ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’

    wolb-4-1oqc6ga.png


    ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.



    මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන බැවින් ද, ජෛව පාලනයක් සිදුවන බැවින් ද බැක්ටීරියාව ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

    මේ වනවිට ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාවෙන් ඩෙංගු වෛරසය මර්දනය කර ඇති බවත්, එය ඕස්ටෙ‍්‍රලියාවේ ඉතා සාර්ථක වූ බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

    වොල්බැකියා බැක්ටීරියාව මෙරට ආගන්තුක එකක් නොවන බව කී ජාසිංහ මහතා එය බොහෝ විට කෘමීන්ගේ ශරීර තුළ ඇතැයි ද මෙම වැඩපිළිවෙළේ දී සිදුකරන්නේ විදේශ රටකින් ගෙන්වන බැක්ටීරියාව ශරීර ගත කර ඇති ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීම යැයි ද පැවැසීය.

    එකී මදුරුවන් පරිසරයට එක්වීම සමග පරිසරයේ දැනට සිටින ඩෙංගු මදුරුවන්ගේ ශරීර තුළට ද වොල්බැකියා බැක්ටීරියාව ඇතුළු වන බවත් මේ නිසා ඩෙංගු වෛරසය විනාශ වන බවත් හෙතෙම කියා සිටියේය.

    ඒ අනුව නියාමන ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ කොටහේන හා නුගේගොඩ ආසන්න ග‍්‍රාම නිලධාරි කොට්ඨාස 25ක මෙම බැක්ටීරියාව ලබන මාර්තු දෙවැනිදා මුදා හැරීමට නියමිත බවත් වෛද්‍ය ජාසිංහ කියා සිටියේය.

    එම බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම පෙබරවාරි 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පවතින කොරෝනා වයිරසයේ අවදානම මතුවීම හේතුවෙන් එය කල් දැමීමට සිදුව ඇත.

    ගෙවී ගිය ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 10,607 ක් වාර්තා වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් ඩෙංගු රෝගීන්ගෙන් අති බහුතරය කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන බැවින් මෙම ව්‍යාපෘතියේ නියාමන කටයුත්ත කොළඹින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

    (විනීතා එම් ගමගේ)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,294
    113
    Kotahena
    ඒ උනාට උනුත් ආවොත් අපිට කනවනෙ. ඔවුන් release කරලා ටික කාලෙකින් ඩෙංගු රෝගීන් නැති උනාම අර වඳ මදුරුවා ගෙනල්ලා දැම්මා නම් හරි අඩු වෙන්න. එතකොට ජනෙල් අැරලා නිසා ගන්න පුළුවන් නෙට් දන්නේ නැතුව
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    වැඩිය හිතන්න එපා ඉතින් ඕවා. බහුජාතික මදුරු කොයිල් කොම්පැණි වලින් දොල පිදේනි දෙනකොට ඕවා යට යනවා.. (ගෝටා සර්ට පුලුවන් උනොත් ඕකට ගේමක් ගහන්න අන්න පට්ට) :)
     
    Last edited: