ආතල්ම කතාව විකණකාදිපතිට අනුව පසුගිය ආණ්ඩුවේ රටේ සමස්ථ ණය ප්‍රමාණය ප්‍රමාණය නිවරදිව ගණනය කළ නොහැක. ණය අරන් ඒවා දෙපාර්තමේන්තු සංස්ථාවල ගිණුම් අස්සේ හොරාට ගහල දුන්න ගේම්. ණය ගන්න එකාට ඒවා කිසිම බලපෑමක් එකවර කරන්නේ නෑ ඒවගේ ආදිනව එන්නේ අවුරුදු 10 පැන්නම ඉතින් බකට් එන්නේ අනිත් ආණ්ඩු වලට . ඉස්සරට එන ආණ්ඩුව ජනතා මර්ධනකාරි වැඩපිලිවෙලකින් තොරව රාජ්‍ය ආදායම වියදම පියවගන්න බෑ. කොටින්ම ඒක මේ ආණ්ඩුවෙන්ම පටන් අරන් ඉවරයි ඒකයි දැන් ටැක්ස් ෆයිල් සිස්ටම් එක එන්නේ. මෑත ඉතිහාසයේ ලංකාව වැදගත් කියල ආයෝජන ආවේ නෑ , තනිකරම ගෙනාවේ ඉදිකිරිම් ආයෝජන ගොඩක් ඒවගේ මුලු ආදායම් අපිට එන්නේ නෑ හෙතුව හිමිකාරිත්වය නැති නිසා. රටක් උනාම ණට අරන් කරන්න ඕනේ අපිට ආදයම් එන ප්‍රජෙක්ට් නැතුව කම්බයින් ප්රජෙක් කරාම අපිට වඩා බලවත් රටවල් ආයෝජනයෙන් උපරිම ඵල නෙලාගෙන හපයක් දීල යනවා අපිට අවුරුදු 50-100න් පස්සේ. තම්න්ගේ ආර්ථිකෙට දරන්න පුලුවන් ආයෝජන කරන්න ඕනේ වැඩ පෙන්නන ආයෝජන කරාම සීසර්ලා කාර් උස්සනව වගේ අපිට වෙන්නේ දීල කරබාගෙන ඉන්න ඒවා තමා මතතල පැත්තේ ඉන්වෙස්මන්ට් වලට උනේ . කට්ටිය අහනව බදු දුන්නේ ඇයි කියලා හේතුව අපිට දරන්න බැරි ඉන්වෙස්මන්ට් එකක් කරපු එක . අපි ඩොමැස්ටික් එයාපෝට් එක්කුයි ගාලු වරායයි කොලඹ දියුණු කරානම් අද වැටෙන්නේ සිංගප්පුරු බිස්නස් . මදැයි ගමට වැඩ කොරා . රට වටේම ස්වාභාවික තොටුපලවල් තියනකොට රටක් හාරල තොටුලක් හදන එක බොරු වැඩක් රට වැටිල තියනකොට සල්ලි වකාරේනම් කරාට කමක් නෑ. චීනගේ ගැට ගැන ලස්සන වීඩියෝ එකක් තිබ්බා උන්ට ඕනේ තොටුපලවල් නෙමෙයි කලාපීය බලය සහ බිස්නස් චෙන් එක හැන්ඩ්ල් කරන එක . ඔය කන්සෙප්ට් තමා 1500 ගනන්වල සුද්දා කරෙත් අපි ඒ කාලෙත් අහු උනා අදත් අහු වෙනවා , එකින්ම ඉස්සරටත් මාට්ටු වෙන්න දෙයක් නෑ දැනටම නිල නොලත් යටත් විජිත තමා. රට ගොඩ ගන්න එක මහ ලොකු වැඩක් නෑ . නිවරදි බුද්ධිමත් පාලකයෙක් සහ බුද්ධිමත් කණ්ඩායම් ඔහු වටා සිටිය යුතුයි නැතුව පරම්පරා දේසපාලුවන්ට තවදුරටත් ලංකාව පාලණය කරගන්න බෑ. නීතිය සමානව ක්‍රයාත්මක කිරීම, සමජ සාරධර්ම සිරිත් විරිත් සහ උගත් සමාජයක් බිහි කිරිම, තාක්ෂණය රට තුලට ගෙන ඒම තුලින් වියදම අඩු කිරීම , පර්යේෂන කටයුතු වැඩි කිරීම, ලංකාවෙන් පිටරටට මාකට් කල හැකි හැම මගුලම මාකට් කිරීමෙන් විදේශ ප්‍රේශන ලබාගැනීමෙන් අයවැය ගිගය අඩු කරගැනීම, දේශිය කර්මාන්ත නගා සිටවා ආනයණ අඩු කිරීම, නුතන ලෝකටට අනුකූලව සාම්ප්‍රදායික ක්රමයන්ගෙන් ඉවත්ව නව පැතිකඩවලට යොමු වීම . අධ්‍යාපනය නගා සිටිවීම සහ එමගින් ජනිතවන නව දැනුමට අවස්ථාවක් රට තුල හැදීම. මේවාට මේ ආණ්ඩු වියදම් තියා හිතලවත් බල්න්නේ නෑ ඉතින් කෝමද රටක් දිටුණු කරන්නේ. දියුණු රටක ඉන්න එකෙක්ට මේවා පාරට බැස්සම තේරෙනවා උඩ කිව්ව හැම දෙයක්ම නැතුව රොකට් සයන්ස් නෙමෙයි.