ඩොලර් මිලියනයක්‌ වටිනා හිසක්‌ හිමි රූමති

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඩොලර් මිලියනයක්‌ වටිනා හිසක්‌ හිමි රූමති

    ඩොලර් මිලියනයක්‌ වටිනා හිසක්‌ හිමි රූමතිය

    palani133333.jpg

    ඩෙන්මාර්කයේ වෙසෙන ශිෂ්‍යාවකට එරෙහිව සිරියාවේ ක්‍රියාත්මක වන අයිසිස්‌ ත්‍රස්‌තවාදීන් මරණ වරෙන්තුවක්‌ නිකුත් කොට ඇති අතර ඔවුන් ඇයගේ හිස ඩොලර් මිලියනයකට මිල කොට තිබේ. එනම් ඇයගේ හිස ගෙන එන ඕනෑම අයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක්‌ ඔවුන්ගෙන් තෑගි වශයෙන් ලැබෙනු ඇත. අයිසිස්‌ ත්‍රස්‌තවාදීන්ට ඇය කොතරම් තර්ජනයක්‌දැයි ඉන් පැවසෙන බව දේශපාලන විචාරකයෝ පවසති. අයිසිස්‌ නොහොත් අයි එස්‌ අයි එස්‌ නම් දරුණු ත්‍රස්‌තවාදීන්ට මෙතරම් අවශ්‍ය නොහොත් ඔවුන් මෙතරම් බිය වී සිටින මේ ශිෂ්‍යාව කවුරුන්ද? ඇය නමින් ජොආනා පලනි නම් 23 හැවිරිදි රූමත් ඩෙන්මාකයේ සරසවියක දේශපාලන විද්‍යාව හදාරන තරුණියකි. ඇය සිය ඉගෙනීම ඉවත ලා සිරියාවේ ජිහාඩ්වාදීන්ට එරෙහි සටන් පෙරමුණට එක්‌ වී තිබේ. ඒ ස්‌නයිපර් තුවක්‌කුකාරියක ලෙසිනි. එහිදී ඇය රුසියානු ස්‌නයිපර් රයිපලයකින් අයිසිස්‌ ඉලක්‌ක වෙත වෙඩි තැබීමට පුහුණුවක්‌ ලබා ඇත.
    ඇගේ නොවරදීන ඉලක්‌කයට දැනට අයිසිස්‌ ත්‍රස්‌තවාදීන් 100 කට අධික ප්‍රමාණයක්‌ ගොදුරු වී තිබේ. නැවත ඩෙන්මාර්කයට පැමිණ සිටින ඇය දැන් එරට බලධාරින්ගෙන් සැඟවී සිටින අතර ඇය සිරගත කිරීමේ අවදානමකට මුහුණ දී සිටින්නීය. ඩෙන්මාර්ක්‌ බලධාරීන් විසින් ඇයට නැවත සිරියාවට යැම තහනම් කර තිබේ. තවද ජිහාඩ් සටන්කාමින්ට එරෙහිව සටන් වැදීම ඇයට තහනම් කොට තිබේ. එසේම ඉස්‌ලාම් අන්තවාදීන් විසින් ඇයව ලිංගික වහලෙකු ලෙස සේවය කිරීම පිණිස රැගෙන යැමට උත්සාහ කිරීමේ තර්ජනයකට මුහුණ දී සිටී. ජොආනා තම ජීවිතය අනතුරේ හෙලමින් අයිසිස්‌ ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සටන් වැදීමට සිරියාවට පැමිණීම හා ඉතා නිවැරදී ඉලක්‌කයට වෙඩි තබනා ස්‌නයිපර් වෙඩික්‌කාරියක දක්‌වා ඇගේ එළැඹුම පිළිබඳව ඇය සිතන්නේ මෙසේය. මම මගේ ජීවිතය හා නිදහස අත්හැර දමා සිටින්නේ අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ කෲර ක්‍රියාවලට එරෙහිව සටන් වැදීමටයි. යුරෝපයේ සියල්ලන් ආරක්‌ෂා සහිතව ජීවත්වීම ඔවුන්ගේ අයිතියක්‌. මේ මගේ තෝරා ගැනීමයි. නමුත් මගේ රට මාව සළකන්නේ ත්‍රස්‌තවාදියකු ලෙසයි."
    doller.jpg

    ජොආනා ග්‍රීෂ්ම ඝෘතුවේ ඩෙන්මාර්ක නීති බිඳ හෙලමින් නැවත සිරියාවට ගියාය. මට රටේ නීතිය බිඳින්නට වීම ගැන කණගාටුයි. නමුත් මට වෙනත් විසඳුමක්‌ නැහැ. මට සියළු දේ අහිමි වූයේ අනෙක්‌ රටවල සහෝදර ජනතාව වෙනුවෙන්, දැන් මගේ නිදහස නැති කිරීමට උත්සාහ කරන මගේ රටත් ඇතුළුව. මම ස්‌නයිපර්වරියක්‌. මම කැමති මගේ මොළයත්, මගේ ශරීරයත් අපගේ මෙහෙයුම වෙනුවෙන් යෙදවීමටයි. මම ජීවත් වන්නේ ලෝකයේ හොඳම රටවල් වලින් එකක. නමුත් මම නිවසක්‌ නැතිව, බඩගින්නේ, රාත්‍රියේ සීතලෙන් ගැහෙමින් මගේ අරමුණ වෙනුවෙන් පූර්ණ කාලීනව වැඩ කරනවා. මම කිසිවකු විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් කුර්දීස්‌තානයේ කරනා ලෙස යුරෝපීය රටවල සිටින අයිසිස්‌වරුන්ට තර්ජනය කිරීමට මට අවශ්‍ය නැහැ." ජොආනාට සංක්‍රමණ වාරණය පැනවූයේ 2015 සැප්තැම්බර් මාසයේය. නමුත් ඇය ඊට අකීකරු වෙමින් අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එරෙහිව සටන් කරමින් සිටින කුර්දීෂ් බලඇණියට එකතුවීම පිණිස 2016 ජූනි මස උතුරු සිරියාවට පලා ආවාය. එහිදී ඇයව පුහුණු කළ ස්‌නයිපර්වරියද ඇයට එක්‌ විය.
    ඉරාන කුර්දී පෙළපතකට අයත් ජොආනා පළමු ගල්ෆ් යුද්ධයෙන් පසු ඉරානයේ සරණාගත කඳවුරකදී උපත ලැබීය. ඉන්පසු සරණාගතයන් ලෙස ජොආනා පවුල ඩෙන්මාර්කයට සංක්‍රමණය වන විට ඇගේ වයස අවුරුදු තුනක්‌ විය. එතැන් සිට 2014 දී කුර්දීෂ් විමුක්‌තිකාමීන්ට එක්‌වන තුරු ඇය ඩෙන්මාර්කයේ ජීවත් වූවාය. අයිසිස්‌ කඳවුරුවලට පහර දීමේදී ඇය වඩාත් උනන්දු වූයේ ලිංගික වහලියන් ලෙස සිර කඳවුරුවල රඳවා ගෙන සිටි ගැහැනුන් මුදවා ගැනීමටය. ජොආනා පසුගිය වසරේ දෙසැම්බර් 07 වන දින ඩෙන්මාර්ක්‌ බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගන්නා ලදුව සති 3 ක්‌ බන්ධනාගාරගත කරන ලද්දේය. පසුව දෙසැම්බර් 23 දින උසාවියේ නියෝගයක්‌ පිට ඇයව නිදහස්‌ කරන ලදී. එය වස ලඡ්ජාවක්‌. යුක්‌තිය වෙනුවෙන් සටන් කරන කෙනෙකුට දඬුවම් කරන ලෝකයේ පළමු රට අප වෙන්න පුළුවන්. ඇයට දඬුවම් කිරීම ඉහළම කුහකකමක්‌." ඇගේ නීතිවේදීයා වූ එබිල් කායා පැවසීය.
    "මම ඩොලර් මිලියනයක ත්‍යාගයක සෙවණැල්ල වැටෙමින් තවමත් ජීවත් වෙනවා. මා පණපිටින් අසුවුවහොත් ඔවුන් මා ලිංගික වහලියක ලෙස යොදා ගනීවි. අවසානයේ මරා දමාවි. නමුත් මගේ අරමුණ මරා දමන්නට උන්ට කවදාවත් හැකි වෙන්නේ නැහැ." ජොආනා අයිසිස්‌ ත්‍රස්‌තයන්ගෙන් පමණක්‌ නොව ඩෙන්මාර්ක්‌ බලධාරින්ගෙන්ද ගැලවී තවමත් යුක්‌තිය වෙනුවෙන් සටන් කරමින් සිටියි.
    නිමල් ෆ්‍රeන්සිස්‌

    khalashabibi-joanna-palani-of-kurdish-descent-imprisoned-in-denmark-after-14219400.png
     
    Last edited:

    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    ලොල් :rofl::rofl: පිටරටවල්වල feminism කේස් නිසා නිව්ස් පේප‍ර් වලට articles ලියන උන් ලියන්නෙ නිකන් මේ ගෑණි තරම් ISIS උන්ට තර්ජනයක් වෙච්ච එකෙක්වත් නෑ වගේ. එත් ඇත්ත සීන් එක තමා ISIS ඇතුලු මෝඩ මුස්ලිම් ත්‍රස්ත්වාදියෝ විශ්වාස කරන්වා උන් ගෑනියෙක්ගෙ අතින් මැරුනොත් මරනයෙන් පස්සෙ දිවියලෝකෙට යන්න බැරි වෙනවා කියලා. ඒකයි මේකිව මරන එකෙකුට මෙච්චර ලොකු ගානක් දෙන්න උන් කැමති.
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ලොල් :rofl::rofl: පිටරටවල්වල feminism කේස් නිසා නිව්ස් පේප‍ර් වලට articles ලියන උන් ලියන්නෙ නිකන් මේ ගෑණි තරම් ISIS උන්ට තර්ජනයක් වෙච්ච එකෙක්වත් නෑ වගේ. එත් ඇත්ත සීන් එක තමා ISIS ඇතුලු මෝඩ මුස්ලිම් ත්‍රස්ත්වාදියෝ විශ්වාස කරන්වා උන් ගෑනියෙක්ගෙ අති මැරුනොත් මරනයෙන් පස්සෙ දිවියලෝකෙට යන්න බැරි වෙනවා කියලා. ඒකයි මේකිව මරන එකෙකුට මෙච්චර ලොකු ගානක් දෙන්න උන් කැමති.
    oka thama math me kyanna awe :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොල් :rofl::rofl: පිටරටවල්වල feminism කේස් නිසා නිව්ස් පේප‍ර් වලට articles ලියන උන් ලියන්නෙ නිකන් මේ ගෑණි තරම් ISIS උන්ට තර්ජනයක් වෙච්ච එකෙක්වත් නෑ වගේ. එත් ඇත්ත සීන් එක තමා ISIS ඇතුලු මෝඩ මුස්ලිම් ත්‍රස්ත්වාදියෝ විශ්වාස කරන්වා උන් ගෑනියෙක්ගෙ අති මැරුනොත් මරනයෙන් පස්සෙ දිවියලෝකෙට යන්න බැරි වෙනවා කියලා. ඒකයි මේකිව මරන එකෙකුට මෙච්චර ලොකු ගානක් දෙන්න උන් කැමති.

    Exactly
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලොල් :rofl::rofl: පිටරටවල්වල feminism කේස් නිසා නිව්ස් පේප‍ර් වලට articles ලියන උන් ලියන්නෙ නිකන් මේ ගෑණි තරම් ISIS උන්ට තර්ජනයක් වෙච්ච එකෙක්වත් නෑ වගේ. එත් ඇත්ත සීන් එක තමා ISIS ඇතුලු මෝඩ මුස්ලිම් ත්‍රස්ත්වාදියෝ විශ්වාස කරන්වා උන් ගෑනියෙක්ගෙ අතින් මැරුනොත් මරනයෙන් පස්සෙ දිවියලෝකෙට යන්න බැරි වෙනවා කියලා. ඒකයි මේකිව මරන එකෙකුට මෙච්චර ලොකු ගානක් දෙන්න උන් කැමති.

    eth ban Denmark visa aran e ratatama wela aathal eke inne nathuwa ara yakku
    asse noka nobee katta kana eketh mewwa ekak thiyenawa ne. anika sniper kenek wena ekath lesi na neda game wala wage. lankawe unath sniperslawa rahasen thiyan inne namakwath heli karanawda. ehewu eke mulu loketama oluwata value ekak thiyeddi meki anik hamotama wada risk ekak aran yudda karanne.
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    eth ban Denmark visa aran e ratatama wela aathal eke inne nathuwa ara yakku
    asse noka nobee katta kana eketh mewwa ekak thiyenawa ne. anika sniper kenek wena ekath lesi na neda game wala wage. lankawe unath sniperslawa rahasen thiyan inne namakwath heli karanawda. ehewu eke mulu loketama oluwata value ekak thiyeddi meki anik hamotama wada risk ekak aran yudda karanne.

    මුං වගේ උන් ගොඩක් වෙලාවට media වලින් පුම්බලා පෙන්නන උන් බං. මොකද ලස්සන කෙල්ලෙක් isis උන්ව මරනවා කියලා දාපු ගමන් කට්ටිය ටක්ගාලා නිව්ස් එක බලනවනෙ. පොඩ්ඩක් කියවලා බලපන්කො දෙවනි ලෝක යුද්දෙ කාලෙ sniping කරපු රුසියන් කෙල්ලො ගැන එහෙම. අදකාලෙ තරම් දියුනු weapons එහෙමත් නැතුව, පට්ට කට්ටක් කකා, මිත්‍ර පාර්ශවයේ හමුදාව පාවිච්චි කරපු weapons වලට වඩා ගොඩක් advanced weapons පවිච්චි කරපු නාසි කාරයොන්ව මරපු ඒ කෙල්ලො ගැන දන්නෙ කීයෙන් කී දෙනාද? නිකමට බලපංකෝ මේ ත්‍රෙඩ් එකේ title එකේම තියෙනවා රූමතිය කියලා. තව මේ ත්‍රෙඩ් එකට තියෙන views ගානත් බලපං :D:D
     
    Last edited: