ඩොලර් එක 230ක් කරොත් මොකද වෙන්නේ?

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් වියත් මගේ උපදෙස් දෙන උන්ගෙ හැකියාවන් තමා. අයි එම් එෆ් යනකොට වැදගත් තැන් දෙක තුනක් චීනෙට සින්න වෙලා තියෙයි. උඹලට අපිට බයික් එකක් වත් පදින්න බැරි තත්වයක් එයි. වාහනයක් තිබ්බත් ගහන්න පෙට්‍රල් ටිකක් නැති තත්වයක් ඒවි. ගෙයක් දොරක් හදාගන්න බැරි වෙයි.. කොහොම හරි මේ ආන්ඩුව මේක ගොඩ දායි කියලා හිතන් ඉන්න අය සහ කොහොම හරි ආන්ඩුව ගේම ගහනවා කියලා හිතන් ඉන්න එලකිරියෙ තැරි දාර ගොටුකොල කාබනික ශාක පෝශක බයියා ලාට දැන ගන්න කියන්නෙ මේක...,

    හෙලයෙක් කිව්ව වගේ පටන් ගත්ත හැම එකම රිවස් කරගෙන කරගෙන ගිහින් අන්තිමේ බෙල්ල ගාවට හිර වුනාම හරි දේට ගියා.. එතකොට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. දැණ් මේ ආන්ඩුව මේ රට ගෙනියන්නෙ බංගලාසදේශෙන් ඉන්දියාවෙන් චීනෙන් තෙල් ණයෙන්.. මතක තියා ගන්න මේවා ගෙවන්න ඕන ණය... ඩොලරුත් එන්නෙ නැතුව ඉන්න මිනිස්සුත් රට ගියාම ණයත් ගෙවාගෙන බෙහෙත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්න ගෙන ඔක්කොම කරන්න සල්ලි නැති උනාම රාජාක්ශලා පුකෙන් හිනා වෙලා රට පනියි... අන්තිමෙ මේක කරගෙන යන්න බලු බල්ලෙක් නැති වෙනවා... ණය ගෙවන්න ණය අරගන්න කියලා උපදෙස් දෙන සක්කිලි කවුද කියන එකයි ප්‍රශ්නෙ...

    :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මම හූනා කිව්ව වගේ කියන්නම් ආන්ඩුව මේ අවුරුදු තුනෙන් පස්සෙ බලය අතාරිනවා. ඊට පස්සෙ බලයට එන ආන්ඩුව අම්මට සිරි වෙන්නම කෙලව ගන්නවා. පස්සෙ දැන් තියෙන ආන්ඩුව පුරුදු බයිලාවම ගහනවා. දැන් සැපද අහනවා හාල් ලාබද අහනවා ගෑස් තියෙනව ද අහනවා.. අහලා ආයෙ අවුරුදු පහකින් රජය පවර ගන්නවා. ඒ කියන්නෙ රාජපක්ශ ලා ආන්ඩු බලය අතෑරලා ප්‍රශ්න වෙන මිනිහෙක්ගෙ ඔලුවෙ ගහනවා. අවුරුදු පහක් නිදහසේ ඉදලා ආයෙ බලය අරන් පුරුදු විදියටම කොමිස් වලට පෙරේත කමේ ණය ගන්නවා. අරගෙන ආයෙ මේක ආගාදයකටම ඇදලා දානවා.

    මේක තමයි ලංකාවෙ නොනවතින චක්‍රය. දැන් දෙපැත්තෙන්ම කෙළවගෙන ඊළඟට ජෙප්පොන්ට බලය දුන්නා කියමු. ඊළඟට මුන් උන්ගෙන් මැජික් බලාපොරොත්තු වෙනවා. මුන්ට තේරෙන්නෙ නෑ උකෝගෙන ඉන්නෙ කාටවත් දැන් ලේසියෙන් රට ගොඩගන්න බෑ කියලා. ඊළඟට දෙපැත්තෙම උන් අහයි කෝ කරාද කරාද දැන් සැපදා කියලා. ඔන්න ඕකයි ඔය රටේ උන් එක්ක කවදාවත් ගොඩයෑමක් පේන්නෙ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මචන් ටුවරිසම් වලින් ලංකාවට ලැබුනෙ බොහොම පොඩි ඩොලර් කොටසක් විතරයි. අඩුම ඒ ආදායමෙන් එක ණය වාරිකයක් වත් ගෙවන්න බැ. ඒක නෙවෙයි ප්‍රශ්නය. ලංකාව අවුරුදු 70ම කලේ රෝල ගහපු එක. අපි පඩියෙන් රෝල ගහන් යන්නෙ. අන්න ඒ විදියට. අපි වෙන ආදායම් මාර්ගයක් හදා ගත්තෙ නැතුව මේ මාසෙ හිගේ ඊලඟ මාසෙන් කවර් කරගන්නවා. අන්න ඒ වගේ තම ටුවරිසම් සහ විදේශ වැඩකරන අයගෙන් ගේන සල්ලි වලින් කලේ.

    අපිට ඩොලර් එන්න නම් අපි අපනයනයන් වැඩි කරන්න ඕන. මොනාද අපි අපනයනයන් විදියට කරන්නෙ. තේ සහ ගාමන්ට්. ඒකෙනුත් 80% වියදම් වෙනවා ආයෙ මැටීරියල් ගෙන්නන්න. බොත්තම් ඉදිකටු රෙදි නූල් ඔක්කොම අපි ආනයනය කරනවා. අපනයනය කරලා 100 ගත්තොත් 80 දීලා ආයෙ රටින් බඩු ගන්නවා. ඉතුරු වෙන 20න් රෝලක් ගහනවා. ඉතින් අපිට වැරදුනේ එතන. ටී එක්ස්පෝට් එකත් ඒවගේ. ටී විතරයි ලංකාවෙන් ගන්නෙ. අනෙක් හැම දේම රටින් ගෙන්නනවා. ඉතින් ඒවයෙන් ලැබෙන ආදායම් අවශ්‍යතා සපුරා ගන්නම මදි. ඊට හපන් අදික ණය බර.

    අපි හිගන්නු තමා බං. මේ රට විනාශ කලා මේ පාලකයො
    පාලකයෝ නෙමෙයි උබල නිසා උනේ.