ණය සම්බන්ධ පෝස්ට් කියවපුවහම ඒ අයගේ දැනුවත් භාවය ගැන සතුටුයි. ඒ කියන්නේ ගොඩක් අයට රටේ අර්බුදය ගැන ලොකු අදහසක් තියෙනවා. ඒත් මේ සින්න වීමකියන කාරණය තේරුම් ගන්න ඕන විදිය වෙනයි. මම පැහැදිලි කරන්නම්.
අපේ රටේ මුළු ණය සහ එය අපේ GDP එකෙන් කෙතරම් ප්‍රතිශතයක් ද කියලා හැමෝම දන්නවා. චීනයට ඇති ණය ප්‍රමාණය ඉන් 15% ක් වගේ.
නමුත් දැන් රාජ්‍ය ආදායම් හීන වීම මත ණය පොලී වාරිකය ගෙවා ගන්න බැරි තැනට ඇවිත්. මෙච්චර කල් ගෙව්වේ තව ණයක් අරගෙන. ඒ ණය අලුතින් දෙන්නේ රටේ ඊළඟ අවුරුද්දේ ආර්ථික සංවර්ධන වේගය බලලා. ආර්ථික සංවර්ධන වේගය වැඩි නම්, ඊළඟ අවුරුද්දේ රටේ ආදායම වැඩි වෙන නිසා ඒ වැඩි කොටසෙන් අලුතින් ගන්න ණයේ වාරිකය ගෙවන්න පුළුවන් කියන තක්සේරුව මත තමයි ණය ලැබෙන්නේ.
නමුත් දැන් ලෝකයේ ආර්ථිකය මනින විවිධ ආයතන වල නිගමනය තමයි ලංකාවේ ආර්ථිකය එසේ වර්ධනයක් නොවන බව. ඒ නිසා අපිට අලුතින් ණය දීම යනු ණය පොලී වාරිකය ගෙවා ගැනීමට නොහැකි රටකට ණය දීමක් වගේ. මේ වගේ එක වාරිකයක් ගෙවා ගන්න බැරි උනොත් ඒ රටට කියන්නේ බංකොලොත් රටක් කියලා. Bankruptcy.
ඒ නිසා අපිට විදේශ ණය ලැබෙන්නේ නෑ.
හැබැයි ලෝකයේ ධනවතා චීනය. එයා ගේ BRI එකේ ලොකුම කොටසක් මෙහේ තියෙනවා. ඒකේ යටිතල පහසුකම් තමයි මෙච්චර කල් හැදුවේ. එයා මේක එහෙම කඩා වැටෙන්න දෙන්නේ නෑ. මොකද මේ රටේ ආර්ථිකය යම් ආකාරයකින් දුවන එක රටක් විදියට පවතින එක චීනයට ඕනේ. දැන් එයා කරන්නේ අපිට ණය පොලී වාරිකය ගෙවන්න ණය දෙන එක. එයා ඒ වෙනුවට රටේ කොටස් ඉල්ලනවා. කෑලි කෑලි දෙන්න වෙනවා. මුළු රටම ඉල්ලන්නේ නෑ. එයාගේ අවශ්‍යතා වෙනුවෙන් ඉල්ලනවා. ඒවා දීලා අපි මේ අවුරුද්දට වේල පිරිමහනවා.
අපේ ඊළඟ අවුරුද්දේ තව එකක්. ඔහොම ඔහොම ටික ටික සින්න වෙනවා. එයාගේ ප්ලෑන් එකට ගෝලීය බලවතා වෙන්න මේකෙන් ඕන ටික එයා ගන්නවා.
ඒ නිසා රට කඩා වැටෙන්න එයා දෙන්නෙ නෑ. කොහොම හරි හුස්ම වැටෙන මට්ටමෙන් තියා ගන්නවා. ඒකයි චීන ණය අපේ ජීවනාලිය කියන්නේ. වෙන කොහෙන්වත් නොදෙන කොට එයා දෙනවා. මොකද එයාගේ වැඩේ තාම ඉවර නෑ. හැම අවුරුද්දේම ටික ටික සින්න වෙනවා. ඒ ගොල්ලෝ අවශ්‍ය ටික අරගෙන අතාරින දවසට එදාට අපේ මලගම තමයි.
ණය අරගෙන රටේ ආර්ථිකය දුවන මට්ටමට, වර්ධනය වෙන මට්ටමට නොගෙනාපු පාලන ක්‍රම වල ප්‍රථිපලය මේ. චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ පටන් රටේ ලොකු ආර්ථික දියුණුවක් වෙලා නෑ. යුද්ධය අපිව නන්නත්තාර කලා. ඊට පස්සේ අපි චීනගේ උගුලට අහු වුනා. දැන් අහුවෙලා ඉන්නේ තාමත් ඒ දේශපාලන පක්ෂ වලට ගැති කම් කරන මේ සරළ සිංහල නොතේරෙන , ඇහැට පේන සත්‍ය නොතේරෙන , තේරුණත් නෑ වගේ ඉන්න අපේම මිනිස්සු හින්දා.
මං 2018 ලියපු "වගුරු බිමෙන් ඉසුරු පුරට" පොතේ පසු පිටේ වැකිය ඔබට කියන්නම් ආයෙත්. ඒක පහල ඡායාරූපයක තියෙනවා.
ඔබට ජය.
අලුතින් හිතමු.
මේ රට අපේ. මට හිතෙන්නේ තාම පුලුවන් ගොඩ දාන්න. ඒකටත් අවම අවුරුදු 4 තව බලන් ඉන්න ඕනේ.
පැතුම් කර්නර්
Source: