වර්ෂ අවසාන ප්‍රගති වාර්තාව -2020
පාසැල - ජනාධිපති විද්‍යාලය -කොටුව
ශිෂ්‍යාගේ නම - නන්දසේන ජී. රාජපක්ෂ
පන්තිය - පළමු වසර
විෂය - ලබාගත් තත්ත්වය - විෂභාර ආචාර්ය වරයාගේ සටහන පහත දැක්වේ
⋆මව්බස - සිංහල - අසමත් - මව්බස හසුරුවද්දී ඉංග්‍රීසි කෑලි මැදට දමයි.
⋆දෙවන බස -අසමත් - අන් භාෂාවන් සියල්ලට ශිෂ්‍යයා වෛර කරයි.
⋆ගණිතය - අසමත් - ධන ඍණ පටලවා ගනී. පොල් මැනීම වැනි මෝඩ ක්‍රියා කර ඇන ගනී.
⋆විද්‍යාව - හොඳටම අසමත් - මුට්ටි ගඟේ දමයි. පැණි වලට වහ වැටේ. විද්‍යාව අච්චු පොතේ කොළ කඩා කාක්කෝ හදයි.
⋆බුද්ධාගම - මුළුමනින්ම අසමත් - අදහන්නේ ඥානක්කා නම් වැන්දඹුවකි.
⋆පරිසරය - භයානක ලෙස අසමත් - කැලයක් දුටුමතින් ගිනි තියයි. කැලය කපා පාරවල් දමයි.
⋆සෞඛ්‍යය - අසාමන්‍ය ලෙස අසමත් - ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමටවත් පැමිණියේ නැත. ‘මං කරපු විදිහ’ ගැන පම්පෝරි කියයි.
⋆සමාජ අධ්‍යයනය - අසමත් - ගම්මාන වලට ගොස් ගොං හරක් සමග පිළිසඳරේ යෙදේ.
⋆සෞන්දර්ය විෂය - අසමත් - නිතිපතා පන්ති කට් කිරීම නිසා එහෙව් දෙයක් ගැන ශිෂ්‍යයා අසාවත් නැත.
⋆සාමාන්‍ය දැනීම - මුළුමනින්ම අසමත් - කහ ඇලජික්, ගිනි තියයි. පපඩම්, උළුඳු වඩේ හදන්නේ කුමන පිටි වලින්දැයි පවා නොදනී.
⋆හැසිරීම - බින්දුවයි - විද්‍යාලයේ නිල බැජ් එක පැලඳිය යුත්තේ කෙසේද කියාවත් නොදනී. මුස්ලිම් සිසුන් පෙන්වන්න බැරිය.
ප්‍රධාන ආචාර්යවරයාගේ සටහන: විෂයබාර ගුරු භවතුන්ගේ ප්‍රකාශ අනුවත්, ශිෂ්‍යයා ගේ මොංගල් වැඩ නිසාත් දෙවන වසරට සමත් කිරීම කෙසේ වෙතත් ශිෂ්‍යයා පාසැලේ තව දුරටත් තබා ගැනීම අතිශය අවදානම් ය. ශිෂ්‍යයාගේ දෙමාපියන් වූ ‘වියත්මග’ මහත්මිය සහ ‘හැට නව ලක්ෂය’ මහතා වහා පැමිණ මා හමුවන්න..
Copied - YT!