ඩෙනිම ගැන රහසක්...

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඩෙනිම ගැන රහසක්...

    ඩෙනිම තරම් අපේ ජීවිතේට fit වුණ තවත් ඇඳුමක් නැති තරම්. බාල, තරුණ, ගැහැණු, පිරිමි විතරක් නෙවෙයි , ජාති , කුල, ආගම් වගේ කිසිම බේදයක් නැතිව, කා අතරත් ජනප්‍රිය ඇඳුමක් විදිහට ඩෙනිම හඳුන්වන්න පුළුවන්. ඕනෑම විදිහේ කෙනෙකුගේ හිතට වදින ඇඳුමක් වෙන්න ඩෙනිමට, විශේෂ‍යෙන් ම ඩෙනිම් කලිසමට තියෙන්නේ පුදුම හැකියාවක්. ඩෙනිම් කලිසමක් නැති අල්මාරියක් කියන්නේ ඇත්තටම පරිප්පු නැති හෝටලයක් වගේ තැනක්.
    20111124152343_72727.jpg
    ඩෙනිම අපේ එදිනෙදා ජීවිතේට මෙච්චර ළං වුණත්, බොහෝ දෙනා ඩෙනිම ගැන නොදන්න කරුණු ගොඩක් තියෙනවා. ඒ දේවල් දැනගන්න අපි කතා කළා, තරුණ Fashion Designer කෙනෙක් වන රොෂාන් ඉන්ද්‍රජිත් ට. රොෂාන් මුලින් ම පැහැදිලි කළේ ඩෙනිම් කලිසමක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු ගැනයි.

    20111124152107_54328.jpg
    මුලින් ම බලන්න ඕනේ තමුන් කැමති මොන විදිහේ ඩෙනිම්ස් අඳින්නද කියලයි. කෙනෙක් Baggy ඩෙනිම්ස් වලට, තවත් කෙනෙක් ශරීරයට හිර වුණ ඩෙනිමකට කැමති වෙන්න පුළුවන්. ඒ අඳින විදිහ ඇත්තටම තමුන්ගේ ශරීරයේ ස්වරූපයට ගැළපෙනවද කියලත් බැලිය යුතුමයි. උදාහරණයක් විදිහට ශරීරය තරබාරු කෙනෙක් නම් ඇඟට හිර වුණු ඩෙනිම්ස් එයාට ගැළපෙන්නේ නැහැ.

    20111124152100_74486.jpg
    ඩෙනිම්ස් එක එක පාටින්, select කරගන්න අවස්ථාව අපට දැං තියෙනවා. ඒත් අපි අපේ Skin colour එකට ගැලපෙන colours තෝරා ගන්න try කරන්න ඕනේ. මෙතනදි තවත් දෙයක් මතක තියා ගන්න. ඩෙනිම කියන්නේ ඕනෑම colour එකක් එක්ක අඳින්න පුළුවන් කලිසමක්. ඒ නිසා Top එකක Colours එක්ක match කරනවට වඩා, තමුන්ගේ Skin colour එකට match කරලා ඩෙනිමක් තෝරා ගැනීම තමයි වඩාත් සුදුසු. වෙළඳ පොලේ තියෙන ඩෙනිමක් ගෙදර ගෙනත් wash කලාම පාට වෙනස් වෙන්න පුළුවන් නිසා wash කරපු ඩෙනිම් එකක් මිළදී ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

    20111124152056_94525.jpg
    ඒ වගේම දැං කාළේ වෙළඳ පොලේ සරල Basic, plain ඩෙනිම්ස් වගේ ම විවිධ මෝස්තර, රූප රටා, තියෙන ඩෙනිම්ස් ද දැක ගන්න පුළුවන්. Plain හෝ Basic ඩෙනිම් එකක් ඕනෑම තැනකට අඳින්න වගේ ම top එක යට කරලා අඳින්නත් සුදුසුයි. ඒත් එක එක විදිහේ designs දාපු ඩෙනිම් එකක් අඳින්න පුළුවන් තැන් වගේ ම අවස්ථා ත් සීමා වෙනවා.

    20111124152102_33975.jpg
    ඩෙනිමක් මිළදී ගන්නකොට අනිවාර්යයෙන් ම fit-on කරලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේ ම ඩෙනිම් කලිසම අඳින්නේ waist එකටද hip එකටද කියලත් සැලකිලිමත් වෙන්න. මොන තරම් fit-on කරලා බැලුවත් ඔයා මිළ දී ගන්න ඩෙනිම් එක ඔයාගේ ශරීරයට හරියට ම fit වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඩෙනිම් කලිසමක කකුල් දිග වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේ වෙලාවට වැඩි කොටස උඩට නවා ඇඳීමට තමයි බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ. ඒත් වඩාත් සුදුසු ම දේ තමයි වැඩි කොටස කපලා ඉවත් කර, වාටිය මසා ඇඳීම. ඩෙනිම් කලිසමක් කුඩා හෝ විශාල කරන කොට එය කරන්නත් විශේෂ ක්‍රමයක් තියෙනවා. ඩෙනිම් එකකට කරන ඕනෑම වෙනසක් සඳහා පාවිච්චි කරන්න ඕනේ තනි මැස්මක් තියෙන තැන් විතරයි.
    මේ විදිහට ඩෙනිම් එකක් තෝරා ගෙන අඳින්න පුළුවන් නම් ඔයා වෙනදාටත් වඩා smart විදිහට පෙනෙයි.



     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උඹට $5ක් ලැබුනද? තවම ලැබුන් නැත්තම් මට PM එකක් එවපන් මචන්! මම දෙන්නම්.. මට සල්ලි එපා:)
     
    • Like
    Reactions: nelik

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    උඹට $5ක් ලැබුනද? තවම ලැබුන් නැත්තම් මට PM එකක් එවපන් මචන්! මම දෙන්නම්.. මට සල්ලි එපා:)


    ගොඩක් ලොකු හෙල්ප් එකක් කරේ මචන් ... සල්ලි අවා ... බොහොම ස්තුතියි !!
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ගොඩක් ලොකු හෙල්ප් එකක් කරේ මචන් ... සල්ලි අවා ... බොහොම ස්තුතියි !!
    ආයෙත් PayPal එහෙම ඕන උනොත් PM එකක් එවපන් මචන්! ;)
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ආයෙත් PayPal එහෙම ඕන උනොත් PM එකක් එවපන් මචන්! ;)

    නැහැ මචෝ මේ හෙල්ප් එක හොදටම වටිනවා මට :) :yes: