ඩොලර් Vs රුපියල

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,418
    3,811
    113
    Maligawatta
    හදිසියේම විදේශීය මුදල් හුවමාරු අගයන් රුපියලට සාපේක්ෂව අඩුවෙලා තිබුනා. ඒ කියන්නේ ඩොලර් එක බැහැලා තිබුනා.

    කීපදෙනෙක් අහැව්වා ඇයි මේ කොහෙන් හරි සල්ලි ඇවිත් ද කියලා. හැබැයි තාම දන්න ආකාරයකට එහෙම විදේශ මුදල් රටට ඇවිත් නෑ. එහෙනම් මොකද උනේ.

    ඇත්තෙන්ම හේතුව මේ අගය මහ බැංකුව විසින් හදපු කෘතිම අගයක්. ඒ කියන්නේ වෙළඳපොළේ තිබෙන ඩොලර් සංචිත මත ඉල්ලුම හා සැපයුම දොලනය වීමෙන් ස්වභාවිකව තුලනය වීමෙන් නිර්මාණය වූ අගයක් නෙවෙයි මේ.

    මේක මහ බැංකුව මගින් පාලිත මිලක් දාලා පාලනය කරපු අගයක්.

    ඇයි එහෙම කලේ.

    ඩෝලරයේ නැග්ම නවත්ව ගන්න ඩොලර් මේ රටට එන්න ඕනේ. මේ කරන්නේ ඉදිරියේදී ලැබීමට නියමිත IMF එකෙ SDR ටිකයි, බංගලදේශයේ SWAP ටිකයි එනකං ඒකට අනුරූපීව කෘතිමව මිළ බැස්සවීමක්. ඊට අමතරව ඊයේ පෙරේදා කැබිනට් එකෙන් අනුමත කරපු අනුරාධපුරයේ කෝමාරිකා වගාවට අවසර ලැබුනේ මාස 3ක් ඇතුලත ඩොලර් මිලියන 300 ක් ලංකාවේ විදෙස් ගිණුම් වල තැන්පත් කරන කොන්දේසිය මත.

    ඒ ටික එනකං මේ අඩු මිළ මාසයක් හෝ ටිකක් ඔබ්බට ඇදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඒවා ආවාම යළිත් මිළ ටිකක් වැඩි වෙන්න අරිනවා. එතකොට බංකුවේ මිළ කලින් මිලටත් වඩා වැඩි වෙයි.

    මේ අතරේ පුද්ගලික බංකු අද ඩොලර් හොයා ගෙන ගිය පාරිභෝගිකයන් කීපදෙනෙකු හරවා යවා තිබෙනවා. ඒකට හේතුව ඔවුන් ඊයේ දක්වා ඩොලර් මිලදී ගත්තේ රුපියල් 220ක් 230ක් අතර මිලට. හැබැයි අද මේ විදියට ක්ෂණිකව කෘතිමව මහ බැංකුව මගීන් මිළ පහළ දැම්මාම, ඒ අයට බෑ වැඩි මිළට ගත්ත ඩොලර් අඩුවට දෙන්න. එතකොට පාඩුයි. ඉතිං එතකොට ඩොලර් නෑ කියන්න වෙනවා. හරියට සීනි හැඟුවා වගේම තමයි ඒක. ගමේ පළාතේ තොග සීනි වෙළෙන්දා කොහොම හරි මිළ ගෙවලා සීනි හොයා ගෙන එනවා විකුණන්න. හදිසියේ රජය අඩු මිළකට ගැසට් එකක් ගහනවා. වෙළෙන්දා ඒ ගාණට දුන්නොත් ලක්ෂ ගාණක් පාඩුයි. ඉතිං හංගන්න වෙනවා.

    මේකෙන් වෙන තව දෙයක් තමයි මේ කෘතිම ඩොලර් මිළ පහල දැමීම නිසා බැංකු පද්ධතිය හරහා ගලන ඩොලර් ඉන් ඉවත් වී black market එක හරහා වැඩිපුර ගැලීම. දැන් black market එකේ ඩොලර් එකක් 270 ට යනවා. බැංකුවෙන් 200 යි, කළු කඩේ 270යි.

    කෘතිම මිළ පාලන සීනී වලට, හාල් වලට වගේම ඩොලර් වලටත් වැඩ කරන සූත්‍රයක් නොවෙයි.

    හැබැයි ඩොලර් වල ගැණුම් මිල අඩු නිසා, මිනිස්සු ඩොලර් එළියට අදින එක නතර වෙනවා. එතකොට තියෙන සංචිත ටික පරිස්සම් කර ගන්න පුළුවන්. මේකේ අවසාන උප්පරවැට්ටිය ඒක තමයි.