ඩේවිඩ්_කැමරන්

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    facepalm.jpg

    බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් ශී‍්‍රලංකාවට පැමිණි දිනයේ පටන්ම හැසිරුනේ අඥාදායකයෙකු ලෙස යැයි බි‍්‍රතාන්‍යය වෙබ් අඩවි කිහිපයක්ම චෝදනා නඟයි.
    ශී‍්‍ර ලංකාව යනු බි‍්‍රතාන්‍යය යටත් විජිතයක් ලෙස පැවැති හෙයින් එදවස කියුම් කෙරුම් අදටත් අදාළ වන්නේ යැයි ඔහු සිතා සිටියේ නම් එය වැරදීමක් බව එම වෙබ් අඩවි වාර්තාවන්ගේ දැක්වේ.
    මේ පිළිබඳව වඩා හොද විවරණයක් ඉදිරිපත් කර ඇති බි‍්‍රතාන්‍යයේ ද සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය බි‍්‍රතාන්‍යය අගමැතිවරයා විදෙස් රටවල් සමග ගෞරවාන්විත ලෙස සබදතා පවත්වාගත්තද ශී‍්‍රලංකාව හා සැළකීමේදී එය එසේ නොවන බවක් පෙනෙන්නට ඇතැයි සදහන් කර ඇත.
    අගමැතිවරයාගේ උතුරේ සංචාරය ගැනත් අදහස් දක්වා ඇති සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය අගමැතිවරයා තමන් කලකට පසු උතුරට ගිය පළමු විදෙස් රාජ්‍ය නායකයා බවට උදම් ඇනුවද නමුත් එසේ උතුරට යාමට හැකියාව ලැබුණේ ශී‍්‍ර ලංකා ජනපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රජයත් ශී‍්‍රලංකාවේ ආරක්ෂක අංශත් 30 වසරක් තිස්සේ පැවති යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ නිසාවෙන් බව ඔහුට අමතක වී ඇතැයි සදහන් කර ඇත.
    30 වසරක් තිස්සේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර,සැළසුම් සහගත මිනීමැරුම්,ළමා සොල්දාදුවන්,බෝම්බ ඇටවීම් සියල්ල දැන් බි‍්‍රතාන්‍යයට අමතකව ඇති සෙයක් පෙනෙන්නට ඇතැයි වෙබ් අඩවියේ දැක්වේ.තවද කොටි සංවිධානයේ කි‍්‍රයාකාරකම් වලට සෘජුවම දායක වූ දෙමළ ඩයස්පෝරාව ලන්ඩනය කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වෙද්දී ඒවාට පියවර නොගෙන ඇස කන පියාගෙන සිට දැන් ශී‍්‍රලංකාව නැගිටීමට උත්සාහ කරන කල ඊට අකුල් හෙළන්නට බි‍්‍රතාන්‍යය සැරසෙන්නේ යටත් විජිත මානසිකත්වය තවමත් පවතින නිසාවෙන් යැයි පෙනෙන්නට ඇතැයි එහි සදහන්ය.
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකාරකම් සියල්ල සාධාරණීකරණය කළ නොහැකි වුවත් අගය කළ යුතු දේ අගය කිරීමට බි‍්‍රතාන්‍යය අගමැතිවරයා කටයුතු කළේ නම් දෙරට අතර දැන් පවතින සේ විරසකයක් ඇති නොවීමට ඉඩ තිබුණි යැයිද එසේ වී නම් ශී‍්‍ර ලංකාවේ ගැටලූකාරී වාතාවරණය මැඬීමට ගතහැකි පියවර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග හොදින් සාකච්ඡ කිරීමට හැකියාව තිබුණේ යැයිද වෙබ් අඩවියේ දැක්වේ​

    ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

    cameron.jpg
     
    Last edited:
    • Like
    Reactions: asylum and shenic

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පසුගිය 11 වෙනි දින ප්‍රසිද්ධ කරන ලද වාර්තාවක " බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉරාක ආක්‍රමණය පිලිබඳ සමීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කිරීම අවහිර කිරීමට කටයුතු කර ඇති බවත් ඔහු එසේ කර ඇත්තේ එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් සහ ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය අකටයුතු නීති විරෝධී යුද්ධයකට පැටලවීම සඳහා රහසේ කුමන්ත්‍රණය කළ බව සනාත වන නිසා " බවත් දක්වා ඇත.
    ඉරාක යුද්ධයේදී ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා යුද අපරාධ සිදුකරන ලද බවට චෝදනා එල්ලවී ඇතී බැවින් මෙම කතා බහ එළිදැක්වීම තුලින් දෙරටේ නායකයින්ද එම අපරාධයන්ට හවුල්කරුවන් වුබවට ඔප්පුකලහැකි සාක්ෂි මතුවිය හැකි නිසා ඒවා නිකුත්කිරීම නවතා දැමීමට කැමරන් අගමැතිව කටයුතු කර ඇතී බව එහි සඳහන් වෙයි.
    ඉරාකයට එරෙහිව සිදුකළ යුද්ධය සාධාරණද යන වගත් එම කාල වකවානුවේ සිදුවූ සියලුම වාර්තාගත යුධ අපරාධ පිළිබඳවත් විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත්කළ රාජාධිකරණ විනිශ්චය කරුවන්ගෙන් සැදුම්ලත් චිල්කොට් පරීක්ෂණ කමිටුව පත්කරන ලද්දේ 2009 අගමැතිව සිටි ගෝර්ඩන් බ්‍රවුන් විසිනි.
    වසර දෙකකින් වාර්තාව නිකුත්කිරීමේ පොරොන්දුව මත ආරම්භකල සමීක්ෂණ කටයුතු මේ දක්වා නිමවී නොමැති අතර දැනට වාර්තාව නිකුත් කිරීමේ දිනය දී ඇත්තේ 2014 ලෙසය.
    යුද සමයේ සහ එයට පෙරාතුව බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් සමඟ හුවමාරුවුන අදාළ ලිපි ලේඛන, දුරකථන ඇමතුම් සහ අනෙකුත් තොරතුරු විමර්ශන කමිටුව වෙත ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් මේදක්වා එම ඉල්ලීම් සඳහා ඉඩ දීම බ්‍රිතාන්‍ය අමාත්‍ය මණ්ඩල ලේකම් ශ්‍රීමත් ජෙරමි හේවුඩ් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව උක්ත වාර්තාව පෙන්වා දෙයි.
    වර්තමානයේ මැදපෙරදිග සාම දුත මෙහෙවරක යෙදෙන හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මෙම තොරතුරු එළිදරව් නොකිරීම සඳහා වත්මන් අගමැති කැමරන් පොළඹවාගෙන ඇති බවට පෙනීයන බවද එම වාර්තාව කියයි.
    "අති විශාල නස්පැත්තියක් සිදුකල හැකි වර්ගයේ යුධ අවි සදාම් හුසේන් සතුව තිබීම ඉරාකයට විරුද්ධව යුධ ප්‍රකාශ කිරීමේ හේතුව ලෙස ඒ කාලයේ ප්‍රකාශ විය. එසේනම් දෙරට නායකයින් අතර එවකට හුවමාරුවුන කතා බහ එළිදැක්වීමෙන් ඉරාක යුද්ධයට කේන්ද්‍ර වුන මෙවන් භයානක ආයුධ ඇත්තටම ඉරාකය සතුව තිබුන බවට නිශ්චිත සාක්ෂි ඔවුන්වෙත ලබි තිබුනාද යන්න සනාත කර ගත හැකිවන බව" කියන එම වාර්තාව "එම තොරතුරු හෙළි කිරීම වළක්වන්නේ එමඟින් යුද්ධය අසාධාරණ එකක් බවට හෙළිවීමට ඉඩ අති නිසා" බවද පවසයි.

    ලංකාදීප පුවත්පතෙන් උපුටා ගන්නා ලදී

    535536_10151254261085974_1161535701_n.jpg
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රට වෙනුවෙන් කතා කර පෝස්ට් එකක් දැමූ විට කියවන්නට කෙනෙක් නැත. තනිකරම බම්ප් පමනි.
    තමන්ගේ දේශපාලන පක්ශයට මොකක් හරි කියූ විට එන්නේ රෙද්ද උස්සගෙනය.. ඉන් පසු උන් ඇත, රෙදි නැත, පක්ශය ඇත. රට බල්ලට වේ.

    ගුඩ් ලක් බං
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    රට වෙනුවෙන් කතා කර පෝස්ට් එකක් දැමූ විට කියවන්නට කෙනෙක් නැත. තනිකරම බම්ප් පමනි.
    තමන්ගේ දේශපාලන පක්ශයට මොකක් හරි කියූ විට එන්නේ රෙද්ද උස්සගෙනය.. ඉන් පසු උන් ඇත, රෙදි නැත, පක්ශය ඇත. රට බල්ලට වේ.

    ගුඩ් ලක් බං

    aniwa aththa kathawa machan
    rep 7+
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    matath ahuna mokeka hari kiyanawa porata ehe parliament eketh case dala kiyala mehe dapu sadda walata

    මොන කේස් ද බන්
    ලංකාවේ විපක්ශේ වගේ නෙමෙයි උන් :dull: උන් එකතුයි මිලි බෑන්ඩ් එහෙම ලංකාවට එන්නත් එපා කිව්ව මානව හිමිකම් කඩනවා කියල
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රට වෙනුවෙන් කතා කර පෝස්ට් එකක් දැමූ විට කියවන්නට කෙනෙක් නැත. තනිකරම බම්ප් පමනි.
    තමන්ගේ දේශපාලන පක්ශයට මොකක් හරි කියූ විට එන්නේ රෙද්ද උස්සගෙනය.. ඉන් පසු උන් ඇත, රෙදි නැත, පක්ශය ඇත. රට බල්ලට වේ.

    ගුඩ් ලක් බං

    අපි කියවනවා. Comment කරන එකයි Read කරන එකයි කියන්නේ දෙකක්.