විනාශ කිරීම, මැඬ පැවැත්වීම, තිබුණු ප්‍රමාණයට ගෙන ඒම ආදී ප්‍රතිකර්ම මගින් ස්‌වභාවිකව ප්‍රතිශක්‌තිකරණය ඇති කොට ඩෙංගු මරුවාගෙන් රෝගීන් බේරා ගැනීම අද දවසේ වෛද්‍යවරු සිදු කරති. ඒ අතරම ආයුර්වේද වෛද්‍යවරුද දේශීය ප්‍රතිකර්ම සඳහා පර්යේෂණ පවත්වති. දෙස්‌ විදෙස්‌ පර්යේෂකයන් පර්යේෂණ පවත්වද්දී කියුබාවෙන් (B.T.I. බැක්‌ටීරියා) ඩෙංගු මදුරු මර්දන විලෝපීයෙක්‌ ද සොයා ගත් පුවතක්‌ ද එය මෙරටට ගෙන එන පුවතක්‌ ද පසුගිය දිනවල ඇසුණු මුත් ඒවා පැමිණි බවක්‌ හෝ ඒවායින් ඩෙංගු මදුරුවා විනාශ කළ බවක්‌ හෝ ඩෙංගු රෝගය තුරන් කළ බවක්‌ හෝ සිදු වී නොමැත. ඩෙංගු තවමත් ම රට පුරා හිස ඔසවමින් ම සිටී. දරුවන් මිනිසුන් ගැහැනුන් තොග වශයෙන් මරා දමමින් සිටී.

    මිනිසුන් පමණක්‌ නොව අසරණ තමා වැනි දරුවන් මෙම ඩෙංගු රෝගයට ගොදුරු වී මල් පරවී යන්නාක්‌ මෙන් බිම ඇද වැටීම දහසය හැවිරිදි රුමල් ඉඳුවර යෞවනයා බලා සිටියේ දැඩි කම්පාවෙනි. වේදනාවෙනි. ඔහු කවදත් සංවේදී අයෙකි. සත්ත්වයන් මිනිසුන් විඳින දුක ගැන ඔහු අනුකම්පා කළේය. සිතින්, හදවතින්, නෙතින් කඳුළු සැලීය. අන් අයගේ කඳුළු පිස දැමීමට ඔහුට අවැසි විය.

    ඔහු කුඩා කල සිට සිතා සිටියේ රටට, ලොවට තමන් විසින් මෙහෙවරක්‌ කරනු ලබන්නේ කෙසේද? කවදාද යන්න පිළිබඳවයි. ඔහු අමුතුම විදියට ලොව ගැන මිනිසුන් ගැන සිතුවේය. ඔහුට කුඩා කල සිට ඒවා ගැන බොහෝ ප්‍රශ්න, ගැටලු තිබිණ. වරෙක ඔහු පියා, මව, සෙල්ලම් කිරීමට ගෙනා ක්‍රීඩා භාණ්‌ඩ කඩා වෙනත් ක්‍රීඩා භාණ්‌ඩ තැනීය. තොරතෝංචියක්‌ නැතිව මවගෙන්, පියාගෙන් ප්‍රශ්න ඇසීය. පියා වූ ආචාර්ය කේ. ආර්. ප්‍රසන්න සඳරුවන් හා මව වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂිකාවක්‌ වූ බී. වී. ඩී. ශ්‍යාමලීත් ඉවසිල්ලෙන් හා ඕනෑකමින් කුඩා රුමල් ට පිළිතුරු සැපයුවෝය. ගැටලු නිරාකරණය කර දුන්හ. රුමල්ට ලෝකය, මිනිසුන් ගැන මානුෂවාදීව බැලීමට එය බෙහෙවින් ඉවහල් විය. තමාගේ ගමන් මඟ එපරිදි ඔහු කෙමෙන් කෙමෙන් එළිපෙහෙලි කර ගනිමින් පාදා ගනිමින් සිටියේය.

    යෞවන වියට පිවිසෙමින් සිටින විට ඔහු විවිධ පර්යේෂණ හා විමර්ශන සිදු කරමින් සිටියේ ගමන් මඟේ ඉදිරි ලකුණු, සලකුණු කරමිනි. ඔහුගේ නිවසේ පසුබිම ඊට බෙහෙවින් උපකාර විය. විද්‍යාව ගැන උගත්, විද්‍යාවෙන් රැකියාව කරන දෙමාපියන් සිටින තම නිවස ඔහුට විද්‍යාගාරයක පහසුකම් දැනුම පසුබිම සපයා දුන්නේය.

    ඔහු ගිය හලාවත ආනන්ද විදුහලින් ද ඔහුට විද්‍යානුකූල පසුබිමක්‌ උදා විය. රුමල්ගේ ඉදිරි ගමන් මඟ ගැන දූරදර්ශී වූ විදුහල්පතිවරයා ද ගුරු මණ්‌ඩලය ද පංතිභාර ගුරුවරු ද ඔහුට ඒ සඳහා ඉඩ හසර මෙන්ම දැනුම, අවබෝධය අභියෝග දිනීමේ ශක්‌තිය ද ලබා දුන්හ. ඔහු තම මල්ලී ඔමල් සමඟ නිවසේ කුඩා පර්යේෂණ ඇටවුම් සකස්‌ කළේය.

    ඩෙංගු රෝගය වාහක මදුරුවා, දරුවන්, මිනිසුන් රෝගී වීම, මිය යැම, ගමට, රටට වේදනාව ශේෂ වීම යන කරුණු ගැන ඔහුගේ දැඩි අවධානය විය. මටත් මෙම රෝගයට පිළියමක්‌ කිරීමට ඇත්නම් යනුවෙන් ඔහුට සිතුණු වාර අනන්තය. අප්‍රමාණය. ඔහු ඒ ගැන බොහෝ සිතීය. පත පොත වලින් මාපියන්ගෙන් ගුරුවරුන්ගෙන් අන්තර් ජාලයෙන් බොහෝ කරුණු උගත්තේය.

    dengu3.jpg
    පසුගිය 2017 අගෝස්‌තුවේ පාසලට ලිපියක්‌ ලැබිණි. ඒ ජාතික විදාතා පදනමෙනි. ආධුනික විද්‍යා හා ඉංජිනේරු නිපැයුම්කරුවන් වෙනුවෙන් තරග සඳහා ඉල්ලුම්කරුවන් ඉදිරිපත් කරන මෙන් දැනුම් දී තිබිණි. එපරිදි විදුහමල්පති ධනන්ජය වික්‍රම මහතා නි. විදුහල්පතිනිය හරහා විද්‍යා අංශය බාර රූපා මහත්මියට මෙය දැනුම් දුන්නේය. මධුශානි, රංගිකා, දිලිනි ජයවීර හා චාලිකා ප්‍රනාන්දු ගුරු මහත්මීහු ඒ සඳහා රුමල්ද නම් කළහ. ජාතික විද්‍යා පදනම මගින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ව්‍යාපෘති වාර්තා සෑදීමට ළමුනට වැඩමුළුවක්‌ පැවැත්වීය.

    මෙයින් පසු රුමල්ට තම කල්පිතය පිළිබඳව ව්‍යාපෘතිය තැනීමේ අදහස සිතට කා වැදුණි. ඔහු මීට ප්‍රථම තම පියා සමඟ කිළිනොච්චි, මුලතිව්, පුදුකුඩුරිප්පු පෙදෙස්‌වලට ගිය විට එම ප්‍රදේශවල මදුරු ගහනය අඩු බව ඔහුට වැටහී ගියේය. ඊට හේතු ඔහු විමසීය. සෙවීය. ඔහුට යම් අදහසක්‌ සිතට ආවේය. එම අදහස ඔහු ලෝක පූජිත කරාවි යෑයි ඔහුට මොහොතකටවත් නොසිතුනි.

    මදුරුවන් බෝ නොවන්නේ සෑදෙන මදුරුවන් විනාශ කරන කිසියම් බලවේගයක්‌ නිසා යෑයි ඔහු කල්පනා කළේය. ඔහු එම වළවල්වල ජල සාම්පල ගෙන පරීක්‍ෂණ කළේය. පුදුමයකි. ඔහුගේ සිතිවිල්ල නිවැරැදි විය. මදුරුවන් දක්‌නට නොලැබුණු ජල සාම්පල වල කිසියම් බැක්‌ටීරියාවක්‌ සිටිනු ඔහු දිටීය. ඔහුගේ කල්පිතයට මෙය ඇතුළත් කළේය. මාලිකා ටීචර් එම ව්‍යාපෘති වාර්තාව ජාතික විද්‍යා පදනමට ඉදිරිපත් කළාය.

    එහි විද්‍යාව ප්‍රචලිත කිරීමේ අංශ ප්‍රධානි ජනක කරුණාසේන හා ඉංජිනේරු ජයවිලාල් මීගොඩ මහත්වරු එම වාර්තාව පරීක්‍ෂා කොට රාගම වෛද්‍ය පීSඨයේ අණුක ජීව විද්‍යා අංශයේ වෛද්‍ය මේනක හපුගොඩ, ආචාර්ය තාරක රණතුංග මහත්වරුනට ඉදිරිපත් කරන ලදි.

    මේ වන විට දිවයිනෙන් ම මෙවැනි ව්‍යාපෘති හයසිය ගණනක්‌ ලැබී පළමු දෙවන හා අවසන් වටයට ව්‍යාපෘති වාර්තා තුනක්‌ (03) තේරී තිබුණි. රුමල් ගේ ව්‍යාපෘතිය අණුක ජීව විද්‍යා අංශයෙන් (MICRO BIOLOGY) ද කඳාන මැසිනඩ් හා මහනුවර කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුන් දෙදෙනෙක්‌ ඉංජිනේරු අංශයෙන් ද, ලෝක මට්‌ටමේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරා ගෙන තිබිණි.

    ඉන් පසු මෙම මැයි මස 13 සිට 18 දක්‌වා ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පීට්‌ස්‌බර්ග් නගරයේ පවත්වන ලෝක විද්‍යා ඉංජිනේරු ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලදි. රුමල් ද ඉතිරි දෙදෙනාද එහි ගියහ.

    ලොව සිටින විශිෂ්ට විද්‍යාඥ නොබෙල් ත්‍යාග ලාභී විද්වතුන්ගෙන් සමන්විත සම්මුඛ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ ද මහජනතාව ද ඔවුන්aගේ පර්යේෂණ පරීක්‍ෂා කළහ.

    අවසන් දින 18 දා රුමල් ට ඩෙංගු මදුරුවා කීට අවස්‌ථාවේදී ම විනාශ කළ හැකි බැක්‌ටීරියාවක්‌ සොයා ගැනීම නිමිත්තෙන්, ලොව හොඳම විද්‍යා සොයා ගැනීම වෙනුවෙන් (ජීව අණුක විද්‍යා අංශය) ලොව තෙවන ස්‌ථානය ප්‍රදානය කරන ලදි. ඒ රටවල් හැත්තෑවකින් (70) තරග කරුවන් 1794 (එක්‌දහස්‌ හත්සිය අනූහතර දෙනකු) අතරින් වීම සුවිශේෂත්වයකි.

    ඔහු සොයාගත් බැක්‌ටීරියාවට ඔහුගේ නමින් සටහන් තබා "බැසිලස්‌ සීරිස්‌ ස්‌ටේ්‍රන් ස්‌ටේ්‍රක්‌ එස්‌. එල්. 0001 (BACILLUS CEREUS STRAIN STRAIN SL0001) යනුවෙන් නම් තබන ලදි.

    ලොව රටවල් හා විද්‍යාඥයන් ඔහුගේ සොයා ගැනීම අගයා පදක්‌කම් 96 කින් පුදන ලදි. ඔහු වෙනුවෙන් පේටන්ට්‌ බලපත්‍රයක්‌ ද ඉල්ලුම් කරන ලදි. ඔහු වෙනුවෙන් හලාවත ආනන්ද විදුහල මහ උපහාර උළෙලක්‌ සංවිධානය කොට ඇත. ආනන්ද විදුහල ආරම්භ කොට වසර 64 ක්‌ ගත වී ඇති මේ මොහොතේ මෙතෙක්‌ කලක්‌ විද්‍යා අංශයෙන් ලොව ඉහළම ස්‌ථානයට සිසුවෙක්‌ කීර්තිය ගෙනා ප්‍රථම අවස්‌ථාව මෙය බව විදුහල්පති ධනන්ජය වික්‍රම මහතා කීය.

    විද්‍යා ආචාරිනී මාලිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ රුමල් සැබෑ දක්‍ෂයකු බවය. එසේ වුවත් ඔහු කුඩා කල මහ වස දඟයකු බැව් ද ඇය සිනාසී පැවසුවාය. ඔහුගේ ඉදිරි අනාගතය ඔහු හදාගෙන ඇතැයි ද ඇය කීවාය.

    රුමල්ගේ කල්පනාව එක අතකින් බැලූ විට සරලය. මදුරුවන් නොසිටියි නම් ඩෙංගු හෝ මැලේරියා හෝ හට නොගන්නවා ඇත. මදුරු බිත්තර ද විනාශ වනු ඇත. එම කල්පිතය බුදු දහමට අනුකූලය. 'මූලයක්‌ නොමැති නම් ඵලයක්‌ හට නොගනී'. මේ සරල සිද්ධාන්තය රටට ලොවට කොතරම් වටනේද... ? ඔහු ලොව උසස්‌ තලයකට ඔසවා තැබුවේ මේ අමිල වූ සරල කල්පිතයයි.


    ටෙරන්ස්‌ වනිගසිංහ
     
    • Like
    Reactions: hodakolla

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,920
    8,261
    113
    Kotahena
    එක එක කාලෙට එක එක හුත්තවල් කියනවා. නමුත් දැන් අවුරුදු සියක් විතර තිස්සේ මේ හුකන මදුරුවන් ට විසදුමක් නෑ මේ රටේ.


    යුද්දේ දින්නා.. මදුරුවෝ නැති කරා... මේවා ජනාදිපති සුදුසුකම්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,920
    8,261
    113
    Kotahena
    තාම මදුරුවෝ කනවා බන්. ඉක්මනට ඔය ගෙවල් වල ඩෙංගු චෙක් කරන එක නවත්තලා ඕක develop කරන්නේ නැත්තේ ඇයි?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොයා ගත්ත වගේම ආණ්ඩුවෙන් ප්‍රයෝගික භාවිතයට ගන්න ඕනේ නැතුව වැඩක් නෑනේ :no:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ රටේ දේශපාලනය, රාජ්‍ය නිළධාරිවාදය හා උන්ගේ නොසැළකිල්ල , කුහකකම නිසා.. මතුවෙන මැණික් එතැනම යට යනවා බොලව්...!!:growl:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    ඔහු සොයාගත් බැක්‌ටීරියාවට ඔහුගේ නමින් සටහන් තබා "බැසිලස්‌ සීරිස්‌ ස්‌ටේ්‍රන් ස්‌ටේ්‍රක්‌ එස්‌. එල්. 0001 (BACILLUS CEREUS STRAIN STRAIN SL0001) යනුවෙන් නම් තබන ලදි.


    මචන් මේකෙ මේක හොයාගත්ත පොරගේ නම තියෙන්නෙ කොයි හරියේද? එස්. එල් කියන්නෙ උගෙ වාස ගමද? ඌ නමින් නම් කෙරුව කිව්වට එහෙම එකක් නෑ නෙ බන් ... මේක අලුතෙන් නම් තැබුවා කියන්නෙ මේ බැක්ටීරියා එක කලින් හොයාගෙන නොතිබුණු එකක් වෙන්නැති .... අපේ එකාගෙ නම නෑනෙ බන් ... ඇමරිකන් කාරය උන්ගෙ නමක් වත් දාගත්තද දන්නෙ නෑ .. :P



    හැබැයි පුතෝ මෙහෙම දේ කුත් තියෙනව, හැම මදුරුවෙක්ම ලෙඩ බෝ කරන්නෙ නෑ, මේ බැක්ටීරියාව හැම කීටයෙක්ම විනාශ කරනව කියන්නෙ, ආහාර දාම වල සමබර තාව නැති වෙනව ... මදුරුවා කියන්නෙත් පරිසරයේ ඉන්න ඕනෙ සතෙක්, එකෙක් ගෙ ආහාර දාම කැඩුවාම, තවත් ගහනයක් වැඩි වෙන එක වෙන්නෙ .. ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයි ... පරිස්සමින් ඩෙංගු කීටය විතරක් විනාශ වෙනවනම් අව්ලක් නෑ ...
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    තාම මදුරුවෝ කනවා බන්. ඉක්මනට ඔය ගෙවල් වල ඩෙංගු චෙක් කරන එක නවත්තලා ඕක develop කරන්නේ නැත්තේ ඇයි?


    සහතික ඇත්ත බං ... බොරුවට ගෙවල් වල ඇවිල්ල චෙක් කරනව ... කව්ද මන්ද ලංකාවෙ එකෙක්ට රිසර්ච් එකක් පබ්ලිෂ් කරගන්න ඕනෙ වෙලා, බොරු රිසර්ච් එකක් ලියල පබ්ලිෂ් කරලා, ලංකාවෙ ඩෙංගු මදුරුවා බෝ වෙන්නෙ ගෙවල් වලින් ම පමණයි කියල .. අපේ හරක් ඒක ඔහේ පිළිගෙන. දැන් උන් ඕක ඇත්තක් කියල හිතාගෙන තමයි ඔය චෙක් කරනව කියන්නෙ ... උගෙ රිසර්ච් එක ඇත්ත නම් මේ චෙක් කරන විදිහට අනුව ඩෙංගු අඩු වෙන්න එපැයි මේ වෙනකොට, ගෙවල් වලම නම් හැදෙන්නෙ ඩෙංගු ... බොරුවක් නෙ බන් ... අපි නොදන්න ලංකාවෙ රිසර්ච් :lol::lol:


    අපේ ප්‍රශ්න විසඳගන්න අපිට පුළුවන් වගේ ගොන් තර්ක ගේන්නේ නැතුව ...මුන් මේකට හරියමන් සෙට් එකක් පිට රටකින් ගෙනල්ල මේකට විසඳුමක් හොයාගත්ත නම් හරිනෙ ... අර අපේ කොල්ල හොයාගත්ත බැක්ටීරියාවෙන් හැම වර්ගයකම කීටයො මැරෙනව කියල ආරංචි ... එහෙම උනාම බැලන්ස් එක නැතිවෙලා ඉඟුරු දීල මිරිස් ගත්ත වෙනව ... ඒක නිසා, මේකට හරි පර්යේෂණ කරන්න පුළුවන් පිටරටවල් වලින් ගන්නල ප්‍රශ්නෙ විසඳන්න ඕනෙ ... අපිට පුළුවන් කිය කිය, අපිටම පුපේ අරගන්නේ නැතුව ...ඇත්තම කතාව අපිට ලොකු තාක්ෂණයක් දැනුමක් නෑ බං ඔය වගේ දේවල් වලට රිසර්ච් කරන්න ... රජයේ කැම්පස් වල උගන්නනෙත් නෑ එච්චර මගුලක් ... පහසුකමුත් තිබ්බෙ නෑ අපේ කැම්පස් වල ... උඩින් පල්ලෙන් අපිටත් ඉගැන්නුවෙ .. අපේ උනන්දුව නිසා පස්සේ ඉගෙනගත්ත ...



    අර දකුණේ පැතිර ගිය වයිරස් එක මොකක් ද කියල වත් අඳුනගන්න බෑ අපේ උන්ට ... හැම ඩොකාම කියන්නෙ දත්ත නෑ දත්ත නෑ කියල ටී.වී වලට මූණ ඔබන්, ගොන් පකයෝ සෙට් එකක් ඉන්නෙ ඩොකාලත් .. දන්නා ලබ්බකුත් නෑ ... ඉතින් යකෝ දත්ත කව්රුවත් දෙන්නේ නෑ, තොපි හොයාගන්න ඕනෙ... ලංකාවෙ රිසර්ච් ඉන්ස්ටියුට් පකේ ඉන්ස්ටිටියුට් .. මෙලෝ ලබ්බක් බෑ උන්ට .. අපරාදෙ උන්ට පඩි ගෙවන්නෙ ... ඒ කියන්නෙ අලුත් වර්ගයක වයිරස් එකක් ආවොත් මුන්ට කිසි දෙයක් කරගන්න දැනුමක් නෑ .. මොකක් හරි කලින් පිටරටකින් අඳුන ගත්ත වයිරස් එකක් ආවොත්, ඒක අඳුනගන්නෙ කොහොමද කියල සුද්දගෙන්ම අහගෙන ඒ පිළිවෙලට කරලා අඳුන ගන්න ලෙඩ මිසක් .. අපේ එවුන්ට දැනුමක් නෑ අලුත් එකක් ආවොත් අඳුන ගන්න ... ඔන්න ඔහොමයි රටේ සවුක්‍ය ක්ෂේත්‍රයේ තත්වය .. පකේ සවුක්‍ය ..
     
    Last edited:

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    සහතික ඇත්ත බං ... බොරුවට ගෙවල් වල ඇවිල්ල චෙක් කරනව ... කව්ද මන්ද ලංකාවෙ එකෙක්ට රිසර්ච් එකක් පබ්ලිෂ් කරගන්න ඕනෙ වෙලා, බොරු රිසර්ච් එකක් ලියල පබ්ලිෂ් කරලා, ලංකාවෙ ඩෙංගු මදුරුවා බෝ වෙන්නෙ ගෙවල් වලින් ම පමණයි කියල .. අපේ හරක් ඒක ඔහේ පිළිගෙන. දැන් උන් ඕක ඇත්තක් කියල හිතාගෙන තමයි ඔය චෙක් කරනව කියන්නෙ ... උගෙ රිසර්ච් එක ඇත්ත නම් මේ චෙක් කරන විදිහට අනුව ඩෙංගු අඩු වෙන්න එපැයි මේ වෙනකොට, ගෙවල් වලම නම් හැදෙන්නෙ ඩෙංගු ... බොරුවක් නෙ බන් ... අපි නොදන්න ලංකාවෙ රිසර්ච් :lol::lol:


    අපේ ප්‍රශ්න විසඳගන්න අපිට පුළුවන් වගේ ගොන් තර්ක ගේන්නේ නැතුව ...මුන් මේකට හරියමන් සෙට් එකක් පිට රටකින් ගෙනල්ල මේකට විසඳුමක් හොයාගත්ත නම් හරිනෙ ... අර අපේ කොල්ල හොයාගත්ත බැක්ටීරියාවෙන් හැම වර්ගයකම කීටයො මැරෙනව කියල ආරංචි ... එහෙම උනාම බැලන්ස් එක නැතිවෙලා ඉඟුරු දීල මිරිස් ගත්ත වෙනව ... ඒක නිසා, මේකට හරි පර්යේෂණ කරන්න පුළුවන් පිටරටවල් වලින් ගන්නල ප්‍රශ්නෙ විසඳන්න ඕනෙ ... අපිට පුළුවන් කිය කිය, අපිටම පුපේ අරගන්නේ නැතුව ...ඇත්තම කතාව අපිට ලොකු තාක්ෂණයක් දැනුමක් නෑ බං ඔය වගේ දේවල් වලට රිසර්ච් කරන්න ... රජයේ කැම්පස් වල උගන්නනෙත් නෑ එච්චර මගුලක් ... පහසුකමුත් තිබ්බෙ නෑ අපේ කැම්පස් වල ... උඩින් පල්ලෙන් අපිටත් ඉගැන්නුවෙ .. අපේ උනන්දුව නිසා පස්සේ ඉගෙනගත්ත ...



    අර දකුණේ පැතිර ගිය වයිරස් එක මොකක් ද කියල වත් අඳුනගන්න බෑ අපේ උන්ට ... හැම ඩොකාම කියන්නෙ දත්ත නෑ දත්ත නෑ කියල ටී.වී වලට මූණ ඔබන්, ගොන් පකයෝ සෙට් එකක් ඉන්නෙ ඩොකාලත් .. දන්නා ලබ්බකුත් නෑ ... ඉතින් යකෝ දත්ත කව්රුවත් දෙන්නේ නෑ, තොපි හොයාගන්න ඕනෙ... ලංකාවෙ රිසර්ච් ඉන්ස්ටියුට් පකේ ඉන්ස්ටිටියුට් .. මෙලෝ ලබ්බක් බෑ උන්ට .. අපරාදෙ උන්ට පඩි ගෙවන්නෙ ... ඒ කියන්නෙ අලුත් වර්ගයක වයිරස් එකක් ආවොත් මුන්ට කිසි දෙයක් කරගන්න දැනුමක් නෑ .. මොකක් හරි කලින් පිටරටකින් අඳුන ගත්ත වයිරස් එකක් ආවොත්, ඒක අඳුනගන්නෙ කොහොමද කියල සුද්දගෙන්ම අහගෙන ඒ පිළිවෙලට කරලා අඳුන ගන්න ලෙඩ මිසක් .. අපේ එවුන්ට දැනුමක් නෑ අලුත් එකක් ආවොත් අඳුන ගන්න ... ඔන්න ඔහොමයි රටේ සවුක්‍ය ක්ෂේත්‍රයේ තත්වය .. පකේ සවුක්‍ය ..
    ඔහොම තමයි වඳ පෙත්තකුත් නෑ කිව්වෙ....:sorry:
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    කාලෙන් කාලෙට එක එක ආතල් සෙට් වෙනවා. වකුගඩු ලෙඩේට හේතු හොයා ගත්තකිව්වා, වතුරෙන් දුවන වාහන හැදුවා කිව්වා, ෆොර්මියුලා කාර් හැදුවා, දැන් ඩෙංගු මර්ධන කිටයෙක් හොයා ගත්ත කියනවා.
    ඇත්ත කතාව දැන් ලංකාවේ හරිහමන් රිසර්ච් කිරිල්ලක් නෑ. කරන්න පුළුවන් හෝ කරන අයව ගයිඩ් කරන්න පුළුවන් උගතුන් ලංකාවේ නෑ. පුළු පුළුවන් හැම කෙනාම රට පැනලා හෝ පනිමින් ඉන්නවා. ඉස්සරහට සුද්දෝ කියන දෙයක් අහගෙන, උන් දෙන දෙයක් කාල උඩ බලන් ඉන්න තමා වෙන්නේ.