ඩොලරය 196 ට යයි (200 වෙයිද ?)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (15) නැවත වරක් 196 ඉක්මවා පහළ ගියේ ය.

    ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (15) රුපියල් 196.05 දක්වා පහළ ගිය අතර ගැනුම් අගය රැපියල් 190.77ක් ලෙස දැක්විණි.

    ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මුල් වරට 196 ඉක්මවා පහළ ගියේ පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා ය.

    ඊට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රැපියලේ අගය 196 සීමාව ඉක්මවා ගියේ ඉකුත් අප්‍රේල් මස 20 වැනිදා යග එදින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 196.65ක් ලෙස දැක්විණි.

    ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කළ නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් මස (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට 200 සීමාව ඉක්මවා ගිය අතර එදින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 200.46ක් ලෙස දැක්විණි.

    මේ මස මුල් සතියේදී රුපියල යම් ස්ථාවර බවක් පෙන්නුම් කළ ද මේ වනවිට රුපියලේ අගය නැවතත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

    මේ අතර ජනවාරි 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 0.5% කින් ඉහළ ගොස් ඇත.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Exchange rate eka decide wenne supply and demand eken
    Supply - Export income, Direct Remittances and other inward of money
    Demand - Import, Loan Payments, Other Payments

    No need further explanations
     
    • Like
    Reactions: lasankandy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔකේ දවස් ටික බලලා පත්තරේ දාපං පඹයා හරි බලලා සෑර්ව දැනුවත් කරයි


    2021-01-15Photos.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යහපාලන කාලේ ඩොලර් එක මිත්‍රවරුනි මෙච්චරයි අද මෙච්චරයි. කොහොමද දැන් සැපද? සැපායි. ඩොලර් කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. අපේ රුපියල වට්ටන්න යැංකි කාරයෝ කරන මගඩියක්. කමක් නෑ අපිට ඉන්න රටක් තියනවා ඒ ඇති
     
    • Like
    Reactions: lasankandy