ඩෙන්සිල් කොබ්බෑකඩුව, පේ‍්‍රමදාස හා කොටි - 02

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    Part 1 (Click Here)

    මේ කාල වකවානුවේ දී විශාල සටනකින් පසුව කයිට්ස් ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම හමුදා ග‍්‍රහණයට ගෙන තිබිණි. ඉහත කී ලෑන්ඞ් රෝවරය 1991-10-21 වැනි දින කයිට්ස් වේලනි හමුදා කදවුරට ගෙන ගොස් බි‍්‍රගේඩියර් තිලකරත්නගේ භාරයට පත් කරයි.

    ඕනෑම රථයක් මෝටර් රථ ආඥා පනත යටතේ ලියාපදිංචි කළ යුතු වුවත් මෙම රථය ලියාපදිංචි කිරීමට හමුදා නිලධාරින් කටයුතු කර නොමැත. එය මහත් සැකයට තුඩු දෙන හේතුවකි...

    වේලනි යුද කදවුරේ අණ දෙන නිලධාරියා වූයේ බි‍්‍රගේඩියර් තිලකරත්නය. ඔහු කොබ්බෑකඩුව ඝාතනයට දින දෙකකට පෙර එනම් 1992-08-06 නිවාඩු ලබාගෙන කොළඹ පැමිණෙන්නේය. ඒ අනුව අණදෙන ධුරය වැඩ බැලීම පැවරෙන්නේ ලූතිනන් කර්නල් ස්ටීවන්ටය. මොහු ඩෙන්සිල් ඝාතනය සම්බන්ධයෙන් දායකත්වය සැපයූ බව විමර්ශනයන් හි දී පෙන්වයි. මේ වන විට වේලනි යුද ක`දවුරේ තවත් සුවිශේෂි පුද්ගලයෙක් සිටියේය. ඒ යුද හමුදා ඉංජිනේරු බලකායේ මේජර් වීරසිංහය. ඔහු වේලනි වලට පැමිණීමට පෙර අනුයුක්තව සිටියේ වැලිඔය කදවුරේය. එහි එවිට අණදෙන නිලධාරියා වූයේ බිි‍්‍රගේඩියර් බොහොරාන් ය. මොහු කොටින්ට ආයුද සැපයූ මෙහෙයුමේ අයෙකි.

    මේජර් වීරසිංහ හා හා බොහොරාන් යනු බිම් බෝම්බ, ක්ලේමෝ බෝම්බ හා මර උගුල් ඇටවීමේ විශේෂඥයින්ය. ඔවුන් ඒ සම්බන්ධව ප‍්‍රවීණත්වය දැක්වූවෝ වෙති. ඩෙන්සිල් ඝාතනයට මාස දෙකකට පෙර මොහු හදිසියේ වේලනි කදවුරට අනුයුක්ත වීම විශේෂත්වයකි.

    1992-08-08 කයිට්ස්වල ආරක්ෂක තත්වය බැලීමට කොබ්බෑකඩුව පැමිණෙයි... ඔහුට ගමන් කිරීමට පිළියෙල කර තබන්නේ ඉහත කී ලෑන්ඞ් රෝවරයයි.... කොටින්ගෙන් මෙන්ම අභ්‍යන්තරයෙන් ද තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බව ඩෙන්සිල් දැන සිටියේය.... එවකට යුද හමුදා රහස් තොරතුරු අංශයේ ආඥාපතිව සිටි මේජර් ජනරාල් චූලි සෙනෙවිරත්න ද කයිට්ස්වල දී ඩෙන්සිල්ව මරා දැමීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවට ඩෙන්සිල්ව දැනුවත් කර තිබිණි. නමුදු ඩෙන්සිල් යනු නොසැලෙන අයෙකි... ඔහුට අවදානම් හුරුය.... ඔහු බිය වූයේ නැත.

    කයිට්ස්වල සිට අරාලිතුඩුව දක්වා සෝදිසි ගමන යාමට රථ තුනක් පිළියෙල කර තිබිණි. ගමන යාමට නිලධාරින් ඇතුලූ භටයින් 19 ක් සූදානමින් සිටියහ. කොබ්බෑකඩුව, විමලරත්න, ස්ටීවන් හපුගොඩ සදහා රථ 03 වෙන් කර තිබිණි. ඩෙන්සිල්ට වෙන් කර තිබුණේ ඉහත කී සැක සහිත රෝවරයයි.

    ඩෙන්සිල්ට රථයට ගොඩ වුවද, ඔහුට යම් සැකයක් ඇති වූ නිසාදෝ තනියෙන් රථයට ගොඩ වීමට පසුබට විය. තමන් ගැන ඔත්තු බැලීමට පේ‍්‍රමදාස යොදාගත්තා යැයි සැක කරන විමලරත්නව ද තම රථයටම ගොඩ කරගත්තේ ය. එම අවස්ථාවේ දී විමලරත්න එයට ගොඩ වූයේ තරමක අකමැත්තෙන් යැයි කියවේ. නමුදු ජ්‍යේෂ්ඨ අණට කීකරු වී ඔහු රථයට ගොඩ වැදුණේය. තරමක් දුර ගිය ඩෙන්සිල් නැවතත් රථය නවතන ලදි. රථය නවතා කර්නල් හපුගොඩව ද රථයට නංවා ගත්තේය. ඒ සියල්ලම ඩෙන්සිල් කළේ ඔහු වටා කි‍්‍රයාත්මක වූ අනතුර පිළිබ`දව හමුදා බුද්ධියෙන් බැලූ බැවිනි.

    කෙසේ වෙතත් මාරයා හැරුණේ නැත.... ක්‍ෂණයෙන් බෝම්බය පුපුරා ගියේය.... හමුදි නිලධාරින් 10 දෙනෙක් මරුමුවට පත් විය. ජීවිත් වීමට හැකියාව ලැබුණේ එක් අයෙකුට පමණි. ඒ කෝප‍්‍රල් වීරකොන් ය. ජීවිතය බේරුණත් ඔහුගේ දෙපා අහිමි විය. බරපතල තුවාල සිදු විය. ඒ වන විය බරපතල තුවාල තිබුණත් පණ තිබුණේ ඩෙන්සිල්ට පමණි. ඔහුව වහාම කයිට්ස් සිට පලාලි හමුදා කදවුරට ගෙන ගොස් එහි සිට ඇව්රෝ යානයකින් රත්මලානට ගෙන යන ලදි. ඒ අවස්ථාවේ දී ඔහු ජීවිතයත් මරණයත් අතර දැඩි තරගයක නිතරව සිටියේය.... රත්මලානේදි ඔහුව ට්‍රොලියට දැම්මත් රෝහල කරා ගෙන යාමට කිසිදු උනන්දුවක් නොතිබිණි. අවසන රෝහලට ඇතුලත් කරන විට ඔහුගේ පණ නල සුලගට මුසුව තිබිණි.

    අඩුම තරමේ ඔහුට පශ්චාත් මරණ පරික්ෂණයක් පවා හිමි නොවුණි. ලහි ලහියේ මිහිදන් කිරීමට කටයුතු කරන ලදි. අවමංගල්‍ය සදහා පේ‍්‍රමදාස මහතාගේ නියෝජිතයා ලෙස සහභාගි වූයේ ආචාර්ය දයාන් ජයතිලක ය. ගංගාරාමයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥණීස්සරය. රැස්ව සිටි පිරිසගෙන් ඇති වූ විරෝධතා හමුවේ පිරිස ඉන් ඉවත් විය. ඩෙන්සිල්ගේ අවමංගල්‍යයේ ශෝක ප‍්‍රකාශ පොත කවරෙකු විසින් හෝ සොරකම් කර තිබිණි. පසුව එය අසල මාර්ගයක තිබි සොයා ගන්නා ලදි. එය පැවති රජයෙන් එහි තිබෙන්නට ඇත්තේ මොනවාද යන්න සොයා බැලීමට ගෙන ගොස් ඇති බවත්, පසුව එය ගෙනවිත් දමන්නට ඇති බවටත් කසු කුසුවක් පැතිරිණි.

    බෝම්බය පිපිරුණු ස්ථානයේ පසුබිම වෙනස් කිරීමට මේජර් වීරසිංහ ඇතුලූ කුමන්ත‍්‍රණකරුවන් උත්සහා දරා තිබිණි. බෝම්බය පිපිරීමෙන් පසු වාහනයේ ස්වරූපය වෙනස් කළේය. රස පරීක්ෂකවරයා නොමග යැවීමට නඩු භාණ්ඩ කීපයක් ද ඉදිරිපත් කරන ලදි. බෝම්බය පිපිරෙන අවස්ථාවේ නුදුරින් සිටි යුද හමුදා රහස්් ඔත්තු සේවයට අනුබද්ධව සේවය කළ ලූතිනන් එළිකේවල මෙම ස්ථානයේ සෑම දෙයක්ම තම කැමරාවේ සටන් කර ගන්නා ලදි. එය දුටු නිලධාරින් ඔහුගෙන් ඒවා බලහත්කාරයෙන් පැහැර ගන්නා ලදි. ඔහු සිද්ධිය සියැසින් දුටු අයෙකි. පුදුමයට කරුණක් නම් 1994-12-25 වන දින ‘‘හමුදා බස් රථයකට’’ යට වී ඔහුගේ මරණය සිදු විය. මෙය අහඹු සිද්ධියක් නොවන බව ඕනෑම අයෙකුට මනාව පෙනේ. පසුව කළ පරික්ෂණ හා සාක්ෂි අනුව බෝම්බය කලින් රෝවර් රථයේ අටවා තබා දුරස්ථ පාලකයකින් පුපුරුවා හැර ඇති බව විශ්වාස කෙරිණි. මන්ද යත් ඒ වන විටත් ප‍්‍රධාන නිලධාරින් තිදෙනෙක්ගේ සංචාරයේ යෙදෙන බැවින් මාර්ගය නිසි සෝදිසි කිරීම්වලට ලක් කර තිබූ බැවින් කොටින්ට බෝම්බයක් වළ දැමීමට තරම් අවස්ථාවක් නොමැති නිසාවෙනි.

    අනෙක් අතට ඩෙන්සිල්ගේ දීර්ඝකාලීන පුද්ගලික ආරක්ෂකයා වූයෙය් පනාගොඩ කෑම්ප් හි සේවය කළ පේ‍්‍රමසිරි සිල්වා හමුදා භටයාය. ඔහු ඩෙන්සිල්ගේ ඔත්තු බැලිම සදහා පත් කළ අයෙක් බව විශ්වාස කෙරේ. ඩෙන්සිල්ගේ ඝාතනයත් සමග ඔහු එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ පුද්ගලික ආරක්ෂාව වහාම අනුයුක්ත කර ගන්නා ලදි. කොබ්බෑකඩුව මිය ගියේ 08 වැනිදාය. ඝාතනයේ උණුසුම යන්නටත් මත්තෙන් ඊට පසුදාම විශේෂ නියෝගයකින් මෙම අනුයුක්ත කිරීම කිරීම කෘතගුණ සැලකීමක් ලෙස හුවා දැක්විණ.

    ඩෙන්සිල් කොබ්බෑකඩුව ජාතියට අහිමි විය. ඔහු සිටියේ නම් මෙම කුරිරු යුද්ධය මේ තරම් කාලයක් ඇදෙන්නට නොතිබිණි. ලංකා දෙරණට සුජාත පුතුන් දහස් ගණනක් ඉතිරිවන්නට ද තිබිණි.

    සෑම දේශපාලනඥයෙක්ගේම සිනහව, සුදු පිරුවට යටින් අමනකමත්, අමනුෂ්‍යකමත් ලියැවි ඇත. ඔවුන් කරනුයේ ව්‍යාපාරයකි. එම ව්‍යාපාරයට එරෙහිවන්නෝ අතු ගා දැමීමට දෙවරක් නොසිතති. අවසානයේ ඔවුන්ද බල්ලන් බළලූන් ලෙස මහ පාරේම මියැදෙන්නේය.... මන්ද යත් සෑම ධර්මයකටම වඩා යුක්ති ධර්මය, ස්වභාවධර්මය හා කර්මය බලවත් වන බැවිනි.

    ශී‍්‍ර ලාල් පි‍්‍රයන්තගේ කොටි වලිගය ග‍්‍රන්ථය ඇසුරින් සකස් කරන ලද්දකි. එක් අවස්ථාවක මෙම කතුවරයා ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් අමානුෂික වධ බන්ධනයන්ට ලක් කොට තිබිණි.

    Last edited:
    • Like
    Reactions: Sara531

    Z e u s

    Active member
  • Dec 22, 2015
    587
    180
    43
    එක් අවස්ථාවක මෙම කතුවරයා ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් අමානුෂික වධ බන්ධනයන්ට ලක් කොට තිබිණි.

    :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ශී‍්‍ර ලාල් පි‍්‍රයන්ත da ?presidential commission ekada hari?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ශී‍්‍ර ලාල් පි‍්‍රයන්ත da ?presidential commission ekada hari?

    ජනාධිපති කොමිෂමකින් දඩුවම් දුන් එකෙක් කියපංකෝ බලන්න.....
    ජනාධිපති කොමිෂම් කියන්නේ ගැලවිජ්ජාවට අටවන ආතල් එකක්....
    හොරෙක් හොරෙක් රකින්න අටවන මර උගුලක්.....

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ජනාධිපති කොමිෂමකින් දඩුවම් දුන් එකෙක් කියපංකෝ බලන්න.....
    ජනාධිපති කොමිෂම් කියන්නේ ගැලවිජ්ජාවට අටවන ආතල් එකක්....
    හොරෙක් හොරෙක් රකින්න අටවන මර උගුලක්.....

    Dan uba kiyanne oya potha liwa eka 100% k hari Scotland yard genanna investigate karapu presidential commission waradhi kiyalada?
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    Part 1 (Click Here)

    ඩෙන්සිල් කොබ්බෑකඩුව, පේ‍්‍රමදාස හා කොටි - 02

    මේ කාල වකවානුවේ දී විශාල සටනකින් පසුව කයිට්ස් ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම හමුදා ග‍්‍රහණයට ගෙන තිබිණි. ඉහත කී ලෑන්ඞ් රෝවරය 1991-10-21 වැනි දින කයිට්ස් වේලනි හමුදා කදවුරට ගෙන ගොස් බි‍්‍රගේඩියර් තිලකරත්නගේ භාරයට පත් කරයි.

    ඕනෑම රථයක් මෝටර් රථ ආඥා පනත යටතේ ලියාපදිංචි කළ යුතු වුවත් මෙම රථය ලියාපදිංචි කිරීමට හමුදා නිලධාරින් කටයුතු කර නොමැත. එය මහත් සැකයට තුඩු දෙන හේතුවකි...

    වේලනි යුද කදවුරේ අණ දෙන නිලධාරියා වූයේ බි‍්‍රගේඩියර් තිලකරත්නය. ඔහු කොබ්බෑකඩුව ඝාතනයට දින දෙකකට පෙර එනම් 1992-08-06 නිවාඩු ලබාගෙන කොළඹ පැමිණෙන්නේය. ඒ අනුව අණදෙන ධුරය වැඩ බැලීම පැවරෙන්නේ ලූතිනන් කර්නල් ස්ටීවන්ටය. මොහු ඩෙන්සිල් ඝාතනය සම්බන්ධයෙන් දායකත්වය සැපයූ බව විමර්ශනයන් හි දී පෙන්වයි. මේ වන විට වේලනි යුද ක`දවුරේ තවත් සුවිශේෂි පුද්ගලයෙක් සිටියේය. ඒ යුද හමුදා ඉංජිනේරු බලකායේ මේජර් වීරසිංහය. ඔහු වේලනි වලට පැමිණීමට පෙර අනුයුක්තව සිටියේ වැලිඔය කදවුරේය. එහි එවිට අණදෙන නිලධාරියා වූයේ බිි‍්‍රගේඩියර් බොහොරාන් ය. මොහු කොටින්ට ආයුද සැපයූ මෙහෙයුමේ අයෙකි.

    මේජර් වීරසිංහ හා හා බොහොරාන් යනු බිම් බෝම්බ, ක්ලේමෝ බෝම්බ හා මර උගුල් ඇටවීමේ විශේෂඥයින්ය. ඔවුන් ඒ සම්බන්ධව ප‍්‍රවීණත්වය දැක්වූවෝ වෙති. ඩෙන්සිල් ඝාතනයට මාස දෙකකට පෙර මොහු හදිසියේ වේලනි කදවුරට අනුයුක්ත වීම විශේෂත්වයකි.

    1992-08-08 කයිට්ස්වල ආරක්ෂක තත්වය බැලීමට කොබ්බෑකඩුව පැමිණෙයි... ඔහුට ගමන් කිරීමට පිළියෙල කර තබන්නේ ඉහත කී ලෑන්ඞ් රෝවරයයි.... කොටින්ගෙන් මෙන්ම අභ්‍යන්තරයෙන් ද තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බව ඩෙන්සිල් දැන සිටියේය.... එවකට යුද හමුදා රහස් තොරතුරු අංශයේ ආඥාපතිව සිටි මේජර් ජනරාල් චූලි සෙනෙවිරත්න ද කයිට්ස්වල දී ඩෙන්සිල්ව මරා දැමීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවට ඩෙන්සිල්ව දැනුවත් කර තිබිණි. නමුදු ඩෙන්සිල් යනු නොසැලෙන අයෙකි... ඔහුට අවදානම් හුරුය.... ඔහු බිය වූයේ නැත.

    කයිට්ස්වල සිට අරාලිතුඩුව දක්වා සෝදිසි ගමන යාමට රථ තුනක් පිළියෙල කර තිබිණි. ගමන යාමට නිලධාරින් ඇතුලූ භටයින් 19 ක් සූදානමින් සිටියහ. කොබ්බෑකඩුව, විමලරත්න, ස්ටීවන් හපුගොඩ සදහා රථ 03 වෙන් කර තිබිණි. ඩෙන්සිල්ට වෙන් කර තිබුණේ ඉහත කී සැක සහිත රෝවරයයි.

    ඩෙන්සිල්ට රථයට ගොඩ වුවද, ඔහුට යම් සැකයක් ඇති වූ නිසාදෝ තනියෙන් රථයට ගොඩ වීමට පසුබට විය. තමන් ගැන ඔත්තු බැලීමට පේ‍්‍රමදාස යොදාගත්තා යැයි සැක කරන විමලරත්නව ද තම රථයටම ගොඩ කරගත්තේ ය. එම අවස්ථාවේ දී විමලරත්න එයට ගොඩ වූයේ තරමක අකමැත්තෙන් යැයි කියවේ. නමුදු ජ්‍යේෂ්ඨ අණට කීකරු වී ඔහු රථයට ගොඩ වැදුණේය. තරමක් දුර ගිය ඩෙන්සිල් නැවතත් රථය නවතන ලදි. රථය නවතා කර්නල් හපුගොඩව ද රථයට නංවා ගත්තේය. ඒ සියල්ලම ඩෙන්සිල් කළේ ඔහු වටා කි‍්‍රයාත්මක වූ අනතුර පිළිබ`දව හමුදා බුද්ධියෙන් බැලූ බැවිනි.

    කෙසේ වෙතත් මාරයා හැරුණේ නැත.... ක්‍ෂණයෙන් බෝම්බය පුපුරා ගියේය.... හමුදි නිලධාරින් 10 දෙනෙක් මරුමුවට පත් විය. ජීවිත් වීමට හැකියාව ලැබුණේ එක් අයෙකුට පමණි. ඒ කෝප‍්‍රල් වීරකොන් ය. ජීවිතය බේරුණත් ඔහුගේ දෙපා අහිමි විය. බරපතල තුවාල සිදු විය. ඒ වන විය බරපතල තුවාල තිබුණත් පණ තිබුණේ ඩෙන්සිල්ට පමණි. ඔහුව වහාම කයිට්ස් සිට පලාලි හමුදා කදවුරට ගෙන ගොස් එහි සිට ඇව්රෝ යානයකින් රත්මලානට ගෙන යන ලදි. ඒ අවස්ථාවේ දී ඔහු ජීවිතයත් මරණයත් අතර දැඩි තරගයක නිතරව සිටියේය.... රත්මලානේදි ඔහුව ට්‍රොලියට දැම්මත් රෝහල කරා ගෙන යාමට කිසිදු උනන්දුවක් නොතිබිණි. අවසන රෝහලට ඇතුලත් කරන විට ඔහුගේ පණ නල සුලගට මුසුව තිබිණි.

    අඩුම තරමේ ඔහුට පශ්චාත් මරණ පරික්ෂණයක් පවා හිමි නොවුණි. ලහි ලහියේ මිහිදන් කිරීමට කටයුතු කරන ලදි. අවමංගල්‍ය සදහා පේ‍්‍රමදාස මහතාගේ නියෝජිතයා ලෙස සහභාගි වූයේ ආචාර්ය දයාන් ජයතිලක ය. ගංගාරාමයේ විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥණීස්සරය. රැස්ව සිටි පිරිසගෙන් ඇති වූ විරෝධතා හමුවේ පිරිස ඉන් ඉවත් විය. ඩෙන්සිල්ගේ අවමංගල්‍යයේ ශෝක ප‍්‍රකාශ පොත කවරෙකු විසින් හෝ සොරකම් කර තිබිණි. පසුව එය අසල මාර්ගයක තිබි සොයා ගන්නා ලදි. එය පැවති රජයෙන් එහි තිබෙන්නට ඇත්තේ මොනවාද යන්න සොයා බැලීමට ගෙන ගොස් ඇති බවත්, පසුව එය ගෙනවිත් දමන්නට ඇති බවටත් කසු කුසුවක් පැතිරිණි.

    බෝම්බය පිපිරුණු ස්ථානයේ පසුබිම වෙනස් කිරීමට මේජර් වීරසිංහ ඇතුලූ කුමන්ත‍්‍රණකරුවන් උත්සහා දරා තිබිණි. බෝම්බය පිපිරීමෙන් පසු වාහනයේ ස්වරූපය වෙනස් කළේය. රස පරීක්ෂකවරයා නොමග යැවීමට නඩු භාණ්ඩ කීපයක් ද ඉදිරිපත් කරන ලදි. බෝම්බය පිපිරෙන අවස්ථාවේ නුදුරින් සිටි යුද හමුදා රහස්් ඔත්තු සේවයට අනුබද්ධව සේවය කළ ලූතිනන් එළිකේවල මෙම ස්ථානයේ සෑම දෙයක්ම තම කැමරාවේ සටන් කර ගන්නා ලදි. එය දුටු නිලධාරින් ඔහුගෙන් ඒවා බලහත්කාරයෙන් පැහැර ගන්නා ලදි. ඔහු සිද්ධිය සියැසින් දුටු අයෙකි. පුදුමයට කරුණක් නම් 1994-12-25 වන දින ‘‘හමුදා බස් රථයකට’’ යට වී ඔහුගේ මරණය සිදු විය. මෙය අහඹු සිද්ධියක් නොවන බව ඕනෑම අයෙකුට මනාව පෙනේ. පසුව කළ පරික්ෂණ හා සාක්ෂි අනුව බෝම්බය කලින් රෝවර් රථයේ අටවා තබා දුරස්ථ පාලකයකින් පුපුරුවා හැර ඇති බව විශ්වාස කෙරිණි. මන්ද යත් ඒ වන විටත් ප‍්‍රධාන නිලධාරින් තිදෙනෙක්ගේ සංචාරයේ යෙදෙන බැවින් මාර්ගය නිසි සෝදිසි කිරීම්වලට ලක් කර තිබූ බැවින් කොටින්ට බෝම්බයක් වළ දැමීමට තරම් අවස්ථාවක් නොමැති නිසාවෙනි.

    අනෙක් අතට ඩෙන්සිල්ගේ දීර්ඝකාලීන පුද්ගලික ආරක්ෂකයා වූයෙය් පනාගොඩ කෑම්ප් හි සේවය කළ පේ‍්‍රමසිරි සිල්වා හමුදා භටයාය. ඔහු ඩෙන්සිල්ගේ ඔත්තු බැලිම සදහා පත් කළ අයෙක් බව විශ්වාස කෙරේ. ඩෙන්සිල්ගේ ඝාතනයත් සමග ඔහු එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ පුද්ගලික ආරක්ෂාව වහාම අනුයුක්ත කර ගන්නා ලදි. කොබ්බෑකඩුව මිය ගියේ 08 වැනිදාය. ඝාතනයේ උණුසුම යන්නටත් මත්තෙන් ඊට පසුදාම විශේෂ නියෝගයකින් මෙම අනුයුක්ත කිරීම කිරීම කෘතගුණ සැලකීමක් ලෙස හුවා දැක්විණ.

    ඩෙන්සිල් කොබ්බෑකඩුව ජාතියට අහිමි විය. ඔහු සිටියේ නම් මෙම කුරිරු යුද්ධය මේ තරම් කාලයක් ඇදෙන්නට නොතිබිණි. ලංකා දෙරණට සුජාත පුතුන් දහස් ගණනක් ඉතිරිවන්නට ද තිබිණි.

    සෑම දේශපාලනඥයෙක්ගේම සිනහව, සුදු පිරුවට යටින් අමනකමත්, අමනුෂ්‍යකමත් ලියැවි ඇත. ඔවුන් කරනුයේ ව්‍යාපාරයකි. එම ව්‍යාපාරයට එරෙහිවන්නෝ අතු ගා දැමීමට දෙවරක් නොසිතති. අවසානයේ ඔවුන්ද බල්ලන් බළලූන් ලෙස මහ පාරේම මියැදෙන්නේය.... මන්ද යත් සෑම ධර්මයකටම වඩා යුක්ති ධර්මය, ස්වභාවධර්මය හා කර්මය බලවත් වන බැවිනි.

    ශී‍්‍ර ලාල් පි‍්‍රයන්තගේ කොටි වලිගය ග‍්‍රන්ථය ඇසුරින් සකස් කරන ලද්දකි. එක් අවස්ථාවක මෙම කතුවරයා ආයුධ සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගොස් අමානුෂික වධ බන්ධනයන්ට ලක් කොට තිබිණි.

    රතු සහ කොල කන්නාඩි පුද්ගලයින් මෙය නොපිලිගන්නෙ මංද.....:(