::::: ණය බලාපොරොත්තු මැදින් කොළඹ කොටස් ඉහළට ::::::::::::::

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ::::: ණය බලාපොරොත්තු මැදින් කොළඹ කොටස් ඉහළට ::::::::::::::

    Sri Lanka stocks up on credit hopes

    සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් ණය රෙගුලාසි පිළිබඳ නීති ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු ඇතිවී තිබෙද්දී කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අද සියයට 1.3 කින් පමණ ඉහළ නැගුණි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය සියයට 1.32 කින් ඉහළ නැග ඒකක 5,942.4 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 1.11 කින් ඉහළ නැග ඒකක 5,065.68 ක්වී තිබේ.

    දිනයේ පිරිවැටුම කලකට පසුව ඉහළ ගොස් රුපියල් මිලියන 1,063 ක් විය.

    Asia Capital කොටසක් රුපියල් 5.00 කින් ඉහළ ගොස් රුපියල් 66.20 ක්ද Asian Alliance Insurance කොටසක් රුපියල් 6.40 කින් ඉහළ ගොස් රුපියල් 161.70 ක්ද Associated Motor Finance කොටසක් රුපියල් 69.70 කින් ඉහළ ගොස් රුපියල් 369.80 ක්ද වී තිබෙන අතර Beruwala Walk Inn කොටසක් රුපියල් 20.80 කින් ඉහළ ගොස් රුපියල් 167.00 ක්වී ඇත.

    මේ අතර, Colombo Dockyard කොටසක් රුපියල් 8.00 කින් ඉහළ ගොස් රුපියල් 243.00 ක් වෙද්දී කොටස් 400 ක් ගනුදෙනු වී තිබෙන අතර Colonial Motors කොටසක් රුපියල් 19.80 කින් ඉහළ ගොස් රුපියල් 409.80 ක් වෙද්දී කොටස් 100 ක් ගනුදෙනු වී තිබේ.

    මීට අමතරව, Colombo Land කොටසක් රුපියලකින් ඉහළ ගොස් රුපියල් 55.30 ක්ද, ERI කොටසක් රුපියල් 5.30 කින් ඉහළ ගොස් රුපියල් 34.40 ක්ද වී ඇත.

    මෙහිදී ගනුදෙනු වී තිබෙන ERI කොටස් ප්‍රමාණය මිලියන 8.4 කි.

    ජෝන් කීල්ස් කොටසක් රුපියල් 2.30 කින් පහළ ගොස් රුපියල් 163.90 ක්වී තිබෙන අතර එයිට්කන් ස්පෙන්ස් කොටසක් රුපියල් 1.50 කින් පහළ ගොස් රුපියල් 113.50 ක් වෙද්දී Ceylon Tobacco කොටසක් රුපියල් 4.40 කින් පහළ ගොස් රුපියල් 475.50 ක් විය.

    http://www.vimasuma.lk/index.php?option=com_content&view=article&id=3881&Itemid=56

    :D:D:D:D