ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!

monson

Well-known member
  • May 7, 2007
    19,367
    15,808
    113
    පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි.


    මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන දෙවන වසරයි. අනෙක් සෑම වසරකදීම ශ්‍රී ලංකාව විසින් වසර තුළ ඉපැයූ විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා වියදම් කර තිබෙනවා. ණය පැහැර හැරීමකින් කෙළවර වන තුරු ගොඩගසා ගත් ලංකාවේ දැවැන්ත විදේශ ණය කන්දරාව මෙහි ප්‍රතිඵලයයි.

    ඩොලර් බිලියන 4 ඉක්මවන හෝ ඊට ආසන්න මට්ටමක පැවති 2008, 2011 හා 2012 වසර වල ජංගම ගිණුමේ හිඟය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. ඉන් පසුව, 2021 වසර තුළදීද ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ගියා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළද ජංගම ගිණුමේ හිඟය සීමා කිරීමක් මිස අතිරික්තයක් පවත්වා ගැනීමේ සැලසුමක් තිබුණේ නැහැ. අරමුදලේ සැලසුම් අනුව 2023 වසරේ ජංගම ගිණුම් හිඟය ඩොලර් මිලියන 1,184 සීමාව නොඉක්මවිය යුතුව තිබුණා. එම සැලසුමට සාපේක්ෂව වුවද ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් යනු කැපී පෙනෙන ජයග්‍රහණයක්. මෙහි ගෞරවය ප්‍රධාන වශයෙන්ම මහ බැංකුවට යා යුතු අතර රජයටද එයින් කොටසකට හිමිකම් කිව හැකියි.

    මේ ආකාරයෙන් වසර තුළ ඩොලර් මිලියන 1,559ක් ඉතිරි වුනේ කොහොමද?

    පහත තිබෙන්නේ පසුගිය වසර තුළ රටට විදේශ විණිමය ලැබුණු ආකාරය සහ රටෙන් විදේශ විණිමය පිටතට ගලා ගිය ආකාරයයි.

    විදේශ විණිමය ලැබීම්:

    භාණ්ඩ අපනයන ආදායම = ඩොලර් මිලියන 11,911

    සේවා අපනයන ආදායම = ඩොලර් මිලියන 5,416

    ප්‍රාථමික ආදායම් = ඩොලර් මිලියන 463

    ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) = ඩොලර් මිලියන 5,989

    ආදායම් එකතුව = 23,779



    විදේශ විණිමය ගෙවීම්:

    භාණ්ඩ ආනයන වියදම = ඩොලර් මිලියන 16,811

    සේවා ආනයන වියදම = ඩොලර් මිලියන 2,012

    ප්‍රාථමික ආදායම් ගෙවීම් (පොලී හා ලාභාංශ) = ඩොලර් මිලියන 3,027

    විදේශිකයින්ගේ ද්වීතියික ආදායම් = ඩොලර් මිලියන 371

    වියදම් එකතුව = 22,221



    රට තුළ ඉතිරි වූ මුදල = ඩොලර් මිලියන (23,779 - 22,221) = ඩොලර් මිලියන 1,559



    මෙවැනි අතිරික්තයක් බැංකු පද්ධතිය තුළ ඉතිරි වීනම් ඒ හේතුවෙන් ඩොලරයක මිල විශාල ලෙස පහත වැටී ආනයන ප්‍රමාණය මීට වඩා ඉහළ යනවා. එහෙත්, මහ බැංකුව මැදිහත් වී මෙම අතිරික්තය වෙළඳපොළෙන් මිල දී ගෙන සංචිත වලට එකතු කර ගැනීම නිසා එවැන්නක් සිදු වී නැහැ.

    ඇත්තටම කියනවානම් මහ බැංකුව විසින් "අතිරික්ත ඩොලර්" මිල දී ගත් බව කීම නිවැරදි ප්‍රකාශයක් නෙමෙයි. ජංගම ගිණුමේ මෙවැනි අතිරික්තයක් ඇති වී තිබෙන්නේම මහ බැංකුව මැදිහත් වී වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් ඩොලරයක මිල "ඉහළින්" තියා ගත් නිසා. මහ බැංකුව විසින් එසේ ඩොලරයක මිල "ඉහළ" මට්ටමක පවත්වා ගනිද්දීද ඩොලරයක මිල පහත වැටීම වෙනම කරුණක්.

    මෙය 2008, 2011 හා 2012 වැනි වසර වලදී මෙන්ම නැවත 2021දීද ජංගම ගිණුමේ විශාල හිඟයක් පවත්වා ගනිමින් (උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් වැය කරමින්) විදේශ ණය වල උදවුවෙන් ඩොලරයක මිල පහළින් තියා ගැනීමට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

    පසුගිය වසර තුළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ප්‍රමාණය ජංගම ගිණුමේ අතිරික්තය වූ ඩොලර් මිලියන 1,559ට වඩා ඩොලර් මිලියන 616කින් වැඩියි. එම අතිරික්ත ඩොලර් ප්‍රමාණය ආවේ කොහෙන්ද?

    ජංගම ගිණුමේ ශේෂයට අමතරව, පසුගිය වසර තුළ සෘජු විදේශ ආයෝජන ලෙස ශුද්ධ වශයෙන් (ලංකාවෙන් සිදු කළ ඩොලර් මිලියන 34ක සෘජු විදේශ ආයෝජන අඩු කිරීමෙන් පසු) ඩොලර් මිලියන 678ක් ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණෙන අරමුදල් දිගු කාලයක් රට තුළ රැඳෙනවා. ඒ අනුව, පැහැදිලි විය යුත්තේ මහ බැංකුව සංචිත තර කර ගෙන තිබෙන්නේ සෘජුව හෝ වක්‍රව ණය ගෙන නොවන බවයි.

    රටක ජංගම ගිණුමේ හිඟයක් ඇත්නම් ඒ රට ණය ගන්නෙක් වන අතර ජංගම ගිණුමේ අතිරික්තයක් ඇත්නම් ඒ රට ණය දෙන්නෙක්. දිගුකාලීන තත්ත්වය කෙසේ වුවත්, පසුගිය වසර පමණක් සැළකු විට ලංකාව ණය ගන්නෙක් නොව ණය දෙන්නෙක් වී තිබෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකිනම් ලංකාවට විදේශ ණය අවශ්‍ය වන්නේ පැරණි ණය ආපසු ගෙවීමට පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව මේ සඳහාද ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.

    මේ ආකාරයෙන් ලංකාවට වසරක කාලයක් තුළ හෝ ණය ගන්නෙකු නොවී ණය දෙන්නෙකුව සිටින්නට හැකි වී තිබෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. එයින් පළමුවැන්න රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. දෙවැන්න වාහන ආනයන නවත්වා තිබීමයි. 2018 වසරේදී පෞද්ගලික වාහන ආනයනය සඳහා ලංකාව ඩොලර් මිලියන 1,573.5ක් වැය කළ අතර, අනෙකුත් ප්‍රවාහන උපකරණ ආනයනය කිරීමට තවත් ඩොලර් මිලියන 668.1ක් වැය කළා.

    වාහන ආනයනයට පූර්ණ නිදහසක් ලබා දුන්නොත් පහසුවෙන්ම වසරකට ඩොලර් බිලියන දෙක ඉක්මවන වාහන ආනයන සිදු විය හැකි අතර ඇතැම් විට මෙම ඉල්ලුම ඩොලර් බිලියන තුන ඉක්මවන්න වුනත් බැරි නැහැ. එසේ වුවහොත් ජංගම ගිණුමේ අතිරික්තය නැවත හිඟයක් බවට පත් වන අතර ඩොලරයක මිලද ඉහළ යනවා. වාහන ආනයන වාරණ එකවර ඉවත් නොකර පියවරෙන් පියවර ඉවත් කිරීම මගින් මෙම අවදානම කළමනාකරණය කර ගන්නට සිදු වෙනවා.

    - https://economatta.blogspot.com/2024/03/blog-post_29.html
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,204
    4,838
    113
    ණය වාරික ගේවුවා නම් ඔක මදි වෙනවා
    6 years debt moratoriam bola ranila game eka gahanwa

    ඉලක්කං හරඹ නම් අපිට හොදට හුරුයි..

    ඔහොම යමුකො බලන්න මොනා ද වෙන්නෙ කියල බලමු
    udee paandarama jepi andona
    ------ Post added on Mar 30, 2024 at 8:36 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,073
    13,480
    113
    udee paandarama jepi andona
    මහින්දයගෙ ලනු කාල කාල මෙච්චර කෙලෝගත්තට පස්සෙ ත් මේව තේරෙන්නෙ නෑ නම් උඹල නම් සුපිරිම තනකොල බයියොම තමයි. බර වචන ටිකක් දාල ලොකු ඉලක්කම් ටිකක් දාල එවුවම අනේ අහු වෙනව.

    මහිය 2014 කිව්ව රටේ ණය ඔන්න අඩු කලා කියල.. 2004ට සාපේක්ශව. ඉතිංඒක සුරපුරයක් උනාද..

    ඔබට මතක නෑ මට අමතක නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,276
    2
    46,674
    113
    රටක ජංගම ගිණුමේ හිඟයක් ඇත්නම් ඒ රට ණය ගන්නෙක් වන අතර ජංගම ගිණුමේ අතිරික්තයක් ඇත්නම් ඒ රට ණය දෙන්නෙක්. දිගුකාලීන තත්ත්වය කෙසේ වුවත්, පසුගිය වසර පමණක් සැළකු විට ලංකාව ණය ගන්නෙක් නොව ණය දෙන්නෙක් වී තිබෙනවා.

    මේ ආකාරයෙන් ලංකාවට වසරක කාලයක් තුළ හෝ ණය ගන්නෙකු නොවී ණය දෙන්නෙකුව සිටින්නට හැකි වී තිබෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. එයින් පළමුවැන්න රජය විසින් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමයි. දෙවැන්න වාහන ආනයන නවත්වා තිබීමයි.

    Eh? Loans or interest repay karanne nathi eka hethuwak nemeida ethkt 🤔
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    912
    1,420
    93
    මේ බයිලා කියලා ජෙප්පො දිනන එක නවත්තන්න බැ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,513
    20,360
    113
    රටේ ආර්ථික අර්බුද තමයි මිනිහෙක්ට ලැබෙන්න ඕනේ හොඳම අත්දැකීම....

    අපි දැන් විශ්‍රාම කාළේ වුණාම මොකද කරන්නේ කියලා හිතනවා නේද ? අමතර ආදායම් මාර්ග හොයනවා නේද?

    ඉස්සර වගේ සැපට ඉඳලා, eat well, vehicle changing , foreign tour , drink always, පඩියෙනුත් ගාණක් ඉතුරු කරගෙන ඉද්දී ඕවා හිතුනා ද ?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,204
    4,838
    113
    Eh? Loans or interest repay karanne nathi eka hethuwak nemeida ethkt 🤔
    world bank,imf ,adb loans gewanu labee. anit ewata 6 years yanakn gewanna onee naa langadima dana ganiwi. lapaya dinnat kariyata karanna deyak naa ranil and nande game eka gahala iwarai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,276
    2
    46,674
    113
    world bank,imf ,adb loans gewanu labee. anit ewata 6 years yanakn gewanna onee naa langadima dana ganiwi. lapaya dinnat kariyata karanna deyak naa ranil and nande game eka gahala iwarai

    Ow ithin Lapaya naya gaththe nahane.

    But point eka oya ithuru wuna kiyana amount eka ranil and nande gaththa loans + interest apahu gewwa nam ithuru wenawada kiyana eka
     
    • Haha
    Reactions: kasunkaru

    $onny

    Well-known member
  • May 21, 2012
    2,137
    2,702
    113
    Loan gewanne nathuwa thiyanakotath ithuru karanna bari nam 😂 😂 😂
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,204
    4,838
    113
    Ow ithin Lapaya naya gaththe nahane.

    But point eka oya ithuru wuna kiyana amount eka ranil and nande gaththa loans + interest apahu gewwa nam ithuru wenawada kiyana eka
    alutin commercial loans and bond laons mokut nane
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,204
    4,838
    113
    E kiwwe Lankawa thama debts service karanawada? April 2022 debts service karana eka halt kale nadda? 😳
    halt karee bilateral and ISB witrai. world bank,ADB, IMF ,asian clearing unionwalin gatta loans gewanwa ewa restructure wenne naa.India walin ara hambuna 4 billion USD loansut gewanwa.
    https://economynext.com/sri-lanka-does-not-look-at-real-effective-exchange-rate-cb-governor-156227/
    https://economynext.com/sri-lanka-acu-debt-to-reserve-bank-india-converted-to-us2-2bn-swap-143592/