මේකයි, පැපොල් කොල විලින් ප්ලේට්ලට් වැඩි කරනව තමයි, ඒත් ඩෙංගු වල කේස් එක එන්නෙ ප්ලේට්ලට් අඩුවීමෙන් නෙමෙයි, ප්ලේට්ලට් අඩු වීම එක් දර්ශකයක් විතරයි. ඇත්තටම ඩෙංගු වලට ප්ලේට්ලට් වැඩි කරන බෙහෙත් බොන එක ලෙඩේ වෙනුවට රෝග ලක්ෂණයට විතරක් බේත් කරනව වගේ වැඩක්.
මචන් මම දන්නේ නැති නිසා අහන්නේ ප්ලේට්ලට් අඩු වෙන වෙන එක රෝග ලක්ෂණයක් කියමු, එහෙම අඩු වෙලා 12000ට 10000ට ආවම අපේ ඇග දුර්වල වෙනවාද? එතකොට අපිට තවත් දරාගන්න පුළුවන් හැකියාව අඩු වෙන්නේ නැද්ද? එතකොට ප්ලේට්ලට් අඩු වෙලා තවත් කෙල වෙනකන් (ප්ලේට්ලට් අඩු වීම නිසා ඇතිවන තත්වයන්) ඉන්නවට වඩා ගස් ලබු කොළ ඉස්ම ටිකක් බීල platelet වැඩි කරගන්න එක වරදක් නෑ නේද? පොඩ්ඩක් පැහදිලි කරලා දෙන්න.