ඩොස් ගේම් වෙත කාලතරණය [2වන කොටස]
පලමු කොටස කියවපු නැති අය මෙතනින් ගිහින් මුලින් ඒක කියවලා බලන්න.
හිතුවට වඩා කට්ටියක් මාත් එක්ක අතිතෙට ගියපු නිසා මහන්සි නොබලා පෝස්ට් එකේ දෙවනි කොටසක් ලියන්න වහාම තීරණය කරා ඔන්න.
මගේ 486 එක තිබ්බ කාලේ දිවුලපිටියට මහපොලක් ආවා. ආයෙ වෙන වැඩක් නෑනෙ. පවුල් පිටිං මහපොල බලන්න ගියා. ඒ කාලෙ CD එහෙම මැජික් වගේ තමා. මෙන්න බොලේ මහපොලේ තියේ සීඩී කඩයක්. බලලා බලලා අන්තිමට Sega Games CD එකක් ගත්තා. (CD එක තාමත් ලඟ තියේ, මම ගත්තු පලවෙනි CD එකද කොහෙද
) රුපියල් 150ක්ද කොහෙද CD එක. සන්තකේටම තිබ්බෙත් එච්චරයි.. සල්ලි වගේද CD එක.
කොහොම හරි ඕකත් අරං ගෙදර ආවා. CD එක දාලා බැලුවා පිස්සු හැදෙන DOS ගේම් කලෙක්ෂන් එකක් තිබ්බේ. සමහර ඒවා වැඩ. සමහර ඒවාට Memory මදිලු. (486 එකේ RAM එක 16mb) ඒ ටිකේ මම පිස්සුවෙන් වගේ ගහපු ගේම් ටිකක් ගැන තමා දැං කියන්න යන්නේ..
එකක් තමා Aladdin. නම වගේම තමා. ඇලඩින් ඉන්නවා, කුමාරිව ද කොහෙද බේරගන්න තිබ්බා. 2d ගේම් එකක් උනාට graphics නම පිස්සු වගේ. මාර ලස්සනට ඇනිමේට් කරලා තිබ්බා.
Aladdin නම් මුලින් ලේසි උනත් අග හරියට යනකොට ටිකක් විතර ගහන්න අමාරුයි. අද තමයි මම Aladdin ගේම් එකේ Sounds, Music ඇහුවේ. 486 එකේ තිබ්බ sound card එක මේකට සපෝට් කරලා නැද්ද කොහෙද.
ඇලඩින් ගහන අස්සේ මට Floppy disk වල දාගෙන ආපු ගේම් මතක් වෙනවා. මම ආසම කරපු ගේම් එකක් තමයි Galacta.
මම දන්න තරමින් මම ඉවර කරපු එකම dos ගේම් එක තමා Home alone 2. ඒකත් මාස ගානක් ගහලා.
මට මුලින්ම ගහපු ගේම් එක තමයි Pack man. හැබැයි මට මතක විදිහට ඒක windows version එකක්. Packman වගේම එකක් තමයි CD Man 2, ඒ දවස් වල මේක මමයි මල්ලියි 2 player දාලා ගහන්නේ. මේ ගේම් එකට නම් මම තාමත් ආසයි. මාර ලස්සන Levels ටිකක් තියෙන්නේ.
මේ Snap ඔක්කොම Realtime ගන්න ඒවා. Dosbox එකෙන්.
තව මම මාර ආසාවෙන් ගහපු ගේම් එකක් තමයි CHAOS. මේක නං සිරා Strategy ගේම් එකක්. Dos වල මේ වගේ Strategy ගේම් මම ගොඩක් අඩුවෙන් දැකපු දෙයක්. මේක නං ආයෙ සිරා.. කියලා වැඩක් නෑ.. ගේම් එක දැක්කම මැරෙන්න හිතෙනවා.
Screenshots ගන්න ගිහින් පැය බාගයක් විතර ගේම් එකත් ගැහුවා ඕං
. මේ ගේම් ඔක්කොම එලටම සෙට් උනේ මගේ 486 එකේ හාඩ් එක පිච්චුනාට පස්සෙ. ඒ දවස් වල මගේ පිහිටට තිබ්බේ win 98 startup disk එකයි මගේ Sega ගේම් cd එකයි තමා.
මේ ගේම් ගහන අස්සේ තියෙන පරන ගේම් ඔක්කොම මතක් වෙනවා.. කට්ටිය Lion king කාටුන් එක බලලා ඇතිනේ.. මේ තියෙන්නෙ ඒකෙ dos ගේම් එක. ඇරපු අතක් නෑ. කාටුන් එකම තමා. මේකෙ විශේෂත්වය තමා level එකෙන් level එකට සිංහ පැටියා ලොකු වෙනවා. තව විශේෂ හැකියාවනුත් ලැබෙනවා..
ඒවා එහෙම වෙනකොට Stunts ගේම් එක මතක් වෙනවා. මම ඒ දවස් වල ඕකට කිව්වේ 4D sports කියලා. මේකෙ අපිට ඕන විදිහට පාරවල් හදාගෙන රේස් පදින්න පුලුවන්. ඒ දවස් වල නං තිබ්බ සිරා ගේමක් තමා.
තව කියනවා නං ගේම් ඕනා තරම්. සමහර ගේම් වල නම් අමතක උනත් ගේම් එක කවදාවත් මතකයෙන් ඈත් වෙන්නෙ නම් නෑ, මට මගඇරුන හොඳ ඩොස් ගේම් තව ඇති. එහෙම ඒවා තියේ නම් දන්න අය මතක් කරන්නකෝ.
ගත්තේ මගේ blog එකෙන් www.kaniya.info
පලමු කොටස කියවපු නැති අය මෙතනින් ගිහින් මුලින් ඒක කියවලා බලන්න.

හිතුවට වඩා කට්ටියක් මාත් එක්ක අතිතෙට ගියපු නිසා මහන්සි නොබලා පෝස්ට් එකේ දෙවනි කොටසක් ලියන්න වහාම තීරණය කරා ඔන්න.
මගේ 486 එක තිබ්බ කාලේ දිවුලපිටියට මහපොලක් ආවා. ආයෙ වෙන වැඩක් නෑනෙ. පවුල් පිටිං මහපොල බලන්න ගියා. ඒ කාලෙ CD එහෙම මැජික් වගේ තමා. මෙන්න බොලේ මහපොලේ තියේ සීඩී කඩයක්. බලලා බලලා අන්තිමට Sega Games CD එකක් ගත්තා. (CD එක තාමත් ලඟ තියේ, මම ගත්තු පලවෙනි CD එකද කොහෙද
) රුපියල් 150ක්ද කොහෙද CD එක. සන්තකේටම තිබ්බෙත් එච්චරයි.. සල්ලි වගේද CD එක.
කොහොම හරි ඕකත් අරං ගෙදර ආවා. CD එක දාලා බැලුවා පිස්සු හැදෙන DOS ගේම් කලෙක්ෂන් එකක් තිබ්බේ. සමහර ඒවා වැඩ. සමහර ඒවාට Memory මදිලු. (486 එකේ RAM එක 16mb) ඒ ටිකේ මම පිස්සුවෙන් වගේ ගහපු ගේම් ටිකක් ගැන තමා දැං කියන්න යන්නේ..එකක් තමා Aladdin. නම වගේම තමා. ඇලඩින් ඉන්නවා, කුමාරිව ද කොහෙද බේරගන්න තිබ්බා. 2d ගේම් එකක් උනාට graphics නම පිස්සු වගේ. මාර ලස්සනට ඇනිමේට් කරලා තිබ්බා.
Aladdin නම් මුලින් ලේසි උනත් අග හරියට යනකොට ටිකක් විතර ගහන්න අමාරුයි. අද තමයි මම Aladdin ගේම් එකේ Sounds, Music ඇහුවේ. 486 එකේ තිබ්බ sound card එක මේකට සපෝට් කරලා නැද්ද කොහෙද.
ඇලඩින් ගහන අස්සේ මට Floppy disk වල දාගෙන ආපු ගේම් මතක් වෙනවා. මම ආසම කරපු ගේම් එකක් තමයි Galacta.
මම දන්න තරමින් මම ඉවර කරපු එකම dos ගේම් එක තමා Home alone 2. ඒකත් මාස ගානක් ගහලා.
මට මුලින්ම ගහපු ගේම් එක තමයි Pack man. හැබැයි මට මතක විදිහට ඒක windows version එකක්. Packman වගේම එකක් තමයි CD Man 2, ඒ දවස් වල මේක මමයි මල්ලියි 2 player දාලා ගහන්නේ. මේ ගේම් එකට නම් මම තාමත් ආසයි. මාර ලස්සන Levels ටිකක් තියෙන්නේ.
මේ Snap ඔක්කොම Realtime ගන්න ඒවා. Dosbox එකෙන්.

තව මම මාර ආසාවෙන් ගහපු ගේම් එකක් තමයි CHAOS. මේක නං සිරා Strategy ගේම් එකක්. Dos වල මේ වගේ Strategy ගේම් මම ගොඩක් අඩුවෙන් දැකපු දෙයක්. මේක නං ආයෙ සිරා.. කියලා වැඩක් නෑ.. ගේම් එක දැක්කම මැරෙන්න හිතෙනවා.

Screenshots ගන්න ගිහින් පැය බාගයක් විතර ගේම් එකත් ගැහුවා ඕං
. මේ ගේම් ඔක්කොම එලටම සෙට් උනේ මගේ 486 එකේ හාඩ් එක පිච්චුනාට පස්සෙ. ඒ දවස් වල මගේ පිහිටට තිබ්බේ win 98 startup disk එකයි මගේ Sega ගේම් cd එකයි තමා.මේ ගේම් ගහන අස්සේ තියෙන පරන ගේම් ඔක්කොම මතක් වෙනවා.. කට්ටිය Lion king කාටුන් එක බලලා ඇතිනේ.. මේ තියෙන්නෙ ඒකෙ dos ගේම් එක. ඇරපු අතක් නෑ. කාටුන් එකම තමා. මේකෙ විශේෂත්වය තමා level එකෙන් level එකට සිංහ පැටියා ලොකු වෙනවා. තව විශේෂ හැකියාවනුත් ලැබෙනවා..