වැඩිම සම්ප්‍රේෂණ වේගයකින් යුත් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසියාව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කලාපයේ බොහෝ රටවල එන්නත්කරණ ප්‍රතිශතය අඩු මට්ටමක පවතින බවද එම වාර්තා පෙන්වා දෙයි.
මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් වෛරස ප්‍රභේද අතරින් වඩාත් ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන්නේ ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදයයි.
ඉන්දියාව මේ වනවිට දෙවන කොවිඩ් රැල්ලේ උපරිම අවස්ථාව පසුකර ඇතත් ආසියාතික රටවල් කිහිපයකම වෛරස ආසාදන ඉහළ යමින් තිබේ.
ඇෆ්ගනිස්තානයේ වැඩිම ආසාදිතයන් පිරිස ඉකුත් ජුනි මාසයේ වාර්තා වූ අතර කාබුල් අගනුවරින් වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 60% ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් බව ඇෆ්ගන් සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් ඇති සෙසු ආසියාතික රටවල් අතරට බංග්ලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මොංගෝලියාව අයත්ය.
ආසියාවේ රටවල් කිහිපයක් හැරෙන්නට සෙසු රටවල්වල කොවිඩ් මර්දන එන්නත්කරණය පහළ මට්ටමක පවතින බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉරානය පස්වන කොවිඩ් රැල්ලකට මුහුණදීමේ අවදානමක් පවතින බව එරට බලධාරීන් පවසා තිබේ.
ටෙහෙරාන් අගනුවර ඇතුලු වැඩිම කොවිඩ් අවදානමක් සහිත නගර 91ක් රතු කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර දැඩි සංචරණ සීමා පනවා ඇති බව එරටින් වාර්තා වේ.
ඩෙල්ටා වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් සහ පාලන කළාප 98ක පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එන්නත්කරණය අඩු මට්ටමක පවතින රටවල්වල මෙන්ම ඉහළ එන්නත්කරණ අගයක් සහිත රටවල්වලත් ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් වසංගත ව්‍යාප්තිය මන්දගාමී කිරීමට, ජීවිත රැකගැනීමට මෙන්ම ගෝලීය ආර්ථිකය යථාතත්වයට පත් කරගැනීමටත් හොඳම වැඩපිළිවෙල වන්නේ එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දී තිබේ.
ලබන වර්ෂය වනවිට ලොව සෑම රටකම ජනගහණයෙන් 70% ක් එන්නත් කර අවසන් කිරීම සඳහා එකමුතුව කටයුතු කරන ලෙසත් ඔහු සියලුම රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටී.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඵලදායී ප්‍රතිචාර දක්වන බව එම සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කර ඇත.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම, රෝහල්ගත කිරීම මෙන්ම මරණයට පත්වීම වැළැක්වීමට මෙම එන්නත් මගින් හැකියාව ලැබෙන බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වනවිට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 18 කෝටි 42 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.
වසංගතයෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 39 ලක්ෂ 86 දහසකට අධිකය.
http://sinhala.adaderana.lk/news/154719/ඩෙල්ටා-ආසියාව-පුරා-ව්‍යාප්තවීමේ-තත්ත්වයක්